භාණ්ඩාගාර වංචාව හිතුවට වඩා දරුණු හොරකමක්.. ගෙවීම් දහයක් කරලා..
රජයේ භාණ්ඩාගාරයට අයත් ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීම සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවලදී අතිශය බරපතළ තොරතුරු රැසක් අනාවරණය වී ඇතැයි රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කැඳවා පැය තුනකට අධික කාලයක් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ මෙම තොරතුරු අනාවරණය වී තිබේ.
එහිදී හෙළි වී ඇති වැදගත්ම කරුණක් වන්නේ පසුගිය නොවැම්බර් මාසය සහ ජනවාරි මාසය අතර කාලය තුළ කිසිදු සොයා බැලීමකින් හෝ විමර්ශනයකින් තොරව අවස්ථා 10කදී මෙම මුදල් ප්‍රශ්නගත ගිණුමට බැර කර ඇති බවයි.
මෙම ගෙවීම් දහයෙන් එකක්වත් අදාළ පාර්ශවයට ලැබී නොමැති බවත්, ඒ සියල්ල වංචාවකට ලක්ව ඇති බවත් රජය සෘජුවම දැනගෙන ඇත්තේ මාර්තු මාසයේදීය.
මෙම ගෙවීම් සම්බන්ධයෙන් මුලින්ම "රතු කොඩි" එසවී ඇත්තේ ජනවාරි මාසයේදී වුවද, ඉන් පසුවද ක්‍රියාමාර්ග ගැනීමේ ප්‍රමුඛතාවය පිළිබඳ ගැටලු මතු වී තිබේ.
විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවෙන් දැනුම් දෙන තෙක් මෙම ගෙවීම් අදාළ පාර්ශවයට ලැබී නැති බව මෙරට බලධාරීන් දැන නොසිටීම බරපතළ ගැටලුවක් බව සභාපතිවරයා පෙන්වා දුන්නේය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ හර්ෂ ද සිල්වා මහතා,
"මුදල් ලේකම් මුදල් කාරක සභාවට පැමිණීමට නොහැකි බව ඊයේ (29) දැන්වීමට අපගේ විරෝධය ප්‍රකාශ කිරීමෙන් පසුව අද (30) මුදල් ලේකම්වරයා සහ මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් මුදල් කාරක සභාවට පැමිණියා.
එහිදී අනාවරණය වුණේ මේ ඩොලර් මිලියන 2.5 සම්බන්ධයෙන් දැවැන්ත හොරකමක් සිදුව තිබෙන බවයි. අවස්ථා දහයකදී මෙම ගෙවීම කර තිබෙන බව මෙහිදී වැඩිදුරටත් හෙළිවුණා. මේ සම්බන්ධයෙන් මාසයක් ඇතුළත සවිස්තරාත්මක වාර්තාවක් දෙන්නැයි කාරක සභාව ලෙස අපි නිර්දේශ කළා."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා