News Category
From Date
To Date
Maximum Number of Result

"චීන ණය උගුල" පිළිබඳ කතාව පදනම් විරහිත ප්‍රබන්ධයක්- භූ-ආර්ථික විද්‍යාව පිළිබඳ කීර්තිමත් ඉරාක-ස්වීඩන් විශාරදයෙකු වන හුසේන් අස්කරි

Apr 29, 2026 at 01:50 PM
|

චීනයේ තීරයක් සහ මාර්ග මුලපිරීම ((Belt and Road Initiative) බටහිර විවරණ මගින් බොහෝ විට වරාය, දුම්රිය මාර්ග සහ මහාමාර්ගවලට ලඝු කරන තත්වයට වඩා බොහෝ සෙයින් අභිලාෂකාමී බව ජාත්‍යන්තර සබඳතා සහ භූ-ආර්ථික විද්‍යාව පිළිබඳ ප්‍රමුඛ ඉරාක-ස්වීඩන් විශාරදයෙකු වන හුසේන් අස්කරි පවසයි.

ඔහුගේ තර්කයට අනුව චීනයේ තීරයක් සහ මාර්ග මුලපිරීමෙහි ඇති හරය තුළ,  "මනුෂ්‍ය වර්ගයා සඳහා බෙදාගත් අනාගතයක් සහිත ප්‍රජාවක්" යන සංකල්පය පවතී. එලෙසම, තීරයක් සහ මාර්ග මුලපිරීම  ආර්ථික සහයෝගීතාවය පමණක් නොව, ශිෂ්ටාචාර අතර සංස්කෘතික හුවමාරුව සහ අන්‍යෝන්‍ය ඉගෙනීම ද ඇතුළත්වන අදහසකි.

"තීරයක් සහ මාර්ගයක් යනු යටිතල පහසුකම් සම්බන්ධයෙන් වන මැදිහත් වීමක් පමණක් නොවේ," අස්කරි බීජිං හි පැවති සමුළුවකට සමගාමීව "21st Century Business Herald" සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් පැවසීය. " තීරයක් සහ මාර්ග මුලපිරීම යනු පුරාණ සේද මාවතේ සැබෑ ආත්මය වන දැනුම බෙදා ගැනීම සහ එකිනෙකාගෙන් ඉගෙනීම පිළිබඳ ශිෂ්ටාචාරවත් බවයි." ඔහු පැවසුවේය.

අස්කරි ස්වීඩනයේ තීරයක් සහ මාර්ග මුලපිරීම ආයතනයේ (BRIX) සම-නිර්මාතෘ සහ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා වන අතර එම මුලපිරීම වෙනුවෙන් පර්යේෂණ කිරීමට සහ ඒ වෙනුවෙන් පෙනී සිටීමට වසර ගණනාවක් ගත කර ඇත.

ඔහු බටහිර ආසියාව සහ අප්‍රිකාවට නව සේද මාවත දිගු කිරීමේ සම කර්තෘ, ජාත්‍යන්තර උපාය මාර්ග සඳහා වූ ගුවැන්ඩොං ආයතනයේ විශේෂ පර්යේෂණ සහකරුවෙකු සහ ෂිලර් ආයතනයේ ආර්ථික උපාය මාර්ග විශ්ලේෂකයෙකි.

අප්‍රේල් 14 වන දින ඔහු චීනයේ රෙන්මින් විශ්ව විද්‍යාලයේ චොංයැං මූල්‍ය අධ්‍යයන ආයතනය විසින් සංවිධානය කරන ලද කලාපීය සහ රාජ්‍යන් අධ්‍යයන සංසදයේ “එක්සත් ජනපද මාලාවේ” 21 වන සැසිය ඇමතීය. “‘ඇමරිකාව පළමුව’ ‘චීනයේ ප්‍රවේශය හමුවෙයි’: චීනය බටහිර ආසියාව සහ අප්‍රිකාව ගැඹුරින් සම්බන්ධ කර ගන්නේ කෙසේද?” යන මාතෘකාව යටතේ ඔහු පැවැත්වූ දේශනය, ලෝකයේ විවිධ කලාපවල තීරයක් සහ මාර්ග මුලපිරීම හි වර්ධනය වන බලපෑම පරීක්ෂා කළේය.

“ණය උගුල” හෙවත් පදනම් විරහිත වෘතාන්තය 

සමුළුවේ විවේක කාලය අතරතුර පැවැති පුළුල් සාකච්ඡාවකදී, චීනය අප්‍රිකාවේ සහ අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින කලාපවල “ණය උගුලක්” නිර්මාණය කරන බවට දිගු කලක් තිස්සේ පැවති බටහිර චෝදනාව අස්කරි තර්කානුකූලව ප්‍රතික්ෂේප කළේය. අප්‍රිකානු රටවල් මුහුණ දෙන ණය ගැටළුවේ සැබෑ මූලාශ්‍රය චීනය සමඟ නොව බටහිර මූල්‍ය ආයතන සමඟ ඇති බව ඔහු තර්කානුකූලව ඔප්පු කළේය.

"සැම්බියාව, කෙන්යාව හෝ පකිස්ථානය වැනි රටවල ණය ව්‍යුහය දෙස බැලුවහොත්, බ්ලැක්රොක්, ඈෂ්මෝර් වැනි බටහිර පෞද්ගලික ණය දෙන්නන් හෝ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ලෝක බැංකුව වැනි බහුපාර්ශ්වික ආයතන සමඟ සසඳන විට චීනයේ කොටස ඉතා කුඩා බව ඔබට පෙනෙනු ඇත," අස්කරි පැහැදිලි කළේය. "ඊනියා 'ණය උගුල' ආඛ්‍යානය කරුණු මත පදනම් නොවේ - එය එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ සමහර හාවඩ් ශාස්ත්‍රඥයින් විසින් නිර්මානය කරන ලද භූ දේශපාලනික කතාවකි."

චීන ණය සාමාන්‍යයෙන් දිගු කාලීන (අවුරුදු 20-25), 2-3% පමණ අඩු පොලී අනුපාත දරන අතර, අනාගත ආදායමක් උපයා ගැනීමට උපකාරී වන ඵලදායී යටිතල පහසුකම් සඳහා ආයෝජනය කරනු ලබන බව ඔහු තවදුරටත් පැවසීය.

ඊට පටහැනිව, බටහිර ණය බොහෝ විට කෙටි කාලීන වන අතර, 6-10% පොලී අනුපාත සහිතව, සහ අයවැය හිඟයන් ආවරණය කිරීමට හෝ පවතින ණය අළුත් කිරීමට නිතර භාවිතා කරනු ලැබේ. එමගින් සැබෑ "හිමබෝල බලපෑමක්" නිර්මාණය කරන බව ඔහු පෙන්වා දුන්නේය. "සැබෑ ණය උගුල"  "චීනයෙන් නොව බටහිර මූල්‍ය පද්ධතියෙන් පැමිණේ" යනුවෙන් අස්කරි අවධාරණය කළේය.

ඇමරිකාවේ පරිහානිය වේගවත් කරන “ඇමරිකාව පළමුව”

එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තිය ව්ශ්ලේශණය කරමින්, අස්කරි තර්ක කළේ මෙම වසරේ නිතර සිදුවන ඇමරිකානු මිලිටරි ක්‍රියාමාර්ග, වෙනිසියුලාවේ සිට මැදපෙරදිග දක්වා, “නිස්සාරණ මැදිහත්වීමක්” ලෙස හැඳින්වූ දෙයට අනුකූල උපාය මාර්ගයක් පිළිබිඹු නොකරන බවයි. එවැනි ප්‍රවේශයක්, ස්ථාවරත්වයක් ලබා දීමට අපහසු බවත්, ඒ වෙනුවට ඇමරිකාවේ සාපේක්ෂ පරිහානිය ඉක්මන් කළ හැකි බවත් ඔහු අවධාරණය කළේය.

සැබෑ දිගුකාලීන ජාතික ශක්තිය, කෙටි කාලීන මිලිටරි හෝ දේශපාලන ලීවරයක් වෙනුවට ආර්ථික ඵලදායිතාව සහ ජීවන තත්වයන් මගින් මනිනු ලබන බව ඔහු තවදුරටත් පෙන්වා දුන්නේය. “මෙම ප්‍රතිපත්ති දිගටම පැවතුනහොත්, ඒවා අස්ථායී ජාත්‍යන්තර පරිසරයක් ඉතිරි කරන අතරම ඇමරිකාවේම සංවර්ධනයේ අත්තිවාරම් ඛාදනය කරනු ඇත.” අස්කරි පැවසීය.

ඔහු සඳහන් කළේ, අධිරාජ්‍යයන් බොහෝ විට අන් අයව ආධිපත්‍යය දැරීමට දීර්ඝ කාලයක් තිස්සේ දරන උත්සාහයන් හරහා තමන්ව දුර්වල කරන බව ඉතිහාසය ඔප්පු කර ඇති බවයි.

මැදපෙරදිග ගැටුම් සාමකාමීව විසඳා ගත යුතු නම්, ගෝලීය දකුණේ රටවල් ක්‍රියාකාරීව ප්‍රවර්ධනය කරන සහ වැළඳ ගැනීමට උනන්දු වන වඩාත් සහයෝගීතා ආදර්ශයක් ලෝකයට දැකගත හැකි බව ඔහු විශ්වාස කරන බව අවධාරණය කළේය.

ශිෂ්ටාචාර සංවාදය සඳහා වාහනයක් ලෙස තීරයක් සහ මාර්ග මුලපිරීම

දේශනයේදී, අස්කරිගේ කේන්ද්‍රීය අරමුණ වූයේ තීරයක් සහ මාර්ග මුලපිරීම සෑම විටම පටු යටිතල පහසුකම් ඉලක්ක ඉක්මවා ගොස් ඇති බවත්, එහි ගැඹුරු අරමුණ වන්නේ මනුෂ්‍යත්වය සඳහා බෙදාගත් අනාගතයක රාමුව යටතේ ශිෂ්ටාචාර අතර අන්‍යෝන්‍ය ඉගෙනීම පෝෂණය කිරීම බව තහවුරු කිරීමටය.

ඔහු පෙන්වා දුන්නේ,පුරාණ සේද මාවත, කිසි විටෙකත් ප්‍රධාන වශයෙන් සේද සම්බන්ධයෙන් නොවන බවත් එය මහාද්වීප හරහා අදහස්, තාක්ෂණයන් සහ සංස්කෘතීන් තිරසාර ලෙස හුවමාරු කර ගැනීම සම්බන්ධයෙන් වන බවත්ය.

බොහෝ ශිෂ්ටාචාරවල නැගීම සහ වැටීම ඓතිහාසිකව ප්‍රචණ්ඩ ගැටුම් සහ අතිමහත් මානව පිරිවැය මගින් සලකුණු කර ඇති අතර, චීනයේ අඛණ්ඩ ශිෂ්ටාචාරය වෙනස් ආකෘතියක් ඉදිරිපත් කරන බව ඔහු පෙන්වා දුන්නේය.

අස්කරි පෙන්වා දුන්නේ, ඉතිහාසයේ පළමු වතාවට, ලෝකයට අව්‍යාජ "ශිෂ්ටාචාර අතර සංවාදයක්" සාක්ෂාත් කර ගැනීමට අවස්ථාවක් උදාවී ඇති බවයි. එනම්, ජාතීන් සහ සංස්කෘතීන් එකම ඓතිහාසික කාල පරිච්ඡේදයක් තුළ සමාන කොන්දේසි යටතේ සම්බන්ධ වන අවස්ථාවක් බවයි.

සම්බන්ධිත පුවත් | Related News

දක්ෂිණාංශික නීතිඥවරයෙකු වන අබෙලාර්ඩෝ ඩි ලා එස්ප්‍රියෙල්ලා කොලොම්බියාවේ නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී තිබේ.
ඉරානයේ උත්තරීතර නායකයාගේ සෞඛ්‍ය තත්ත්වය දැඩි ලෙස අසාධ්‍ය වී ඇති බවත්, ඔහු ඕනෑම මොහොතක ජීවිතක්ෂයට පත්වීමේ අවදානමක් පවතින බවත් ඉරාන ජනාධිපති මස්ඌද් පෙසෙෂ්කියෑන් (Masoud Pezeshkian) ප්‍රකාශ කර තිබේ.
සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.
ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.
2024 අගෝස්තු මාසයේදී දැවැන්ත විරෝධතා හමුවේ බලයෙන් පහවී ඉන්දියාවට පලා ගිය බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂීක් හසීනා (Sheikh Hasina), රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිවැරදි මාවත යළි ස්ථාපිත කිරීම සඳහා එළඹෙන දෙසැම්බර් මාසයේදී බංගලාදේශයට නැවත පැමිණීමට තීරණය කර ඇති බව ප්‍රකාශ කර තිබේ.
ජපානය මෑතකදී නිකුත් කරන ලද “Defense of Japan 2026” නවතම ආරක්ෂක ධවල පත්‍රිකාවේ සඳහන් කරුණු දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින් චීන ජාතික ආරක්ෂක අමාත්‍යාංශය සිය විරෝධය පළ කර තිබේ.
හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සඳහා වන එකඟතාවක් අද හෝ හෙට ඇතිවනු ඇතැයි අමෙරිකා එක්සත් ජනපදයේ ඉහළ පෙළේ නිලධාරියෙකු ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ වන විට චීනය නිෂ්පාදන අංශයෙන් ලබා ගෙන ඇති අද්විතීය ජයග්‍රහනය සම්බන්ධයෙන් බටහිර රටවල පාලකයන් වික්ෂිප්ත වී ඇති ස්වභාවයක් ඔවුන්ගේ හැසිරීම් වලට අනුව වටහා ගත හැක. කෙසේ වුවද මේ සම්බන්ධයෙන් චීන කොමියුනිස්ට් පක්ෂය දැඩි ස්ථාවරයක සිටී. ඒ සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය දැක්වෙන වැදගත් සටහනක් ග්ලොබල් ටෛම්ස් වෙබ් අඩවිය තබා තිබුණි. ලංකා ලීඩර් පාඨකයාගේ පරිශීලනය සඳහා මෙසේ පල කරමු..
ඉරානය සමග සාකච්ඡා නැවත ආරම්භ කළ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති පසුබිමක ඉරානය ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබේ.

ප්‍රධාන පුවත්

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..

දිගු කලක් පුරා කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණ "හැකි ඉක්මනින්" පවත්වන ලෙසත්, දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සංවාදයකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ ඇමරිකාව සහ ඉරානය අතර දැනට පවතින ගැටුම්කාරී තත්ත්වය හුදෙක් කෙටිකාලීන යුද්ධයකට වඩා ගැඹුරු භූ-දේශපාලනික බලපෑම් මත පදනම් වූ සංකීර්ණ සෙවනැලි යුද්ධයක් බවයි.

'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දක්වීම සඳහා ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (අගෝ: 04) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් ‍දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ, සහ අසංක නවරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, මහින්ද පතිරණ යන පිරිස විසින් අධිකරණයට අපහාස වන අයුරින් මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණය කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා දැනුම් දෙන ලදී.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.