අමෙරිකානු සම්බාධක වලට එරෙහිව චීනය දක්වන ප්‍රතිවිරෝධතාවය අමෙරිකාව සමඟ වන තෙල් ගැටුමේ නව අදියරක්!- සර්ජි පොලෙටේව්
තොරතුරු විශ්ලේෂකයෙකු සහ මාධ්‍යවේදියෙකු වන රුසියානු විදේශ ප්‍රතිපත්තිය සහ රුසියානු-යුක්රේන ගැටුම පිළිබඳ විශේෂඥයෙකු වන සර්ජි පොලෙටේව් RT වෙබ් අඩවිය වෙත ලිපියක් සම්පාදානය කරමින් චීනය මෙතෙක් අමෙරිකානු සම්බාධක සම්බන්ධයෙන් ගත් ස්ථාවරය වෙනස් කර ඇති බව පෙන්වා දෙයි. "China’s sanctions pushback marks a new phase in the oil war with Washington" නම් වූ එම ලිපියේ සංක්ෂිප්ත සටහන පහත පලවේ.
චීනයේ වාණිජ අමාත්‍යාංශය "සෙවනැලි බලඇණි" භාවිතා කරමින් ඉරාන තෙල් ආනයනය කිරීම සඳහා අවසර දී තිබූ චීන පිරිපහදු පහකට එක්සත් ජනපදය විසින් පනවා තිබූ සීමාවන් මැයි 2 වන දින සිට අභියෝගයට ලක් කිරීමට පියවර ගෙන තිබේ.
චීනය වසරක් තිස්සේ මෙවැනි පියවරකට එළඹීමට පසුබට වූ නමුත්, එක්සත් ජනපදය ඩේලියන් හි විශාල පිරිපහදුවක් (දිනකට බැරල් 400,000) මත සම්බාධක පැනවීම අනුමත කිරීම තීරණාත්මක ලක්ෂ්‍යයක් විය. මෙය ඉතා වැදගත් තීරණාත්මක පියවරකි.
නීතිමය පදනම:
2021 වර්ෂයේදී ගෙන ආ සම්බාධක විරෝධී නීතියක් 2025 මාර්තු වන තෙක් සංකේතාත්මක වූ අතර, අගමැති ලී කියැං විසින් එම නීතිය සක්‍රිය කළේය. 2026 වර්ෂයේ අප්‍රේල් මාසයේදී, චීනය ඉලක්ක කරන විදේශීය ආයතන සඳහා වත්කම් කැටි කිරීම, ඇතුල්වීමේ තහනම් කිරීම් සහ ව්‍යාපාරික සීමාවන්ට ඉඩ සලසන සවිස්තරාත්මක රෙගුලාසි නිකුත් කළේය.
ඉරාන සම්බන්ධතාවය:
එක්සත් ජනපදය හෝර්මුස් සමුද්‍ර සන්ධිය අවහිර කරමින් සිටින නමුත් ඉරාන "සෙවනැලි බලඇණි" ඛනිජ තෙල් නෞකා චීනයට තෙල් බෙදා හැරීම දිගටම කරගෙන යමින් සිටී. කෙසේ වුවද වොෂින්ටනය චීන ගැනුම්කරුවන්ට පසුබසින ලෙස බලපෑම් කරනු ලැබීය.
චීනයේ නව ස්ථාවරය:
සාම්ප්‍රදායිකව, චීනය හිඩැස් භාවිතා කරමින් සෘජු ගැටුමක් වළක්වා ගත්තේය. නමුත්, මේ වන විට චීනය තෙල් හිඟයකට මුහුණ දෙමින්, එය විවෘත ප්‍රතිරෝධයක් කරා ගමන් කරමින් සිටී. එක්සත් ජනපදය ඵලදායී ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට අරගල කළ හැකිය. කෙසේ වුවද SWIFT සඳහා විකල්පයක් ලෙස චීනයට අවසානයේ තමන්ගේම ගෙවීම් පද්ධතිය (CIPS) සක්‍රීය කළ හැකිය.
උත්ප්‍රාසය:
වසර ගණනාවක් තිස්සේ, රුසියාව සහ ඉරානය ගෝලීය වෙළඳාම පිළිබඳ එක්සත් ජනපද පාලනයට අභියෝග කිරීමට චීන සහයෝගය අවශ්‍ය වූ නමුත් චීනය එය ප්‍රතික්ෂේප කළේය. අමුත් මේ වන විට , ට්‍රම්ප්ගේ පීඩනය චීනයට හරියටම එය කිරීමට බල කරමින් සිටී.මෙය එක්සත් ජනපදයට ආපිට හැරී එන ප්‍රහාරයක් විය හැකිය.
China’s sanctions pushback marks a new phase in the oil war with Washington
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..