කපිල චන්ද්‍රසේන දිවුරුම් ප්‍රකාශයකින් අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල්ට එරෙහිව බරපතල චෝදනාවක් කළා.. ඔහුගේ මරණය ගැන සැකයි.. - සාගර කාරියවසම්
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු විධායක ප්‍රධාන නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය, හුදෙක් සියදිවි නසා ගැනීමක්ද නැතහොත් බලහත්කාරයෙන් සියදිවි නසා ගැනීමට සැලැස්වීමක්ද යන්න පිළිබඳව බරපතල සැකයක් පවතින බැවින් ඒ පිළිබඳව වහාම විමර්ශනයක් ආරම්භ කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා අවධාරණය කරයි.
මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා විසින් කපිල චන්ද්‍රසේන මහතාට පෞද්ගලිකව තර්ජනය කර ඇති බවට මියගිය චන්ද්‍රසේන මහතා අධිකරණයට ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශයක සඳහන් වන බවයි.
සාගර කාරියවසම් මහතා පෙන්වා දෙන්නේ කපිල චන්ද්‍රසේන මහතා තම දිවුරුම් ප්‍රකාශය මගින් අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරයාට එරෙහිව බරපතල චෝදනාවක් එල්ල කර ඇති බවයි.
"කෙහෙළිය රඹුක්වැල්ලගේ නඩුවේ පුද්ගලයෙකුටත් මම කිව්වා මම කියන දේ කරන්න කියලා, ඔහු ඒක නොකළ නිසා ඔහුට සිද්ධ වුණේ එල්ලී මැරෙන්න.
ඒ නිසා මහා එකාගේ සහ පොඩි එකාගේ (මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ) නම් දෙක දෙන්න, නැත්නම් ඔයාටත් වෙන්නේ ඒකම තමයි" යනුවෙන් අධ්යක්ෂ ජනරාල්වරයා තර්ජනය කර ඇති බව එම දිවුරුම් ප්‍රකාශයේ සඳහන් වන බව කාරියවසම් මහතා අනාවරණය කළේය.
මෙහිදී සඳහන් කළ කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නඩුවට සම්බන්ධ සිසිර සිරිවර්ධන නැමැති පුද්ගලයාද අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර ඉතා දරුණු ලෙස තර්ජනයට ලක්වී ගෙල වැලලාගෙන මියගොස් ඇති බවද හෙතෙම සිහිපත් කළේය.
කපිල චන්ද්‍රසේන මහතාගේ මරණයට අමතරව අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරයාට මුලින්ම චෝදනා කළ නන්දන ගුණතිලක මහතා අභිරහස් ලෙස මියයාම, භාණ්ඩාගාරයේ රුපියල් මිලියන 800ක මුදලක් ඕස්ට්‍රේලියානු ගිණුමකට දැමීම සම්බන්ධයෙන් පැමිණිලි කළ පුද්ගලයා සැක සහිත ලෙස මියයාම, වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව ප්‍රථම පැමිණිල්ල කළ ඩෑන් ප්‍රියසාද් මහතා සැකකටයුතු ලෙස මියයාම අභිරහස් මරණ කිහිපයක් පිළිබඳව සාගර කාරියවසම් මහතා මෙහිදී කරුණු ඉදිරිපත් කළේය.
කපිල චන්ද්‍රසේන මහතා බන්ධනාගාරගතව සිටියදී ඔහුට ව්‍යාජ ඇපකරුවන් දෙදෙනෙකු ඉදිරිපත් කිරීම පිටුපසද යම් කුමන්ත්‍රණයක් පවතින බවට කාරියවසම් මහතා සැක පළ කරයි.
බන්ධනාගාරයේ සිටින පුද්ගලයෙකුට තනිවම ඇපකරුවන් සෙවිය නොහැකි බැවින්, එම ඇපකරුවන් හඳුන්වා දුන්නේ කවුද සහ ඒ පිටුපස අල්ලස් කොමිසමේ නිලධාරීන් සිටීද යන්න පිළිබඳව අධිකරණ සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කර වහාම විමර්ශනයක් කරන ලෙස ඒ මහතා ඉල්ලා සිටියේය.
මෙම ප්රකාශයන්හි වගකීම තමන් භාර ගන්නා බවත්, රටේ සිදුවන මෙම බරපතල තත්ත්වය පිළිබඳව ජනතාවට සත්‍යය හෙළි කළ යුතු බවත් සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාව පිළිබඳව නව වාර්තාව සම්බන්ධයෙන් ආචාර්ය සරත් වීරසේකරගෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා වෙත විවෘත ලිපියක්..
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන