ඊශ්‍රායලයට ඇමරිකානු මුදල් අවශ්‍ය නැහැ- නෙතන්යාහු පවසයි
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඉදිරි දශකය තුළ තම රට ඇමරිකානු මූල්‍ය ආධාරවලින් යැපීමෙන් විතැන් වීමට සැලසුම් කරන බව ප්‍රකාශ කර ඇති අතර, ඇමරිකානු ජනතාවගෙන් ඊශ්‍රායලයට ලැබෙන සහයෝගය අහිමි කිරීම සඳහා සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් වලට දොස් පැවරීමද කරනු ලැබීය.
දෙවන ලෝක යුද්ධයෙන් පසු එක්සත් ජනපද විදේශ ආධාර විශාල වශයෙන් ලබන රට ඊශ්‍රායලය වන අතර, 1948 සිට වොෂින්ටනයෙන් ඩොලර් බිලියන 300 කට වඩා ආර්ථික හා මිලිටරි ආධාර ඊශ්‍රායලය ලබාගෙන ඇත.
ඊශ්‍රායලය සහ අමෙරිකාව 2016 වර්ෂයේදී අත්සන් කරන ලද දස අවුරුදු ගිවිසුමක් යටතේ, එක්සත් ජනපදය 2028 දක්වා ඊශ්‍රායලයට ඩොලර් බිලියන 38 ක මිලිටරි ආධාර ලබා දුන් අතර, අයන් ඩෝම් මිසයිල ආරක්ෂක පද්ධතිය සඳහා ඩොලර් බිලියන 5 ද එම ආධාර වලට ඇතුලතව තිබේ. සමස්තයක් වශයෙන්, ඇමරිකානු ආධාර ඊශ්‍රායලයේ මිලිටරි අයවැයෙන් දළ වශයෙන් 16% ක පංගුවකට දායක වේ.
ඉරිදා විකාශය වූ CBS හි 60 Minutes සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී, යුදෙව් රාජ්‍යය වොෂින්ටනය සමඟ එහි මූල්‍ය සම්බන්ධතාවය "නැවත පරීක්ෂා කර නැවත සකස් කිරීමට" කාලය පැමිණ තිබේදැයි නෙතන්යාහුගෙන් විමසූ විට
"නියත වශයෙන්ම" යනුවෙන් පැවසීය. "මම මේ සම්බන්ධයෙන් ජනාධිපති ට්‍රම්ප්ට පැවසූවා. මම එය අපේම ජනතාවටත් පැවසුවා. ඔවුන් පුදුමයට පත් වූවා." ඔහු පිළිතුරු දුන්නේය.
"අපට ඇති මිලිටරි සහයෝගීතාවයේ මූල්‍ය සංරචකය වන ඇමරිකානු මූල්‍ය සහයෝගය ශුන්‍ය කිරීමට මට අවශ්‍යයි," අගමැති නෙතන්යාහු පැවසීය. ක්‍රියාවලිය "දැන් ආරම්භ කර" "ඉදිරි වසර දහය තුළ" සම්පූර්ණ කළ යුතුයි ඔහු අවධාරණය කළේය.
ඇමරිකා එක්සත් ජනපදය තුළ ඊශ්‍රායලයට දක්වන සහයෝගය පහත වැටීම පිළිබඳව තමා හොඳින් දන්නා බව නෙතන්යාහු සඳහන් කළේය. මෑත කාලීන කළ මත විමසුමකින් පෙන්නුම් කළේ ඇමරිකානුවන් දස දෙනෙකුගෙන් හය දෙනෙකු ඊශ්‍රායලය කෙරෙහි ඉතා හෝ තරමක් අහිතකර දැක්මක් ඇති බවයි, එය පසුගිය වසරේ සිට සියයට හතකින් සහ 2022 ට සාපේක්ෂව සියයට 20 කට ආසන්න ප්‍රමාණයකින් එම තත්වය වැඩි වී ඇත.
ගාසා හි යුද්ධය "ඊශ්‍රායලය පිළිබඳ මෙම නිෂේධාත්මක හැඟීමට දායක වී ඇති" බවට ඇති මතය ඊශ්‍රායල අගමැතිවරයා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ අතර, මෙම තත්වයට සම්පූර්ණයෙන්ම පාහේ සමාජ මාධ්‍ය වගකිවයුතු බවට දොස් පැවරීය.
"ඊශ්‍රායලය ජන මාධ්‍ය තුල මෙන්ම ප්‍රචාරක ක්ෂේත්‍රය තුල වැටලීමට ලක්ව ඇති අතර, අපි ප්‍රචාරක යුද්ධයට හොඳින්මුහුණ දී නැහැ." ඔහු පැවසීය. “ඊශ්‍රායලය කෙරෙහි ඇමරිකානු අනුකම්පාව බිඳ දැමීම සඳහා ව්‍යාජ ලිපින සහිත බොට් තවාන් සමඟ සමාජ මාධ්‍ය හැසිරවූ රටවල් කිහිපයක් සම්බන්ධයෙන් තොරතුරු අප සතුව තිබෙනවා.”
ඔක්තෝබර් 7 වන දින මාරාන්තික හමාස් ප්‍රහාරයෙන් ආරම්භ වූ ගාසා තීරයේ ඊශ්‍රායල යුද්ධයේදී පලස්තීනුවන් 71,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇත. ලෙබනනයේ සහ ඉරානයේ ඊශ්‍රායල හමුදා මෙහෙයුම් ද විශාල සිවිල් මරණ සංඛ්‍යාවක් ඇති කිරීමට හේතු වී ඇති අතර, ඇමරිකානු මහජනතාව මෙන්ම කීර්තිමත් මාධ්‍යවේදියෙකු වන ටකර් කාල්සන්, මෙගින් කෙලී සහ කැන්ඩේස් ඕවන්ස් ඇතුළු ප්‍රමුඛ දේශපාලන විචාරකයින් ඉශ්‍රායල හැසිරීම සම්බන්ධයෙන් විවේචන එල්ල කර තිබේ.
පසුගිය මාර්තු මාසයේදී, එක්සත් ජනපද සෙනෙට් සභික බර්නි සැන්ඩර්ස් ඊශ්‍රායලයට ඩොලර් මිලියන 660 කට ආසන්න අවි අලෙවිය අවහිර කිරීමට ඉල්ලා යෝජනා තුනක් ඉදිරිපත් කළ අතර, ඩිමොක්‍රටික් පක්ෂයෙන් හතරෙන් තුනක් සහ ස්වාධීන පක්ෂයෙන් තුනෙන් දෙකක් වොෂින්ටනය ඊශ්‍රායලයට ආයුධ යැවීමට විරුද්ධව තර්ක කළහ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..