ජේවීපීකාරයො හිඟන්නො නෙමෙයි.. අපේ වත්කම්, දේපළ ගැන ජනතාවට ගැටළුවක් නෑ.. - ඇමති හර්ෂණ නානායක්කාර
ජාතික ජන බලවේගයේ සාමාජිකයන් යනු "හිඟන්නන්" පිරිසක් නොවන බවත්, ඔවුන්ගේ වත්කම් සම්බන්ධයෙන් පවතින විවේචන ජනතාවගෙන් පැනනැගුණු ඒවා නොව විපක්ෂය සහ ඇතැම් කල්ලි විසින් පතුරුවා හරින ලද මතවාදයන් බවත් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
ජාතික රූපවාහිනියේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.
රජයේ පාර්ශවකරුවන්ගේ වත්කම් බැරකම්, නිවාස සහ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් සමාජය තුළ මතුව ඇති කතාබහ පිළිබඳව නිවේදකයා විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ, මෙම වත්කම් පිළිබඳව සාමාන්‍ය ජනතාව ප්‍රශ්න නොකරන බවයි.
"මේ වත්කම් බැරකම් ගැන මිනිස්සු නෙමෙයි ඇත්තටම ප්‍රශ්න කරන්නේ. විපක්ෂය සහ යම් යම් කල්ලි විසින් යම් ස්ථානගත කිරීම් කරනවා මේ දේවල්," යනුවෙන් ඔහු සඳහන් කළේය.
ජාතික ජන බලවේග නියෝජනය කරන පිරිස් හට මුදල් තිබිය නොහැකි බවටත්, ඔවුන් "හිඟන්නන්" විය යුතු බවටත් විපක්ෂය විසින් ගොඩනගා ඇති මතවාදය අමාත්‍යවරයා මෙහිදී ප්‍රතික්ෂේප කළේය.
"ජේවීපී කියන්නේ හිඟන්නෝ, සල්ලි තියෙන්න විදිහක් නැහැ" යනුවෙන් විපක්ෂය විසින්ම කතාවක් නිර්මාණය කර ඇති බවත්, තමන් ඇතුළු කණ්ඩායමේ කිසිදු දූෂිතයෙකු නොමැති බව තමන් විශ්වාස කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
තමන් ඇතුළු කණ්ඩායමේ සියලු දෙනාගේ වත්කම් බැරකම් ප්‍රකාශ කර ඇති බැවින් ඕනෑම අයෙකුට ඒ පිළිබඳව කතා කිරීමට අවස්ථාව ලැබී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. යම් යම් අවස්ථාවල පක්ෂයේ සාමාජිකයන්ගේ මුවින් පිටවූ සමහර වචන අල්ලාගෙන විපක්ෂය විවිධ කතා ගොඩනගා ඇති බව පිළිගත් අමාත්‍යවරයා, එය කිසිසේත්ම ප්‍රතිපත්තිමය වරදක් හෝ තීන්දු ගැනීමේ වරදක් නොවන බව පැහැදිලි කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි