News Category
From Date
To Date
Maximum Number of Result

ලංකාව පරිගණක වංචාකරුවන්ගේ තිප්පොළක් වෙලා.. මෙහෙම ගියොත් ආයෝජකයෝ නම් ලංකාවට එන එකක් නැහැ.. - උදය ගම්මන්පිල

May 5, 2026 at 09:06 AM
|

පිිවිතුරු හෙළ උරුමය ප‍්‍රධාන කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.‍

"පෙරේදා දිනයේ පරිගණක වංචාකරුවන් වන විදේශිකයන් 157 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. මේක හුදෙකලා සිදුවීමක් නෙවෙයි. පසුගිය මාස හතර තුළ එවැනි සිදුවීම් ගණනාවක් වාර්තා වුණා. මාලිමා ආණ්ඩුව බලයට පැමිණියාට පස්සේ රට තුළ අත්අඩංගුවට ගත් විදේශීය පරිගණක අපරාධකරුවන් ගණන 1000කටත් වඩා වැඩියි. මේ අතර චීන ජාතිකයන්, ඉන්දියානුවන්, මැලේසියානුවන්, පිලිපීන ජාතිකයන් වගේම මියන්මාර ජාතිකයනුත් ඉන්නවා.

ඇත්තෙන්ම මේ විදේශීය පරිගණක අපරාධකරුවන් ලංකාවේ බහුල වීමේ ප්‍රතිඵලයක් විදිහට ශ්‍රී ලංකාව තුළ පරිගණක අපරාධ පිම්මේ වැඩෙනවා. පොලිස් වාර්තාවලට අනුව 2024දී පරිගණක වංචා පිළිබඳ පොලිස් පැමිණිලි 7210ක් වුණා. ඒක 2025දී 12,650 දක්වා ඉහළ නැගලා තිබෙනවා.

ඓතිහාසිකව පරිගණක වංචාකරුවන්ගේ තිප්පොළවල් බවට පත් වුණේ කාම්බෝජය සහ මියන්මාරයයි. නමුත් අවාසනාවකට පසුගිය වසර තුළ ඒක ක්‍රමයෙන් ශ්‍රී ලංකාව බවට පත් වෙමින් තිබෙනවා. සමහර විට පරිගණක අපරාධකරුවන්ගේ නැත්නම් හැකර්වරුන්ගේ ආණ්ඩුවක් ශ්‍රී ලංකාවේ පැවතීම නිසා අපේ පුරවැසියන් ලංකාවේ බලය අල්ලලා දැන් අපිට අපේ ජාවාරම කරගෙන යන්න ලොව තිබෙන හොඳම ස්ථානය ලංකාවයි කියන නිගමනයට ඔවුන් එළඹුණා වෙන්න පුළුවන්.

ඇත්තෙන්ම පසුගිය කාලයේ ආණ්ඩුව තුළ පරිගණක වංචාවන් ගණනාවක් වාර්තා වුණා. NDB බැංකුවේ කෝටි 1320ක වංචාවක් සිද්ධ වුණා. භාණ්ඩාගාරයේ සිදුවුණ වංචාව කෝටි 80කට වැඩියි. තැපැල් දෙපාර්තමේන්තුවේ කෝටි 20ක වංචාවක් සිද්ධ වුණා. මාර්ග සංවර්ධන අධිකාරියේ කෝටි 5ක වංචාවක් සිද්ධ වුණා. 

පෞද්ගලික අංශය ගත්තොත් කොමර්ෂල් බැංකුවේ කෝටි 600ක වංචාවක් සිද්ධ වුණා. කාගිල්ස් බැංකුවේ ටෙරාබයිට් දෙකක දැවැන්ත දත්ත සොරකමක් සිද්ධ වුණා.

ඒ නිසා පරිගණක වංචාකරුවන් ලංකාවට පැමිණීමේ රස්නය දැන් සමස්ත රටටම දැනෙමින් තිබෙනවා කියන එක අපි ආණ්ඩුවට මතක් කරනවා. ලංකාවේ වරින් වර නිරන්තරයෙන් විදේශීය පරිගණක අපරාධකරුවන් අත්අඩංගුවට පත්වීම මේ වන විට නිරන්තරයෙන් ජාත්‍යන්තර ප්‍රවෘත්තියක් බවට පත් වෙලා තිබෙනවා.

ලෝකයේ ඉන්න හැකර්වරුන්ගේ පාරාදීසය බවට ශ්‍රී ලංකාව පත් වුණා කියන එකෙන් වඩාත්ම තැති ගැන්වෙන්නේ ශ්‍රී ලංකාවේ ආයෝජනය කරලා ඉන්න, ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙන ආයෝජකයෝයි. ඒ නිසා ඒ අය තමන්ගේ ආයෝජන හකුළාගෙන වෙනත් රටකට යන්න ඉඩ තියෙනවා. ලංකාවට එන්න ඉන්න ආයෝජකයා ශ්‍රී ලංකාව වෙනුවට වෙනත් විකල්ප රටක් තෝරාගන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ පරිගණක අපරාධකරුවන්ගේ පාරාදීසය බවට ශ්‍රී ලංකාව පත්වීම වැළැක්වීමට ආණ්ඩුව කටයුතු නොකළොත් ආයෝජන මණ්ඩලය කෙතරම් මුදල් වියදම් කළත්, කෙතරම් ප්‍රවර්ධන කටයුතු කළත්, කෙතරම් බදු සහන දිරිගැන්වීම් ලබා දුන්නත් ආයෝජකයෝ නම් ලංකාවට එන එකක් නැහැ.

ඒ වගේම හැකර්වරුන් ලංකාවට පැමිණෙන්නේ ලංකාවේ ආණ්ඩුව හැකර්වරුන්ගේ ආණ්ඩුවක් වුණු නිසාම නෙවෙයි, ලංකාවේ හැකර්වරුන්ට හිතකර වාතාවරණයක් තිබෙන නිසායි. ඇයි අපි එහෙම කියන්නේ? අද ලංකාවට ඕනෑම පුද්ගලයෙකුට හරි පහසුවෙන් ඇතුළු වෙන්න පුළුවන්. ලංකාවට එන ගමන්ම ඔන්ලයින් වීසා එකක් ගන්න පුළුවන් අන්තර්ජාලයෙන්. එහෙම නැත්නම් ලංකාවට පැමිණි විගස ඕනෑම විදේශිකයෙකුට දින 30ක වීසාවක් ලබා දෙනවා. ඒක මාස 9ක් දක්වා වරින් වර දීර්ඝ කරන්නත් පුළුවන්.

දැන් සමහරු කියන්න පුළුවන් "ඇයි ඉතින් සිංගප්පූරුවෙත් එහෙමනේ? සිංගප්පූරුවට ගිය ගමන් දින 30ක වීසා ලබා දෙනවානේ" කියලා. ඇත්ත. හැබැයි සිංගප්පූරුවේ ඉහළම තාක්ෂණය භාවිතා කරන අතිශයින් බලසම්පන්න බුද්ධි සේවාවක් තිබෙනවා. ඒ නිසා ලෝකයේ කොහේ හරි අපරාධයක් කරන අපරාධකරුවන් පිළිබඳ තොරතුරු ඔවුන්ගේ දත්ත බැංකුවේ යාවත්කාලීන කෙරෙනවා. ඔවුන්ගේ කළු ලැයිස්තුවක් තියෙනවා. ඒ කළු ලැයිස්තුවේ සඳහන් නමක් ගුවන්තොටුපොළට ආවොත් ඔවුන්ට වීසා ලබා නොදීමටයි ඔවුන් කටයුතු කරන්නේ. ඒ විතරක් නෙවෙයි, ඔවුන්ගේ පරිගණක පද්ධතියෙන් වීසා අවසන් වුණු වහාම අහවල් පුද්ගලයා වීසා නැතුව ඉන්නවාය කියන පණිවිඩය බලධාරීන්ට ලබා දෙනවා. එතකොට බලධාරීන් ගිහිල්ලා ඒ අය අත්අඩංගුවට අරගෙන රටින් පිටමන් කරනවා විතරක් නෙවෙයි, නැවත සිංගප්පූරුවට ඇතුළු වෙන්නත් ඉඩ දෙන්නේ නැහැ.

ඒ මුකුත් නැතුව අපි ඕනෑම කෙනෙකුට ශ්‍රී ලංකාවට ඇතුළු වෙන්න අවස්ථාව ලබා දීමෙන් වෙන්නේ පරිගණක වංචාකරුවන්ගේ තිප්පොළක් බවට ලංකාව පත් වෙනවා විතරක් නෙවෙයි, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, පුරාවස්තු ජාවාරම්කරුවන්, ඒ වගේම මිනිස් ජාවාරම්කරුවන්, පාතාල කල්ලි නායකයන් වැනි ලෝකයේ විවිධ අපරාධකරුවන්ගේ පාරාදීසය බවට ශ්‍රී ලංකාව පත් වෙනවා.

ඒක නවත්වන්න නම් එක්කෝ ආණ්ඩුව රණවිරු දඩයම නතර කරලා බුද්ධි අංශ සවිමත් කිරීමට වහාම පියවර ගත යුතුයි. එහෙම නැත්නම් වීසා නිකුත් කිරීම පැරණි ක්‍රමයට යා යුතුයි. මේ දෙකෙන් එකක් වහාම නොකළොත් ශ්‍රී ලංකාව පරිගණක අපරාධකරුවන්ගේ පාරාදීසය බවට පත් වෙලා, ශ්‍රී ලංකාව තවත් එක් චිකාගෝවක් බවට පත් වෙන එක අපිට කාටවත්ම නතර කරන්න බැහැ.

ඒ වගේම පරිගණක අපරාධකරුවන් නීතියේ රැහැනට හසු කරගන්න අවශ්‍ය නීති පද්ධතියක් අපේ රටේ නැහැ. ඔය අත්අඩංගුවට ගන්නා පරිගණක අපරාධකරුවන්ට දැඩි දඬුවම් ලබා දීමට ඒ නිසාම බැරි වෙලා තිබෙනවා. එහෙනම් අපේ අධිකරණ ඇමතිතුමා දැන් කළ යුත්තේ අනෙක් බොරු වැඩ සියල්ල නතර කරලා වහාම පරිගණක අපරාධකරුවන්ට දැඩි දඬුවම් ලබා දෙන සවිමත් නීති පද්ධතියක් හඳුන්වා දීමයි. එහෙම නොකළොත් ශ්‍රී ලංකාවට ආයෝජකයන් පැමිණීම තවත් එක් සිහිනයක් පමණක් වන බව අපි මාලිමා ආණ්ඩුවට සිහිපත් කරනවා."

සම්බන්ධිත පුවත් | Related News

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.
ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල වැඩසටහන යටතේ ස්වයං රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සබන් නිෂ්පාදනය සහ පාපිසි නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන් දෙකක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදම් පිල්ලේ 2026 වසරේ නොබෙල් සාම ත්‍යාගයෙන් අද (9) පිදුම් ලැබීය.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (09) පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත භාර දී තිබේ.
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට, අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
මෑතකදී ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු හේතුවෙන් රටට රුපියල් බිලියන 15.765 ක මුළු මූල්‍ය අලාභයක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
මොරටුව හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.
අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පුද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ප්‍රධාන පුවත්

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.