News Category
From Date
To Date
Maximum Number of Result

වෙසක් සතියත් හජ්ජි උත්සවයත් එකට පැටලීමෙන් රටේ ජාතික සමගිය අනතුරේ... හජ්ජි උත්සව දිනය 28 වනදා සමරන්න ඉඩහැර, වෙසක් සතිය මැයි 29දා සිට පටන් ගන්න.. - ජානිපෙ රජයෙන් ඉල්ලයි

May 7, 2026 at 04:55 PM
|

රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති වෙසක් සතිය තුළට මෙරට ඉස්ලාම් බැතිමතුන්ගේ අතිශය පූජනීය “හජ්ජි උත්සවය” යෙදී තිබීම හේතුවෙන්, බෞද්ධ හා ඉස්ලාම් ජන කොටස් අතර බරපතල ආගමික නොසන්සුන්තාවයක් ඇතිවීමේ අවදානමක් පවතින බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා අවධාරණය කරයි,. 2570 වන සම්බුද්ධ තෙමගුල නිමිත්තෙන් මැයි 27 සිට ජුනි 02 දක්වා වෙසක් සතිය ප්‍රකාශයට පත් කර ඇති අතර, 1447 වන හජ්ජි සැමරුම් උළෙල මැයි 28 වනදාට යෙදී තිබීම මෙම අර්බුදයට හේතුවී තිබේ,. බත්තරමුල්ලේ පිහිටි පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී අද (07) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ, මෙම තීරණය හරහා රජය ආගමික සංහිඳියාව බරපතල අනතුරකට ලක් කර ඇති බවයි.

හජ්ජි උත්සවයේ ප්‍රධානතම චාරිත්‍රය වන "උල්හියා" හෙවත් මාංශ දානය ලබා දීම සඳහා ශ්‍රී ලංකාවේ මුස්ලිම් බැතිමතුන් සාම්ප්‍රදායිකව විශාල වශයෙන් ගවයන් මරනු ලබන අතර, එම දිනය මෙරට “වැඩිම ගව ඝාතනයක්” සිදුවන දිනය බව ජයන්ත සමරවීර මහතා පෙන්වා දුන්නේය,.

 “සාමාන්‍යයෙන් වෙසක් සතිය කියන්නේ සතුන් මැරීම තහනම් වෙන කාලවකවානුවක්. කිසිවෙක් සතුන් මරන්නේ නැහැ. බෞද්ධ ජනයා ඒක පිළිකුල් කටයුත්තක් හැටියට සලකනවා. දැන් මේ වෙසක් සතිය මැදට ලංකාවේ වැඩිම හරක් මරණ දිනය වැටුණාම බෞද්ධ ජනතාවට ඒක දරාගන්න පුළුවන්ද?” යනුවෙන් ඔහු ප්‍රශ්න කර සිටියේය. 

වෙසක් සතිය නිමිති කොටගෙන දිවයිනේ ඇතැම් ප්‍රාදේශීය සභා මගින් ගවයන් මැරීමට අවසර නොදුන්නොත් ඉස්ලාම් බැතිමතුන්ට තම ආගමික වතාවත් සිදු කිරීමට නොහැකි වන බවත්, එමගින් ඇතිවන කලකිරීම අන්තවාදී බලවේග විසින් උසිගැන්වීමක් ලෙස භාවිතා කර රට තුළ ආගම්වාදය අවුළුවා තැබිය හැකි බවත් ඒ මහතා අනතුරු ඇඟවීය,.

“අපි දන්නවා හජ්ජි උත්සවය වෙනුවෙන් කෑම පිඟාන බෞද්ධ ජනයාගේ ගෙවල් වලට ඉස්ලාම් ජනයා එවනවා. මේ විදිය මහා සංහිඳියාවක් මේ ජනයා අතර තියෙනවා. දැන් හජ්ජි උත්සවය දවසට, වෙසක් සතිය නිමිති කොටගෙන මේ ක්‍රියාත්මක වෙන වැඩසටහන් අතරතුර කොහොමද ඉස්ලාම් ජනයා සමඟියෙන්, සතුටෙන්, ප්‍රීතියෙන් හජ්ජි උත්සවය සමරන්නේ?”

රජයේ මෙම ක්‍රියාකලාපය "මඤ්ඤං" සහ "ඔල්මාද" තීරණ ලෙස දැඩි විවේචනයට ලක් කළ සමරවීර මහතා, මෙය ජන කොටස්වල “සංස්කෘතික අනන්‍යතාවයන්” නොදන්නා "ගොන් ආණ්ඩුවකගේ" හැසිරීමක් ලෙසද හැඳින්වීය,. 

“මේ ආණ්ඩුව හරියට දැන් අර ඉඳුරුවේ ආචාරියා වගේ. එක වරදක් නිවැරදි කරන්න තව වැරදි 10ක් කරනවා. එක කඩතොලුවක් වහගන්න ගිහිල්ලා තව කඩතොලු සියයක් හදාගන්නවා” යැයි ඔහු උපහාසාත්මකව ප්‍රකාශ කළේය. මීට පෙරද වෙසක් දිනය සම්බන්ධයෙන් විවිධ මතභේද ඇති කරගත් රජය, දැන් වෙසක් උළෙල මෙන්ම හජ්ජි උළෙලද එකවර කෙලෙසීමට කටයුතු කරමින් සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය,.

පවතින මෙම ආගමික නොසන්සුන්තාවය වළක්වා ගැනීම සඳහා වෙසක් සතිය මැයි 28 න් ආරම්භ නොකොට, 29 වනදා සිට ආරම්භ කරන ලෙසත්, අවශ්‍ය නම් එය ජුනි 05 වනදා දක්වා දීර්ඝ කරන ලෙසත් ජාතික නිදහස් පෙරමුණ රජයට බල කර සිටීයි.

“ඒ නිසා අපි ඉල්ලනවා වෙසක් සතිය 29 වෙනිදා ඉඳන් සමරන්න ගන්න නැවත චක්‍රලේඛයක් නිකුත් කරන්න. මේ හජ්ජි උළෙල මුස්ලිම් ජනයාගේ ඓතිහාසික පූජනීය දිනයක්, ඉස්ලාම් කැලැන්ඩරය අනුව 1447 වෙනි හජ්ජි දිනය. මුස්ලිම් බැතිමතුන්ට බෞද්ධ බැතිමතුන් සමඟ එකාවන්ව මේ ජාතික සහෝදරත්වය, ආගමික සංහිඳියාව පවතින ආකාරයට වෙනදා වගේ කෑම පිඟාන හුවමාරු කරගෙන හජ්ජි දිනය සැමරීම සඳහා වෙසක් උළෙල මැයි මාසේ 29 වෙනිදා ඉඳන් පවත්වන්න ගන්න.”

මැයි 28 වනදා හජ්ජි උත්සවය නිමවූ පසු වෙසක් සතිය ආරම්භ කිරීමෙන් දෙපාර්ශවයටම තම ආගමික කටයුතු නිදහසේ සිදු කිරීමට අවස්ථාව ලැබෙන බවත්, එමගින් වසර ගණනාවක් පුරා පවතින බෞද්ධ - මුස්ලිම් සහෝදරත්වය ආරක්ෂා වන බවත් ඔහු පෙන්වා දුන්නේය. මෙම බරපතල තත්ත්වය කෙරෙහි අවධානය යොමු කර රජයට බලපෑම් කරන ලෙසත්, ආගමික ගැටුමකට ඇති ඉඩකඩ අහුරන ලෙසත් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගෙන් සහ සමස්ත මහා සංඝ රත්නයෙන් ජයන්ත සමරවීර මහතා මාධ්‍ය හමුව අවසානයේ ඉතා ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටියේය.

ජයන්ත සමරවීර මහතාගේ දේශනයේ සම්පූර්ණ පිටපත.

"සුභ උදෑසනක් මාධ්‍යවේදී සහෝදරවරුනි. අද ඔබ මගින් අපි මේ රටේ ජනතාවට කරුණු පැහැදිලි කිරීම සිදු කරන්නේ නුදුරේ ඇතිවිය හැකි, විශේෂයෙන්ම වෙසක් සතිය මුල් කොටගෙන ඇතිවිය හැකි බරපතල තත්ත්වයක් පිළිබඳවයි. 

ඔබ දන්නවා දැනටමත් සම්බුද්ධ තෙමගුල සමරණු පිණිස 2570 වන වෙසක් පුණ්‍ය මහෝත්සවය “අභිත්ථරේථ කල්‍යාණේ” නැත්නම් “පොදු යහපත පිණිස වහ වහා පෙළගැසෙමු” යන තේමාව මුල් කොටගෙන 2026 මැයි මාසේ 27 වෙනිදා ඉඳන් ජුනි මාසේ 02 වෙනිදා දක්වා පැවැත්වීමට කැබිනට් මණ්ඩලය තීරණයක් ගෙන තිබෙනවා. එම තීරණය මේ වෙනකොට නිවේදනය කරලා තිබෙනවා. එම තීරණය ප්‍රකාරව රටපුරාම මැයි මාසේ 27 වෙනිදා ඉඳන් ජුනි මාසේ 02 වෙනිදා දක්වා ඒ සතිය වෙසක් සතිය හැටියට නම් කොට තිබෙනවා. 

ඒ අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීම සඳහා රාජ්‍ය පරිපාලන, පළත් සභා හා පළත් පාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් “2026/ ස්වදේශ කටයුතු /03” නැමති චක්‍රලේඛය අමාත්‍යංශ ලේකම්වරුන්ට, පළත් සභා ප්‍රධාන ලේකම්වරුන්ට, දිස්ත්‍රික් ලේකම්වරුන්ට, ප්‍රාදේශීය ලේකම්වරුන්ට, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට හා රාජ්‍ය නොවන ආයතන ප්‍රධානීන්ට මේ වෙනකොට නිකුත් කරලා තිබෙනවා.

ඒ වගේම මෙම වෙසක් සතිය අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීම සඳහා සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලය, දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩල, ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩල, ඒ වගේම සියලුම විහාරස්ථාන, එම විහාරස්ථානවල ක්‍රියාත්මක වන දහම් පාසල්, රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන කටයුතු කළ යුතුයි සහ කටයුතු කිරීමට ඔවුන් දායක කරගන්නා ලෙසත් මෙම ආයතන ප්‍රධානීන්ට, දිස්ත්‍රික් ලේකම්වරුන්ට, ප්‍රාදේශීය ලේකම්වරුන්ට, අමාත්‍යංශ ලේකම්වරුන්ට දැනටමත් උපදෙස් දීලා තිබෙනවා. 

සංස්කෘතික කටයුතු අමාත්‍යංශයත් ඒ වගේම බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවත් මේ වෙනුවෙන් මූලික මැදිහත්වීම්, සංවිධාන කාර්යයන් සිදු කරනු ලබනවා. මේ විදිහට වෙසක් සතිය මැයි මාසේ 27 වෙනිදා ඉඳන් ජුනි මාසේ 02 වෙනිදා දක්වා ක්‍රියාත්මකයි. ඒ සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයේ එක එක දිනය සඳහා, මැයි 27, මැයි 28, මැයි 29 මේ විදියට මැයි 31, ජුනි 01, 02 ආදී දින සඳහා දැනටමත් වැඩසටහන් පෙළගස්වලා, වැඩසටහන් සූදානම් කරලා තිබෙන්නේ.

දැන් මේ වෙසක් සතිය මැයි මාසේ 27 වෙනිදා ඉඳන් ජුනි මාසේ 02 වෙනිදා දක්වා ක්‍රියාත්මක කරන්න මේ ආණ්ඩුව සියල්ල සූදානම් කරනකොට, කැබිනට් මණ්ඩලය ඒක තීරණය කරනකොට, ඒ තීරණය කරලා රටට දැනුවත් කරනකොට, දැනුවත් කරලා දැන් ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම් කරනකොට, අනිත් පැත්තෙන් මේ රටේ “ඉස්ලාම් ජනයා” බරපතල පීඩාකාරී තත්ත්වයකට දැන් මුහුණ දීලා තිබෙන්නේ. 

ඒ ඇයි? අපි දන්නවා ඉස්ලාම් ජනයාගේ අතිශය පූජනීය දිනයක් වන 1447 වෙනි හජ්ජි දිනය, හජ්ජි උත්සවය, හජ්ජි උළෙල වැටිලා තිබෙන්නේ මේ මැයි මාසේ 28 වෙනිදාට. ඉස්ලාම් ජනයාගේ අතිශය පූජනීය දිනයක් වන “හජ්ජි උළෙල”, හජ්ජි දිනය, හජ්ජි සැමරුම් උළෙල වැටිලා තිබෙන්නේ මැයි මාසේ 28 වෙනිදාට. 

ඉස්ලාම් ජනයා මේ හජ්ජි උළෙල සමරන්නේ "උල්හියා" නමින් චාරිත්‍රයක් සිදු කරලා. උල්හිහියා කියන්නේ මාංශ දානය දීම. ලොවපුරාම ඉස්ලාම් ජනයා හජ්ජි උත්සවය අති උත්කර්ෂවත් ලෙස සමරන ඔවුන්ගේ අතිශය පූජනීය දිනයක්. ලංකාවේ ඉස්ලාම් බැතිමතුනුත් මේ උල්හියා චාරිත්‍රය සිදු කරනවා. උල්හිහියා චාරිත්‍රය කියන්නේ ඇති-හැකි අය විසින් නැති-බැරි අයට මාංශ දානය ප්‍රදානය කරන එක, මාංශමය දානයන් ලබා දෙන එක.

දැන් ලෝකේ අනිකුත් රටවල් වල නම් බොහෝ වෙලාවට බැටළුවන් මරලා, එළුවන් මරලා තමයි මේ මාංශමය දානය ඇති-හැකි අය විසින් නැති-බැරි අයට ලබා දෙන්නේ. ලංකාවේ බොහෝ විට සිදු වෙන්නේ, හැම මුස්ලිම් ඉස්ලාම් බැතිමතෙක්ම වගේ මේ සිදු කරන්නේ හරකුන් මරලා. ඒ කියන්නේ පැත්තකින් ගත්තොත් ලංකාවේ වැඩිම හරක් මැරෙන දිනය තමයි හජ්ජි උළෙල තියෙන දිනය, ඒ උල්හියා චාරිත්‍රය සිදු කරන දිනය. එතකොට දැන් වෙසක් සතිය ඇතුළේ මැයි මාසේ 28 වෙනිදා ලංකාවේ වැඩිම හරක් මරණ දිනය බවට පත්වෙනවා. 

කවදාවත් සිදු වෙලා නැහැ මේ ඉතිහාසයේ, කවදාවත් සිදු වෙච්ච නැති දෙකක්, සිද්ධ වෙච්ච නැති එකක්. එතකොට දැන් මුස්ලිම් ජනයා අහනවා... ඔබ දන්නවා සාමාන්‍යයෙන් වෙසක් සතිය කියන්නේ, වෙසක් උළෙල කියන්නේ සතුන් මැරීම තහනම් වන කාලවකවානුවක්. කිසිවෙක් සතුන් මරන්නේ නැහැ. ඒකට ඉඩක් නැහැ, ඒකට අවකාශයක් නැහැ, ඒකට සමාජයෙන් ඉඩක් හම්බ වෙන්නේ නැහැ. ඒක සමහර විට පිළිකුල් කටයුත්තක් හැටියට බෞද්ධ ජනයා සලකනවා. දැන් මේ වෙසක් සතිය මැයි මාසේ 27 පටන් ගන්නේ, 28 වෙනිදා කොහොමද ඉස්ලාම් බැතිමතුන් තමන්ගේ උල්හියා චාරිත්‍රය සිදු කරන්නේ? 

ඔබ දන්නවා. ලංකාවේ සැලකිය යුතු මුස්ලිම් ඉස්ලාම් බැතිමතුන් ප්‍රමාණයක් ජීවත් වෙන්නේ බෞද්ධ බැතිමතුන් සමඟ එකට. අම්පාර දිස්ත්‍රික්කය ගත්තත්, මාතර දිස්ත්‍රික්කය ගත්තත්... දැන් මේ වෙසක් සතිය ආරම්භ කරන්නේ මාතරදී. එතකොට ඒ මාතර දිස්ත්‍රික්කයේ මුස්ලිම් ජනයා, බෞද්ධ ජනයා සමඟ එකට ජීවත් වෙනවා. ඉස්ලාම් ජනයා, බෞද්ධ ජනයා එකට ජීවත් වෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ ජීවත් වෙනවා, කළුතර දිස්ත්‍රික්කයේ ජීවත් වෙනවා, ගම්පහ දිස්ත්‍රික්කයේ ජීවත් වෙනවා. මේ හැම දිස්ත්‍රික්කයකම මුස්ලිම් ඉස්ලාම් ජනයා බෞද්ධ ජනයා සමඟ එකට ජීවත් වෙනවා. 

“අපි දන්නවා හජ්ජි උත්සවය වෙනුවෙන් කෑම පිඟාන බෞද්ධ ජනයාගේ ගෙවල් වලට ඉස්ලාම් ජනයා එවනවා. මේ විදිය මහා සංහිඳියාවක් මේ ජනයා අතර තියෙනවා. දැන් හජ්ජි උත්සවය දවසට, වෙසක් සතිය නිමිති කොටගෙන මේ ක්‍රියාත්මක වෙන වැඩසටහන් අතරතුර කොහොමද ඉස්ලාම් ජනයා සමඟියෙන්, සතුටෙන්, ප්‍රීතියෙන් හජ්ජි උත්සවය සමරන්නේ?”

මේ ආණ්ඩුවට මඤ්ඤං, මේ ගොබ්බ ආණ්ඩුවට තේරෙන්නේ නැහැ එක එක ජන කොටස් වල තිබෙන සුවිශේෂී සංස්කෘතික අනන්‍යතාවයන් සහ වටිනාකම්. එහෙම තේරුණා නම්, වෙසක් සතිය අස්සට හජ්ජි උළෙල අස්සට දානවද? දැන් මේ පිළිබඳව මීට සතියකට පෙර කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙක් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්සගෙන් අහනවා, හජ්ජි උත්සවයයි වෙසක් උත්සවයයි එකට වැටිලා තිබෙනවා නේද කියලා. හජ්ජි උත්සවයයි වෙසක් සතියයි එකට වැටිලා තිබෙනවා නේද, මේක මේ ජන කොටස් දෙක අතර නොසන්සුන්තාවයක් ඇති කරන කාරණයක් වෙයිද, මේ පිළිබඳව තීරණයක් ගන්නවද කියලා. 

එතකොට මොකක්ද නලින්ද ජයතිස්ස කැබිනට් අමාත්‍යවරයා කියන්නේ? ඔහු කියනවා මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගෙන් විමසලා මේ පිළිබඳව අපි ඊළඟ කැබිනට් තීරණ දැනුම් දීමේ, ඊළඟ සතියේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඔබව දැනුවත් කරන්නම් කියලා. දැන් ඊයේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව පැවැත්වුණා. සුපුරුදු පරිදි අර මාධ්‍යවේදියා "ගිය වතාවෙත් මේ ප්‍රශ්නය මම මතු කළා ඔබතුමාගෙන්" කියලා මේ වතාවෙත් ඒ ප්‍රශ්නය මතු කරනවා. මොකක්ද කියන්නේ නලින්ද ජයතිස්ස කැබිනට් ප්‍රකාශකවරයා?

ඔහු කියනවා මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ කෙනෙක් සහ අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා කීප නමක් හම්බවුණා, අපි දෙපාර්ශවයේම සංස්කෘතික අනන්‍යතාවයන් රැකෙන පරිදි මේ කාර්යය කිරීම සඳහා මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කරනවා කියලා. තාම... දැන් අප්‍රියල් 19 තමයි ස්වදේශ කටයුතු, පළත් සභා සහ පළත් පාලන අමාත්‍යංශයේ ලේකම්වරයා මේ අමාත්‍යංශ ලේකම්වරුන්ට, පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට, දිසාපතිවරුන්ට, ප්‍රාදේශීය ලේකම්වරුන්ට, ආයතන ප්‍රධානීන්ට මේ චක්‍රලේඛය නිකුත් කරන්නේ. ස්වදේශ කටයුතු 03 චක්‍රලේඛය වෙසක් සතිය අළලා. 

හැබැයි මෙච්චර කාලයක් ගත වෙලා තාම මේ ගැටුමක් ඇතිවිය හැකි, මේ ඉස්ලාම් බැතිමතුන් සහ බෞද්ධ බැතිමතුන් අතර යම් නොසන්සුන්තාවයක් ඇතිවිය හැකියි. අපි දන්නවා මුස්ලිම් ප්‍රජාව ඇතුළේ මූලධර්මවාදී දේශපාලන ව්‍යාපාර තියෙනවා, මූලධර්මවාදී ව්‍යාපාර තියෙනවා. ඒ වගේම බෞද්ධ සමාජය ඇතුළෙත් කිසියම් එවැනි විසකුරු අත්දැකීම් ඕනනම් වපුරවන්න පුළුවන්. දැන් මේ උල්හියා චාරිත්‍රය සිදු කරන්න හරක් මරන්න ප්‍රාදේශීය සභාවෙන් අවසර ගන්න ඕනේ. එතකොට දැන් ප්‍රාදේශීය සභාවෙන් අවසර දෙයිද?

බෞද්ධ බැතිමතුන් බලවත්ව ඉන්න ප්‍රදේශවල හරකෙක් මරන්න හජ්ජි උත්සවය නිමිති කොටගෙන අවසරය පළත් පාලන ආයතනය නොදුන්නොත් මොකද වෙන්නේ? වෙසක් උත්සවය නිමිති කොටගෙන සාමාන්‍යයෙන් සතුන් මැරීම තහනම්, විශේෂයෙන්ම ගවයන් මැරීම තහනම්. ඒ තත්ත්වය අනුව පළත් පාලන ආයතනය මේක නොදුන්නොත් මොකද වෙන්නේ? මුස්ලිම් ඉස්ලාම් බැතිමතුන්ට හජ්ජි සමරන්න හම්බ වෙන්නේ නැහැ, මාංශමය දානය දෙන්න වෙන්නේ නැහැ, ඔවුන්ගේ පූජනීය දිනය සමරන්න හම්බ වෙන්නේ නැහැ. 

එතකොට මේ තත්ත්වය ඉස්ලාම් බැතිමතුන් කලකිරවන සුළු කාර්යයක් නෙමෙයිද? මේ කලකිරවන සුළු කාර්යය උදහසක් දක්වා වර්ධනය නොවෙයිද? උදහස කෝපයක් දක්වා වර්ධනය නොවෙයිද? අන්තවාදී මූලධර්මවාදී ව්‍යාපාර උදහස කෝපයක් දක්වා වර්ධනය කිරීමට මැදිහත් නොවී ඉඳී කියන අපිට තියෙන සහතිකය කුමක්ද? මේ පැත්තෙන් හරක් මරන්න ගත්තොත් නීතිය නොතකා, එතකොට ඒක බෞද්ධ සමාජය කෙරෙහි බලපාන ආකාරය මොකක්ද? ඒ ප්‍රජාව ඇතුළේ ඉන්න අන්තවාදී උවමනාවන් සහිත පිරිසකට මේ උසිගැන්වීමක් හැටියට ගිනි තියන්න බැරිද? මේ තත්ත්වය මේ ජාතික ආගමික සංහිඳියාවට, ජාතික සමගියට බරපතල තත්ත්වයක් ඇති නොවෙයිද?

ඒ හින්දා තමයි අර මාධ්‍යවේදියා අහන්නේ... මේක බරපතල තත්ත්වයක්, මේ පිළිබඳව ඔබ ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද කියලා. තාම නැහැ, නිරුත්තරයි. ඒකයි අපි කියන්නේ මේ ආණ්ඩුවට මඤ්ඤං. දැන් වෙසක් පෝය සම්බන්ධයෙනුත් විවාදයක් අපේ සමාජයේ තිබ්බා. ඉතිහාසයේ පළවෙනි වතාවට. වෙසක් පොහෝ දිනය මැයි මාසේ පළවෙනිදාට යෙදී තිබුණා කියලා ඇතැම් භික්ෂූන් වහන්සේලා පවා, පෝය කමිටුව පවා කියද්දී, මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ අනුමැතිය සහිතව වෙසක් පෝහොය, වෙසක් දින සැමරුම 30 වෙනිදාට, මැයි 30 වෙනිදාට ආණ්ඩුව කල් දැම්මා. එතකොට මේ ආණ්ඩුව මේ විදියට තමන්ට හිතුමනාපේ ජන කොටස්වල සංස්කෘතික අනන්‍යතාවයන්, සංස්කෘතික වටිනාකම්, සංස්කෘතික හරයන්ට මේ විදියට නිගා දෙනවා. 

එක පැත්තකින් හජ්ජි උළෙලටත් නිගා දෙනවා, අගෞරවයක් ඇති කරනවා. අනිත් පැත්තෙන් වෙසක් උළෙලටත් අගෞරවයක් ඇති කරනවා, නිගා දෙනවා. හරක් මරණ කාලෙකට වෙසක් සතියක් දානවා. ඒක හජ්ජි උළෙල සැමරීමට මහා බාධාකාරීව හැසිරෙනවා. ඒ නිසා අපි ඉල්ලනවා ජාතික නිදහස් පෙරමුණ හැටියට, මේ මඤ්ඤං, මේ ඔල්මාද තීරණ ගන්නේ... මේ ආණ්ඩුවට මානසික ව්‍යාධියක් ඇති වෙලා තියෙනවා. මේ ආණ්ඩුව හරියට දැන් අර ඉඳුරුවේ ආචාරියා වගේ. ඉඳුරුවේ ආචාරායා වගේ, එක වරදක් නිවැරදි කරන්න තව වරදක් හදා ගන්නවා. එක කඩතොල්වක් වහගන්න ගිහිල්ලා තව කඩතොලු සියයක් හදාගන්නවා. ඉඳුරුවේ ආචාරියාගේ ආණ්ඩුවක් මේක. 

ඒ නිසා අපි ඉල්ලනවා පළමුව මේක දැඩි පිළිකුලෙන් යුතුව, බෞද්ධ ජනතාවගේ මේ මහා පූජනීය උළෙල, වෙසක් දින සැමරුමට බාධා වෙන විදියට, ඒ සැමරුම කෙලෙසන විදිහට මේ ගවයන් මැරීමක් දැන් මේකෙන් සිදුවෙනවා. අනිත් පැත්තෙන් ඉස්ලාම් බැතිමතුන්ගේ මහා පූජනීය දිනයක් වන හජ්ජි උළෙලත් මේකෙන් කෙලෙසෙනවා, මේ වෙසක් සතියක් ඇතුළට හජ්ජි දිනය යෙදීම නිසා. ඒ නිසා අපි ඉල්ලනවා ආණ්ඩුවෙන්, අපි ඉල්ලනවා මාලිමා ආණ්ඩුවෙන්, මේ ඔල්මාද ආණ්ඩුවෙන්, මේ මඤ්ඤං ආණ්ඩුවෙන් අපි ඉල්ලනවා. කරුණාකරලා දැන් මේක මුස්ලිම් සමාජයෙන්, ඉස්ලාම් සමාජයෙන් දිගටම පේනවා මේ ඉල්ලීම.

ඒ නිසා තමයි මාධ්‍යවේදියා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ ප්‍රශ්නය මතු කරන්නේ මීට සතියකට පෙර. ඒ නිසා අපි ඉල්ලනවා වෙසක් සතිය 29 වෙනිදා ඉඳන් සමරන්න ගන්න නැවත චක්‍රලේඛයක් නිකුත් කරන්න. මේ හජ්ජි උළෙල මුස්ලිම් ජනයාගේ ඓතිහාසික පූජනීය දිනයක්, ඉස්ලාම් කැලැන්ඩරය අනුව 1447 වෙනි හජ්ජි දිනය. මුස්ලිම් බැතිමතුන්ට බෞද්ධ බැතිමතුන් සමඟ එකාවන්ව මේ ජාතික සහෝදරත්වය, ආගමික සංහිඳියාව පවතින ආකාරයට වෙනදා වගේ කෑම පිඟාන හුවමාරු කරගෙන හජ්ජි දිනය සැමරීම සඳහා වෙසක් උළෙල මැයි මාසේ 29 වෙනිදා ඉඳන් පවත්වන්න ගන්න. 

එහෙම නොවුණොත් මේ ජන කොටස් දෙක අතර යම්කිසි නොසන්සුන්තාවයක් ඇතිවීමට මේ හේතුවක් වෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් වෙසක් උළෙල බෞද්ධ ජනතාවගේ අතිශය පූජනීය දිනය, සම්බුද්ධ තෙමගුල සමරන දිනය සැමරීමේ සතිය මෙයින් කෙලෙසෙන්න පුළුවන්, කෙලෙසෙනවා. අනිත් පැත්තෙන් හජ්ජි දිනයත් කෙලෙසෙනවා. බෞද්ධාගමටත්, සම්බුද්ධ තෙමගුලටත් මේක මහා අගෞරවයට හේතුවක් වෙනවා, මේක කෙලෙසීමට හේතුවක් වෙනවා. අනිත් පැත්තෙන් හජ්ජි දිනයත් මේකෙන් අගෞරවයට ලක්වෙනවා.

ඒ නිසා නැවතත් අපි ඉල්ලනවා, වෙසක් සතිය අස්සට මේ හජ්ජි උළෙල සැමරීම තිබෙන නිසා 29 වෙනිදා ඉඳන් වෙසක් සතිය සැමරීම කරන්න. අවශ්‍ය නම් තවත් දින කිහිපයක් ජුනි මාසේ 05 වෙනිදා දක්වා වෙසක් සතිය දීර්ඝ කරලා මේ සැමරීමට කටයුතු කරන්න කියන ඉල්ලීම අපි කරනවා. අපි මේ ඉල්ලීම අති උතුම් මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගෙන්, ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගෙන් ඉල්ලනවා. ඒ වගේම අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගෙනුත් ඉල්ලනවා. ඒ වගේම සමස්ත මහා සංඝ රත්නයෙන් අපි ඉල්ලනවා ආණ්ඩුවට බලපෑමක් කරන්න, මේ හජ්ජි උත්සවය වෙසක් සතිය ඇතුළට ගැනීම වළක්වාලීමට. 

වහාම බලපෑමක් කරලා මේ ආගමික නොසන්සුන්තාවයක්, හිත් රිදීමක් ඇති වෙන්න ඉඩ තිබෙන, ඇති කරන්න විසකුරු බලවේග වලට ඉඩ තිබෙන මේ තත්ත්වය වහාම වෙනස් කරන්න මැදිහත් වෙන්න කියන ඉල්ලීම අපි කරනවා."


සම්බන්ධිත පුවත් | Related News

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.
ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල වැඩසටහන යටතේ ස්වයං රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සබන් නිෂ්පාදනය සහ පාපිසි නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන් දෙකක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදම් පිල්ලේ 2026 වසරේ නොබෙල් සාම ත්‍යාගයෙන් අද (9) පිදුම් ලැබීය.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (09) පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත භාර දී තිබේ.
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට, අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
මෑතකදී ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු හේතුවෙන් රටට රුපියල් බිලියන 15.765 ක මුළු මූල්‍ය අලාභයක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
මොරටුව හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.
අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පුද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ප්‍රධාන පුවත්

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.