මාලිමා ආණ්ඩුව ඉතා කෙටි කාලයකදී මෙරට විශාලතම දූෂණ සිදුකරලා.. ආණ්ඩුවට තවදුරටත් අදූෂිත බව ගැන කතා කරන්න බෑ - දිලිත් ජයවීර
වැඩ කරන ජනතාව සමරන මැයි දිනය මෙවර සැමරීමට සිදුව ඇත්තේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සේවය කළ නිලධාරියෙකු අභිරහස් ලෙස මියගිය ඛේදජනක පසුබිමක බවත්, ඩොලර් මිලියන දෙකහමාරක් හොර ගිණුමකට දමා ගෙන එය හැකර්වරයෙකු පිටින් යැවීමට ආණ්ඩුව උත්සාහ කරන විට එය හෙළිකළ රාජ්‍ය නිලධාරියාගේ අභිරහස් මරණය සිදුවෙද්දි මැයි දිනය සැමරීම ඉතාම උත්ප්‍රාසජනක බවත් සර්වජන බලය නායක, පාර්ලිිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.
දිලිත් ජයවීර මහතා මේ බව ප්‍රකාශ කළේ සර්වජන බලය මැයි දින රැලියට එකතු වෙමිනි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ දේශපාලනයට තවදුරටත් අනාගතයක් නොමැති බවත්, වත්මන් ආණ්ඩුව ඉතා කෙටි කාලයක් තුළ මෙරට විශාලතම දූෂණ සිදුකර ඇති බැවින් ඔවුන්ට තවදුරටත් අදූෂිත බවක් ගැන කතා කළ නොහැකි බවත් ඔහු අවධාරණය කළේය.
මාලිමාණ්ඩුව බලය ලබාගත්තේ වැඩකරන ජනතාවගේ පඩිය මාස හයෙන් හයට වැඩි කරමින් ඔවුන්ට සුඛෝපභෝගී ජීවිතයක් ලබා දී නිර්ධන පන්තිය ජයග්‍රහණය කරවන බවට පොරොන්දු වෙමින් වුවද මෙම නිලධාරියාගේ මරණය දක්වා රටේ වෘත්තීය සමිති ව්‍යාපාරයට එළව එළවා පහර දුන් බවටද දිලිත් ජයවීර මහතා චෝදනා කරයි.
ජේ.ආර්. ජයවර්ධන පවා වැඩ කරන ජනතාවට විරුද්ධව මෙවැනි පහත් තැනකට ගොස් රාජ්‍ය බලය අවභාවිත නොකළ බවටත් මැයි දින රැලි සඳහා රාජ්‍ය බලය උපරිමයෙන් භාවිත කරමින් සියලු කුප්ප වැඩ කළ බවටත් ඔහු චෝදනා කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි