අස්වැසුම දෙවරක් ගෙවුවෙ නෑ.. වැරදීමකින් දෙවරක් අප්ලෝඩ් වුනා.. - සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය කියයි
අස්වැසුම ද්වීත්ව ගෙවීම් පිළිබඳව ප්‍රචාරණය වන අසත්‍ය තොරතුරු සම්බන්ධයෙන් සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පැහැදිලි කිරීමක් සිදු කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කළේ, අප්‍රේල් මස අස්වැසුම ප්‍රතිලාභ දීමනා සිංහල හා දෙමළ අවුරුදු සැමරුමට පෙර ගෙවීම සිය අරමුණ වූ බවය.
ඒ අනුව පළමු අදියර සහ දෙවන අදියර අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා එම දීමනාව 2026.04.10 දින ප්‍රතිලාභීන් වෙත ලබාදීමට කටයුතු කළ බව සඳහන්ය.
මෙම දීමනාවලට අමතරව මැද පෙරදිග යුදමය වාතාවරණය හේතුවෙන් බලපෑමට ලක්වූ ජනතාවට සහන සැලසීමේ අරමුණින් අන්ත දුප්පත් කාණ්ඩයේ පවුලක් සඳහා රුපියල් 7,500ක් ද දුප්පත් කාණ්ඩයේ පවුලක් සඳහා රුපියල් 5,000ක් ද අවධානමට ලක්වූ කාණ්ඩය සඳහා රුපියල් 2,500ක් ද ගෙවීමට නියමිතව තිබුණි.
කෙසේ වෙතත් ඒකාබද්ධ සුබසාධන ප්‍රතිලාභ තොරතුරු පද්ධතිය මඟින් මසකට දෙවරක් ගෙවීම සිදු කිරීමට අවස්ථාවක් නොමැති බවත් ඒ හේතුවෙන් මෙම විශේෂ අලුත් අවුරුදු සහන දීමනාව පද්ධතියෙන් බාහිරව සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනට පෙර ගෙවී කටයුතු කිරීම මණ්ඩලයේ ප්‍රමුඛ වගකීම වූ බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරයි.
ඒ හේතුවෙන් සේවයේ අවශ්‍යතා මත විශේෂ දීමනා ගෙවීමට අදාළ ප්‍රතිලාභී පවුල් ලක්ෂ 17කට ආසන්න ලේඛනයක් සකස් කර SLIP ලිපිගොනු 90,000ක ධාරිතා මට්ටමින් කාණ්ඩ කර සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලයේ බැංකු ගිණුම් ක්‍රියාත්මක වන ලංකා බැංකුවට උඩුගත කර ඇති අතර එහිදී අතපසුවීමකින් Slip ලිපිගොනුවක් දෙවරක් උඩුගතවී තිබේ.
එහිදී දුප්පත් ප්‍රතිලාභී කාණ්ඩයේ ද්වීත්ව ගෙවීමක් සිදුවී ඇති බවට අනාවරණවීමත් සමඟ අදාළ ගෙවීම අත්හිටුවීමට සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පියවර ගෙන ඇති අතර එම මුදල් මණ්ඩලයේ බැංකු ගිණුමට නැවත බැර කරන ලෙසට බැංකු වෙත දන්වා ඇත.
කෙසේවෙතත් අප්‍රේල් ද්වීත්ව ගෙවීම අත්හිටුවීමට පෙර ප්‍රතිලාභීන් විසින් ඔවුන්ගේ ගිණුම්වලින් මුදල් ලබාගැනීම හේතුවෙන් අය කරගැනීම නොහැකි වූ ප්‍රතිලාභීන් 49,759කගේ රුපියල් 248,795,000ක මුදල් මැයි මාසයේ අස්වැසුම ගෙවීමෙන් අයකර ගැනීමට කටයුතු සැළසුම් කර ඇත.
මෙම ක්ෂණික ක්‍රියාමාර්ග හේතුවෙන් රජයට කිසිදු මූල්‍ය පාඩුවක් හෝ අක්‍රමිකතාවක් සිදු නොවූ බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරයි.
සේවා අවශ්‍යතාව මත කඩිනමින් ප්‍රතිලාභ ගෙවීමට සිදුවීම හේතුවෙනුත් මසකට දෙවරක් ගෙවීම් කිරීමේ ඉඩ පහසුකම් පද්ධතිය තුළ නොමැති බැවින් මෙය පද්ධතියට බාහිර Slip ගොනු ආකෘතියෙන් ගෙවීම සිදු කිරීම හේතුවෙනුත් මෙම සිදුවීම වූ බවට තහවුරු කරන අතර එම ගෙවීම ඉතා කඩිනමින් නැවත අයකර ගැනීමට කටයුතු කර ඇති බව එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි