News Category
From Date
To Date
Maximum Number of Result

නීතියට උඩින් කවුරුත් නැතත් ගල් අඟුරු හොරු, භාණ්ඩාගාර හැකරු නිදැල්ලේ.. - නාමල් කියයි

May 14, 2026 at 07:57 AM
|

ජනාධිපතිවරයා කියනවා නීතියට උඩින් කවුරුත් නෑ කියල ඔව් ජනාධිපතිතුමා නීතියට උඩින් කවුරුත් නෑ. එහෙනම් බාල ගල්අඟුරු ගෙනාපු අයවත් ප්‍රශ්න කරන්න.මුදල් අමාත්‍යංශයේ මිලියන 800ක් වැරදි ගිණුමකට දාපු අය ප්‍රශ්න කරන්න. බොරු සාක්ෂි දෙන්න කියලා සියදිවි හානිකරගන්න තත්වයට සැකකරුවන්ව පත් කරන අයගෙන් ප්‍රශ්න කරන්න.ජනාධිපතිතුමනි ලෝකයේ වැඩියෙන්ම ගෙවලා තෙල් මිලදී ගත්ත අයවත් ප්‍රශ්න කරන්න යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කලේ  කැස්බෑවේදී ජනහමුවක්  අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා,

"පහුගිය මැතිවරණ වලින් ඈත් වෙච්ච බොහෝ පිරිසක් අද එකතු වෙලා ඉන්නවා.ඉතින් ඔබතුමන්ලාට ස්තුතිවන්ත වන අතර ඔබව ආදරයෙන් අපි පිළිගන්නවා.මේ ආසනයට එනකොට අපිට ගාමිණී ලොකුගේ ඇමතිතුමාව අමතක කරන්න බෑ.එතුමා හරි දේ කරපු නායකයෙක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට වගේම මටත් විශාල හයියක් වෙච්ච නායකයෙක්.එතුමා නිරන්තරයෙන් අපිත් එක්ක අපේ ප්‍රතිපත්තියත් එක්ක දේශපාලනය කරපු නායකයෙක් විදියට එතුමාවත් මතක් කරන්න ඕනේ.ඒ වගේම තමයි අද අපි පක්ෂයක් විදියට අලුත් වෙලා තියෙනවා.අපි නවීකරණය වෙලා තියෙනවා අපි නව යුගයක් කරා අපේ පක්ෂය වගේම රටත් අරගෙන යන්න ඕනේ.නූතනත්වයට ගැළපෙන විදියට නව යුගයට ගැලපෙන තැනට අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පරිවර්තනය වෙලා තියෙනවා.මොකද අපි විශ්වාස කරනවා අපේ රට නව යුගයකයකට අරගෙන යන්න.ඉතිහාසයෙන් අපි පාඩම් ඉගෙන ගෙන අපේකම සංස්කෘතිය ආරක්‍ෂා කරගනිමින් මීට වඩා අලුත් මාවතකට යන්න ඕන.දේශපාලන වේදිකාවේ විවේචනත්වය පළිගැනීම වෛරය ඉරිසියාව වෙනුවට ප්‍රතිපත්තිත් එක්ක අපි රට පාලනය කරන්න ඕනේ.අද ආණ්ඩුව බලයට ආවේ අසීමිත බොරු කියලා.මොකද ලංකා ඉතිහාසයේ මේ තරම් බොරු කියපු ආණ්ඩුවක් වාර්තා වෙලා නෑ.අසීමිත බොරු කිව්වා. ප්‍රතිපත්ති ප්‍රකාශය දිහා බැලුවොත් මේ අය කියයි දැන් කියන්නේ බොරුවක්ද නැත්නම් ප්‍රතිපත්ති ප්‍රකාශය  තියෙන්නේ බොරුවක්ද කියලා හිතා ගන්න බෑ.ආණ්ඩුව දීපු පොරොන්දු කිසිවක් ඉෂ්ඨ කරන්නේ නැහැ.

එක පැත්තකින් අසීමිත බර බදු බරක් තියෙනවා රටේ ජනතාවට.ආණ්ඩුවේ තියෙන වංචාවල් දූෂණයන් වලින් වන පාඩුව වහගන්න මුදල් හොයන්න ඕන කොට අසීමිත විදියට ජනතාවට බදු ගහනවා.විදුලි බිල වැඩි කරනවා. දැන් කියනවා විදුලි බිල වැඩි වෙන්නේ ලෝකයේ තියෙන යුධමය තත්ත්වය නිසා කියලා එතකොට බාල ගල් අඟුරු ගෙනාවෙත් ලෝක යුද්ධය තියෙන නිසාද ? කිසිම රටක් මිලදී ගත්තෙ නැති මිලකට තෙල් මිලදී ගත්ත ලෝකයේ එකම රට බවට ලංකාවට පත්වෙලා තියෙනවා.ඒකත් මෙයාල කිව්වේ නෑ අර පෞද්ගලික බැංකුවක සභාපතිවරයෙක් තමයි ඒ ගැන කිව්වෙ. ඉස්සෙල්ලා ඒ ගැන නැහැ කිව්වා හැබැයි පස්සේ නැහැ කියලා කියන්න බැරිකමට ඔව් පොඩි වැඩක් උනා කිව්වා.

දැන් මුදල් අමාත්‍යාංශයෙන් වැරදි ගිණුමකට සල්ලි ගෙවනවා අස්වැසුම දෙපාරක් වැරදිලා ගෙව්වම ආපහු අය කර ගන්නවලු.හැබැයි ලංකාවේ හැමෝටම ගෙවන එකත් නවත්තලා තියෙනවා. හැබැයි මහ බැංකුවෙන් කෝටි අසුවක් ගෙවපු එක්කෙනාගෙන් නැවත අයකර ගත්තද අය කරගන්න මොකක්ද කරේ.මහ බැංකුව මුදල් අමාත්‍යාංශය ක්‍රියාත්මක වුණේ කොහොමද ඒ සිද්ධිය සම්බන්ධයෙන් වෙලා තියෙන්නේ එකම දෙයයි ප්‍රධාන සාක්කිකරු නැත්නම් සිද්ධිය පැමිණිලිකරු ආණ්ඩුව කියන විදියට සියදිවි හානි කරගෙන තියෙනවා.

තවත් පැත්තකින් ආණ්ඩුවේ මර්ධනය අපි දැක්කා පහුගිය කාලයේ ජනාධිපතිවරයා මැයි දින වේදිකාවේ කම්කරුවාගේ අයිතිය ගැන කතා කරනවා වෙනුවට නඩු තීන්දු දුන්නා.අද සමහර ජේවීපී එකේ අය රතුඤ්ඤා පත්තු කරන්නත් බලාගෙන හිටියා.දැන් මැයි පත්තු කරන්න බලාගෙන ඉන්නවා ජනාධිපතිවරයා කිව්වයි කියලා.ඒ වගේම මම දැකලා ජනාධිපතිවරයා කියනවා නීතියට උඩින් කවුරුත් නෑ කියල ඔව් ජනාධිපතිතුමා නීතියට උඩින් කවුරුත් නෑ බාල ගල්අඟුරු ගෙනාපු අයවත් ප්‍රශ්න කරන්න.හොර උපාධි සහතික පාර්ලිමේන්තුවට දීපු අයවත් ප්‍රශ්න කරන්න ද්විත්ව පුරවැසිභාවය හංගලා පාර්ලිමේන්තුවට ආපු අයවත් ප්‍රශ්න කරන්න.ජනාධිපතිතුමනි ලෝකයේ වැඩියෙන්ම ගෙවලා තෙල් මිලදී ගත්ත අයවත් ප්‍රශ්න කරන්න ඒ වගේම තමයි බැංකුවෙන් බිලියන 13ක් අන්තරස්දාන කරපු අයවත් ප්‍රශ්න කරන්න. තමන්ගේ මුදල් ලේකම්වරයා පාවිච්චි කරලා කෝටි අසූවක් වෙනත් ගිණුමකට දාගත්ත අයවත් ප්‍රශ්න කරන්න.ජනාධිපතිතුමනි ඔබ යටතේ තියෙන සමහර ආයතනවල මෙරටේ ජනාධිපතිවරයාා විදියට නිලධාරීන් විශේෂයෙන් පොලිසිය බය කරලා බොරු සාක්ෂි හදලා ඒ බොරු සාක්ෂි වලට එක එක්කෙනාගේ නම් කියන්න කියලා ඒ ජනතාව ඒ පුද්ගලයන්ව සිය දිවි හානි කර ගන්න තැනට පත් කරපු පුද්ගලයන්වත් ප්‍රශ්න කරන්න.ඒ අය දිවුරුම් ප්‍රකාශ දීලා තියෙනවා පැහැදිලිවම ඔවුන්ට කියලා තියෙනවා අප කියන කටඋත්තරේ දෙන්නේ නැත්නම් කලින්  කෙනා වගේ බෙල්ලෙ වැල දාගෙන මැරෙන්න වෙනවා කියලා.අන්න ඒ අයවත් ප්‍රශ්න කරන්න.නීතිය සමානයි. ඒකනේ අපි එන්නේ බය නැතුව අපි දන්නවා අපිට බයවෙන්න හැංගෙන්න අපි වැරැද්දක් කරලා නෑ.හැබැයි බොරු සාක්ෂි හදන්න ගිහිල්ලා මානසික පීඩනයක් දීලා ජීවිතයේ එපා වෙන තැනට තල්ලුු කරලා ඒ අය සියදිවි හානි කර ගන්න තැනට තල්ලු කරන වධකාගාරවල ඉන්න අයවත් ප්‍රශ්න කරන්න.එක සිදුවීමක් නෙමෙයි දෙකක් නෙවෙයි මේ ආණ්ඩුව යටතේ සියදිවි හානි කර ගැනීම් තුනක් වෙලාා තියෙනවා.ඒ අයවත් ප්‍රශ්න කරන්න.අන්න එදාට අපිට විශ්වාස කරන්නත් පුළුවන් ඔබතුමා ඔය කියන නීතිය කාටත් සමානයි කියලා.

අද මාලිමාවට එක නීතියක් ආණ්ඩුවේ වධකාගාරවල ඉන්න වධකයන්ට වෙන නීතියක් විපක්ෂයේ ඉන්න අපිට තව නීතියක් එහෙම තියෙන්න බෑ.ඔබේ ළඟ හිතවත් ව්‍යාපාරිකයන්ට ව්‍යාපාර කරන්න නිදහස දෙනවා වගේම ගමේ ඉන්න දුප්පත් ව්‍යවසායකයාවත් ආරක්ෂා කරන්න.අද තියෙන මේ විදුලි මිලත් එක්ක කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට තමන්ගේ ව්‍යාපාරය පවත්වාගෙන යන්න බැහැ.බදු ජල බිල වැඩිවෙනවා මේ කාරණා එක්ක ගමේ සාමාන්‍ය ජනතාව කොහොමද තමන්ගේ ව්‍යාපාර ආරක්ෂා කර ගන්නේ.හැබැයි ආණ්ඩුව ඒ ගැන කතා කරන්නේ නැහැ. ආණ්ඩුව ඒ ගැන හොයන්න යන්නේ නැහැ. ව්‍යාපාර වලට විදුලි  බිල පහරක් බවට පත්වෙලා තියෙන්නේ දෛනික ආදායම් උත්පාදනය කරන අයට ව්‍යවසායකයාට රාජ්‍ය සේවකයට මේක බරක් බවට පත්වෙලා තියෙන්නේ ආණ්ඩුවේ තියෙන වංචාවල් වහගන්න ජනතාව මත ඒ පීඩනය දාන නිසයි.ඒක සාධාරණ නැහැ ඒ හින්දා අපි ආණ්ඩුවට කියන්නේ කරුණාකරලා ඔබේ බොරුව පැත්තක තියලා අඩුගානේ එක වැඩක් හරි දෙකක් හරි කරලා දෙන්න.අද කර්මාන්තශාලා වැහෙනවා රැකියා අහිමි වෙනවා අපි දැක්කා මේ ආණ්ඩුව බලයට එනකොට කියපු කතා එක්ක අද රටේ තරුණයෝ තොරතුරු තාක්ෂණයේ රැකියා දහස් ගණනක ඉන්න ඕනේ.හැබැයි එහෙම වෙන්නේ නැහැ ඇයි ආණ්ඩුව එදා බොරුවක් කිව්වේ.අද තොරතුරු තාක්ෂණයේ ආදායම් උත්පාදනයට ආණ්ඩුවේ කිසිම මැදිහත්වීමක් නැහැ තරුණයෝ තමන්ගේ හැකියාවෙන් තමන්ගේ සම්බන්ධතා වලින් අන්තර්ජාලයෙන් ව්‍යාපාරයක් කළොත් ඒකටත් බද්දක් ගහනවා.මේක ආණ්ඩුව බිස්නස් එක ගෙනත් දුන්නා වගේ.මේවා සාධාරණ බදු නෙවේ මෙරටේ ජනතාව බදු ගෙවන්න විරුද්ධධ නැහැ මේ බද්ද අසාධාරණයි නම් ඒ බද්ද නිසා ජීවන වියදම වැඩි වෙනවා නම් ඒක ගෙවන එක සාධාරණ නෑ කියලයි අපි කියන්නේ.ඒ හින්දා ආණ්ඩුවට අපි කියන්නේ කරුණාකරලා දැන්වත් මේ ජනතාවට ඇහුම්කන් දෙන්න මහජනතාවගේ හඬට ඇහුම්කන් දෙන්න.මහජනතාවගේ හඬට ඇහුම්කන් දීලා  මැතිවරණ වේදිකාවේ දුන්න පොරොන්දු ඉෂ්ට කරන්න.බැරි නම් අඩුම තරමේ උත්සාහයක්වත් දරන්න.කෘෂිකර්ම ඇමතිවරයා කියනවා පොහොර නැහැයි කිව්වොත් නැහැයි  කියල කියපු කෙනාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවලු.මාර වැඩක් ඉතින් ගොවියන්ට පොහොර නැත්නම් නැහැයි කියලා  කියන්නෙ නැතුව තියෙනවයි කියලා කියන්නද.හැබැයි එහෙම නැහැයි කියලා කිව්වොත් පොලිසියට පැමිණිලි කරනවලු මේ රටේ මේ ඇමතිවරු කියන්නේ.

පක්ෂයේ ලේකම්වරයත් කියනවා ආයේ ජීවිතයට කිසිම ආණ්ඩුවක් එන්න දෙන්නේ නැතිලු.වෙන පක්ෂයකට එන්න දෙන්නෙ නැතිලු.ඉතින් මේ අය තාමත් හිතනවා නම් අසූඅට අසූ නමේ වගේ මර්ධනයෙන් භීෂණයෙන් බය කරලා ඡන්දෙ තියන්නෙ නැතුව රට පාලනය කරන්න විනාශ කරන්න ඒවට මේ රටේ ජනතාව ඉඩ තියන්නේ නැහැයි කියලත් අපි ආණ්ඩුවට මතක් කරලා දෙන්න ඕනේ.ඒවට මේ රටේ ජනතාව ඉඩ දෙන්නේ නැහැ ඒවා පරණකතා ඒවා අද නූතන පරම්පරාවට ගැලපෙන්නේ නැහැ."

සම්බන්ධිත පුවත් | Related News

පෞද්ගලික ඉන්ධන සමාගම් ඉන්ධන සැපයුම සීමා කරමින් පාරිභෝගික ජනතාව අපහසුතාවට පත් කිරීමට කටයුතු කරන්නේ නම්, ඔවුන්ට එරෙහිව නීත්‍යානුකූල පියවර ගැනීමට පසුබට නොවන බව බලශක්ති අමාත්‍ය අනුර කරැණාතිලක මහතා අවධාරණය කරයි.
බන්ධනාගාරගත කර සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ගලවා ඉවත් කර ගිහි ඇඳුමෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමේ සිද්ධියට විරෝධය පාමින් කැකිරාව නගරයේදී මහ සංඝරත්නය එක්ව විරෝධතා පාගමනක නිරත වී තිබේ.
මාලිමාවට රැවටී තමන් වහන්සේද මාලිමාවට ඡන්දය දුන් බවත්, රට හදනවා කියා, උගන්ඩාවේ සල්ලි ගේනවා කියා, දූෂණ වංචා නොකරනවා කියා, ජනතාවට නැති කිසිවක් අපිට එපා කියා, ජනතාව අන්දවා ඡන්දය ගත් හැටි අද හොඳින් අවබෝධවී ඇති බවත් මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ පවසති.
ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනය ඉදිරියේ දී තවදුරටත් අඩු (මන්දගාමී) වනු ඇතැයි ලෝක බැංකුව පවසයි. මේ අනුව ලෝක බැංකුවේ නවතම පුරෝකථනවල දැක්වෙන්නේ ගිය වසරේ (2025) සියයට 5 ක් වූ ආර්ථික වර්ධනය මේ වසරේ (2026) දී සියයට 4.4 ක් දක්වා අඩු වනු ඇති බවයි.
ඇමරිකාව සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ මතු වී ඇති දැඩි ඉන්ධන හිඟයට විසඳුමක් ලෙස, රුසියාව සහ එක්සත් ජනපදය අතර සුවිශේෂී සහ ඓතිහාසික බලශක්ති ගිවිසුමකට එළඹ තිබේ.
සෞදි අරාබියේ රියාද් නුවර පිහිටි කිං ඛාලිඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉලක්ක කර ගනිමින් මෙම සතිය තුළ එල්ල වූ තෙවන ප්‍රහාරයෙන් පුද්ගලයින් අවම වශයෙන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 309 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (11) දෙවන දිනටත් පැවැත්වේ.
ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදු වූ බරපතළම සහ දැවැන්තම මූල්‍ය වංචාව මෙරටට බාල ගල්අඟුරු ආනයනය කිරීම බවත්, ඒ හරහා රටට සිදුව ඇති සමස්ත පාඩුව රුපියල් බිලියන 18කට ආසන්න බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
කොළඹ රිච්වේ ආර්යා ළමා රෝහලට දානපතියන්ගේ පරිත්‍යාග ඉල්ලා සිටින ලේඛන රෝහලේ වෙබ් අඩවියේ පසුගිය ඔක්තෝබර් මස 5 දා දක්වා ප්‍රදර්ශනය කර තිබූ බවත්, මේ පිළිබඳව ජනමාධ්‍යයට පැවසූ පසු එම වෙබ්අඩවිය අවහිර කර සෞඛ්‍ය අමාත්‍යවරයාත් අදාළ රෝහලේ අධ්‍යක්ෂකවරයාත් මෙම වෙබ් අඩවියේ ඇත්තේ 2022 වසරට අයත් තොරතුරු බවට පවසන බවත්, එහෙත් 2026 ඔක්තෝම්බර් 5 දක්වා තොරතුරු මෙහි අන්තර්ගතව තිබූ බව සාක්ෂි සහිතව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කළ බවත් වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

ප්‍රධාන පුවත්

මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..

මාලිමාවට රැවටී තමන් වහන්සේද මාලිමාවට ඡන්දය දුන් බවත්, රට හදනවා කියා, උගන්ඩාවේ සල්ලි ගේනවා කියා, දූෂණ වංචා නොකරනවා කියා, ජනතාවට නැති කිසිවක් අපිට එපා කියා, ජනතාව අන්දවා ඡන්දය ගත් හැටි අද හොඳින් අවබෝධවී ඇති බවත් මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ පවසති.

රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි

ඇමරිකාව සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ මතු වී ඇති දැඩි ඉන්ධන හිඟයට විසඳුමක් ලෙස, රුසියාව සහ එක්සත් ජනපදය අතර සුවිශේෂී සහ ඓතිහාසික බලශක්ති ගිවිසුමකට එළඹ තිබේ.

2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..

කොළඹ රිච්වේ ආර්යා ළමා රෝහලට දානපතියන්ගේ පරිත්‍යාග ඉල්ලා සිටින ලේඛන රෝහලේ වෙබ් අඩවියේ පසුගිය ඔක්තෝබර් මස 5 දා දක්වා ප්‍රදර්ශනය කර තිබූ බවත්, මේ පිළිබඳව ජනමාධ්‍යයට පැවසූ පසු එම වෙබ්අඩවිය අවහිර කර සෞඛ්‍ය අමාත්‍යවරයාත් අදාළ රෝහලේ අධ්‍යක්ෂකවරයාත් මෙම වෙබ් අඩවියේ ඇත්තේ 2022 වසරට අයත් තොරතුරු බවට පවසන බවත්, එහෙත් 2026 ඔක්තෝම්බර් 5 දක්වා තොරතුරු මෙහි අන්තර්ගතව තිබූ බව සාක්ෂි සහිතව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කළ බවත් වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමේ තීරණය ගනු ලැබුවේ මහා සංඝරත්නය, අමාත්‍යවරුන් සහ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවති පුළුල් සාකච්ඡාවලින් අනතුරුව බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..

​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.