පාර්ලිමේන්තු නොපැමිණෙන්නේ නම් ලේකම් සුරියප්පෙරුමට දඩුවම් කළ යුතුයි - ෆ්‍රී ලෝයර්ස් සංවිධානය
මුදල් ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පාර්ලිමේන්තුවට නොපැමිණෙන්නේ නම්, ඔහුට පාර්ලිමේන්තු යාන්ත්‍රණය හරහා දඬුවම් කිරීමට මුදල් කමිටු සභාපති හර්ෂ ද සිල්වාට බලය ඇතැයි ෆ්‍රී ලෝයර්ස් සංවිධානය වෙනුවෙන් හිටපු ආණ්ඩුකාර රංජිත් කිර්ති තෙන්නකෝන් පවසයි.
නිවේදනයක් නිකුත්කරමින් ඔහු මේ පිළිබඳව පවසා සිටී.
මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සුරියප්පෙරුම හෙට දින පාර්ලිමේන්තු මුදල් කමිටුව වෙත නොපැමිණෙන බව ලිඛිතව දන්වා තිබුණත් ඔහු එය ලිඛිත දැනුම්දීමක් මගින් ප්‍රතික්ෂේප කර තිබේ.
පාර්ලිමේන්තුවේ මුදල් කමිටුව පිහිටුවා ඇත්තේ 2022 වසරේ දී සම්මත කරන ලද පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 121 යටතේ බවත් පාර්ලිමේන්තු ස්ථාවර නියෝග කිසියම් අයෙකු විසින් උල්ලංඝණය කරන්නේ නම්, ඒ පිළිබඳව දඩුවම් ලබාදීමට ප්‍රතිපාදන සපයා ඇත්තේ 1953 අංක 21 දරණ පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත යටතේ බවයි රංජිත් කිර්ති තෙන්නකෝන් පවසන්නේ.
ඒ අනුව, මුදල් කමිටුවට ඕනෑම අයෙකු කැඳවීමට සභාපතිවරයාට බලය ඇති අතර, එසේ කැඳවීමකට නොපැමිණෙන්නේ නම්, ඒ සම්බන්ධයෙන් ගත යුතු පියවර හා දඩුවම් බලතල හා වරප්‍රසාද පනතේ 'ආ කොටස ' 1, 2, 3 උපලේඛනයේ ආ කොටසේ වගන්ති යටතේ දක්වා ඇති බවයි ඔහු පවසන්නේ.
එම වරද වලට පාර්ලිමේන්තුව විසින් හෝ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් දඩුවම් කළ යුතු වරදක් බව පවසන හිටපු ආණ්ඩුකාරවරයා මේ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අවුරුදු දෙකක් නොඉක්මවන කාලයකට බන්ධනාගාර ගත කිරීම හෝ දඩයක් නියම කිරීම හෝ දඩය හා බන්ධනාගාර ගත කිරීම යන දඩුවම් දෙකටම යටත් කළ හැකි බවයි පවසා සිටියේ.
ඒ අනුව, හර්ෂ ද සිල්වා සභාපතිවරයා ලෙස මුදල් කමිටුවට පැමිණීමට දැනුම් දී ඇති ඕනෑම අයෙකු එදිනට නොපැමිණෙන්නේ නම් ඔවුන්ට 1953 අංක 21 දරණ පාර්ලිමේන්තු බලපත හා වරප්‍රසාද පනත යටතේ කටයුතු කළ හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
සිය මුදල් ලේකම්වරයා මුදල් කමිටුවට සහභාගි නොකිරීමට තීරණය කිරීමෙන් ආණ්ඩුව දුෂණය, වංචාව, අක්‍රමිකතා විරෝධයේ 'සුජාත භාවය අහිමි කර ගන්නා බවත් , ඉතිහාසයේ කිසිදු රජයක් පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ වගකීම මෙලෙස අභියෝගයට ලක් කර, පාර්ලිමේන්තු කමිටු සතු බලය හෑල්ලුවට ලක් කර නොමැති බවයි හිටපු ආණ්ඩුකාර රංජිත් කිර්ති තෙන්නකෝන් පවසන්නේ.
මුදල් කමිටුව පැමිණීමට දැනුම් දී තිබිය දී යම් අයෙකු නොපැමිණෙන්නේ නම්, කමිටු සභාපතිවරයා තවදුරටත් එම කමිටු සභාපති ධූරය දැරීම/ඉල්ලා අස්වීම හෝ දඬුවම් කිරීම යන තෝරා ගැනීම් දෙකෙන් එකක් සිදු කර පාර්ලිමේන්තුවේ ගෞරවය හා අභිමානය රැකගත යුතුව ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි