හෝදන්න බැරි තරමට ප්‍රශ්න බරපතළ වෙලා.. ආණ්ඩුව හොරකම් කරනවා කියා මං හිතනවා.. - නිර්මාල්
පවතින දේශපාලන තත්ත්වය හමුවේ රජය එල්ල වී ඇති චෝදනා සාමාන්‍ය ව්‍යවහාරයෙන් පවසන පරිදි "අපට හෝදා ගැනීමට නොහැකි" තරමටම බරපතල වී ඇති බවත්, ආණ්ඩුව හොරකම් කරන්නේදැයි තමන්ගෙන් විමසුවහොත් "ඔව්, මම එසේ සිතනවා" යනුවෙන් නිර්භයව පවසන බවත් මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා ප්‍රකාශ කරයි.
ඔහු පෙන්වා දෙන්නේ මේ වන විට ක්‍රියාත්මක වන්නේ සාමාන්‍ය අධිකරණයක් නොව ජනතා අධිකරණය බවයි.
එම අධිකරණය තුළ ආණ්ඩුව වැරදිකරු වී ඇතිවාක් මෙන්ම, ආණ්ඩුව ආරක්ෂා කිරීමට උත්සාහ කරන පාර්ශ්වයන්ට පවා මේ වන විට එම චෝදනාවලින් ආණ්ඩුව නිදහස් කිරීමට (හෝදා ගැනීමට) නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව ඔහු අවධාරණය කරයි.
මෙම චෝදනාවලින් මිදීම සඳහා රජය වහාම විශේෂ පියවර ගත යුතු බව මහාචාර්යවරයා පවසයි.
විශේෂයෙන්ම අදාළ විෂය භාර අමාත්‍යවරයා වහාම ඉල්ලා අස්වීම හෝ ඉවත් කිරීම වැනි පියවරකින් ආරම්භ කර, සිදුවී ඇති දෑ පිළිබඳ ඉතා පාරදෘශ්‍ය පරීක්ෂණයක් පවත්වා එහි වගකීම භාර ගැනීම අත්‍යවශ්‍ය බව ඔහු පෙන්වා දෙයි.
ආණ්ඩුවේ විශ්වාසනීයත්වය රැක ගැනීමට නම් දූෂණය නතර කිරීම සහ මහජන අරමුදල් වගකීමෙන් පරිහරණය කිරීම පිළිබඳ මෙවැනි බරපතල තීරණ ගැනීම අනිවාර්ය බව ඔහුගේ අදහසයි.
වත්මන් ආණ්ඩුවට එරෙහිව හඬ නගන විපක්ෂයේ ඇතැම් කණ්ඩායම්, තමන් පසුගිය රජයන් වල සිටියදී තවරා ගත් දේශපාලන මඩ හෝදා ගැනීමට මෙම අවස්ථාව භාවිතා කරන බව ඔහු පවසයි.
උදාහරණ ලෙස චම්පික රණවක මහතා වැනි පිරිස් පසුගිය දූෂිත යැයි චෝදනා ලැබූ ආණ්ඩුවල කොටස්කරුවන් වී තම දේශපාලන කීර්තිය නැති කරගත් බවත්, දැන් ඔවුන් ආණ්ඩුවේ වැරදි පෙන්වමින් තමන්වම විශුද්ධිකරණය කර ගැනීමට උත්සාහ කරන බවත් ඔහු පෙන්වා දෙයි.
ආණ්ඩුව හොරකම් කරන්නේ යැයි ඔබ සිතනවාද යනුවෙන් බොහෝ විට ආණ්ඩුව පාර්ශ්වයෙන් ජනතාවගෙන් ප්‍රශ්න කරන බව මහාචාර්යවරයා පවසයි.
ඒ පිළිබඳ තම පෞද්ගලික මතය ප්‍රකාශ කරමින් ඔහු කියා සිටියේ, "මගෙන් ඇහුවොත් කියන්නේ ඔව් මම හිතනවා කියලා" යනුවෙනි. එය එසේ විය හැකි බවට තමන් විශ්වාස කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි