ඩිජිටල් හැඳුනුම්පත බ්ලැක් ලිස්ට් සමාගමකට.. ටෙන්ඩර් කැඳවීමත්, ලංසු ගැනීමත් ඉන්දියාවෙන්.. - වසන්ත මුදලිගේ හෙළිකරයි
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව සමයේ අසාදු ලේඛනගත වූ ඉන්දීය සමාගමක් වෙත ඩිජිටල් හැඳුනුම්පත සම්බන්ධයෙන් ටෙන්ඩරය ලබාදීමේ උත්සාහයක් ඇතැයි ජන අරගල සන්ධානයේ විධායක කමිටු සාමාජික වසන්ත මුදලිගේ පවසයි.
ඩිජිටල් හැඳුනුම්පතක් හඳුන්වා දීම සම්බන්ධයෙන් කිසිදු විරෝධතාවක් නොමැති වුවද ඩිජිටල්කරණයට මුවාවී මෙරට ජනතාවගේ ජෛවමිතික දත්ත ඉන්දියානු සමාගමකට ලබාදීමට දැඩි විරෝධය පළ කරන බවද හෙතෙම මෙහිදී ප්‍රකාශ කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම මෙසේද පැවසීය.
“ඩිජිටල් හැඳුනුම්පතක් සම්බන්ධයෙන් අපිට විරෝධයක් නෑ. නමුත් ඩිජිටල්කරණයට මුවා වෙලා ඔබේ කළු ඉංගිරියාව, අතේ ඇඟිලි සලකුණු වගේ අතිශයෙන්ම සංවේදී ජෛවමිතක දත්ත එකතු කරලා ඒක ඉන්දියානු සමාගමකට ලබාදීම සම්බන්ධව තමයි අපි මේ බරපතළ විවේචනය පහුගිය කාලෙම ගෙනාවේ. ඉන්දියානු සංචාරය ජනාධිපතිතුමා කරලා ඉවර වෙලා ඉන්දියාවෙන් ලංකාවේ ඩිජිටල් හැඳුනුම්පත හදන්න සමාගමක් තෝරගන්න ටෙන්ඩර් කැඳවීමක් කරලා තියෙනවා.
මේක කරලා තියෙන්නේ 2025 ඔක්තෝබර් මාසයේදී, ඔක්තෝබර් මාසයේදී ටෙන්ඩර් එක අවසන් කරනවා. නොවැම්බර් මාසයේදී ටෙන්ඩරය පිරිනමනවා. ඒ එකඟතාව මත ටෙන්ඩර් විවෘත කිරීමක් කරා ඉන්දියාවේ ආයතන පහක් ටෙන්ඩරය යොමු කරනවා. මාර්තු මාසයේ 13 ප්‍රසිද්ධියට පත්කරන ලේඛනයේ තියෙනවා සමාගම් හයක්. හයවැනි සමාගම මේ ටෙන්ඩරය අතරතුර කල් ඇදලා ඇතුළට ඔබාගත්ත සමාගමයි මේක තමයි ගෝඨභය රාජපක්ෂ ඩිජිටල් හැඳුනුම්පතට අදාළව ටෙන්ඩර් කැඳෙව්වට පස්සේ ඒකෙන් අසාදුගත වූ සමාගම.
දැන් මේ සාමාගමට ටෙන්ඩර් එක දෙන්න යනවා. කවුද මේක දෙන්නේ ඉන්දියාවට. ටෙන්ඩර් එක කැඳවන්නේ ඉන්දියාව, ලන්සු ඇගයීම කරන්නේ ඉන්දියාව, සැපයුම්කරු මෘදුකාංග හදන්නේ ඉන්දියාව. ආණ්ඩුව කියනවා අපිට ඉන්දියාවෙන් රුපියල් බිලියන දාහක් දෙන නිසා තමයි ඉන්දියාවට මේක පිරිනමන්නේ කියලා. එරංග වීරරත්නලා කලින් ඩිජිටල් හැඳුනුම්පත සම්බන්ධව විවේචන ගේද්දි කීවේ කිසි ප්‍රශ්නයක් නෑ ලංකාවේ සිස්ටම් මාර ආරක්ෂිත නිසා කිසිම කෙනෙකුට හොරකම් කරන්න බෑ කියලා. එහෙම කියපු එරංග වීරරත්නම අපි දැක්කා ඊයේ පෙරේදා කෙඳිරි ගාල කියනවා එහෙම තමයි සිස්ටම්වල හැකර්ස්ලා එන්න පුළුවන්, තොරතුරු ගන්න පුළුවන්, තොරතුරු පිට යන්න පුළුවන් කියලා.’’
- නිර්මාණි තිලකසිරි
Aruna
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා