මුදල් කාරක සභාවට ගවේෂණාත්මක හෝ පර්යේෂණ සිදු කිරීමේ අයිතියක් නෑ.. - චතුරංග අබේසිංහ
රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) යනු ගවේෂණාත්මක හෝ පර්යේෂණ සිදු කිරීමේ අයිතියක් ඇති කමිටුවක් නොවන බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා අවධාරණය කරයි.
පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සාමාජිකයෙකු ලෙස මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙම කාරක සභාව ස්ථාපිත කර ඇත්තේ රජයේ ආදායම් සහ වියදම් පිළිබඳව සොයා බලන අධීක්ෂණ කමිටුවක් ලෙස බවයි.
රජයේ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන අනපනත් පිළිබඳ විශ්ලේෂණයක් කර, ඒ පිළිබඳ අවබෝධයක් පාර්ලිමේන්තුවට ලබා දීම එහි ප්‍රමුඛතම වගකීම බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වැරදි ගිණුමකට බැර වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කරුණු විමසීමට භාණ්ඩාගාර ලේකම්වරයා ඇතුළු කණ්ඩායම කැඳවීමට කමිටුව තීරණය කර තිබුණි.
මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා කාරක සභාවට පැමිණීම ප්‍රතික්ෂේප කළ බවට පළ වූ වාර්තා අසත්‍ය බවත්, ඔහු එදින සහභාගී වීමට නොහැකි බවත් ඉදිරි දිනයක පැමිණෙන බවත් දැනුම් දී තිබූ බව අබේසිංහ මහතා පැහැදිලි කළේය.
මුදල් කාරක සභාවේ තීරණ සැමවිටම කමිටුවක් ලෙස සාමූහිකව ඉදිරිපත් විය යුතු බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, සභාපතිවරයා විසින් ඇතැම් අවස්ථාවල සිදු කරන ප්‍රකාශ කමිටුවේ පොදු එකඟතාවයෙන් තොර ඒවා බව ද පවසා සිටියේය.
මෙම ක්‍රියාවලිය දේශපාලන කාරණාවක් කර ගැනීමට අවශ්‍යතාවයක් නොමැති බවත්, බදු එකතු කිරීම සහ මුදල් භාවිතය පිළිබඳ විමසීමේ අයිතිය කමිටුවට පවතින නමුත් එය ගවේෂණාත්මක විමර්ශනයක් නොවන බවත් ඔහු නැවතත් අවධාරණය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි