පුද්ගලික නිවාස ඉදිරිපිට විරෝධතා කලොත් ඒ වගේ දේවල් වෙනවා..- හර්ෂණගේ අසල්වැසියන්ගේ අසූචි ප‍්‍රහාරය ගැන ටිල්වින් කියන කතාව
මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ නිවස ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ පිරිසකට අසූචි ප්‍රහාරයක් එල්ල වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අදහස් පළ කරයි.
අද පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා අවධාරණය කළේ ඕනෑම පුද්ගලයෙකුගේ නිවසක් ඉදිරිපිටට ගොස් කෑගැසීමට කිසිවෙකුට අයිතියක් නොමැති බවය.
පුද්ගලික නිවාස ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරීමට කිසිදු අයිතියක් නොමැති බවත්, යම් පුද්ගලයෙකු තවකෙකුගේ නිවසක් ඉදිරිපිට කෑගසන විට එම ගම්වල මිනිසුන් ඊට ඉඩ ලබා නොදෙන බවත් ඔහු පැවසීය.
මෙහිදී අදාළ පාර්ශවයන්ගේ දේශපාලන පක්ෂය කුමක් වුවත්, මිනිසුන් එවැනි ක්‍රියාවලට විරෝධය දැක්වීම ස්වභාවික බව ඔහු පෙන්වා දුන්නේය.
රජයේ වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පවතී නම්, ඒ සඳහා අදාළ ආයතන සහ අමාත්‍යාංශ පවතින බවත්, විරෝධතා දැක්විය යුත්තේ එවැනි ස්ථානවල බවත් ඔහු ප්‍රකාශ කළේය.
තම පක්ෂය දහස් ගණන් ජනතාව සමඟ උද්ඝෝෂණ සිදු කළ ද, කිසිවිටෙකත් පුද්ගලික නිවාස ඉදිරිපිටට නොගිය බව ඔහු සිහිපත් කළේය.
සමාජ මාධ්‍ය හරහා මුහුණ පෙන්වමින් ජනප්‍රිය වීමට උත්සාහ කරන පිරිස් මෙවැනි "මන්ද මානසික" ක්‍රියාවල නිරත වන බවට ඔහු චෝදනා කළේය.
දහපහළොස් දෙනෙකු රැගෙන ගොස් මෙවැනි දේ කිරීම තමන්ට කිසිසේත්ම අදාළ නොවන බවද ඔහු පැවසීය.
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් තම පක්ෂයට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කළ ලේකම්වරයා, එවැනි ස්ථානවලට යන පුද්ගලයන් එම අත්දැකීම්වලට මුහුණ දීමට සූදානම් විය යුතු බවත් කියා සිටියේය.
මෙම ප්‍රහාරයෙන් විරෝධතාවයට පැමිණි පුද්ගලයාට සෘජුවම පහරක් වැදී නොමැති බවට තමා දුටු බවද ටිල්වින් සිල්වා මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි