නන්දලාල් සහ හර්ෂණ වහාම ඉල්ලා අස්විය යුතුයි..- මහා භාණ්ඩාගාරයේ කෝටි 80ක මූල්‍ය මංකොල්ලය සහ අතිරේක අධ්‍යක්ෂවරයාගේ අභිරහස් මරණය ගැන විමල්ගෙන් බරපතළ හෙළිදරව්වක්
මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක (රුපියල් කෝටි 80කට අධික) මුදලක් ඕස්ට්‍රේලියානු ව්‍යාජ ගිණුමකට බැර කිරීමේ මහා පරිමාණ මූල්‍ය වංචාව හුදු තාක්ෂණික දෝෂයක් නොව, ඉහළ පෙළේ නිලධාරීන්ගේ අනුදැනුම මත සිදුවූ මහා පරිමාණ හොරකමක් බවත්, එහි වගකීම පහළ මට්ටමේ නිලධාරීන් මත පටවා, ඔවුන්ට ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සලස්වන “නරබිලි” දෙන පාලනයක් වත්මන් ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක වන බවත් වීරවංශ මහතා අවධාරණය කළේය.
ඩොලර් මිලියන 2.5ක මුදලක් ඕස්ට්‍රේලියානු ව්‍යාජ ගිණුමකට බැර කිරීමේ මහා පරිමාණ මූල්‍ය වංචාව සහ මුදල් අමාත්‍යාංශයේ ණය කළමනාකරණ කාර්යාලයේ සේවය කළ අතිරේක අධ්‍යක්ෂ රංග රාජපක්ෂ මහතාගේ අභිරහස් මරණය පිළිබඳව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඊයේ (02) බත්තරමුල්ලේ පිහිටි පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් දැඩි විවේචනයක් එල්ල කළේය.
මුදල් අමාත්‍යාංශයේ ණය කළමනාකරණ කාර්යාලයේ සේවය කළ අතිරේක අධ්‍යක්ෂ රංග රාජපක්ෂ මහතාගේ මරණය රජය පවසන පරිදි සියදිවි නසා ගැනීමක් නොව, මනුෂ්‍ය ඝාතනයක් බවට බරපතල සැකයක් පවතින බව ඔහු පැවසීය. තමන්ගේම අත් පා වල බලනහර කපාගෙන සියදිවි නසා ගැනීමට තරම් අමානුෂික ක්‍රමවේදයක් සාමාන්‍ය පුද්ගලයෙකු දිවිනසා ගැනීමකදී අනුගමනය නොකරන බවත්, මෙය මරණයට පත්වූ නිලධාරියා සතුව තිබූ “රහස් වැළලීමට” කරන ලද කුමන්ත්‍රණයක් විය හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.
මුදල් අමාත්‍යාංශය හරහා “ඕස්ට්‍රේලියානු ව්‍යාජ ගිණුමකට” බැර කරන ලද ඩොලර් මිලියන 2.5ක මුදල පිළිබඳව අදහස් දක්වමින් වීරවංශ මහතා කියා සිටියේ, අතිරේක අධ්‍යක්ෂවරයෙකුට තනිවම මෙවැනි මහා පරිමාණ ගෙවීමක් සිදු කළ නොහැකි බවයි. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතියෙන් තොරව මෙවැනි ගනුදෙනුවක් කිසිසේත් කළ නොහැකි බවත්, එහෙත් ලේකම්වරයා කිසිදු වගකීමක් නොගෙන තවදුරටත් සිය ධුරයේ රැඳී සිටින බවත් ඔහු චෝදනා කළේය.
පසුගියදා පැවැති පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේදී රටට හෙළිදරව් වූ පරිදි ඩොලර් මිලියන 2.5ක මෙම මුදල වාරික 10 කදී ගෙවන ලද බව හෙළිදරව් වූ බව පෙන්වා දුන් වීරවංශ මහතා ඉතා වැදගත් කරුණක් මතු කළේය.
මෙම ගෙවීම වාර 10 කින් සිදු කර ඇති අතර, ඉන් වාර 7ක්ම ගෙවා ඇත්තේ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතාගේ පාලනය යටතේ “ණය කළමනාකරණය” මහ බැංකු වගකීමක්ව පැවති සමයේදී බව වීරවංශ මහතා අනාවරණය කළේය. ඉතිරි වාර 3 පමණක් මුදල් අමාත්‍යාංශය යටතේ ගෙවා ඇත.
මෙම වංචාව හෙළිදරව් වීමත් සමඟම මහ බැංකු අධිපතිවරයා තමන් ස්ථිර පදිංචිය හිමි ඕස්ට්‍රේලියාව බලා පිටව ගොස් ඇති බවත්, මංකොල්ලකන ලද මුදල් බැර වී ඇත්තේද ඕස්ට්‍රේලියානු ගිණුමකට වීම අහම්බයක් විය නොහැකි බවත් ඔහු පැවසීය. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාද ඕස්ට්‍රේලියාවේ පදිංචිකරුවෙකු බව පවසන වීරවංශ මහතා, මෙහි සියලු නූල් සූත්තර ඇදී යන්නේ ඕස්ට්‍රේලියාව දෙසට බව පෙන්වා දුන්නේය.
“දැන් බලන්න... පාර්ලිමෙන්තු මුදල් කාරක සභාවේදී අනාවරණය වෙනවා ඉතා වැදගත් කරුණක්. ඒ තමයි මේ ඩොලර්මි මිලියන් 2.5ක මුදල එකපාර ගෙවලා නැහැ. වාර 10ක් ගෙවලා. වාර දහයෙන් හතක් ගෙවලා තියෙන්නේ මහ බැංකුව යටතේ මේ ණය ගෙවීමේ කටයුත්ත තියෙන වෙලාවේ. වාර හතක් ගෙවලා තියෙන්නේ මහ බැංකුවේ අධිපති යටතේ ඒ විදේශ ණය කළමනාකරණය පිළිබඳ රාජ්‍ය වගකීම තිබෙන වෙලාවේ. 2024 මගේ මතකය අනුව නොවැම්බර් මාසේ විතර, දෙසැම්බර් මාසේන් විතර පස්සේ තමයි ඒ වගකීම අලුත් පණතකින්, රාජ්‍ය ණය කළමනාකරන පනතෙන් මුදල් අමාත්‍යංශය යටතේ වන ණය කළමනාකරණ කාර්යාලය කියන එකට පැවැරෙන්නේ.”
මහා භාණ්ඩාගාරයේ වංචාවට අමතරව, NDB බැංකුව හරහා රුපියල් බිලියන 13.2ක (ඩොලර් මිලියන 13.5ක් පමණ) මුදලක් කාලයක් තිස්සේ සූක්ෂම ලෙස රටෙන් පිටකර ඇති බව වීරවංශ මහතා හෙළි කළේය. වාර 2640කදී වරකට මිලියන 5 බැගින් “සෙෆ්ටස්” (Seftus) හෝ ක්‍රිප්ටෝ මුදල් හරහා මෙම මුදල් බැංකු පද්ධතියෙන් බැහැර වී ඇති බව ඔහු සඳහන් කළේය.
මහ බැංකුව සතු මූල්‍ය බුද්ධි ඒකකය (FIU) මෙවැනි ගනුදෙනු පිළිබඳව "රතු කොඩි" (Red Flags) එසවිය යුතු වුවත්, ඇමරිකාවේ සහ ලෝක බැංකුවේ තාක්ෂණික සහාය මත ක්‍රියාත්මක වන එම නවීන පද්ධතිය මෙම මහා පරිමාණ හොරකම හඳුනා නොගැනීම පුදුමයට කරුණක් බව ඔහු පැවසීය. මෙය මහ බැංකු අධිපතිවරයා සහ අදාළ නිලධාරීන්ගේ හිතාමතා කළ මග හැරීමක් බවට ඔහු චෝදනා කළේය.
වත්මන් පාලනය දූෂණය නතර කරන බව පවසමින් බලයට පැමිණියද, අද සිදු වන්නේ දෛනික ජීවිතයට බලපාන සහල්, බෙහෙත් සහ ණය වාරිකවලින් පවා හොරා කෑම බව වීරවංශ මහතා පැවසීය. අහිංසක රාජ්‍ය නිලධාරීන් බිල්ලට දෙන, නරබිලි දෙන මෙම "තක්කඩි" පාලනය වහාම නතර කළ යුතු බවත්, අතිරේක අධ්‍යක්ෂවරයාගේ මරණයට සෘජුවම වගකිව යුතු මුදල් අමාත්‍යවරයා (ජනාධිපති), මුදල් ලේකම් සහ මහ බැංකු අධිපති වහාම සිය ධුරවලින් ඉල්ලා අස්විය යුතු බවත් ඔහු අවධාරණය කළේය. රාජ්‍ය නිලධාරීන්ගේ ලේ තැවරුණු දෑත් ඇති මෙම පාලකයින්ට තවදුරටත් ජනතාවගේ මුදල් පරිහරණය කිරීමට සදාචාරාත්මක අයිතියක් නොමැති බව පවසමින් වීරවංශ මහතා සිය දේශනය අවසන් කළේය.
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවේ සම්පූර්ණ පිටපත පහත දැක්වේ.
“සුභ උදෑසනක් මාධ්‍යවේදී ඔබ සියලුදෙනාට. අද එකිනෙක බැඳුණු ප්‍රධාන කරුණු දෙකක් ඔබ හමුවේ තැබීම සඳහායි මේ මාධ්‍ය සාකච්ඡාව කැඳවුණු ලැබුවේ. පළවෙනි කරුණ තමයි ආන්දෝලනයට ලක්වී තිබෙන, මුදල් අමාත්‍යංශයට ප්‍රධාන වශයෙන් චෝදනා එල්ල කෙරුණු ඩොලර් මිලියන 2.5ක විශාල මුදලක් (රුපියල් කෝටි 80කට වැඩි මුදලක්) ඕස්ට්‍රේලියානු ගිණුමකට, ණයකරුවෙක් කියලා සැක කරමින්, ණයකරුවෙක් හැටියට හඳුනා ගනිමින්, ව්‍යාජ ගිණුමකට මුදල් දැමීම පිළිබඳ ආන්දෝලනාත්මක ප්‍රශ්නය.
දැන් මේ ප්‍රශ්නයත් එක්ක බැඳිලා සිද්ධ වෙච්ච ඉතාම කේදජනක සිදුවීමක් වුණා. ඒ තමයි මුදල් අමාත්‍යංශය යටතේ සේවය කරන ණය කළමනා කරන කාර්යාලයේ සේවය කරන අතිරේක අධ්‍යක්ෂකවරයෙකු වූ රංග රාජපක්ෂ නැමති ඒ රාජ්‍ය නිලධාරයා ජීවිතක්ෂයට පත්වීම. ආණ්ඩුවේ මහත්තුරු කියනවා ඒක සියදිවි නසා ගැනීමක් කියලා. ඒ වගේම තවත් පාර්ශ්වයන් ඒක ඝාතනයක් කියන සැකයත් මතු කරනවා.
ඒ කියන්නේ ආණ්ඩුව පාර්ශවයෙන් කියන්නේ ඒ පුද්ගලයා, ඒ අතිරේක අධ්‍යක්ෂකවරයා කිසියම් හේතුවක් මත තමන්ගේ වත්තේ කෙළවරකට ගිහිල්ලා පිහියක් අරගෙන දකුණු අතේ තියෙන පිහියෙන් වම් මතේ බල නහරෙයි, වම් කකුලේ ඔක්කොම නහර ටිකයි කපාගෙන සියදිවි නසාගෙන තිබෙනවා කියන එක තමයි අපිට මේ ඒත්තු ගන්න, පිළිගන්න කියලා කියන්නේ.
ඉතින් ඒ මහත්තුරු කියනවා නම් අපි ඒත්තු ගන්නම් ඉතින් වෙන කරන්න දෙයක් නෑහැ. හැබැයි... කෙනෙකුට ඒ විදිහට තමන්ගේ නහර ඒ විදියට අතෙයි කකුල් දෙකේයි කපාගෙන එහෙම මැරෙන්න සියදිවි නසාගන්න ඕනද? සියදිවි නසාගන්න ඕන වුණත් කෙනෙකුට ඊට වඩා ලේසි ක්‍රම නැද්ද? මෙහෙම ක්‍රම සියදිවි නසාගන්න අය බහුලව පාවිච්චි කරලා තියෙනවද? මේ වගේ කල්පනා කරාම අපේ ඔලුව උළුක් වෙනවා. ඒ නිසා ඒවා ගැන අපි කල්පනා කරන්න මේ අවස්ථාවේදී ඔබව පොළඹවන්නේ නැහැ.
කොහොමත් ඔහු ජීවිතයට පත්වෙලා තියෙනවා. සියදිවි හාණි කර ගැනීමෙන් හෝ මරා දැමීමෙන්. ඇයි එහෙම වුණේ? දැන් මේ වෙච්ච ඩොලර් මිලියන් 2.5ක මේ පට්ට හොරකම නිසා වැඩ තහනම් කළ යුතුව තිබුණේ, ගුවන් ගමන් බලපත්‍ර අධිකරණය භාරයට ගත යුතුව තිබුනේ මේ අතිරේක අධ්‍යක්ෂකලගෙද? දැන් මේ විදියේ ගෙවීමක් කරලා තියෙන එක වැරදි නම්. ඒ වැරදි ගෙවීම මේ අතිරේක අධ්‍යක්ෂට කරන්න පුළුවන් ගෙවීමක්ද? අතිරේක අධ්‍යක්ෂ කෙනෙකුට තනියෙන් තීරණය කරලා තනියෙන් ගෙවන්න තියෙන බලය මොකක්ද?
අනිවාර්යයෙන්ම මුදල් අමාත්‍යංශ ලේකම්ගේ අනුමතියෙන් තොරව අතිරේක අධ්‍යක්ෂක වරෙයෙකුට කවදාක්වත් බැ මේවැනි ගෙවීමක් කරන්න. එතකොට දැන් මුදල් අමාත්‍යංශ ලේකම්වරයා කිසීම අපල උපද්‍රවයකින් තොරව ඒ පුටුවේ ඒ විදිහටම වාඩි වෙලා ඉන්නවා. මේ අහිංසක අතිරේක අධ්‍යක්ෂලා තුන් හතර දෙනෙක්ගේ පිටින් ඒ මිනිස්සුන්ගේ කීර්තිනාමය අභාවයට යවලා, ඉතාමත්ම හොඳින් රාජ්‍ය සේවය කරපු නිරධාරියෙක් බව පැහැදිලිව අනාවරණය වෙලා තියෙනවා. ඒ අයව පීඩාවට පත් කරලා, හොරු බවට පත් කරලා ඒ ඔක්කොම අනුමැතිය දීලා ඒ සියලු පාපතර ක්‍රියාවන්වලට බලය දීපු මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඉන්නවා. තවදුරටත් ඒ පුටුවේ, පාර්ලිමේන්තුවටත් පාට් දදා.
මුලින් කිව්වා පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවට එන්න බැහැ කියලා. ඊට පස්සේ අපි දන්නවා කිසියම් තානාපති කාර්ලයක් මැදිහත් වෙලා තමයි අද ඔය හවස් වරුවේ එන එක පිළියල කළේ විරුද්ධ පක්ෂයේ උදවියවත් සීතල කරලා. ඕගොල්ලෝ දකින්න නැති මුදල් කාර්ක සභාව ඉවර වෙලා එන විපක්ෂයේ මන්ත්‍රීවරු, ඒකේ සභාපති ඇතුළු ඇවිල්ලා එළියට ඇවිල්ලා ප්‍රකාශය දෙන්න මොනතරම් තටමනවද... ඒ හොරකමේ තියෙන බර අඩු කරන්න කොයිතරම් උත්සාහ කරනවද. මුදල් අමාත්‍යාංශයේ ලේකම් ගැන වචනයක්වත් නොකියා ඉන්න කොයිතරම් පරිස්සම් වෙනවද. දෙපැත්තම හීලෑ කරලා යැව්වේ. ඒ එන්නේ නෑ කියපු මිනිහ හවස ආවේ ඒකට. ඒ අනුව ඒ මුදල් අමාත්‍යංස ලේකම්ගේ පුටුවට කිසි අවධානමක් නෑහැ අනතුරක් නෑහැ. අතිරේක අධ්‍යක්ෂක කෙනෙකුට මෙහෙම මුදලක් ගෙවන්න බලයක් නෑහැ. ඔහු ඒක කරනවා නම් කරන්නේ ඔහුට ඉහල නිලධාරීන් දෙෙනාගේ අනුමැතියෙන් පසුව.
එතකොට වැඩ තහනම් කරන්න ඕනේ ඒ අනුමතිය දීපු මිනිස්සුන්ගේද, ඒ වැඩේ කරා කියලා කියන මේ මනුස්සයාගෙන්ද... මෙන්න මේ කරපු ඉතාම දුෂ්ට ඉතාම අමානුෂික ක්‍රියාව නිසා තමයි ඒ රාජ්‍ය සේවකයා, ඒ නිලධාරයා සියදිවි හානි කරගත්තා නම් හානි කරගත්තේ. ඒ මහා හොරකම පිළිබඳ ඇත්ත ඔහුගෙන් අනාරණය වෙන එක වළක්වාගන්න තමයි මරා දැමුවා නම් මරා දැම්මේ. ඔය දෙකෙන් එකයිනේ පුළුවන්. ආණ්ඩුව කියනවනේ සියදිවි හානි කරගත්තා කියලා. සියදිවි හාණි කරගත්තා වුණත් ඒකත් මරා දැමීමක් හා සමානයි. ඇයි?
වග කිව යුතු නැති නිලධාරියෙක්ව වැඩහනම් කරලා, චෝදනාවට ලක් කරලා වැඩහනම් කරලා, දෙන්න තියෙන පීඩාව උපරිමෙන් දීලා නොමර මරලා. එතකොට ඉතින් සිය දිවි නාසා ගනී කියලා හිතෙන්නත් පුළුවන්. රහස් එහෙම්මම වැළලීයයි කියලා හිතෙන්න පුළුවන්. කවුද උඩින් අනුබල දුන්නේ කියලා කියන එක “කියන්න කෙනෙක්” නැති වෙන්න පුළුවන්. ඒ නිසා මේක කොයි විදිහට වුණත් මේක මිනී මැරුමක්.
ඔහු සිදිවි නසාගත්තත් නැත්නම් බාහිර පුද්ගලයෙක් ඇවිල්ලා සැලසුම් සහගතව මරා දැමුවත් කොහොම වුණත් මේ ආණ්ඩුවේ මුදල් අමාත්‍යාංශ ලේකමුයි මුදල් ඇමතියි වග කියන්න ඕන මිනිරුමක් හැටියටයි අපි මේක දකින්නේ. මේක තමයි මේ ආණ්ඩුව යටතේ රාජ්‍ය නිලධාරීන්ට ලැබෙන ලොතරැයිය. ලැබෙන ලොතරැයි තෑග්ග. ඒ රංග රාජපක්ෂ කියන අතිරේඛ අධ්‍යක්ෂක වරයා ඔහුගේ මරණයෙන් පෙන්නලා දෙනවා, මේ රටේ රාජ්‍ය නිලධාරීන්ට, මේ තක්කඩි ආණ්ඩුව කරන හොරකම්වලට අතවත් තියන්න එපා. අන්තිමට ඔබට තමයි මැරෙන්න හෝ මැරුම් කන්න හෝ වෙන්නේ. ඒක තමයි රාජ්‍ය නිලධාරියන්ට මේ ආණ්ඩුව දීලා තියෙන පණිවිඩේ.
මේගොල්ලෝ ගෙනාපු පුනරුද්ධේ අහිංසක රාජ්‍ය නිලධාරයන් බිල්ලට ගන්න පුණුරුදයක් බවට පත්වෙලා තියෙනවා. 76 වසරක සාපයකදිවත් බාහිර පාර්ශ්වයකට ගෙවන ණය වෙන පාර්ශවලට ගෙවලා නෑ. 76 වසරක සාපයකදිවත් මේවා වෙලා නෑ. ඒ කාලේ වෙච්ච හොරකන් නවත්තන්න ඇවිල්ලා ඒ කාලේ නොවිච්ච විදිය හොරකම් කරනවා මේ ආණ්ඩුව. අඩුගානේ “චණ්ඩි රජා” මුදල් ඇමති වේදිකාවල ගිහිල්ලා ලොරි ටෝක් දෙනවා. තමන් යටතේ ඉන්න මුදල් අමාත්‍යාංශ ලේකම්ට ඉල්ලාඅස් වෙන්න කියලා කියන්න කොන්ද පණ නැහැ. කකුල් දෙක වෙවුලනවා. ඇයි දන්නවනේ පැටිකිරිය එළියට එනවා කියලා.
ඒ නිසා මේ මේක මේ කරන්නේ මේ රාජ්‍ය නිලධාරයා මරා දැමීමක්. කොයි විදිහට මැරුණත්. ඒ විතරක් නෙවෙයි. ඒ විතරක් නෙවෙයි. දැන් මේක ඒ පුද්ගලයා මගින් අනාරණය කරගන්න තිබිච්ච විශාල තොරතුරු සාක්ෂි ප්‍රමාණයක් මේ නිසා අනාවරණය කරගන්න බැරි වෙනවා. “නියම හොරකම කරපු මිනිස්සුන්ට” මේකෙන් ආරක්ෂාවක් රැකවරණයක් ලැබෙනවා. මේ මරණය කොයි විදිහට වුණත්. අනිත් එක තමයි ඒ නිසා මේගොල්ලෝ මුල ඉඳන්ම කරලා තියෙන්නේ චෝදනාවක් ආවම දෙවන තෙවන පෙළ නිලධාරීන් බිල්ලට දීපු එක.
හරිණි අමරසූරියගේ අධ්‍යාපන අමාත්‍යංශයේ හය වසරේ දරුවන්ට දීපු “මොඩියුලේ කුණුහරප වෙබ් අඩවි” දැම්මා. අන්තිමට අර පහළ ඉන්න නිලධාරී තුන් හතර දෙනෙක්ගේ වැඩනම් කරා. දැන් සමහර විට ආය වැඩ දීලත් ඇති. ඉතින් ඒ මිනිස්සුන්ගේ ගෙදරට යනකොට ඒ අයගේ දරුවෝ අහනවා... තාත්තේ අම්මේ... ඕගොල්ලෝ ද අර කුණුහරප වෙබ් අඩවි දැම්මේ කියලා. ඒ තමයි රාජ්‍ය නිලධාරීන්ට මේගොල්ලා දුන්න තෑග්ග. ඒ විදිහට තමයි. ඒ විදිහටම තමයි මෙතනත් මේක කළේ. ඒ විදිහටම තමයි මෙතනත් මේක කළේ.
දැන් බලන්න... පාර්ලිමෙන්තු මුදල් කාරක සභාවේදී අනාවරණය වෙනවා ඉතා වැදගත් කරුණක්. ඒ තමයි මේ ඩොලර්මි මිලියන් 2.5ක මුදල එකපාර ගෙවලා නැහැ. වාර 10ක් ගෙවලා. වාර දහයෙන් හතක් ගෙවලා තියෙන්නේ මහ බැංකුව යටතේ මේ ණය ගෙවීමේ කටයුත්ත තියෙන වෙලාවේ. වාර හතක් ගෙවලා තියෙන්නේ මහ බැංකුවේ අධිපති යටතේ ඒ විදේශ ණය කළමනාකරණය පිළිබඳ රාජ්‍ය වගකීම තිබෙන වෙලාවේ. 2024 මගේ මතකය අනුව නොවැම්බර් මාසේ විතර, දෙසැම්බර් මාසේන් විතර පස්සේ තමයි ඒ වගකීම අලුත් පණතකින්, රාජ්‍ය ණය කළමනාකරන පනතෙන් මුදල් අමාත්‍යංශය යටතේ වන ණය කළමනාකරණ කාර්යාලය කියන එකට පැවැරෙන්නේ.
එතකොට ඊට පෙර හත්වතාවක්... “වාර හතක්” මේ මුදල් කොටස් වශයෙන් ඔය කියන හොර ගිණුමට බැර කරලා තියෙන්නේ මහ බැංකුව. ඕස්ට්‍රේලියාවේ හොර ගිණුමට මේ මුදල් බැර කරලා තියෙන්නේ නන්දලාගේ වගකීම සහිතව. නන්දලා වීරසිංගේ වගකීම සහිතව. කෝ නන්දලාල් මේකට වගකීම අරන් තාවකාලිකෝ හරි ඉල්ලා අස්වුණාද පරීක්ෂණයට ඉඩ දෙන්න. කෝ මහා බැංකුවේ දෙවෙනි පෙළ කවුරුවරුවත් වැඩ තහනම් කරාද...
දෙයිහාමුදුරුවනේ හත් වතාවක් වාර ගෙවපු නන්දලාටත් කිසි ප්‍රශ්නයක් නැහැ. මහ බැංකුවේ කාටවත් කිසි ප්‍රශ්නයක් නැහැ. තුන්වතාවක් ගෙව්වා එකේ වගකීම මුදල්අමාත්‍යාංශයේ ලේකම්ට ප්‍රශ්නෙකුත් නැහැ. අර අතිරේක අධ්‍යක්ෂට චෝදනාව පැටෙව්වා. ඉතින් ඒ මිනිස්සුට සියදිවි නසාගන්න හිතෙන්නේ නැද්ද? පට්ට හොරා පුටුවේ වාඩි වෙලා සැපට ඉන්දැද්දී හොරකමේ චෝදනාව ඒ මිනිස්සුන්ගේ ඇඟේ දැම්මම මැරෙන්න හිතෙන්නේ නැද්ද?
ඒ මිනිස්සුන් ගාව තියෙන තොරතුරු ටික වැළලුවොත් තමයි උඩ පුටුවේ ඉන්න මිනිහා රැකෙන්නේ කියලා පේනකොට මරන්න හිතෙන්නේ නැද්ද? ඒ නිසා මෙතන පැහැදිලිව පේනවා “වාර හතක්” මේ මුදල් ගෙවලා තියෙන්නේ මහ බැංකු අධිපති යටතේ. දැන් මහ බැංකු අධිපති කෝ? මේක අනාවරණය වුණා විතරයි නන්දලා රට පැන්නා. කොහෙටද පැන්නේ?
නන්දලාල් කියන්නේ ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිකරුවෙක්. ඔහුගේ පවුලේ සාමාජිකයන් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. ඔහු රාජකාරී කටයුත්තකට නෙවෙයි රටින් එළියට ගියේ. මේ චෝදනාව අනාවරණය වුණා. අනාවරණය වෙච්ච ගමන් නන්දලාල් වහම රටින් පැන්නා. එතකොට තාමත් මම දන්න තරමෙන් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. අනික මේ හොර ගිණුම තියෙන්නෙත් ඕස්ට්‍රේලියාවේ. නන්දලාල් පැනල යන්නෙත් ඕස්ට්‍රේලියාවට. නන්දලාල් පදිංචිත් ඕස්ට්‍රේලියාවේ.
හර්ශණ සූරියප්පෙරුම කියන මුදල් අමාත්‍යාංශ ලේකම් බිමල් රත්නායකට අනුව “ආර්ථික අර්භුදයෙන් රට බේරාගත් මහා වීරයා” බිලියනර් බිමල්ට අනුව, බිලියනපති බිමල්ට අනුව, දුප්පත්කම දැකලවත් නැති දැනිලවත් නැති බිමල්ට අනුව,
මේ හර්ශණ... එයත් ඕස්ට්‍රේලියේ පදිංචිකාරයෙක්. නන්දලාලුත් ඕස්ට්‍රේලියාවේ පදිංචිකාරයෙක්. සල්ලි යන්නෙත් ඕස්ට්‍රේලියාවේ හොරගිණුමකට. චෝදනාව ආපු ගමන් නන්දලාල් පැනලා දුවන්නෙත් ඕස්ට්‍රේලියාවට. තාම ඉන්නේත් ඕස්ට්‍රේලියාවේ. එතකොට කවුද මේ හොරකමේ උඩ ඉන්නේ? ඒ නිසා බරපතල සැකයක් මතු වෙනවා. සුළුපටු සැකයක් නෙවෙයි. ඉතාම බරපතල සැකයක් මතු වෙනවා.
මේක ඕස්ට්‍රේලියාවේ හොර ගිණුමක්. නන්දලාල් ස්ථිර පදිංචිකාරයෙක් ඕස්ට්‍රේලියාවේ. මුදල් අමාත්‍යයන්ස ලේකම් හර්ශණ ස්ථිර පදිංචිකරුවෙක් ඕස්ට්‍රේලියාවේ. හොරගිණුම තියෙන්නෙත් ඕස්ට්‍රේලියාවේ. නන්දලාල් පැනලා යන්නෙත් ඕස්ට්‍රේලියාවට. මේගොල්ලෝ මේ දැනම හිතා මතාම... ජනාධිපති අනුර දිසානායක කිව්වේ “මහා භාණ්ඩාගාරයේ සල්ලි සාංඝික දේපල වගේ” රැකගන්නවයි කියලා. සාංඝික දේපල නෙමෙයි දැන් පන්සලේ පින් කැටෙත් කඩාගෙන කනවා මේ තක්කඩි රැල. ඒ තරමට පහත් තත්වයකට පත්වෙලා තියෙනවා.
දැන් කලින් පාලකයන්ට තිබුනේ “මෙගා ප්‍රොජෙක්ට්වලින්” හොරා කනවා කියලා චෝදනාව. “හයිවේ” හැදුවම 10% කිව්වා. “නෙළුම් කුළුණ” හැදුවම 10% කිව්වා. “සූර්යවැව ක්‍රීඩාංගනය” හැදුනම 10% කිව්වා. ඕවා තමයි ඒ ගොල්ලට තිබ්බා චෝදනා. “හම්බන්තොට වරාය” හැදුවම 10% කිව්වා. “පෝට් සිටිය” හැදුවම අර ප්‍රසන්ට් මේ ප්‍රසන්ට් කිව්වා. ඒවා තමයි ඒ ගොල්ලොන්ට තිබ්බ චෝදනා.
මේගොල්ලොන්ගේ “මෙගා ප්‍රොජෙක්ට්ස්” නෑ. මේගොල්ලොන්ගේ තියෙන්නේ ගෙවන ණයෙන් හොරකම් කරනවා. ගල්අගුරෙන් හොර හොරකම් කරනවා. බෙහෙත් ටිකෙන් හොරකම් කරනවා. හාල් ටිකෙන් හොරකම් කරනවා. මිනිස්සුන්ගේ දෛනික ජීවිතයට සෘජුව බලපාන දේවල්වලින් හොරකම් කරනවා. ඒ තමයි කෂඩහොරු. මේ තමයි කෂඩහොරු. වේදිකාවට නැගලා මහ ලොකුවට කයිය දුන්නට මේ ප්‍රශ්නේ වගකීම ගන්න කියලා මුදල් අමාත්‍යංස ලේකම්ටයි මහා බැංකු අධිපතිටයි කියන්න. කොන්ද පණ නැති මුදල් ඇමතිවරයෙක් අද මේ රටේ මුදල් ඇමති හැටියට කටයුතු කරන්නේ.
ඉතින් ඒ නිසා මේකේ නන්දලාල් වීරසිංහටයි හර්ෂණටයි මේ මහා හොරකමේ වගකීමෙන් පැනලා යන්න බෑ. ඒගොල්ලෝ මේ මේ වගකීම ගන්න ඕනා. ඒගොල්ලෝ වගකීම නොගත්තු හින්ද තමයි මේ පුංචි මිනිස්සු, අතිරේඛ අධ්‍යක්ෂකට ජීවිතය අහිමි වෙලා තියෙන්නේ. ඒ ඒ මිනිස්සුන්ට ජීවිතයෙන් වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ. රාජ්‍ය නිලධාරීන්ට මෙහෙම ඉරණමක් මේ රටේ කිසිම ආණ්ඩුවක් දීලා නැහැ. රාජ්‍ය නිලධාරීන්ට මේ විදියේ අමානුෂික මරණීය අවධානමක් අවමානයක් මේ රටේ කිසිම ආණ්ඩුවක් මේ මේ මුළු කාලය ඇතුළුත දීලා නෑහැ. අපි මේ රටේ රාජ්‍ය සේවකයෝ පෝලිමේ ගිහිල්ලා, තැපැල් චන්ද දීලා “ලබාගත්තු පුනරුදේ” අද ඔවුන්ටම වන්දිගෙවන්න වෙලා තියෙන, “ජීවිතයෙන් වන්දි ගෙවන්න” වෙලා තියෙන පුනරුදයක් බවට පත් වෙනවා.
අනිත් කරුණ තමයි මහ බැංකුවේ අධිපති වග කියන්න ඕනේ අනිත් කරුණ මේ. දැන් ඩොලර් මිලියන්ද 2.5 ක් වාර 10ක් ගෙවලා තියෙනවා. හත්වෙනි වාරිකයක් දක්වා ගෙවලා තියෙන්නේ මහ බැංකුව. වාර තුනක් ගෙවලා තියෙන්නේ මුදල් අමාත්‍යාංශය. එතකොට මෙහෙමනේ... දැන් හත්වෙනි වාරයක් මහ බැංකුව අධිපතිගේ අනුමතිය ඇතුව ගෙව්වා නම්, ට්‍රෙෂරි එකට තියෙන්නේ ඉතුරු වාර තුන ගෙවන්නනේ. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් නන්දලාල් වගේ කෙනෙක් අනුමත කරලා ගෙවන එකක් ආයි මේක “ඩබල් චෙක් කරන්න” දෙයක් නෑහැයි කියලා. එහෙම එහෙම හිතෙන්නත් පුළුවන්.
එහෙම හිතිලා කියලා එහෙම කරන්න බැහැ. තමන්ගේ යටතට වගකීම එනකොට ගෙවන එකා ගැන ගෙවන කෙනා නැවත හොයන්න ඕන. නමුත් ඒකේ බරපතල වග උත්තරකාරයෙක් නන්දලාල් වීරසිංහ. ඒකයි මෙතන තේරුම් ගන්න තියෙන අනික් කාරණය. අනිත් එක බලන්න අපේ රටේ රාජ්‍ය බැංකුවක කවදාකවත් නොවිච්ච දෙයක් වුණා නේ එන්. ඩී. ඩී. (NDD) බැංකුවේ.
මිනිස්සුන්ගේ ගිණුම්වල සල්ලි බිලියන 13.5ක්. ඒ කියන්නේ රුපියල් බිලියන වලින් ගත්තොත් හයකට වැඩි මුදලක්. කාලයක් තිස්සේ කොටස් කොටස් වශයෙන් හොරකම් කරලා තියෙනවනේ. රටෙන් එළියට ඇදලා තියෙනවනේ. දැන් මේක කරන්න පුළුවන්ද? දැන් මහ බැංකුවේ තියෙනවනේ “මූල්‍ය බුද්ධි ඒකකයක්”. ඒ මුල්‍ය බුද්ධි ඒකකය ඉතාම ඉතාම දියුණු නවීන තාක්ෂණයෙන් අනූන, ඕනම රාජ්‍ය හෝ පෞද්ගලික බැංකුවක සිදු කෙරෙන ඕනම ගණුදෙනුවක් නිසි ලෙස විමර්ශනය කරන, ඒ වගේම ගණුදෙනු රටාව ගැන අධ්‍යයනය කරන, ඒ වගේම විශ්ලේෂණය කරන, ගනුදෙනු රටාවේ යම්කිසි සැකයක් තිබ්බොත් වාර්තාකරණය කරන, ඒ හැකියාව සහිත බුද්ධි මුල්‍ය බුද්ධි පද්ධතියක් මහ බැංකුව සතුව තියෙනවා.
එතකොට ඒ මූල්‍ය බුද්ධි පද්ධතියෙන් ගනුදෙනුව සිදු කරන පුද්ගලයා කවුද? බැංකුව මොකක්ද? ඒ ගණුදුනුව සිදුවෙන කාල සීමාව මොකක්ද? මුදල් ප්‍රමාණය කොච්චරද? සහ ඒ ගණුදෙනුවේ රටාව කොහොමද? ඒ ඔක්කොම පිළිබඳව බරපතල අධීක්ෂණයක් කරනවා. ඒ වගේම වාර්තාකරණයක් කරනවා. සාමාන්‍යයෙන් පුනරාවර්තනයන් පවා ඒක නිවැරදිව හඳුනගන්න ඕන.
ඒ මූල්‍ය බුද්ධි පද්ධතිය ඕනම බැංකුවක සිද්ධ වෙනවා. මහ බැංකුවේ යටතේ ලියා පදිංචි ඕනම බැංකුවක සිද්ධ වෙනවා. යම් සැක කටයුතු රටාවක් ඒ මූල්‍ය බුද්ධි පද්ධතියට නිරීක්ෂණය වුනොත්... මොකද මේක හැදුවේ මුල්‍ය අරමුදලේ ලෝක බැංකුවේ සහයෝගය අරගෙන පසුකාලීනව ඇමෙරිකා එක්සත් ජන පදයත් මේකට තමන්ගේ තාක්ෂණික සහයෝගය ලබලා දුන්නා මේ මූල්‍ය බුද්ධි පද්ධතිය හදන්න.
එතකොට ඒ මූල්‍ය බුද්ධි පද්ධතියට පුළුවන් යම් සැක කටයුතු රටාවක් තියෙනවා නම් කිසියම් බැංකු ගණුදනුවක ඒක නිරීක්ෂණය කරන්න. ඒ සැක කටයුතු ගනුදනුව ගැන වාර්තා කරන්න පුළුවන්. ඒ වගේම ඒ සැක කටයුතු ගණුදෙනුවක් හැටියට හඳුනගෙන, ඒකේ කියනවා “රෙඩ් ප්ලැග්” රතු කොඩිය ඇඟවීම කරන්න පුළුවන්.
එහෙම සාමාන්‍යයෙන් ඔබ දන්නවා ඕනෑම සම්පකාර බැංකුවක වුණත් ඔබ දන්නවා මේ රුපියල් ලක්ෂ 9 ක් වගේ මුදලක් අරගෙන තව ගිණුම්කට දානකොට සාමාන්‍යයෙන් අහනවා මොකද ඒ කියලා. මොකද බැංකූ බැඳිලා ඉන්නවා තමන්ගේ සියලු මූල්‍ය කටයුතුව අධීක්ෂණය කරන ඒ මූල්‍ය බුද්ධි පද්ධතියට මහ බැංකැකුවට නිතරම පිළිතුරු සපයන්න.
ඉතින් එතකොට මෙහෙම “රතු කොඩි වලින්, රතු කොඩි එසවීමෙන්” අනතුරු ඇඟෙව්වම, සැක කටයුතු රටාවක් නිරීක්ෂණය කරාම “මූල්‍ය බුද්ධි ඒකකයේ” අධ්‍යක්ෂක මහත්මිය, ඒ වගේම සහකාර අධිපති සහ මහා බැංකුව අධිපති යන තුන්දෙනා වහාම මේක ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙලා අදාල බැංකුවේ ඒ ගිණුමේ කටයුතු තාවකාලිකව නතර කරන්න උපදෙස් දෙනවා. ඊට පස්සේ පරීක්ෂණයක් කරලා බලනවා. ප්‍රශ්නයක් නැත්නම් නැවත ඒ ගණුදෙනුවලට ඉඩ හරිනවා. මහ බැංකුවේ අධීක්ෂණය කියලා කියන්නේ මේක. මෙන්න මේක. දැන් දැන් මේ මේ වගකීම ඉටුවුනාද?
අපි දන්නවා එන්. ඩී. ඩී. (NDD) බැංකුවේ රුපියල් මිලියන 13 200ක මුදල වරකට ගිහිල්ලා තියෙනවා මිලියන 5 බැගින්. වරකට ගිහිල්ලා තියෙනවා මිලියන 5 බැගින්. මිලියන පහ මැගින් වරකට ගිහිලා තියෙනවා රටින් එළියට, අපි කියනවා “සෙෆ්ටස්” කියලා ක්‍රමයක්. ඒ හරහා රටෙන් එළියට මුදල් ගිහිල්ලා තියෙනවා. “ක්‍රිප්ටෝ කරන්සි” හැටියට හරි ඒ විදිහට. එතකොට මිලියන 5 බැගින් රුපියල් මිලියන 13 200ක් මිලියන පහේ වාර බැගින් යන්න නම් දළ වශයෙන් වාර 2640 ක් මේක සිද්ධ වෙන්න ඕනේ. වාර 2640ක් මිලියන පහ බැගින් විදේශ විනිමය බවට පත්වෙලා රටෙන් බැංකු පද්ධතියෙන් එළියට යනකොට මහා බැංකුවේ තියෙන මූල්‍ය බුද්ධි පද්ධතිය “රතුකොඩිය” එසෙව්වේ නැද්ද? අනතුරු ඇගෙව්වේ නැද්ද? ඒ රටාවේ තියෙන අනතුර නිරීක්ෂණය කළේ නැද්ද? මුල්‍ය අධ්‍යක්ෂික ඒ මුල්‍ය බුද්ධිය ඒකකේ අධ්‍යක්ෂිකාව දැනගත්තේ නැද්ද..? එයයි නන්දලාළලුයි මේක ගැන වහාම පියවර ගත්තේ නැද්ද? ඇයි යන්න දුන්නේ?
වැටත් නියරත් ගොයම් කන තත්ත්වයක් දැන් උදා වෙලා තියෙන්නේ. මහා බැංකු අධිපති නොදැන එන්. ඩී. ඩී. (NDD) එකේ ඒ මුදල් ප්‍රමාණය, රුපියල් මිලියන 13 200ක මුදල, මේ රටේ මහජනයගේ ගිණුම් වල තිබිච්ච සල්ලි. ඒ විදියට රටෙන් ගෙනියන්න බෑ. අර මූල්‍ය බුද්ධි පද්ධතියෙන් ඒ අනතුරු ඇඟීම වහාම කරනවා. එහෙමනම් මූල්‍ය බුද්ධි පද්ධතිය අනතුරු අඟවනවා. නෑ ගණන් ගන්න ඕනේ නෑහැ කියලා ඉන්නවා. රටේ ඔක්කොම සල්ලි ටික රටෙන් එළියට යනවා.
දැන් නන්දලාල් රට පනින්න ඕනේ නැද්ද? නන්දලාල්ට දැන් බයක් චකිතයක් ඇති වෙන එක වළක්වන්න පුළුවන්ද? ඒ නිසා මේ මහා එතන එන්. ඩී. ඩී. (NDD) බැංකුවෙන් අපේ රටේ සල්ලි රුපියල් මිලියන 13 200ක් හොරකම් කරා. ඕස්ට්‍රේලියාවේ වෙන ගිණුමකට මහා භාණ්ඩාගාරයේ සල්ලි ඩොලර් මිලියන් 2.5ක් හොරකම් කරා. මේ හොරු ටික තාම උඩපුටුවල වැජබෙනවා. පහළ පුටුවල මිනිස්සු එක්කෝ සිය දිවි නසාගන්නවා. නැත්නම් මැරුම් කනවා.
මෙන්න ආණ්ඩුව දීලා තියෙන, මේ රටේ යහපත් රාජ්‍ය පාලනයක ස්වභාවයක් බවට අද මේක පත්වෙලා තියෙනවා. ඒ නිසා අපි මේ රටේ පොදු ජනතාවගෙන් ඉතා බැගෑපත්ව ඉල්ලනවා. කවුරු හරි වැරදිලා හරි හිතාගෙන හිටිය නම් මේ හදලා තියෙන්නේ “හොරා නොකන ආණ්ඩුවක්” කියලා. මේක හොරා කනවා විතරක් නෙමෙයි. මේක හොරා කන්නේ පන්සලේ පින් කැටෙන් කඩලා හොරා කන ආණ්ඩුවක්. ඒ මට්ටමට පහත් විදියට හොරා කන ආණ්ඩුවක්. හොරා කනවා විතරක් නෙවෙයි. හොරා කන චෝදනාවක් ආවම, අනේ අහිංසක රාජ්‍ය නිලධාරීන්ගේ වැඩහනම් කරලා, ජීවිතය බිල්ලට දෙන ආණ්ඩුවක්, නරබිලි දෙන ආණ්ඩුවක් බවට පත්වෙලා තියෙනවා.
ඒ ජීවිතක්ෂයට පත්වෙච්ච රංග රාජපක්ෂ කියන, ඒ යහපත් රාජ්‍ය නිලධාරියාගේ මරණය වගකීම, ඒ ජීවිතයේ තැවැරුණු ලේ.... ඒ ලේ තැවරිලා තියෙන්නේ මුදල් ඇමතිගෙයි, මහ බැංකු අධිපතිගෙයි, මුදල් අමාත්‍යාංශ ලේකම්ගේයි අත්වල. ඒ ගොල්ලන්ගේ අත්වල තමයි ඒ අහිංසක රාජ්‍ය නිල්ධාරියාගේ ලේ තැවිරිලා තියෙන්නේ.
ඒ නිසා ලේ තැවැරුන මුදල් ඇමති, ලේ තැවරුණු මහ බැංකු අධිපති, ලේ තැවරුණු මුදල් අමාත්‍යාංශයේ ලේකම් තවදුරටත් මේ රටේ සල්ලි හොරා කන්නේ නැතුව ඔය තනතුරු අතහැරලා යන්න. මේ රටේ රාජ්‍ය නිලධාරන්ව, ඔවුන්ගේ ජීවිත නරබිලි බවට පත් කරගන්නේ නැතුව. මේ කාරණා දෙක තමයි අපිට ඔබට අවධානයට යොමු කරන්න තියෙන්නේ."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..
සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..
භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා
ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්
ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්
හුදෙකලා සිද්ධීන් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
අනුර මේ ගෙනියන්නේ අහිංසකයන්ගේ ලේ උරා බොමින් ගජමිතුරන්ට “රෝල්ස් රොයිස්” පුදන නරුම පාලනයක්.. - විමල් වීරවංශ