භණ්ඩාගාර වංචාව ගැන සොයන්න FBI සහාය පතයි..
ශ්‍රී ලංකා භාණ්ඩාගාරයට අහිමි වූ ඇමරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදල සම්බන්ධ විමර්ශන පුළුල් කරමින් ඇමරිකානු මධ්‍යම විමර්ශන කාර්යාංශයේ (FBI) සහාය ලබා ගැනීමට විමර්ශකයින් පියවර ගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කරයි.
මීට අමතරව, ඊමේල් හැකින් සහ තොරතුරු සොරකම් කිරීම් (Phishing) හඳුනා ගැනීම සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් ඇති ඇමරිකානු සයිබර් ආරක්ෂණ සමාගමක සහාය ද විමර්ශන සඳහා ලබාගෙන තිබේ.
මෙම වංචනික ඊමේල් පණිවිඩ ආරම්භ වූ ස්ථානය, වංචා කරන ලද මුදල් මේ වන විට පවතින ස්ථානය හෝ මෙම මංකොල්ලය පිටුපස සිටින පුද්ගලයන් පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය ද ඒ පිළිබඳ තොරතුරු සොයමින් සිටියි. දැනටමත් ඕස්ට්‍රේලියානු බලධාරීන්ගේ සහාය ද මීට ලැබෙමින් පවතින බැවින් මෙය ජාත්‍යන්තර මට්ටමේ විමර්ශනයක් දක්වා වර්ධනය වී තිබේ. පසුගිය ජනවාරි මාසයේදී මෙම සයිබර් ප්‍රහාරය පිළිබඳව මුදල් අමාත්‍යාංශය දැනුවත්ව සිටියද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ පිළිබඳව නිල පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ මාර්තු 28 වනදාය.
භාණ්ඩාගාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ විදේශ ණය පියවීමට අදාළ ලේඛන කිහිපයක් ද මෙම සයිබර් අපරාධකරුවන් විසින් සොරාගෙන හෝ පිටපත් කර ඇති බවට දැඩි සැකයක් පවතින බවයි. මේ හේතුවෙන් මින් ඉදිරියට ඕනෑම මුදල් හුවමාරුවකට පෙර ඊමේල් පණිවිඩ සහ අනෙකුත් දත්ත දැඩි ලෙස පරීක්ෂා කරන ලෙස අදාළ අංශවලට උපදෙස් දී ඇත. මේ අතර, පසුගිය සතියේ පුවත්පතක පළ වූ ප්‍රංශ ණය ලේඛන අතුරුදන් වී ඇති බවට වන පුවත මුදල් අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කර ඇති අතර, ණය හිමියන් සමඟ නිසි සන්නිවේදන කටයුතු පවත්වා ගනිමින් නියමිත පරිදි ණය වාරික ගෙවන බව එම අමාත්‍යාංශය අවධාරණය කරයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේ මෙම ඩොලර් මිලියන 2.5 ක අතුරුදන් වීම සහ තවත් මුදල් ප්‍රමාණයක් අහිමි වී ඇත්ද යන්න පිළිබඳව පුළුල් පරීක්ෂණ පවත්වන බවයි. මෙම දැවැන්ත සයිබර් මංකොල්ලය පිළිබඳව සොයා බැලීම සඳහා අදාළ සියලු ආයතනවල නියෝජිතයන්ගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් පත් කිරීමට ද මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දී තිබේ.
- දමිත් වික්‍රමසේකර (සන්ඩේ ටයිම්ස් )
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා