කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන තොරතුරු රැසක් හෙළිවේ.. ඝාතනයක්ද, සිය දිවි නසා ගැනීමක්දැයි පරීක්‍ෂණ..
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා අද (08) උදෑසන කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි සිය ඥාතියකුගේ නිවසේදී මියගොස් සිටියදී හමු විය.
කොල්ලුපිටිය පේද්‍රිස් පෙදෙසේ අංක 37 දරන නිවසේ දෙවන මහලේ නාන කාමරයක දොරේ එල්ලී ඔහු සියදිවි හානිකරගෙන ඇති බවට පොලිසිය සැක පළ කරයි.
අසල පිහිටි පෞද්ගලික රෝහලක සේවකයෙකු ලබාදුන් තොරතුරක් මත කොල්ලුපිටිය පොලිසිය එම ස්ථානයට ගොස් විමර්ශන ආරම්භ කළේය. මෙය සියදිවි නසා ගැනීමක් ද නැතහොත් ඝාතනයක් ද යන්න තහවුරු කරගැනීම සඳහා පුළුල් පරීක්ෂණයක් පවත්වන බව පොලිසිය අධිකරණයට දැනුම් දී තිබේ.
ඇප කොන්දේසි සම්පූර්ණ නොකිරීම සහ ඇපකරුවන් පිළිබඳ ඇති වූ ගැටලුකාරී තත්ත්වය හේතුවෙන්, ඔහුව යළි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා ඊයේ (07) වරෙන්තු නිකුත් කර තිබුණි.
පසුගිය 05 වැනිදා ඔහුට ඇප හිමි වුවද, ඔහු වෙනුවෙන් ඉදිරිපත් වූ ඇපකරුවන් දෙදෙනා ඔහු සමඟ කිසිදු සබඳතාවක් නොමැති පිරිසක් බව හෙළි විය. එම ඇපකරුවන් දෙදෙනා දැනටමත් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
එයාර් බස් ගුවන් යානා ප්‍රසම්පාදන ගනුදෙනුවේදී අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබාගැනීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව දීර්ඝ කාලීන විමර්ශනයක් ක්‍රියාත්මක විය.
සිය බිරිඳගේ නමින් බෲනායි රාජ්‍යයේ ව්‍යාජ සමාගමක් අරඹා, සිංගප්පූරු බැංකු ගිණුම් හරහා යුරෝ දාහතර ලක්ෂයකට අධික මුදලක් ලබාගත් බවට අල්ලස් කොමිසම චෝදනා කර තිබුණි.
මෙම සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේදී පසුගිය මාර්තු 12 වැනිදා ඔහු අත්අඩංගුවට ගත් අතර දින 54ක් රක්ෂිත බන්ධනාගාරගතව සිටියේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..