ත්‍රිකුණාමලයේ බිලිඳු මරණය ගැන GMOA එකෙන් නිවේදයක්..
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වේ.
මාධ්‍ය නිවේදනය
ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ සූතිකාගාරයේදී සිදුවී ඇතැයි මාධ්‍ය හරහා ප්‍රකාශයට පත් වූ මළ දරු උපතට අදාල සිද්ධිය සම්බන්ධව මාධ්‍ය දැනුවත් කිරීමයි.
2026 අප්‍රේල් මස 09 වැනි දින ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ සූතිකාගාරයක් තුලදී සිදු වී ඇති මළ දරු උපතක් සම්බන්ධව පුවතක් මාධ්‍ය ඔස්සේ මේ වන විට ප්‍රචාරය වෙමින් පවතින අතර යම් මාධ්‍ය ආයතන කිහිපයක් එයට වැරදි අර්ථකතන ලබාදෙමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් ක්‍රියාත්මක කල වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හා මෙම සිද්ධිය සම්බන්ධ කරමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට එරෙහිව අසත්‍ය ප්‍රචාර සිදුකරමින් සිටී.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලදී හදිසි ප්‍රතිකාර සේවාවන් කිසිවිටෙක බිඳවැටෙන්නට නොදෙන අතර හදිසි රෝගී සත්කාර සේවාවන්, විශේෂයෙන් හදිසි ප්‍රතිකාර ඒකක දැඩිසත්කාර ඒකක, සුතිකාගාර ආදී වූ ස්ථානයන්හි සේවාවන් අඛණ්ඩව සිදු කරගෙන යාමට අවශ්‍ය සියලු උපදෙස් ලබා දෙයි. ඒවාගේම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකදි මාතෘ රෝහල්, ළමා රෝහල්, පිළිකා වෛද්‍ය ආයතන, වකුගඩු රෝග ආශ්‍රිත රෝහල්, හමුදා රෝහල් සහ මානසික වෛද්‍ය විද්‍යායතන වල සේවාවන් බිඳ නොවැටි අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලු උපදෙස් අපගේ ශාඛා සමිති හරහා සියලු සාමාජිකයින් වෙත දැනුවත් කර සිටින්නෙමු.
රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලදී සූතිකාගාර තුල කටයුතු කිසිසේත්ම එම වෘත්තිය සමිති ක්‍රියාමාර්ග සඳහා අදාල කර නොගන්නා අතර එම කටයුතු අනවරතව ක්‍රියාත්මක වේ. එසේ කටයුතු සිදු කෙරෙන වාතාවරණයකදී පටු දේශපාලණ අරමුණු මුල් කරගනිමින් අසත්‍ය පතුරවනු ලබන ඇතැම් මාධ්‍ය ආයතන වල මෙවන් ක්‍රියා තරයේ හෙළා දකින අතර අපගේ බලවත් අප්‍රසාදය පළකර සිටිමට කැමැත්තෙමු.
එසේම මෙම කණගාටුදායක සිදුවීම පිළිබඳව සාධාරණ වූත්, අපක්ශපාතී වූත් කඩිණම් පරීක්ශණයක්, මෙම අදාල තාක්ශණික කාරණා සහ එම ක්ෂේත්‍රය පිළිබඳව දැනුම ඇති විද්වත් කමිටුවක් මාර්ගයෙන් සිදු කිරීමට රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලා සිටියි. එවන් විද්වත් කමිටුවක් හරහා සිදු කරන ස්වාධීන පරික්ෂණයකට අවශ්‍ය අපගේ පූර්ණ සහයෝගය ලබාදෙමින් කටයුතු කිරීමට සුදානම් බව මෙයින් දන්වා සිටිමු.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි