News Category
From Date
To Date
Maximum Number of Result

ලංකාව ලෝක සිතියමෙන් අතුරුදහන් කරන බව කී මිනිසා තමිල්නාඩුවේ මහ ඇමති වූ පසු.. මේ ලංකාවට පාත්වන අලුත්ම “දිට්වා සංස්කරණය” ද?

May 5, 2026 at 07:22 AM
|

2026 මැයි 4 වන දින තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම ආරම්භ වීමත් සමඟ, සිනමා නළුවෙකු ලෙස සිට දේශපාලනඥයෙකු බවට පත් වූ තලපති විජේ (සී. ජෝසප් විජේ) සහ ඔහු විසින් වසර දෙකකට පෙර පිහිටුවන ලද ‘තමිලග වෙට්ට්‍රි කසාගම්’ (TVK) පක්ෂය නව ඉතිහාසයක් සනිටුහන් කළේය. මුල් ඡන්ද ප්‍රතිඵල අනුව පෙනී ගියේ ප්‍රාන්ත සභාවේ ආසන 234න් 100කට අධික සංඛ්‍යාවක TVK පක්ෂය ඉදිරියෙන් සිටින බවයි. එමඟින් තනි විශාලතම පක්ෂය බවට පත්වීමට ද ඔවුන්ට හැකි වී තිබේ. විජේ තරග කළ පෙරම්බූර් සහ තිරුචිරප්පල්ලි නැගෙනහිර යන ආසන දෙකෙන්ම ඔහු ඉතා පහසුවෙන් ඉදිරියට පැමිණ සිටියේය.

2024 පෙබරවාරි මාසයේදී විජේ මෙම පක්ෂය ආරම්භ කරන විට, බොහෝ විශ්ලේෂකයින් මෙය හුදෙක් සිනමා තරු බලය පරීක්ෂා කරන අත්හදා බැලීමක් ලෙස සලකා බැහැර කළහ. කිසිදු ප්‍රධාන සන්ධානයකට එක් නොවූ නව පක්ෂයකට, තමිල්නාඩුවේ දශක ගණනාවක් මුල් බැසගත් ප්‍රබල ද්‍රවිඩ පක්ෂ (DMK සහ AIADMK) වලට අභියෝග කළ හැකි යැයි විශ්වාස කළේ ඉතා සුළු පිරිසකි. කෙසේ වෙතත්, 1977 වසරේදී එම්.ජී. රාමචන්ද්‍රන් ලැබූ ජයග්‍රහණයෙන් පසු, තමිල්නාඩු දේශපාලනයේ තනිව තරග කර ජයග්‍රහණය කරා ගමන් කරන පළමු පක්ෂය ලෙස TVK පක්ෂය ඉතිහාසයට එක්වෙමින් සිටියි.

දේශපාලන ප්‍රවේශය සහ පොරොන්දු

දෙමළ සිනමාවේ දැවැන්තම සුපිරි තරුවක් වන විජේ, 2024 පෙබරවාරි මාසයේදී TVK පක්ෂය පිහිටුවමින් නිල වශයෙන් දේශපාලනයට අවතීර්ණ වූයේ ජනතාවට සේවය කිරීම සඳහා තමා සිනමාවෙන් සමුගන්නා බව ප්‍රකාශ කරමිනි. පක්ෂයේ පළමු ප්‍රධාන මහජන රැළියේදී ඔහු “දූෂිත ද්‍රවිඩ පවුල් දේශපාලනය” දැඩි ලෙස විවේචනය කළේය. නවීන ද්‍රවිඩ වටිනාකම්, දෙමළ අභිමානය, දූෂණයට එරෙහි වීම සහ සාමාන්‍ය ජනතාවට ප්‍රායෝගිකව උපකාර කිරීම පදනම් කරගත් නව ගමනක් ඔහු ජනතාවට පොරොන්දු විය.

2026 අප්‍රේල් මාසයේදී මැතිවරණයට පෙර නිකුත් කරන ලද පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශය කාන්තාවන් ඉලක්ක කරගත්,   පොරොන්දු වලින් සමන්විත විය. එහි ඇතුළත් ප්‍රධාන පොරොන්දු කිහිපයක් මෙසේය:

නිවාසවල ගෘහ මූලිකත්වය දරන කාන්තාවන් සඳහා මාසික මූල්‍ය ආධාරය රුපියල් 2,500 දක්වා ඉහළ නැංවීම (පෙර තිබූ රුපියල් 1,000 සිට).

වසරකට නොමිලේ ගෑස් සිලින්ඩර 6ක් ලබා දීම.

රජයේ බස් රථවල කාන්තාවන් සඳහා නොමිලේ ගමන් පහසුකම් සැලසීම.

අඩු ආදායම්ලාභී මනාලියන් සඳහා රන් ග්‍රෑම් අටක් සහ පට සාරියක් ලබා දීම.

අලුත උපන් දරුවන් වෙනුවෙන් රන් මුදුවක් සහ පිළිගැනීමේ කට්ටලයක් පිරිනැමීම.

පාසල් හැරයාම වැළැක්වීම සඳහා මව්වරුන්ට සහාය වීම සහ නොමිලේ සනීපාරක්ෂක තුවා ලබා දීම.

12 වන ශ්‍රේණියේ සිට පී.එච්.ඩී (PhD) දක්වා අධ්‍යාපනය සඳහා රුපියල් ලක්ෂ 25ක් දක්වා ඇප රහිත අධ්‍යාපන ණය ලබා දීම.

සුළු ගොවීන්ගේ සියලුම ණය කපා හැරීම.

ධීවරයින් සඳහා විශේෂ සහන: මත්ස්‍ය අස්වැන්න සඳහා අවම සහතික මිලක්, ධීවර තහනම් කාලසීමාව තුළ රුපියල් 27,000ක සහන දීමනාවක්, සහනදායී ඩීසල්, රක්ෂණ සහ නිවාස පහසුකම්.

කෙසේ වෙතත් විජේ ගේ මේ පොරොන්දු ඉදිරිපත් වන්නේ මිල්නාඩුවේ මුළු ණය බර රුපියල් ට්‍රිලියන 10.7 (ලක්ෂ කෝටි 10.7) ඉක්මවා ගොස්  තිබියදී ය. මෙය ප්‍රාන්තයේ දළ නිෂ්පාදිතයෙන් (GSDP) 26%කට වඩා වැඩි ප්‍රමාණයකි. ප්‍රාන්තයේ ආදායම් හිඟය ද (Revenue Deficit) ඉහළ මට්ටමක පවතින පසුබිමක, විජේ පොරොන්දු වී ඇති ආකාරයේ විශාල සුභසාධන සහන ලබා දීමට නම් අතිවිශාල මූල්‍ය ප්‍රතිපාදනයක් අවශ්‍ය වේ. මේ පොරොන්දු එන්නේ මධ්‍යම රජයෙන් ලැබෙන ප්‍රතිපාදන සීමා සහිත වී ඇති පසුබිමකය.  එය  ප්‍රාන්තයේ ණය අර්බුදය උග්‍ර කරන ප්‍රායෝගික තත්ත්වයක් ඇති කිරීම අපේක්ෂා කළ හැකිය.

මේ සිනමා නළුවාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ ධනය බෙදා දීමේ ක්‍රමවේදයක් මිසක් ධනය උත්පාදනය කිරීමේ ආර්ථික සැලැස්මක් නොවේ. කාර්මිකව දියුණු ප්‍රාන්තයක් වූ තමිල්නාඩුවේ තාක්ෂණික නවෝත්පාදන,  විදේශ ආයෝජන ආකර්ශනය, රැකියා උත්පාදන,  හෝ දිගුකාලීන ව්‍යුහාත්මක වෙනස්කම්  සහිත දැක්මක් නොපෙනේ.

බොහෝ විට දේශපාලනඥයන් බලයට පැමිණි පසු “මූල්‍ය තත්ත්වය පිළිබඳ ධවල පත්‍රිකාවක්” නිකුත් කරමින්, “කලින් සිටි රජය භාණ්ඩාගාරය හිස් කර ඇති බැවින් පොරොන්දු ඉටු කිරීමට කාලය අවශ්‍ය බව” පවසමින් මඟහැරීම සාමාන්‍ය ක්‍රමයය. විජේට ද මෙවැනිම තත්ත්වයකට මුහුණ දීමට සිදු වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයින්ගේ විශ්වාසය ය.

දිට්වා ආපදාවට පසු ශ්‍රී ලංකාවට එන අලුත්ම ආපදාව ද?

විජේගේ දේශපාලනය තවමත් පවතින්නේ “ආකර්ෂණීය තිර පිටපතක්” ලෙසය. එම පිටපතේ ජවනිකාවල නිශ්චිත කොටස් ලංකාව ඉලක්ක කරගෙන රඟ දක්වන ඉඟි විජේගේ මැතිවරණ ප්‍රචාරණ වේදිකාවේත් පල වුනේය.

ඔහු දේශපාලනයට ප්‍රවේශ වීමේ සැලැස්ම සහ එහිදී ඔහු තෝරා ගන්නා පටු මජර වාර්ගික හැඟීම් කුළුගන්වන හැසිරීමේ ස්වරූපය  2008 වසරේදී ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයේ අවසන් අදියරේදී පෙනුනේය.   සිවිල් යුද්ධය එහි තීරණාත්මක අවසන් අදියරට එළඹෙමින් තිබූ 2008 ඔක්තෝබර් 21 වන දින, තමිල්නාඩුවේ නාගපට්ටිනම්හිදී සිය රසික සංගමය සමඟ දැවැන්ත විරෝධතාවයකට එක්වෙමින් විජේ ශ්‍රී ලංකා රජයට සෘජු හා ප්‍රකෝපකාරී අනතුරු ඇඟවීමක් සිදු කළේය. එහිදී ඔහු කියා සිටියේ, “ශ්‍රී ලංකාව අසල්වැසි රටක් නිසා අප මෙතෙක් ඉවසා සිටීමට උත්සාහ කළත්, අපගේ ඉවසීම පරීක්ෂා නොකරන ලෙසයි.” තමිල්නාඩු ධීවරයින්ට එල්ල වන ප්‍රහාර නතර නොකළහොත් “ශ්‍රී ලංකාව ලෝක සිතියමෙන් අතුරුදහන් වනු ඇති” බවට දරුණු ප්‍රකාශයක් කළ ඔහු, ලාංකීය දෙමළ ජනතාවට එල්ල වන සෑම ප්‍රහාරයක්ම තමාට එල්ල වන පෞද්ගලික ප්‍රහාරයක් ලෙස සලකා ඔවුන් වෙනුවෙන් සටන් වදින බවට එදා ප්‍රතිඥා දුන්නේය. ඔහු තමුන්ව හඳුන්වා ගත්තේ කොxx පැටියෙක් ලෙසය.

නාගපට්ටිනම් රැළියෙන් නොනැවතුණු විජේ, සිය ස්ථාවරය තවදුරටත් තහවුරු කරමින් 2008 නොවැම්බර් 15 වන දින චෙන්නායි හි චෙපොක් ප්‍රදේශයේ පැවැති විශේෂ එක්දින උපවාසයට ද එක් විය. දකුණු ඉන්දීය සිනමා කලාකරුවන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද මෙම විරෝධතාවයේදී, මීට පෙර තමන් කළ “” ප්‍රකාශය පිළිබඳ එල්ල වූ විවේචනවලට ඔහු සෘජුවම පිළිතුරු දුන්නේය. එහිදී ඔහු අවධාරණය කළේ තමන් එම ප්‍රකාශය කළේ පූර්ණ දැනුවත්භාවයකින් සහ දැඩි අභිමානයකින් යුතුව බවය. සිනමා තිරයේ වීරයෙකු වීමට වඩා සැබෑ ජීවිතයේදී තමන්ගේම “ලේ නෑයන්” වෙනුවෙන් පෙනී සිටීම උදාර කර්තව්‍යයක් ලෙස හැඳින්වූ ඔහු, ශ්‍රී ලංකාවේ දෙමළ සිවිල් වැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉන්දීය මධ්‍යම රජය වහාම මැදිහත් විය යුතු බවට බලපෑම් කළේය.

දශක දෙකකටත් පෙර චෙන්නායි දේශපාලන වේදිකාවේදී ඔහු දැක්වූ මෙම අන්තවාදී නැඹුරුව, වත්මන් තමිල්නාඩු මහ ඇමතිවරයා ලෙස ඔහුගේ අනාගත දේශපාලන ක්‍රියාකාරිත්වය සහ ශ්‍රී ලංකාව කෙරෙහි දක්වන ආකල්පය පිළිබඳව කල්තියා කියවාගත හැකි පැහැදිලි පෙරනිමිත්තක් බව කිව යුතුව තිබේ. .

මේ තත්ත්වය තුළ  තලපති විජේගේ ජයග්‍රහණය යනු හුදෙක් තමිල්නාඩුවේ පාලන බලය මාරුවීමක් පමණක් නොවේ; එය ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට සහ කලාපීය රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට නව බලපෑමක් එල්ල කළ හැකි සංකීර්ණ සන්ධිස්ථානයකි.  මේ තත්ත්වය තුළ ශ්‍රී ලංකා රජයට මුහුණ දීමට සිදුවන ආපදාවේ ස්වභාවය කොටස් කිහිපයකින් පුරෝකථනය කළ හැකිය.

ජාතිවාදී හැඟීම් උත්සන්න කිරීම සහ බෙදීම් ඇති කිරීම – විජේ සිය දේශපාලන පදනම ගොඩනගා ඇත්තේ තමිල්නාඩුවේ ‘දෙමළ අභිමානය’ (Tamil Pride) සහ ‘දෙමළ අනන්‍යතාවය’ (Tamil Identity) මුල් කරගනිමින්. ඔහුගේ දේශපාලන වේදිකාවේදී ඔහු භාවිත කරන භාෂාව සහ සංකේත (විශේෂයෙන් එල්.ටී.ටී.ඊ නායකයා පිළිබඳ දැක්ම) ශ්‍රී ලංකාවේ සංහිඳියාවට සෘජු තර්ජනයකි.  ශ්‍රී  ලංකාව තුළ එකම ශ්‍රී ලාංකික ජාතියක්  පිළිබඳ විශාල පිබිදීමක් සහිත දියුණු සංවාදයක් ඇති වෙමින් ඇති මොහොතක දේශපාලන පරිනතියක් නැති ජනප්‍රියවාදී මනෝරූපයක් සහිත ප්‍රපංචයක්  ජාතිවාදය මිට මොලවාගෙන තමිල්නාඩුවේ   බලය මෙහෙයවීම වෙනුවෙන් පත් වී සිටී.

තමිල්නාඩුව තුළ මෙවැනි දැඩි ජාතිකවාදී ප්‍රවණතාවක් ඇතිවීම, ශ්‍රී ලංකාවේ උතුරු-නැගෙනහිර දේශපාලන කණ්ඩායම්වලට ද සිය ඉල්ලීම් වඩාත් අන්තවාදී දිශාවකට රැගෙන යාමට මානසික උත්තේජනයක් සපයයි. මෙය ලංකාව තුළ යළිත් ජාතිවාදී විභේදනයන් පැන නැගීමටත්, දේශීය දේශපාලන ස්ථාවරත්වය බිඳ වැටීමටත් හේතු විය හැකිය.

 ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට සෘජුව මැදිහත් වීමේ අවදානම – තමිල්නාඩුව සහ ශ්‍රී ලංකාව අතර ඇත්තේ ගැඹුරු සංස්කෘතික හා භාෂාමය සබඳතාවයකි.  තලපති  විජේට ආශක්ත වූ  ලක්ෂ සංඛ්‍යාත රසික පිරිසක් උතුරේත් වෙති.  එය අප පිළිගත යුතු කාරණාවකි.  ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය මධ්‍යම රජය සතු වුවද, ප්‍රාන්ත ආණ්ඩුවකට මධ්‍යම රජය මත විශාල බලපෑමක් එල්ල කළ හැකිය. විජේගේ මැදිහත් වීමෙන් ඉන්දියාවෙන් සිදුවන   ඒ පලපෑම උතුරේ ඔහුගේ රසිකයෝත් අපේක්ෂා කරනු ඇත. එමෙන්ම විදේශ ප්‍රතිපත්තිය මෙහෙයවීමේදී තමිල්නාඩුවට මීට වඩා වැඩි මැදිහත්වීමක් තිබිය යුතු බව විජේ දැනටමත් ප්‍රකාශ කර තිබේ.

මේ කරුණු පෙළ ගැසෙන ආකාරයට අප අපේක්ෂා කළ යුතු තත්ත්වයන් තිබේ.

13 වන ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීම, උතුරු-නැගෙනහිර ඉඩම් සහ පොලිස් බලතල ලබා දීම වැනි කරුණුවලදී ඉන්දීය මධ්‍යම රජය හරහා ශ්‍රී ලංකාවට දැඩි බලපෑම් එල්ල කිරීමට විජේ උත්සාහ කරනු ඇත. ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය කෙරෙහි තමිල්නාඩුව සැමවිටම බලපෑම් කළ ඉතිහාසයක් අපට තිබේ.   ඔහු ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව සිය “ලේ නෑයන්” ලෙස හැඳින්වීම හරහාම පැහැදිලි වන්නේ ඔහුට දේශසීමාවෙන් ඔබ්බට ගිය දේශපාලන න්‍යාය පත්‍රයක් පවතින බවය.

ධීවර ගැටලුව සහ කච්චතීවු දූපතේ අර්බුදය – විජේගේ මැතිවරණ පොරොන්දු අතර කච්චතීවු දූපත යළි ඉන්දියාවට ලබාගැනීම ප්‍රධාන තැනක් ගනී. කච්චතිව් අත්පත් කරගැනීමේ හඬ මීට වඩා ප්‍රබල වනු ඇත. මෙය ශ්‍රී ලංකාවේ භූමියට එල්ල වන සෘජු අභියෝගයකි.

තමිල්නාඩුවේ නව පාලනය ධීවරයින්ට ලබා දෙන අසීමිත සහයෝගය රටේ මුහුදු සීමාව ආක්‍රමණය කරමින්  සිදුකරන ධීවර කොල්ලය  වඩාත් නිර්දය සහ බිහිසුණු මට්ටමකට පත් වීමේ අවදානමක් තිබේ.  මේ කැළඹීම්   හේතුවෙන් දෙරටේ නාවික හමුදා අතර ගැටුම්කාරී තත්ත්වයන් වර්ධනය විය හැකිය. මෙය ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ආරක්ෂාව සහ ධීවර කර්මාන්තය කෙරෙහි බරපතළ බලපෑමක් එල්ල කරනු ඇත.

මේ වනවිටත් ඉන්දියානු ධීවර ආක්‍රමණ හේතුවෙන් උතුරේ ධීවරයෝ අන්ත අසරණ වී සිටිති. ඒ වෙනුවෙන් දේශපාලන විසඳුමක් සොයා ගැනීමට රජය උත්සාහ කරමින් සිටින පරිසරයක තමිල්නාඩුවේ බලය විජේ අත් කරගෙන තිබේ..

රාජ්‍යතාන්ත්‍රික සහ ආර්ථික අර්බුද – ශ්‍රී ලංකාව සිය ආර්ථිකය යළි ගොඩනැගීමට උත්සාහ කරන මොහොතක, ඉන්දියාවේ ප්‍රබල ප්‍රාන්තයකින් එල්ල වන මෙවැනි “සතුරු” දේශපාලන ස්ථාවරයන් ආයෝජන සහ ද්විපාර්ශ්වික සහයෝගීතාවලට බාධාවකි.

විජේගේ පක්ෂය සඵර්ෂ කරන්නේ    සිනමාත්මක ආකාරයෙන් පෙළ ගැසෙන  ප්‍රකෝපකාරී දේශපාලනයේ  ජනප්‍රිය මානයන්ය. එය ඔහුගේ මැතිවරණ ප්‍රචාරණ යාන්ත්‍රණය තුළ දුටුවේය. දෙමළ ජාතිවාදි නැඹුරුවක් සහිත ඔහුගේ ප්‍රවේශයන්   ශ්‍රී ලංකාවේ ආයෝජනය කර ඇති ඉන්දීය සමාගම්වලට පවා දේශපාලන පීඩනයක් එල්ල කළ හැකි අවදානමක්  නිර්මාණය විය හැකි බව විශලේෂකයෝ පවසති. මෙය ශ්‍රී ලංකාවේ බලශක්ති සහ යටිතල පහසුකම් සංවර්ධනය කෙරෙහි වක්‍රව බලපානු ඇත.

 ‘දේශපාලන රංගනය’ සහ ‘ප්‍රායෝගික පාලනය’  හරහා ඇතිවන කලාපීය ගැටුම –  ඇත්තටම  විජේගේ ආර්ථික දැක්ම සහන මල්ලකට පමණක් සීමා වී ඇත. අනෙක් අතට ඔහුට තමිල්නාඩුව තුළ සිය පොරොන්දු ඉටු කිරීමට ඇති හැකියාව අල්පය.  ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීම සඳහා ‘බාහිර සතුරෙකු’ හෝ ‘බාහිර ප්‍රශ්නයක්’ නිර්මාණය කිරීම දේශපාලන උපක්‍රමයකි. එය සිනමාත්මක තිර පිටපත් රචනයටත් එකඟය.

මෙහිදී ඔහුට ඇති පහසුම ඉලක්කය වන්නේ ‘ශ්‍රී ලංකාවේ දෙමළ ගැටලුවය. සිය දේශීය අසාර්ථකත්වය වසා ගැනීමට ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව ජාතිවාදී සහ ප්‍රකෝපකාරී ස්ථාවරයන් දැඩි කිරීමට ඇති ඉඩකඩ පිළිබඳ රටක් ලෙස අප අවධානයෙන් සිටිය යුතුව තිබේ. .

එම්.ජී. රාමචන්ද්‍රන්, ජයලලිතා සහ කරුණානිධි වැනි සිනමා තරු ප්‍රාන්තයේ මහ ඇමතිවරුන් බවට පත් වූ දීර්ඝ ඉතිහාසයක් තමිල්නාඩුවට ඇත. එහිදී බොහෝ විට ඡන්දදායකයින්ට රිදී තිරයේ වීර ප්‍රතිරූපය සහ සැබෑ පාලනය වෙන්කර හඳුනා ගැනීම අසීරු විය. ඒ නොපැසුණු චින්තන ස්වරූපය යළිත් පුනරුච්ඡාරණය වී තිබේ.

විජේගේ ප්‍රතිපත්ති ප්‍රකාශය, ඊළාම් දෙමළ ජනතාව පිළිබඳ ඔහුගේ ප්‍රකාශ සහ මෙම මැතිවරණ ප්‍රතිඵලය ශ්‍රී ලංකාවේ දේශපාලනඥයින් මෙන්ම සිවිල් සමාජය ද සමීපව නිරීක්ෂණය කරමින්  ගැඹුරින් අධ්‍යයනය  කිරීමේ අවශ්‍යතාවය දැන් අතිශය තීරණාත්මක ලෙස මතු වී තිබේ.  මක්නිසාද යත් තමිල්නාඩුවේ විජේ ආගමනය  ලංකාවට දිට්වා වැනි ආපදාවක් ලෙස නැගී එම වළක්වා ගැනීමට උපාය මාර්ගික පෙළගැස්මක් අවශ්‍ය නිසාය.

