පාර්ලිමේන්තු මුදල් කාරක සභාව ආණ්ඩුවේ බළල් අතක් වෙලා.. වගකීම පැහැර හැරලා - ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් චෝදනා..
ෆ්‍රී ලෝයර්ස් සංවිධානය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
භාණ්ඩාගාර මංකොල්ලය ගැන මුදල් කාරක සභා වාර්තාව
- හුදු කරුණු වාර්තා කිරීමක් පමණයි
- මුදල් කමිටුවත් ව්‍යවස්ථාපිත වගකීම පැහැර හැරලා
- බලධාරීන්ට නිදහසට කරුණු සොයාගන්න කාලය දීලා
- කරුණු සැඟවීමට ආණ්ඩුවේ බළල් අතක් ලෙස උපකාර කරනවා
භාණ්ඩාගාර මංකොල්ලය පිළිබඳ පාර්ලිමේන්තු මුදල් කාරක සභා වාර්තාව මගින්, මහ බැංකුවටත් - භාණ්ඩාගාරයටත් සිය වැරදි වසා ගැනීමට මාසයක කාලයක් ලබා දෙමින්, පහලම මට්ටමේ නිලධාරීන්ට හා ‘ආත්මයක් නොමැති පරිගණක යන්ත්‍ර මත’ වරද පැටවීමේ අසාර්ථක උත්සාහයක නිතරව ඇත. වාර්තාව පුරා ‘හුදු කරුණු වාර්තා කිරීමක් පමණක්’ (ONLY facts report) දැකිය හැකි අතර, මුදල් කමිටුව සිය ව්‍යවස්ථාපති වගකීම හැල්ලු කර ඇත.
පිටු 8 ක වාර්තාව මගින් පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 121 යටතේ මුදල් කමිටුවට පැවරී ඇති බලය හා වගකීම අනුව කිසිදු සාධනීය නිරීක්ෂණයක්, යෝජනාවක් හෝ ඉදිරි ක්‍රියාමාර්ගයක් යෝජනා කර නැත. සිය වගකීම වූ, ලංකා ඉතිහාසයේ පලමුවරට සිදු වූ භාණ්ඩාගාර මංකෝල්ලය සිදුවූයේ කෙසේ ද? එය වලක්වා ගත හැකිව තිබුණේද? මෙම අපරාධය සම්බන්ධයෙන් වගකීම දරන්නේ කවුද? යන්න මුදල් කමිටුව අනාවරණය කළ යුතුව තිබුණි. භාණ්ඩාගාරය විසින් සිය නිදහසට ඉදිරිපත් කරන ලද කරුණුවලින් පිරී ඇති වාර්තාව, මේ මංකොල්ලයෙන් අතපිසදා ගැනීමට අවස්ථාවක් සැබෑ වගකිවයුත්තන්ට සලසාදී ඇත.
මෙම මංකොල්ලය සිදුවන විට, 2024 අංක 33 දරණ රාජ්‍ය ණය කළමනාකරණ පනත යටතේ ණය ගෙවීමට අදාළව, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට නිල වගකීමක් පැවරී නොතිබූණි. මහ බැංකුව මෙම අපරාධයේ සියළු කටයුතු ආරම්භ කර, ඉදිරියට පවත්වා ගෙන යමින්, භාණ්ඩාගාරයට ණය සම්බන්ධයෙන් වන යෂ්ඨිය බාර දී ඇත.
ලංකා ආණ්ඩුව වෙනුවෙන් අනාදිමත් කාලයක් පුරා, ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ ණය දෙපාර්තමේන්තුව ණය ගෙවීම් සිදු කර ඇත. එවැන් වෘත්තීය භාවයක් පළපුරුද්දක් සහිත ආයතනයකට මෙවැනි වරදක් සිදු වූයේ කෙසේ ද යන්නත්, එම වරද තවදුරටත් සඟවාගෙන සිටින්නේ ඇයිද? යන්න වාර්තාවෙන් හෙළි කර නැත. හෙළි කිරීමට උත්සාහයක් හෝ ගෙන නැත. ප්‍රශ්නගත ගෙවීමේ සියළු බැංකු කටයුතු සිදු කර ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවයි.
මහ බැංකුවේ පාලන ආධිකාරිය (Governing Council) මේ ගැන අද වන විට පුරා දින 30 සම්පූර්ණයෙන්ම මුනිවත රකිමින් සිටී. මහ බැංකු ‘පාලන අධිකාරියේ’ කිසිවෙකු තවමත් මේ මංකොල්ලය ගැන දැක නැත. නැතිනම් දැන දැනම මේ වරද සඟවාගෙන සිටී. වගකිව යුත්තන් සොයා ගැනීම අභ්‍යන්තර පරීක්ෂණයක් කර තියෙනවාද? නැතිනම් බාහිර විමර්ශනයක් සිදු කර තිබේ ද? යන්න හෝ ‘පාලන අධිකාරිය’ අනාවරණය කරන්නේ නැත. සිද්ධියේ සියළු වගකීම භාණ්ඩාගාරය වෙත එල්ල වී ඇති බැවින් එහි ආවරණයේ මහ බැංකුවට
මෙම සිද්ධියේ සැබෑ වගකිවයුත්තන් සැඟවීමට හැකියාව ලැබී ඇත. මුදල් කමිටුව සුපුරුදු පරිදි, මහ බැංකුව යනු කිසිදු වරදක් සිදු විය නොහැකි සර්වතෝභද්‍ර ආයතනයක් ලෙස සලකා කටයුතු කරමින් සිටී.
මහ බැංකුව තවදුරටත් ලංකා ආණ්ඩුවට අයත් නොවන ආයතනයක් ද? යන්න ප්‍රතිපත්ති තීරකයින් සිය අවධානයට යොමු කළ යුතුය. මහ බැංකුවේ ‘කිසිවෙකුට වගවීමක් නොමැති ස්වාධීනත්වය’ විනාශයේ මාවත විවර කර ඇත’.
වාර්තාව මගින් තහවුරු වන වැදගත්ම සාධනීය කරුණ නම්, භාණ්ඩාගාරයේ ආයතන අතර සම්බන්ධීකරණයක් තිබී නොමැති බවයි. විදේශ සම්පත් හා ණය කළමනාකරණ දෙපාර්තමේන්තුව වෙන වෙනම පරිගණක පද්ධති දෙකක් (2) පවත්වාගෙන ගොස් ඇති අතර, මහා භාණ්ඩාගාරය වෙනම පරිගණක පද්ධතියක් ලෙස එකිනෙකින් ස්වායක්ත, පරිගණක පද්ධති තුනක් (3) පවත්වාගෙන යයි.
මුදල් කමිටු වාර්තාව පුරා සෑම කොටසකින්ම පැහැදිලිව පෙනී යන්නේ ‘මුදල් අමාත්‍යාංශයේ අභ්‍යන්තර පාලනයේ දුර්වලතාවය’ යි. මුදල් රෙගුලාසි 135 යටතේ මුදල් බලය පැවරීමේ දී, කිසිදු දැනුවත් බවකින් මුදල් ලේකම් හර්ෂණ සුරියප්පෙරුම කටයුතු කර නොමැති බව ඉතා පැහැදිලි ය. මුදල් වගකීම ‘ලබාදීම’ සිදු කරනු ලබන්නේ ප්‍රධාන ගණන්දීමේ නිලධාරියා වන සුරියප්පෙරුම මහතා ය. මේසා විශාල මුදල් කන්දරාවක තනි වගකීම ‘තනි අධ්‍යක්ෂවරයෙකු වෙත පැවරීම’ කිසි ලෙසකින් හෝ යහපත් පරිපාලන ව්‍යවහාරයක් නොවන්නේය.
මුදල් කමිටු වාර්තා අනුව, අලුතෙන් බිහිකල රාජ්‍ය ණය කලමනාකරණ දෙපාර්තමේන්තුව වෙත නිලධාරීන් බඳවා ගැනීම, පුහුණුව ලබාදීම ගැන උපදෙස් ලබා දී තිබුණි. ඒ පිළිබඳ ‘ගෞරවය ලබාගන්නා මුදල් කමිටුව’ කිසිදු අවස්ථාව මහ බංකුවෙන් හෝ මහා භාණ්ඩාගාරයෙන් ‘ණය කළමනාකරණ ක්‍රමවේදය සිදු කරන ආකාරය’ විමසා නැත. තව ද, මුදල් කමිටුව තම වගකීමක් වූ ‘ක්‍රමවේදයක් (සිස්ටම්) සකස් කිරිමට කිසිදු උපකාරයක් කර නැත. මහා විනාශයක් පසුව ‘කරුණු වාර්තා කිරීමෙන්’ ඔබ්බට ගිය වගකීමක් ඉටු කිරීමට පාර්ලිමේන්තු මුදල් කමිටුවට නොහැකිවී ඇත.
මුදල් කමිටුව සිදු කර ඇති බලවත්ම අගතිය නම් කරුණු වසන් කිරීම සහ එහි ඉහළම නිලධාරීන්ට නිදහසට කරුණු සොයාගැනීමටත් ලේඛන සකස් කර ගැනීමටත් මාසයක කාලයක් ලබාදීමය.
‘මුදල් කමිටුව වෙත පැවරී ඇති ‘මහ බංකුවේ හා භාණ්ඩාගාරයේ ව්‍යවස්ථාපිත වගකීම පිළිබඳ නිරීක්ෂණ හා නිර්දේශ ඉදිරිපත් කිරීම’ ට අදාල වගකීම මෙම වාර්තාව මගින් ලැජ්ජා සහගත ලෙස පැහැර හැර ඇත. තව ද, ස්ථාවර නියෝග 121 (2) ජී ‘රාජ්‍ය ණය හා ණය සේවා සම්බන්ධයෙන් වන වගකීම මුදල් කමිටුව පැහැර හැර හෝ අඩු ඇගයීමකට ලක් කර ඇත.
රජයේ අවශ්‍යතාව වන සැබෑ අපරාධකරුවන් සැඟවීම සඳහා පාර්ලිමේන්තුවේ මුදල් කමිටුව සිය නිල මුද්‍රාව ලබාදී තිබීම පිළිබඳ ‘ෆ්‍රී ලෝයර්ස් සංවිධානය’ දැඩි කණස්සල්ල පල කරයි.
ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න
නීතිඥ අතුල ද සිල්වා
රජිත් කීර්ති තෙන්නකෝන්
-- ෆ්‍රී ලෝයර්ස් සංවිධානය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා