අස්වැසුම දෙවරක් ගෙවීම ගැන ෆ්‍රී ලෝයර්ස් සංවිධානයේ දැඩි විවේචන..රජයට අහිමි මුදල, මුදල මත පැටවෙන පොලිය ගැන උත්තර නෑ..
අස්වැසුම ප්‍රතිලාභීන් වෙත දෙවරක් මුදල් ගෙවීම සම්බන්ධයෙන් සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිකුත් කළ නිවේදනය, රාජ්‍ය මූල්‍ය පාලනය බිඳවැටී ඇති බවට පැහැදිලි සංඥාවක් බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානය පවසයි.
එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය හරහා රුපියල් ලක්ෂ 5,000කට ආසන්න මුදලක් අතිරේක වශයෙන් ගෙවා තිබීම ජනතා බදු මුදල් සම්බන්ධයෙන් දක්වන වගකීම් විරහිතභාවය තවදුරටත් හෙළිදරව් කරන බවය.
ෆ්‍රී ලෝයර්ස් සංවිධානය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි..
අස්වැසුම ප්‍රතිලාභීන් වෙත දෙවරක්/අතිරේක මුදල් ගෙවීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය යටතේ ඇති සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිකුත් කළ පුවත්පත් නිවේදනය සම්බන්ධයෙනි
සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය (welfare benefits board) හරහා රු. ලක්ෂ 5000 කට මදක් අඩු මුදලක් අතිරේක වශයෙන් ගෙවීම පිළිබඳ පිළිබඳ ඔවුන් නිකුත් කළ නිවේදන රාජ්‍ය මුල්‍ය පාලනය බිඳවැටී ඇති ඛෙදජනක තත්වය පිළිබඳ ප්‍රකාශනයකි. ප්‍රවේශය සාංඝක දේපලක් වන ජනතා බදු මුදල් වාශ්පවීම පිළිබඳ ඔවුන් දක්වන වගකීම් විරහිත භාවය තවදුරටත් අනාවරණය කරයි.
එම නිවේදනයේ දැක්වෙන පරිදි, පුද්ගලයින් 49,759 දෙනෙකුට ගෙවූ මුදල ප්‍රබන්ධයකි. එය අද දක්වා නැවත කැඳවීමට නොහැකිව ඇති මුදල පමණී. සැබෑ ලෙසම මෙලෙස රුපියල් ලක්ෂ 5000 කට මදක් අඩු මුදලක් රාජ්‍ය මුල්‍ය කලමනාකරණ ක්‍රමවේදයේ සියළු සංවරණ හා තුලන පද්ධතිය (Checks and Balances) ට පිටතින් ජනතාව අතට පත්වී ඇත.
භාණ්ඩාගාරය කිසිදු මුල්‍ය විනයක් නොමැති කතා සාප්පුවක් බවට මේ වන විට පත් ඇත්තේය.
මහා භාණ්ඩාගාර මංකොල්ලය මෙන්ම අස්වැසුම රු.ලක්ෂ 5000 ක ගෙවීම ද රාජ්‍ය මුදල් පරිහණය සම්බන්ධයෙන් අනාගතයේ අපරාධ, දුෂණ, වංචා චෝදනා ලෙස සලකා විමර්ශනය සිදු කළ හැකි මුදල් හුවමාරුවකි. තව ද, මේ පුද්ගයින් වෙත යොමු කළ මුදලට රජයට අහිමි වූ මුදල, එනම් අදාළ මුදල මත පැටවෙන පොලිය පිළිබඳ නිවේදනයේ කිසිවක් සඳහන් නොවේ.
මෙම මුදල් මේ රටේ අන්ත දිළිදු ජන කොටසක් විසින් මේ වන විටත් සිය පරිහරණයට ගෙන ඇත. ඔවුන්ගේ මැයි මස අස්වැසුම වාරිකයෙන් මුළු මුදල අය කර ගන්නේ නම්, ඔවුන්ගේ පෝෂණ සහ අනෙකුත් අවශ්‍යතා සපයා ගැනීමට නොහැකිව ඔවුන් අන්ත අසරණ භාවයට පත් වනු ඇත. එය කිසි ලෙසකින් හෝ සිදු නොකළ යුතු තත්වයකි.
මුදල් අමාත්‍යාංශය හා එහි ආධුනික නිලධාරීන්ගේ වරදට රටේ අන්ත දිළිඳු පුද්ගලයින් වන්දි ගෙවිය යුතු නැත. දිගින් දිගටම මෙවැනි අතපසුවීම් සිදුවන්නේ නේ නම්, මුදල් අමාත්‍යාංශය ජාත්‍යන්තර මුල්‍ය ආයතන, වානිජ්‍ය බැංකු සහ පුරවැසියන් අතර විහිළුවක් බවට පත්වීම නොවැලැක්විය හැකි වන්නේය.
මහා භාණ්ඩාගාරය දැන්වත් ‘අපොන්සුකරණය’ නොවූ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියෙකුගේ පාලනයට නතු කළ යුතු අතර, එසේ නොවන්නේ නම් භාණ්ඩාගාරයේ මෙවැනි අතපසුවීම්, වරද, හැකර් ප්‍රහාර නැවත නැවතත් සිදුවී ජනතා බදු මුදල් වාශ්පවීම නොවැලැක්විය හැකි වනු ඇති බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානය අවධාරණ කරයි.
ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න /නීතිඥ අතුල ද සිල්වා/ රජිත් කීර්ති තෙන්නකෝන්
ෆ්‍රී ලෝයර්ස් සංවිධානය වෙනුවෙන්
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..