- උපේක්ෂා උඩුවැරැල්ල

(සමාජ මාධ්‍යයෙන් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

එදා අපි නුඹලාට ත්‍රස්තවාදීන් එක්ක යුද්ධ කරලා රට නිදහස් කරලා දුන්නා
චීන කොමියුනිස්ට් පක්ෂය විසින් 1953 වසරේ සිට ආරම්භ කරන ලද ‘පස් අවුරුදු සැලසුම්’ යනු චීනයේ සමාජයීය සහ ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගත් මුල් පිරීම් මාලාවකි. මෙම සැලසුම් මගින් ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන්නේ පාරිසරික ආරක්ෂාව, අධ්‍යාපනය සහ කාර්මික ක්ෂේත්‍රවල චීන රජයේ ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සංවිධානය සහ ස්ථාපිත කිරීමේ කේන්ද්‍රීය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීමය. නව පස් අවුරුදු සැලසුමක් සකස් කිරීම, සාමාන්‍යයෙන් පවතින සැලැස්මේ මැද භාගයේදී ආරම්භ වේ. මෙය වසර කිහිපයක් පුරා සිදුකරන ඇගයීම්, මූලික පර්යේෂණ කෙටුම්පත් කිරීම සහ සංශෝධන මෙන්ම, මහජන අදහස් ලබා ගැනීම වැනි වට මාලාවකින් සමන්විත වේ. මෙලෙස සකස් කෙරෙන පස් අවුරුදු සැලසුම්, ඒවායේ කාර්යක්ෂමතාව සහ හැකියාවන් මෙන්ම, වේගවත් ආර්ථික වර්ධනය, සංවර්ධනය සහ ආයතනික මූල්‍ය සහ කාර්මික ප්‍රතිපත්ති සඳහා දායක වී ඇති ආකාරය ප්‍රශංසනීයය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි සිරගත වූහ. උන්වහන්සේගේ සිවුර ගලවා ජම්පරයක් අන්දවා ඇතැයි යන ප්‍රවෘත්තිවලින් සමාජ මාධ්‍ය පිරී ඇත. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට උන්වහන්සේට ජම්පරයක් ඇන්දවීම ප්‍රවෘත්තියක් බවට පත්කර මාධ්‍යයට ප්‍රකාශ කරන්නැයි උපදෙස් දුන්නේ කවුදැයි වෙනමම සොයා බැලිය යුතුය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් දුදස්සනව එළවලා දාපු එක ලොකු ප්‍රශ්නයක් කරගත්ත පිරිසක් ඉන්නවා. කිසියම් සංවිධානයක සාමාජිකත්වයක් දරන කෙනෙක්ට ඒ සංවිධානයේ මූලික පිළිගැනීම්වලට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? කිසියම් ආයතනයක සේවය කරන කෙනෙක්ට ඒ ආයතනයේ විනය එකඟතා නො සළකා කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? තමන්ට ඕන ඕන මගුල් කියවන්න, සංවිධානයක පොදු එකඟතාවලට විරුද්ධව, විනය එකඟතා නො තකා වැඩ කරන්න ඒ සංවිධානවල සාමාජිකයන්ට බෑ.
ඊයේ දිනයේ, මගේ හදවතට ඉතා සමීප, ඒ වගේම Fair Comment හි සමීපතම මිතුරෙකුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සාපරාධී අපරාධකරුවෙක් නෙවෙයි. ඔහු නීතියෙන් පැන ගිය කෙනෙකුත් නෙවෙයි. ඔහුගේ එකම වරද වුණේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය—වෙනත් පහළ උසාවියක් හෝ අවධානය සොයන මහේස්ත්‍රාත්වරයෙක් නොව, රටේ ඉහළම අධිකරණය—මීට වසර හතකට පෙර ජනාධිපතිවරයෙක් ගත් තීරණයක් ශුන්‍ය කර දැමීමට තීන්දු කිරීම පමණයි. ඒ තීන්දුව අවලංගු කිරීමෙන් ඔවුන් කළේ ඒ මිනිසාවත් අමු අමුවේ දිය කර හැරීමයි.
බ්‍රසීලයේ 2026 මැතිවරණය ජනාධිපති ලූලා ද සිල්වා (Lula da Silva) සහ ෆ්ලේවියෝ බෝල්සොනාරෝ (Flávio Bolsonaro) අතර දැඩි තරගකාරී, අධික ලෙස ද්‍රැවීකරණය වූ සටනක් බවට පත්ව ඇත. මත විමසුම්වලට අනුව, දෙවන වටයේ තරගයකදී දෙදෙනාම කරට කර තත්ත්වයක පසුවන අතර, මැද මාවතේ විකල්පයන්ට ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකිවී නොමැත. අපේක්ෂකයින් දෙදෙනාටම 50% ක පමණ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිශතයක් ඇති අතර, එම නිසා මෙම මැතිවරණය බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට වඩා ප්‍රතිවාදියා බලයට පැමිණීම වැළැක්වීම අරමුණු කරගත් එකක් බවට පත්ව තිබේ.
ලෝකයේ දියුණු හෙවත් ධනපති රටවල (developed countries) වෘත්තිකයන්ගෙන් අයකරන පුද්ගල ආදායම් බදු (Personal Income Tax) සහ අනෙකුත් සමාජ ආරක්ෂණ දායකත්ව (Social Security Contributions) ක්‍රමවේද ප්‍රධාන වශයෙන් ප්‍රගතිශීලී බදු ක්‍රමයක් (Progressive Tax System) මත පදනම් වේ. එනම්, ලැබෙන ආදායම වැඩි වීමට අනුරූපව බදු අනුපාතයද ඉහළ යයි.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
2003 අවුරුද්දේ මාර්තු 30 වැනි දා, ඉරාකය ආක්‍රමණය කරපු ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී හවුල් හමුදාවල අවසාන බල ඇණි 2026 සැප්තැම්බර් 30 වැනි දා ඉරාකයෙන් ඉවත්වෙලා ගියා. ජනාධිපති ජෝර්ජ් බුෂ් විසින් “ඉරාක නිදහස් මෙහෙයුම” (Operation Iraqi Freedom) කියන නමින් පටන්ගත්ත මේ අධිරාජ්‍යවාදී ආක්‍රමණය අවුරුදු 23 ක වැඩි කාලයක් ඉරාකය තුළ ක්‍රියාත්මක වුණා. ජනතා ඝාතක ආයුධ හොයනවා කියලා බොරුවක් ගොතලා පටන්ගත්ත ඒ ආක්‍රමණයෙන් වෙච්ච විනාශය ලෝකය ම දන්නවා.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.