අභිරහස් ලෙස මියගිය නිලධාරියා භාණ්ඩාගාර කොල්ලයේ පළමු පැමිණිලිකරුයි.. වැඩ තහනමට ලක්වූ තවත් නිලධාරියෙක් දැඩි පීඩනයක... - රජිත් කීර්ති තෙන්නකෝන් හෙළිකරයි
භාණ්ඩාගාර මුදල් වංචාව සම්බන්ධයෙන් විධිමත් විමර්ශන නිලධාරීන්ට පළමු පැමිණිල්ල ඉදිරිපත් කළ, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයකු වූ රංග නිශාන්ත මහතාගේ මරණය අතිශය අභිරහස් බවත්, ඒ සම්බන්ධයෙන් භාණ්ඩාගාර ලේකම්වරයා වගකිව යුතු බවත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.
හිරු රූපවාහිනී නාලිකාවේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා අවධාරණය කළේ, මෙම මංකොල්ලය සම්බන්ධ ඊමේල් පණිවිඩය කියවා ඒ පිළිබඳව ඉහළ නිලධාරීන් දැනුවත් කරමින් විමර්ශන සඳහා මුල් වූයේ මියගිය රංග නිශාන්ත මහතා බවයි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන ඔහු, ඉතා අවංක සහ හොරකම් නොකරන නිලධාරියෙකු ලෙස ඔහුගේ සමීපතමයින් හඳුන්වන බවද තෙන්නකෝන් මහතා මෙහිදී සඳහන් කළේය,.
මෙම සිදුවීමෙන් පසු පත් කළ කමිටු වාර්තාව මගින් අදාළ නිලධාරීන් හතර දෙනෙකුට අභ්‍යන්තර ස්ථාන මාරුවීම් ලබා දීමට නිර්දේශ කර තිබුණද, භාණ්ඩාගාරය විසින් එම නිර්දේශ පසෙකලා ඔවුන්ගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇති බව හෙළි විය.
සාමාන්‍ය රාජ්‍ය පරිපාලන රෙගුලාසි හා ස්වභාවික යුක්ති ධර්මය අනුව මූලික විමර්ශනයක් පැවැත්වීමකින් තොරව මෙලෙස වැඩ තහනම් කිරීම බරපතළ ගැටලුවක් බව තෙන්නකෝන් මහතා පෙන්වා දෙයි.
අදාළ නිලධාරීන්ට තමන්ගේ පාර්ශවය ඉදිරිපත් කිරීමට හෝ අවස්ථාවක් ලබා නොදී ඔවුන් සේවයෙන් ඉවත් කර ඇති බවත්, ඉන් අනතුරුව ඔවුන් දැඩි මානසික පීඩනයකට ලක්ව සිටි බවත් ඔහු ප්‍රකාශ කළේය.
මියගිය රංග නිශාන්ත මහතා මෙන්ම මේ වන විට වැඩ තහනමට ලක්ව සිටින තවත් එක් නිලධාරියෙකු මෙ හා සමානම දැඩි මානසික පීඩනයකින් පසුවන බවට තොරතුරු ලැබී ඇතැයි හිටපු ආණ්ඩුකාරවරයා අනතුරු ඇඟවීය. කටවචනයට නියෝග දෙන ලේකම්වරුන් යටතේ රාජ්‍ය නිලධාරීන් අසරණ නොවිය යුතු බවත්, රංග නිශාන්තගේ අභිරහස් මරණයට වගකීම භාණ්ඩාගාර ලේකම්වරයා භාරගත යුතු බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි