"අල්ලස් කොමිසමෙන් නොතීසි ලැබී නෑ" - මහින්දගේ පාර්ශ්වයෙන් පිළිතුරු
එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් මෙතෙක් කිසිදු නිල දැනුම්දීමක් හෝ නොතීසියක් ලැබී නොමැති බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසයි.
තවද, ඉදිරියේදී ලැබීමට නියමිත අධිකරණ තීන්දු පිළිබඳව වත්මන් ජනාධිපතිවරයා පූර්ව නිගමන ප්‍රකාශ කිරීම අධිකරණයට කරන අපහාසයක් මෙන්ම විනිසුරුවරුන්ගේ ස්වාධීනත්වයට කරන බලපෑමක් ලෙස තමන් දකින බවද ඔහු සඳහන් කළේය.
රාජපක්ෂවරුන් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම දැඩි උනන්දුවක් දැක්වූවද, වත්මන් රජයට එල්ල වී ඇති ගල් අඟුරු වංචාව, කන්ටේනර් ගනුදෙනු සහ ඩොලර් වංචා වැනි බරපතල චෝදනා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ නොකිරීම පක්ෂග්‍රාහී ක්‍රියාවක් බවටද ඔහු මෙහිදී චෝදනා කරනු ලැබීය.
අල්ලස් කොමිසම නඩත්තු වන්නේ මහජන බදු මුදලින් බැවින් දේශපාලන දඩයම්වලට ප්‍රමුඛත්වය නොදී මහා පරිමාණ වංචා පිළිබඳව ස්වාධීනව පරීක්ෂණ පවත්වන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.
රාජපක්ෂ පාර්ශ්වය මෙවැනි දේශපාලන දඩයම් හමුවේ බිය නොවන බවත්, අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී ඒ සඳහා නීත්‍යානුකූලව ප්‍රතිචාර දැක්වීමට සූදානම් බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..
සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..
භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා
ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්
ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්
හුදෙකලා සිද්ධීන් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
අනුර මේ ගෙනියන්නේ අහිංසකයන්ගේ ලේ උරා බොමින් ගජමිතුරන්ට “රෝල්ස් රොයිස්” පුදන නරුම පාලනයක්.. - විමල් වීරවංශ