විදුලිය ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් විමසීම අද ඇරඹේ..
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම පදනම් කරගනිමින්, 2026 වසරේ දෙවැනි සහ තෙවැනි කාර්තු සඳහා විදුලි ගාස්තු සංශෝධනය කිරීමට අදාළ මහජන අදහස් විමසීමේ සැසිය අද (06) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.
විදුලි ජනන පිරිවැය ඉහළ යාම හේතුවෙන් ජාතික පද්ධති මෙහෙයුම් පුද්ගලික සමාගම රුපියල් බිලියන 38ක මූල්‍ය හිඟයකට මුහුණ දී සිටියි.
මෙම හිඟය පියවා ගැනීම සඳහා විදුලි ගාස්තු 20%කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ දැමීමට එම සමාගම යෝජනා කර ඇත.
ජාතික පද්ධති මෙහෙයුම් පුද්ගලික සමාගම විසින් මෙම සංශෝධිත පිරිවැය ඇස්තමේන්තු පසුගිය අප්‍රේල් 27 වැනිදා මහජන උපයෝගිතා කොමිසම වෙත ඉදිරිපත් කරන ලදී.
හෙට පැවැත්වෙන වාචික සැසියේදී ලියාපදිංචි වෘත්තිකයන්ට සහ වෘත්තීය සමිති නියෝජිතයන් ඇතුළු මහජනතාවට සිය අදහස් ඉදිරිපත් කළ හැකිය.
මීට අමතරව, තැපෑල සහ ෆැක්ස් , විද්‍යුත් තැපෑල (Email), වට්ස්ඇප් (WhatsApp) ක්‍රමවේද හරහා ද අදහස් ඉදිරිපත් කිරීමේ අවස්ථාව පවතී.
මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ආයතනික සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා සඳහන් කරන්නේ, මහජනතාවගෙන් ලැබෙන සියලු යෝජනා සහ අදහස් සැලකිල්ලට ගෙන විදුලි ගාස්තු සම්බන්ධ අවසන් තීරණය මේ මස (මැයි) 09 වැනිදා නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි