ක්‍රිකට් පාලක මණ්ඩලය ජෙරම් යටතට!
ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපයට සිදුව ඇති හානිය මකා ගැනීම සදහා එක් පිළියමක් ලෙස, ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ශම්මි සිල්වා ඇතුලු අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත් කළ යුතුය යන තීරණය ගෙන ඇත්තේ මීට මසකට පමණ පෙරදීය. එම තීරණය ගෙන ඇත්තේ “ප්‍රොපට්” ජෙරම් ප්‍රනාන්දු, ප්‍රමිෂ්කා පෙරේරා, ජනාධිපති අනුර කුමාර දිසානායක, අමාත්‍ය විජිත හේරත් හා අමාත්‍ය නලින්ද ජයතිස්ස යන අය සිදුකරන ලද සාකච්ඡාවකදීය.
කිසිවකුත් දැන නොසිටියද පසුගිය ජනාධිපතිවරණයේදී ජෙරම් ප්‍රනාන්දු හරහා එම ආගමික විශ්වාසය දරණවුන්ගේ ඡන්ද ලබාගැනීම ද ජ.වි.පෙ. කටයුතු කර තිබේ. ප්‍රමිෂ්කා පෙරේරා හරහා මෙම සම්බන්ධතාව ඇති වී තිබේ.
ජනාධිපති වීමෙන් පසුව මසකට දෙපාරක් ඉහත කී පිරිස මුණ ගැසීම සිරිතක් ලෙස සිදු කර තිබේ. මුලදී හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ වන නිවසකදී පිරිස හමුවී ඇත. නමුත් පසුව මෙම මුණ ගැසීම සිදු කරණුයේ “ප්‍රොපට්” ජෙරම්ගේ නිවසකදීය.
මෙම හමුවේදී ශම්මි සිල්වා ඉවත් කිරීම පිළිබදව සාකච්ඡා වී තිබේ. ස.ජ.බ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්නගේ නම යෝජනා වී ඇත්තේද එහිදීය. මෙම වෙනස සිදු කරවා ලැනීම හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන සිය බෝන් අගේන්කරණයට ලක් කර ගැනීම “ප්‍රොපට්” ජෙරම්ගේ අරමුණ වී තිබේ.
කෙසේ වෙතත්, ආණ්ඩුව පිළිබදව පවත්නා බිය මත ශම්මි සිල්වා ඇතුලු කණ්ඩායම පසුබැසීමට තීරණය කරන ලදී. ඒ අනුව ඔවුන් සියලු දෙනාම ඉල්ලා අස් වූ අතර තාවකාලිකව ක්‍රිකට් පරිපාලනය ක්‍රීඩා අමාත්‍යාංශය යටතට පත්කර තිබේ.
icc ය මේ පිළිබදව ගනු ලබන කුමන ස්ථාවරයක් ද යන්න මෙතෙක් ප්‍රකාශයට පත් වී නැත. ශම්මි සිල්වා පාර්ශවය හිතන්නේ මාස කිහිපයක් ඇතුළත නිළවරණයක් පවත්වා නීත්‍යානුකූලව ක්‍රිකට් පරිපාලනය නැවත බාර නොගතහොත් icc ය විසින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අරඹයා දැඩි පියවරක් ගැනීමට ඉඩ තිබෙන බවයි.
පසුගිය කාලය තුළ සිරස රූපවාහිනි නාලිකාව හරහා ක්‍රිකට් පාලක මණ්ඩලය පිළිබද දරුණු විවේචන එල්ල කරන ලද්දේද මෙම සැලසුමේ කොටසක් ලෙසිණි.
අගවිනිසුරු ප්‍රීතිපද්මන් සූරසේනවද ජනාධිපතිවරයා විසින් තමන්ට අවශ්‍ය පරිදී හසුරුවාගත්තේ “ප්‍රොපට්” ජෙරම් හරහාය. මේ අනුව ශ්‍රී ලංකාවේ පාලනය මේ වන විට ජෙරමියානුකරණයට ලක්ව ඇතැයි තතු චත් පිරිස් විශ්වාස කරති.
එරාන් වික්‍රමරත්න යනු පාස්ටවරයෙකි. ශ්‍රී ලංකාවට “බෝර්න් අගේන්” ආගමික දහරාව හදුන්වා දෙනු ලැබුවේද එරාන් වික්‍රමරත්නගේ පියාය. තමන් දිවැසිවරයෙකු (ප්‍රොපට්) ලෙස හදුන්වාගනු ලබන ජෙරම් ප්‍රනාන්දු ද ” බෝර්න් අගේන් ” ආගමිකයකු බවට පත්වුයේ එරාන්ගේ පියාගේ බලපෑම අනුවය. මෙම ආගමික දහරාව නියෝජනය කරන පිරිස දැඩි මූලධර්මවාදීන් ලෙස සැලකේ.
මේ අතර, නව අතුරු පාලක කමිටුවට පත් කර ඇති සාමාජිකයන් අතර බොහෝමයක්, ” බෝර්#න් අගේන් ” ආගමික විශ්වාසය සහිත වූවන් බව පැවසේ. කුමාර් සංගක්කාර, ප්‍රකාෂ් ශාෆ්ටර්, අවන්ති රදැල්ල, චිතාල් ෆිලිප්ස් යනාදීන් ඒ අතර වේ.
– ගතීන්ද්‍ර ජයවර්ධන –
(lankaundergroundnews වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..