විදුලි ගාස්තු යළි ඉහළ නැංවීමේ යෝජනාවක් මහජන උපයෝගිතා කොමිසමට.. අවසන් තීරණය මැයි 9 දා..
2026 වසරේ දෙවන සහ තෙවන කාර්තු සඳහා විදුලි උත්පාදන වියදම් ඇස්තමේන්තු සංශෝධනය කරමින් ජාතික පද්ධති පාලන පෞද්ගලික සමාගම විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම මෙම පිරිවැය ඇස්තමේන්තු සංශෝධනය කිරීමට ප්‍රධාන හේතුව වී ඇති බවයි වාර්තා වන්නේ.
නව වාර්තාව මගින් 2026 අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ විදුලිය උත්පාදනය සඳහා වැය වන පිරිවැය ඉහළ ගොස් ඇති බව පෙන්වා දී තිබේ.
මෙම නව පිරිවැය ඇස්තමේන්තු පදනම් කර ගනිමින් විදුලි ගාස්තු සංශෝධනයක් සිදු කිරීමේ අවශ්‍යතාව පිළිබඳව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අවධානය යොමුව තිබෙන බව සඳහන්.
ජාතික පද්ධති පාලන පෞද්ගලික සමාගම මෙම වසරේ දෙවන කාර්තුව සඳහා සියයට 15ක විදුලි ගාස්තු ඉහළ දැමීමක් යෝජනා කරමින් මෙම මස 06 වැනිදා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට යෝජනාවක් ඉදිරිපත් කළද අදාළ යෝජනාව එම කොමිසම සලකා බැලීම පසුවට කල් තබනු ලැබීය.
කෙසේවෙතත් යෝජිත නව ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමක් පැවැත්වීමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කර ඇති බවද වාර්තා වේ.
මේ අතර ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමේ තීරණය මැයි මස 09 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි