News Category
From Date
To Date
Maximum Number of Result

මාලිමාවෙන් එවන සම්බන්ධීකාරකයන්ට ප්‍රා. ලේකම්ලාගෙන් විරෝධය..

May 2, 2026 at 03:56 PM
|

ක්ලීන් ශ්‍රී ලංකා සම්බන්ධීකාරකවරුන් ලෙස දේශපාලන නියෝජිතයන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට පත් කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායකට ලිඛිතව දැනුම් දී තිබේ.

ජනාධිපති කාර්යාලය නම් කර ඇති මෙම පුද්ගලයන්ට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පුටුවක්, මේසයක් ඇතුළු භෞතික පහසුකම් ලබා දීමට නොහැකි බව ද එමගින් අවධාරණය කර ඇත.

දේශපාලන පක්ෂයක නියෝජිතයෙකු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක තබාගෙන අවංක මහජන සේවයක් ලබා දිය නොහැකි බව පවසන ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය රාජ්‍ය සේවයේ ස්වාධීනත්වයට බලපෑමක් නොකර මෙම තීරණය ඉවත් කර ගන්නා ලෙසට ජනාධිපති කාර්යාලයෙන් ඉල්ලා ඇත.

මීට පෙර ආණ්ඩු කාලවලදී ද දේශපාලන නියෝජිතයන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට පත්කිරීමට ගනු ලැබූ උත්සාහයන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මගින් අඩපණ කළ බවත් වත්මන් ආණ්ඩුව යටතේ ද රාජ්‍ය නිලධාරීන්ට බලපෑම් එල්ල කළහොත් වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවත් ප්‍රාදේශීය ලේකම්වරු කියා සිටිති.

ක්ලීන් ශ්‍රී ලංකා සම්බන්ධීකාරකවරුන්ගේ ලිපි ලේඛන ඇතුළු රාජකාරී වෙනුවෙන් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍ර තුළ ප්‍රමාණවත් ඉඩ පහසුකම් හා කාර්යාල උපකරණ සහිත කාර්යාල කාමරයක් ලබා දෙන ලෙසට ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක සියලු ම පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට හා දිස්ත්‍රික් ලේකම්වරුන්ට මාර්තු මාසයේදී දැනුම් දී තිබිණි.

මෙම සම්බන්ධීකාරකවරුන්ගේ ලිපි ලේඛන පවත්වාගෙන යෑමට කළමනාකරණ සේවා නිලධාරියෙක් හෝ සංවර්ධන නිලධාරියෙක් අනුයුක්ත කරන ලෙස ද එමගින් අවධාරණය කර ඇත.

ජනාධිපති කාර්යාලයේ තීරණයට විරෝධය පළ කරන ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය ආණ්ඩුවේ දේශපාලන නියෝජිතයන්ට කාර්යාල පහසුකම් ලබා දෙන ලෙසටත් ඔවුන්ගේ සහායට රජයේ නිලධාරීන් යොදවන ලෙසටත් ප්‍රාදේශීය ලේකම්වරුන්ට දේශපාලනඥයන්ගෙන් බලපෑම් එල්ල වී ඇතැයි කියා සිටී.

ජනාධිපති කාර්යාලය නම් කර ඇති පුද්ගලයන්ට ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුළ පුටු, මේස ඇතුළු භෞතික පහසුකම් සපයන ලෙසත් ඒ සම්බන්ධයෙන් නිලධාරියකු අනුයුක්ත කර පහසුකම් සොයා බලන ලෙසත් දන්වා තිබීම හේතුවෙන් ප්‍රායෝගික ගැටලු රැසකට මුහුණ දී ඇතැයි එහි සභාපති ආර්.සෙන්තිල් පැවසීය.

දේශපාලන පක්ෂයක නියෝජිතයෙකු තබා ගැනීමෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල ව්‍යුහය පිළිබඳ සමාජ පිළිගැනීම බිඳ වැටෙන බවත්, එම කාර්යාල නිර්දේශ පාලන, ස්වාධීන ආයතනයක් ලෙස පවත්වාගෙන යෑමට නොහැකි වන බවත් සභාපතිවරයා පෙන්වා දෙයි.

පළාත්, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් ක්ලීන් ශ්‍රී ලංකා සම්බන්ධීකාරකවරුන් පත්කිරීම මැයෙන් ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක මාර්තු 20 වන දා පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට හා දිස්ත්‍රික් ලේකම්වරුන්ට යොමු කළ ලිපියට අනුව පළාත් සම්බන්ධීකාරවරු 09ක්, දිස්ත්‍රික් සම්බන්ධීකාරවරු 25ක් හා ප්‍රාදේශීය සම්බන්ධීකාරවරු 341ක් පත් කර තිබේ.

- Mawbima

සම්බන්ධිත පුවත් | Related News

ශ්‍රී ලංකාවේ සමස්ත ජාතික ප්‍රතිපත්ති රාමුව වඩාත් පැහැදිලි මාවතකට අවතීර්ණ කරමින්, වෙළඳ හා ආයෝජන කටයුතු කඩිනම් කිරීම සඳහා වන ආර්ථික ප්‍රතිසංස්කරණ රැසක් මේ වසර අවසන් වීමට පෙර ක්‍රියාත්මක කරන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පැවැසීය.
හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේ මහතා තමන් රඳවා සිටින බන්ධනාගාරය තුළ තමන්ට එල්ල වන දැඩි පීඩනයන්ට සහ අසාධාරණයන්ට එරෙහිව මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
බෙදුම්වාදීන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුවත් විපක්ෂයත් බරපතළ ලෙස මානසික බාධක පනවාගෙන සිටින බවත්, එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තයන් සැමරීම ඔවුන් විසින් කිසිඳු බාධාවකින් තොරව පාර්ලිමේන්තුව තුළ දී පවා සිදුකරමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ඩෙංගු ශීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ රෝහල්වල ඩෙංගු රෝගීන්ගේ ධාරිතාව ඉක්මවායමින් ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ.
පසුගියදා විශේෂ අවශ්‍යතා සහිත වැඩිහිටියන් ඇතුළු පිරිසක් රැඳී සිටි හොරණ බටගොඩ සෙනෙහසේ කැදැල්ල වැඩිහිටි නිවාසයේ ගින්නට හසුව මියගිය සංඛ්‍යාව 13ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය තවදුරටත් උත්සන්න කරමින් ඉරානය විසින් සිය අසල්වැසි රටවල් වන කුවේටය සහ බහරේනය ඉලක්ක කර බැලස්ටික් මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කර ඇත.
වැරදි විදිහට කටයුතු කරන මූල්‍ය ආයතන රට තුළ තිබේ නම් මහ බැංකුව ඊට නීතිමය පියවර ගතයුතු බවත්, එසේ නොමැතිව දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් පමණක් ඒවාට එරෙහිව කටයුතු කළ නොහැකි බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.
තමන් උතුරු මැද පළාතේ මහ ඇමති ධුරය සඳහා තරග වදිමින් දේශපාලනයට අවතීර්ණ වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ පුවත සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවත්, සක්‍රීය දේශපාලනයට පිවිසීමේ කිසිදු සූදානමක් තමන් තුළ නොමැති බවත් හිටපු යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අවධාරණය කරයි.
පුනර්ජනනීය බලශක්ති උපදේශකයින් වසර ගණනාවක සිට පැවසූ දේ සත්‍යයක් කරමින් ඕස්ට්‍රේලියාවේ විදුලි මිල පහත වැටී තිබේ.

ප්‍රධාන පුවත්

ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

බෙදුම්වාදීන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුවත් විපක්ෂයත් බරපතළ ලෙස මානසික බාධක පනවාගෙන සිටින බවත්, එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තයන් සැමරීම ඔවුන් විසින් කිසිඳු බාධාවකින් තොරව පාර්ලිමේන්තුව තුළ දී පවා සිදුකරමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!

දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ (අවි දැරූ/නොදැරූ) සහ ඉන්දියාවේ වුවමනාවට 80 දශකයේදී ලංකාවේ ස්ථාපිත කළ පළාත් සභා ක්‍රමය පිළිබඳව නැවතත් විමසා බැලිය යුතුය.

මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..

වැරදි විදිහට කටයුතු කරන මූල්‍ය ආයතන රට තුළ තිබේ නම් මහ බැංකුව ඊට නීතිමය පියවර ගතයුතු බවත්, එසේ නොමැතිව දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් පමණක් ඒවාට එරෙහිව කටයුතු කළ නොහැකි බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය

රටවල් කිහිපයක් ඉලක්ක කරගනිමින් ශ්‍රම සාධක මත පදනම් වූ නව තීරුබදු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. මෙරටින් යවන අපනයන භාණ්ඩ සඳහා ද සියයට 12.5 ක බද්දක් මෙයට ඇතුළත් වන අතර, මෙම තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය සිය කනස්සල්ල පළ කර සිටියි.

මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට

සිදත්ත තිලකසිරි හෙවත් "සුදා" නමැති කුප්‍රකට අන්වර්ථ නාමයෙන් හඳුන්වන යූටියුබ් කරුවකුට එරෙහිව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ලිඛිතව පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?

ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු ආචාර්ය විනෝද් සුරනා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ.

චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) ද පෙන්වා දෙන ආකාරයට මාර්ගගත වංචා මධ්‍යස්ථාන අග්නිදිග ආසියාවේ සිට අනෙකුත් කලාප වෙත ව්‍යාප්ත වෙමින් පවතින බවයි. එලෙසම අපරාධ ජාල මිනිස් ජාවාරම් සමඟ වඩාත් සංකීර්ණ ලෙස සම්බන්ධ වෙමින් ඇති බවද එම නිවේදනය පවසයි.එලෙසම චීන ජාතිකයන් මෙම අපරාධවල ප්‍රධාන ගොදුරු කණ්ඩායම් අතර සිටින බවද තහවුරු වී තිබෙන බවද එම නිවේදනය මගින් පවසයි.

සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..

දකුණේ සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගනිමින් වර්ග සංහාරයක් සිදුකර ඇති බවත්, එය ආරම්භ වූයේ උතුරට එරෙහිව නොව දකුණට එරෙහිව බවත් ජීවනිත පීරිස් පියතුමා පවසයි.

භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්

මහා භාණ්ඩාගාරයේ සිදුවූ අපකීර්තිමත්ම මංකොල්ලය ඩො.මි. 2.5 ක මුදල තුන්වන පාර්ශවයක් අතට පත්වීම පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ 2025 වාර්ෂික වාර්තාවේ කිසිදු සදහනක් නොවේ යයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා

රට තුළ අවශ්‍ය තරම් සහල් සහ වී සංචිත පවතිද්දී නැවත සහල් ආනයනය කිරීමට කටයුතු කළහොත්, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ පාරිභෝගික කටයුතු අමාත්‍ය වසන්ත සමරසිංහට ගමට එන්න ඉඩ නොතබන බවට ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් අනතුරු අඟවයි.

ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්

'ජනපති අනුර කුමාර දිසානායක මැතිතුමා හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ. 2026 ජනවාරි 1 දාට භාණ්ඩාගාරයේ මුදල් ශේෂය රු.මිලියන 915 යි. 2024 දෙසැ. 31 වෙනිදා වන විට රු.බිලියන 805 ක් භාණ්ඩාගාරයේ මුදල් ශේෂය තිබුණා. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ගෙදර යවන කොට බිලියන 800 ක් තිබුණා. මේ ආණ්ඩුවේ පළමු අවුරුද්ද තුල භාණ්ඩාගාරයේ මුදල් ශේෂය වැඩිවුනේ රුපියල් බිලියන 110 කින් විතරයි' යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්

අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක හටගත් ගින්නෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.

ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්

පාස්කු ප්‍රහාරය විමර්ශන වලදී ISIS ත්‍රස්තයන් පිටුපස නොයා ගෝඨාභය සහ සුරේෂ් සලේ පිටුපස යාමෙන් පෙනෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව මෙම පාස්කු ප්‍රහාරය ගෝඨාභයගේ පිට දැමීමට දරණ නින්දිත උත්සාහයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි.

හුදෙකලා සිද්ධීන් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

හුදෙකලා සිද්ධීන් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.

අනු‍ර මේ ගෙනියන්නේ අහිංසකයන්ගේ ලේ උරා බොමින් ගජමිතුරන්ට “රෝල්ස් රොයිස්” පුදන නරුම පාලනයක්.. - විමල් වීරවංශ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසි ඉදිරියේ දණ නමා, කිසිදු හෘද සාක්ෂියක් නොමැතිව රටේ පොදු ජනතාව මත බර පිට බර පටවමින්, පහළ පන්තියේ මිනිසාගේ ලේ උරා බොන ඉතාම නරුම සහ දුෂ්ට පාලනයක් වත්මන් රජය විසින් ගෙන යමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ජනාධිපතිවරයාට හා රජයට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් ප්‍රකාශ කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.