තලපති විජෙයි - 2024 දී ලාංකීය ජනතාව කරගත් විනාශයට වඩා වැඩි විනාශයක් ලංකාවට නොකරනු ඇත..
තමිල්නාඩු ප්‍රාන්ත මහ මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වී තිබේ. එහි ප්‍රතිඵලයද 2024 අගෝස්තුවේ ලංකාවේ පැවැති ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයට බෙහෙවින් සමානය. ඉන්දියාවේ ආර්ථික වර්ධන වේගයට වැඩිම දායකත්වයක් සැපයූ ප්‍රාන්තයක් වන තමිල්නාඩුවේ ජනතාව, සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ වල ඒ කැපවීම අමතක කර, කතාවෙන් සහ රංගනයෙන් අග තැන්පත් වීර චරිතයක් වෙත සිය පාලනය භාර දී ඇත.
පසුගිය වසර වල තමිල්නාඩුවේ ආර්ථක හැසිරීම පහත පරිදිය.
GSDP (Gross State Domestic Product) වර්ධනය
• 2020–21: -3% සිට -5% (COVID බලපෑම) USD 260 බිලියන
• 2021–22: 8% – 9%
• 2022–23: 8% පමණ
• 2023–24: 7% – 8% USD 350–380 බිලියන
(GSDP යනු එක් ප්‍රාන්තයක් අවුරුද්දක් තුළ නිෂ්පාදනය කරන සම්පූර්ණ භාණ්ඩ සහ සේවා වල වටිනාකමයි.)
මේ අනුව ඉන්දියාවේ විශාලතම රාජ්‍ය ආර්ථික වලින් එකක් නියෝජනය කරන්නේ තමිල්නාඩුවයි.
2020 දී 7%ක්ව පැවැති විරැකියා අනුපාතය 2024දී 4% දක්වා අඩුකළ, 2020 දී ඒක පුද්ගල ආදායම වූ ඉන්දියානු රුපියල් ලක්ෂ 2, 2024 වන විට රුපියල් ලක්ෂ 3.2 දක්වා වැඩිකළ සාම්ප්‍රදායික ප්‍රාන්ත රාජ්‍ය පාලනය ප්‍රතික්ෂේප කළ තමිල්නාඩු ජනතාවට තලපති විජෙයි සාධාරණයක් ඉටුකරනු ඇතැයි යන්න අපේක්ෂාව වුවත්, ඔහුට එය ඉටු කළ හැකිද යන්න තීරණය කරනු ඇත්තේ අනාගතය විසිනි.
1970 දශකයේදී කරුණානිධි, ජෙයලලිතා ගේ සිනමා රුවට ආශක්තව, දේශපාලන තීරණ ගත් පරම්පරාවක, තෙවැනි පරම්පරාව යළිත් රංගනයට, රුවට සහ හඬට වශීවී දේශපාලන තීරණ ගෙන ඇත. නමුත් ඔහුටත් 2024 දී අනුර කුමාරට ලාංකීය ජනතාව ලබාදුන්නා මෙන්, බහුතර නොවන බලයක් පමණක් පමණක් තමිල්නාඩු ජනතාව ලබාදී ඇත.
2009 ට පෙර (විශේෂයෙන්ම ජයලලිතා ජීවත්ව සිටියදී) තමිල්නාඩුව යනු ශ්‍රී ලංකාවට දේශපාලන හිසරදයක් විය. උතුරේ දෙමළ ජනතාවට සහ ලාංකීය ඩයස්පෝරා දෙමළ ජනතාවට අවශ්‍ය පරීදි ලංකාවේ දේශපාලන තීරණ ගැනීමට මධ්‍යම රජය සමඟ එක්ව බලපෑම් කළේ තමිල්නාඩුවයි.
යළිදු එවැනි තත්වයක් උදාවේද යන්න අවධානයට ගත යුත්තේ, තලපති විජයි අවස්ථා ගණනාවකදී ලංකාව සහ එහි දේශපාලනය ගැන තමිල්නාඩු වේදිකාවේ සාකච්ඡාවට ගෙන ඇති නිසාය. එහිදී ඔහු අවධාරණය කරන්නේ ලංකාවේ සිවිල් යුද්ධය නිසා, දෙමළ ජනතාවට අසාධාරණයක් වී ඇති බවය.
නමුත් ලංකාව යුද්ධයෙන් වසර පහළොවක් ඇවෑමෙන් පැරණි තුවාල සුවපත් කර, උතුර සාමාන්‍ය කරණයට ලක්කර ඇති නමුදු, දෙමළ ඩයස්පෝරාාව සහ ඔවුන්ගෙන් ආධාර ලබන දෙමළ දේශපාලකයින් තවමත් වරින් වර සාමාන්‍ය දෙමළ ජනතාව උසි ගැනීවීමට උත්සහ දරයි. වත්මනෙහි රජයට අනුග්‍රහය දක්වමින් එම බලපෑම මිතුරු වෙසින් කරන්නට ඔවුනට හැකිවී ඇත.
ඩයස්පෝරා සහයෙන් බලයට පැමිණි රජයක් ලංකාවේ පත්ව සිටියදී විජයෙි ගේ බලපෑමද තවදුරටත් ලංකාව කෙරෙහි මතු වුවහොත් එය ප්‍රරචාරාත්මක උත්කර්ශයක් මතු කරනු ඇති අතර, නැති ප්‍රශ්ණයක් යළි ජාත්‍යන්තර මාධ්‍ය ඉදිරියේ උළුප්පා දක්වනු ඇත.
කෙසේ වුවද, විජෙයි කෙරෙහි සුබවාදීව සිතමින් ඔහුට සුබ පතමින්, අනුර කුමාර දිසානායක ජනපතිවරයා බවට පත්වීමට වඩා වැඩි කරදරයක් විජෙයි ගෙන් ලංකාවට සිදු නොවනු ඇතැයි විශ්වාසයෙන් අනාගතය දෙස බලාසිටීම වඩා සුදුසුයැයි සිතමු. මන්ද අනුර කුමාර දිසානායක පාලනය යටතේ අඛණ්ඩව රුපියල අවප්‍රමාණය වීම නිසා පමණක්, 2024 දී රුපියල් ට්‍රිලියන 24-25 ක් පැවැති විදේශ ණය ප්‍රමාණය 2026 අවසානය වන විට රුපියල් ට්‍රිලියන 29 දක්වා උපරිමව වැඩිවීමට නියමිතය.
සරලවම කියන්නේ නම් අනුර කුමාර ජනාධිපති බවට පත්වීම නිසා, මේ මාස 20ට එක් පුද්ගලයෙකු ගෙවිය යුතු විදෙස් ණය ප්‍රමාණය රුපියල් 45,000/- කින් (පමණ) වැඩිවී ඇත.
(සමාජ මාධ්‍යයෙන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..