ඛනිජතෙල් ප්‍රශ්නයේ දී ආණ්ඩුව වගේම විපක්ෂයත් අමෙරිකාව සහ ඉන්දියාව දෙස බලාගෙන තමයි කතා කරන්නේ - ජාතික සංවිධානවලින් චෝදනා..
රුසියාවෙන් ඛනිජ තෙල් මිලදී නොගැනීම පිළිබඳව ආණ්ඩුවට චෝදනා කරමින් ජාතික සංවිධාන විසින් ජනාධිපතිවරයාට යොමුකළ ලිපියකට 'ද අයිලන්ඩ්' පුවත්පත විශාල ප්‍රචාරයක් ලබාදී තිබුන ද ඊට අදාළ විපක්ෂයේ භූමිකාව සාකච්ඡාවට ලක් නොවීම පිළිබඳව ලංකා ලීඩර් විසින් අදාළ ලිපියට අත්සන් තැබූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් විමසන ලදී.
මේ ඔහුගේ අදහස් ඔහුගේ වචනයෙන්,
"රුසියාවෙන් සහන මිලට ලබාදෙන ඛනිජ තෙල් මිලදී ගැනීමට ආණ්ඩුවට ධෛර්යයක් නොතිබීම නිසා රටේ ආර්ථික අර්බුදය තවදුරටත් උග්‍රවන අතර මහජනයා මත පැටවෙන බර වැඩි වෙනවා. ඒක ආණ්ඩුවට පාරා වලල්ලක් වෙනවා. ඒත් ආණ්ඩුව ඒ අනතුර අරගෙන ඉන්දියාවට සහ අමෙරිකාවට යටත් වෙලා කටයුතු කරනවා. වැඩි මිලට තෙල් අරගෙන ගසාකෑම සඳහා යම් පිරිස්වල උවමනාවක් ඊට හේතුවන බවට සැකයක් නෑ. නමුත් ප්‍රධාන ප්‍රශ්නය ආණ්ඩුව ඉන්දියාවේ සහ ඇමරිකාවේ පදයට නටන රූකඩයක් ලෙස කටයුතු කිරීමයි.
එහිදී විපක්ෂ නායකවරයා ප්‍රමුඛ සෙසු විපක්ෂ බලවේග සියල්ල දූෂණ වංචා පිළිබඳව ආණ්ඩුවට චෝදනා කළද රුසියාවෙන් ඛනිජ තෙල් මිලදී නොගැනීම මගින් මහජනයා පීඩාවට පත්කිරීම පිළිබඳව කතාකරන්නේ නැහැ. ඔවුන් ප්‍රශ්න කරන්නේ නැහැ. ආණ්ඩුවට අභියෝග කරන්නේ නැහැ, සහන මිලට ලැබෙන තෙල් ප්‍රතික්ෂේප කරන්නේ කුමක් නිසාදැයි රටට කියන ලෙස. ඔවුන් කතා කරන්නෙත් අමෙරිකානු සහ ඉන්දියානු තානාපතිවරුන්ගේ මුහුණ දෙස බලාගෙන නිවටයින් ලෙසයි."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා