News Category
From Date
To Date
Maximum Number of Result

මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මුදල් නැතිවීම මහා හොරකමක්.. - හර්ෂ ද සිල්වා

May 5, 2026 at 05:28 PM
|

මහා භාණ්ඩාගාරයේ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් තෙවැනි පාර්ශවයක් අතට පත්වූ බව කියන සිද්ධිය මහා හොරකමක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ, අද (05) පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු ඉහළ නිලධාරීන්ට මූල්‍ය කළමනාකරණය පිළිබඳ නිසි පළපුරුද්දක් නොමැති බවත්, දක්ෂ පරිපාලන නිලධාරීන් වෙනුවට වෙනත් සේවාවල පිරිස් මෙවැනි තනතුරුවලට පත් කිරීමෙන් පද්ධතිය අඩපණ වී ඇති බවත්, ඔහු සඳහන් කරයි.

එසේම ද්විපාර්ශ්වික ණය සාකච්ඡා සඳහා පමණක් මැදිහත් විය හැකි විදේශ සම්පත් දෙපාර්තමේන්තුව, මෙම ගනුදෙනුවට සම්බන්ධ වූයේ ඇයිද යන්න පිළිබඳව මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රශ්න කළේය.

එහිදී වැඩිදුරටත් ඔහු මෙසේද පැවසීය,

''මෙතන මහා ලොකු හොරකමක් වෙලා තියෙනවා. ඩොලර් ලක්ෂ ගාණක් නැතිවෙලා තියෙනවා. ඒක අවසානයේදී ගෙවන්න වෙන්නේ මේ රටේ බදු ගෙවන ජනතාවට. වෙන කාටවත් නෙවෙයි. පැලවත්තෙන් ගේන්නේ නැහැ. නමුත් මට කියන්න තියෙන ප්‍රධාන දේ තමයි මුදල් ඇමතිතුමා කලින් මුදල් ඇමතිතුමා, නියෝජ්‍ය ඇමතිතුමා විස්තර කරනකොට ඔහු නිකන් කියාගෙන ගියා මේකේ කිසි ප්‍රශ්නයක් නැහැ. මේක සාමාන්‍ය දෙයක් වගේ. එහෙම නෙමෙයි. මම මගේ සාමාජිකයන්ට කියලා තිබුණා අපි ක්ලෝස් ඩෝ සෙෂන් එකක් කරපු නිසා ඒ ඉදිරිපත් කරපු කරුණු තාම ජනතාවට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න සංක්ෂිප්තයක් වශයෙන් විතරයි. හරි. නමුත් ඒකේ කියවෙච්ච දේවල්වලට අනුව අපිට තේරෙනවා මෙතන දැවැන්ත ක්‍රියාදාමයේ අවුල් මහා රාශියක් තියෙනවා. මහා ගොඩක් තියෙනවා.

දැන් උදාහරණයක් හැටියට මොනවටද විදේශ සම්පත් දෙපාර්තමේන්තුවකට මේකට සම්බන්ධ උනේ? ඇයි විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට මේ ගනුදෙනුවට කිසිම සම්බන්ධයක් නෑ. මේ තියෙන්නේ පනත. මේ පනතේ ඉතාමත්ම පැහැදිලිව තියෙනවා විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට සම්බන්ධ විය හැක්කේ ද්විපාර්ශ්වික ණය ගැනීම සඳහා සාකච්ඡා කිරීම සඳහා පමණයි. ඊළඟ කියනවා ණය පනතට අනුකූලව කාලීනව ආණ්ඩුවේ ණය සේවාකරණය සිදුකල යුත්තේ ණය කළමනාකරණය දෙපාර්තමේන්තුව හරහා. එතකොට ඇයි මේ පටලැවිල්ල දැන් මෙතන ලොකු ගැටළුවක් තියෙනවා ඒ තමයි මේ කට්ටිය මොනවද කරන්නේ කියලා මේ කට්ටිය දන්නෙත් නෑ. මේ එල් බෝඩ් කියලා කියපු කතාව අද ඔප්පු වෙලා තියෙනවා. හරි. අනිත් එක තමයි සාමාන්‍යයෙන් මේ වගේ තනතුරු වලට එන්නේ එස් එල් ඒ එස් එකේ පුද්ගලයෝ ඒගොල්ලෝ තැන් තිහක හතලිහක වැඩ කරලා තමයි මුදල් අමාත්‍යංශයේ වගේ තැනකට එන්නේ. දැන් මේ කරලා තියෙන්නේ අපොන්සුකරණය කියලා හැමෝම දන්නවා. අපොන්සුකරණයේදී මොකක්ද වෙන්නේ? ප්ලැනින් සර්විස් එකේ කට්ටිය මේ තැන් වලට දාලා තියෙනවා.

මම අභියෝග කරනවා පුළුවන්නම් කියන්න. මම වැරදිනම් සමහරවිට වැරදි වෙන්න පුළුවන්. හැබැයි මං දන්න විදියට එකයි, ඩී ජී පී ඩී එම් ඕ එකයි ඩී ජී ඊ යාඩ් එකයි දෙන්නම ප්ලැනින් සර්විස් එකේ කට්ටිය. ප්ලැනින් සර්විස් එකේ කට්ටියට මේ අවශ්‍ය එක්පිරියන්ස් එක කොහොම නෑ එතකොට භාණ්ඩාගාරයේ ලේකම්තුමාත් ලංකාවේ ඉතිහාසයට ප්‍රථම වතාවට මෙතන වාඩිවෙලා හිටපු මන්ත්‍රී කෙනෙක්. හරි ඔහුටත් මේ කළමනාකරණය පිළිබඳව එක්ස්පිරියන්ස් එකක් නෑ.

මම දන්නවා මං මේක පත් වුනහම ඇත්ත වශයෙන්ම අපි ආණ්ඩුවේ ඉන්නකොට මම නියෝජ්‍ය ඇමති හැටියට මම තමයි එස් සී සී එකේ වැඩ බැලුවේ. එතකොට එස් සී සී එකේ හිටපු අධ්‍යක්ෂකලා මං හිතන්නේ දහයක්, පහළොවක් ඉන්න ඇති. ඒ කට්ටියගෙන් එක්කෙනෙක් හැටියට තමයි මෙතුමා වැඩ කරලා තියෙන්නේ. හරි ද? එතනින් පස්සේ මුදල් අමාත්‍යංශයේ ලේකම් කියන්නේ ඉතාමත්ම ලොකු කාර්යභාරයක් සිද්ධ කළ යුතු පුද්ගලයෙක්. එතකොට සේකට්‍රිටත් නැත්නම් මේ පළපුරුද්ද ඩී ජීලටත් නැත්නම් ඉතින් මේකේ වෙන දේවල් ගැන අහන්න දෙයක් නැහැ.

අනිත් එක තමයි ඩෙලිගේෂන් ඔෆ් ඔතෝරිටි කියලා තියෙනවා. ඒ කියන්නේ ඩිරෙක්ටර් කෙනෙක්ට දැන් මේ කිව්වනේ ලක්ෂ නවයක පේමන්ට් එකකුත් කරයි කියලා එක පාරක්. ඩොලර් ලක්ෂ නමයක පේමන්ට් එකක් කරයි කියලා අනිල් ඇමතිතුමා කිව්වා. එතකොට ඩොලර් ලක්ෂ නමයක පේමන්ට් එක ඇපරු කරේ කවුද? ඩිරෙක්ටර් කෙනෙක්ට පුළුවන්ද ඒක කරන්න. ඩෙලිගේෂන් ඔෆ් ඔතෝරිටි කරේ නැද්ද? ඕනම ආයතනයක ලේකම්තුමා දැනගන්න ඕනේ පළවෙනි කාර්යය මම කරනවා ඩෙලිගේට් කරනවා ලක්ෂයක් මෙයා, ලක්ෂ පහක් මෙයා, ඩිජිට ලක්ෂ දහයක්. ඇමෙරිකන් ඩොලර් ලක්ෂ නමයක පේමන්ට් එකක් කරාලු. කොහොමද කරේ?

ඉතින් ඒ නිසා මෙතන හොරකමක් වෙලා තියෙනවා. ඒකෙන් කාටවත් ගැලවෙන්න බැහැ. හොරකමක් වෙලා තියෙනවා. හොරා කවුද කියන එක අල්ලන්න තියෙනවා. ඒක සීඅයිඩී එක කරපුවාවේ. ඔබතුමත් ඉන්නවා. මමත් ඉන්නවා අපේ මුදල් කමිටුවේ. අපි මුදල් කමිටුවේ මේකේ ප්‍රතිපත්තිමය වශයෙන් තියෙන, පරිපාලනය වශයෙන් තියෙන ගැටළු හොයාගමු. හොයාගෙන අපි මේ නිර්දේශ කරමු. මොකක්ද විය යුත්තේ කියලා.

හැබැයි මම අවසාන වශයෙන් එකක් කියනවා. වාර තුනක් තිස්සේ මුදල් ඇමති, මුදල් අමාත්‍යංශයේ ලේකම් හෝ නියෝජ්‍ය ලේකම්ලා අපේ කමිටුවට ආවේ නෑ. මම ජනාධිපතිතුමාට ඒ සම්බන්ධයෙන් බැරිම තැන ලියුමකුත් ලිව්වා. මං ඒකත් සභාගත කරන්නම්. ඒ ලියුම ලිව්වයින් පස්සේ තමයි මේ ඊයේ පෙරේදා දවසකත් ඔවුන් කිව්වේ එන්න විදිහක් නෑ කියලා. එහෙම කරන්න බෑ. මම හොඳ වැඩිවුණා. ඒකයි වුණේ අවුල. මම හොඳ වැඩි වුණා. මට තිබුණා ඕන්නං වරප්‍රසාද ප්‍රශ්නයක් ගේන්න. මං ගෙනාවේ නෑ. ඇයි ඒ? මං ඔවුන්ට අවස්ථාව දුන්නා. හරි නමුත් ඒ අවස්ථාවෙන් අයුතු ප්‍රයෝජන ගන්න එපා. අපිට අන්තිමට තැන් තැන් වලින් කියන්නේ අපි මේ කට්ටියට ඕනවට වඩා දුන්න ඔය ලිහිල්කම.''

- hirunews


සම්බන්ධිත පුවත් | Related News

නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවකයන් පිරිසක් විසින් 'අස්වැසුම' සුභසාධක ප්‍රතිලාභ මුදල් වංචනික ලෙස තමන්ගේ සහ ඥාතීන්ගේ නමින් ලබාගෙන ඇති බවට අනාවරණය වී තිබේ.
පෞද්ගලික ඉන්ධන සමාගම් ඉන්ධන සැපයුම සීමා කරමින් පාරිභෝගික ජනතාව අපහසුතාවට පත් කිරීමට කටයුතු කරන්නේ නම්, ඔවුන්ට එරෙහිව නීත්‍යානුකූල පියවර ගැනීමට පසුබට නොවන බව බලශක්ති අමාත්‍ය අනුර කරැණාතිලක මහතා අවධාරණය කරයි.
බන්ධනාගාරගත කර සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ගලවා ඉවත් කර ගිහි ඇඳුමෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමේ සිද්ධියට විරෝධය පාමින් කැකිරාව නගරයේදී මහ සංඝරත්නය එක්ව විරෝධතා පාගමනක නිරත වී තිබේ.
මාලිමාවට රැවටී තමන් වහන්සේද මාලිමාවට ඡන්දය දුන් බවත්, රට හදනවා කියා, උගන්ඩාවේ සල්ලි ගේනවා කියා, දූෂණ වංචා නොකරනවා කියා, ජනතාවට නැති කිසිවක් අපිට එපා කියා, ජනතාව අන්දවා ඡන්දය ගත් හැටි අද හොඳින් අවබෝධවී ඇති බවත් මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ පවසති.
ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනය ඉදිරියේ දී තවදුරටත් අඩු (මන්දගාමී) වනු ඇතැයි ලෝක බැංකුව පවසයි. මේ අනුව ලෝක බැංකුවේ නවතම පුරෝකථනවල දැක්වෙන්නේ ගිය වසරේ (2025) සියයට 5 ක් වූ ආර්ථික වර්ධනය මේ වසරේ (2026) දී සියයට 4.4 ක් දක්වා අඩු වනු ඇති බවයි.
ඇමරිකාව සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ මතු වී ඇති දැඩි ඉන්ධන හිඟයට විසඳුමක් ලෙස, රුසියාව සහ එක්සත් ජනපදය අතර සුවිශේෂී සහ ඓතිහාසික බලශක්ති ගිවිසුමකට එළඹ තිබේ.
සෞදි අරාබියේ රියාද් නුවර පිහිටි කිං ඛාලිඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉලක්ක කර ගනිමින් මෙම සතිය තුළ එල්ල වූ තෙවන ප්‍රහාරයෙන් පුද්ගලයින් අවම වශයෙන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 309 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (11) දෙවන දිනටත් පැවැත්වේ.
ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදු වූ බරපතළම සහ දැවැන්තම මූල්‍ය වංචාව මෙරටට බාල ගල්අඟුරු ආනයනය කිරීම බවත්, ඒ හරහා රටට සිදුව ඇති සමස්ත පාඩුව රුපියල් බිලියන 18කට ආසන්න බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ප්‍රධාන පුවත්

මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..

මාලිමාවට රැවටී තමන් වහන්සේද මාලිමාවට ඡන්දය දුන් බවත්, රට හදනවා කියා, උගන්ඩාවේ සල්ලි ගේනවා කියා, දූෂණ වංචා නොකරනවා කියා, ජනතාවට නැති කිසිවක් අපිට එපා කියා, ජනතාව අන්දවා ඡන්දය ගත් හැටි අද හොඳින් අවබෝධවී ඇති බවත් මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ පවසති.

රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි

ඇමරිකාව සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ මතු වී ඇති දැඩි ඉන්ධන හිඟයට විසඳුමක් ලෙස, රුසියාව සහ එක්සත් ජනපදය අතර සුවිශේෂී සහ ඓතිහාසික බලශක්ති ගිවිසුමකට එළඹ තිබේ.

2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..

කොළඹ රිච්වේ ආර්යා ළමා රෝහලට දානපතියන්ගේ පරිත්‍යාග ඉල්ලා සිටින ලේඛන රෝහලේ වෙබ් අඩවියේ පසුගිය ඔක්තෝබර් මස 5 දා දක්වා ප්‍රදර්ශනය කර තිබූ බවත්, මේ පිළිබඳව ජනමාධ්‍යයට පැවසූ පසු එම වෙබ්අඩවිය අවහිර කර සෞඛ්‍ය අමාත්‍යවරයාත් අදාළ රෝහලේ අධ්‍යක්ෂකවරයාත් මෙම වෙබ් අඩවියේ ඇත්තේ 2022 වසරට අයත් තොරතුරු බවට පවසන බවත්, එහෙත් 2026 ඔක්තෝම්බර් 5 දක්වා තොරතුරු මෙහි අන්තර්ගතව තිබූ බව සාක්ෂි සහිතව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කළ බවත් වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමේ තීරණය ගනු ලැබුවේ මහා සංඝරත්නය, අමාත්‍යවරුන් සහ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවති පුළුල් සාකච්ඡාවලින් අනතුරුව බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..

​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.