භාණ්ඩාගාර කොල්ලයෙන් පාර්ලිමේන්තුව උණුසුම් වෙයි.. හැකර් ප්‍රහාරය ගැන විවාදයට පැය දෙකක් පමණක් දෙයි..
මහා භාණ්ඩාගාරයට අයත් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් සයිබර් ප්‍රහාරයක් මගින් සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හදිසි විවාදයක් පවත්වන ලෙස විපක්ෂය කළ ඉල්ලීමත් සමඟ පාර්ලිමේන්තුවේ අද (05) දැඩි උණුසුම් තත්ත්වයක් හටගත්තේය.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා සභාවට දන්වා සිටියේ, මෙම මූල්‍ය කොල්ලය පිළිබඳව වහාම විවාදයක් ලබාදෙන ලෙස ඉල්ලා කථානායකවරයා වෙත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බවයි.
එම යෝජනාවෙන් අනතුරුව විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සිය අසුන්වලින් නැගී සිටිමින් රජයට බලකර සිටියේ මෙම විවාදය සඳහා වහාම ඉඩ ලබාදෙන ලෙසයි.
කථානායක ජගත් වික්‍රමරත්න මහතා පැහැදිලි කළේ, හදිසි විවාදයක් පැවැත්වීමට නම් ඒ පිළිබඳ යෝජනාව සභා වාරය ආරම්භ වීමට ප්‍රථම ඉදිරිපත් කළ යුතු බවත්, ඒ සඳහා කථානායකවරයාගේ සහ පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවිය යුතු බවත්ය. කථානායකවරයාගේ මෙම ප්‍රකාශයත් සමඟ විපක්ෂ මන්ත්‍රීවරුන් සහ කථානායකවරයා අතර දැඩි උණුසුම් තත්ත්වයක් ඇති විය.
සභාවේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ සභානායක බිමල් රත්නායක මහතා මැදිහත් වෙමින් ප්‍රකාශ කළේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීමට රජය සූදානම් බවයි.
ඒ අනුව විපක්ෂයේ ඉල්ලීමට එකඟතාව පළ කළ සභානායකවරයා, අද පස්වරු 3.30 සිට 5.30 දක්වා කාලය තුළ එම හදිසි විවාදය පැවැත්වීමට රජය තීරණය කළ බව සභාවට නිවේදනය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..