HSBC ට වඩා හැකරා විශ්වාස කරලා.. HSBC බැංකුව අවස්ථා දෙකකදීම අනතුරු අඟවලා.. - හර්ෂ ද සිල්වා හෙළිකරන කතාව
ඕස්ට්‍රේලියානු අනු ආයතනයකට ගෙවිය යුතු ඩොලර් මිලියන දෙකහමාරක මුදලක් වෙනත් බැංකු ගිණුමකට බැර කිරීමේදී, එය සැක සහිත ගනුදෙනුවක් (Suspicious Transaction) බවට HSBC බැංකුව විසින් අවස්ථා දෙකකදීම අනතුරු අඟවා තිබූ බව මුදල් කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා අනාවරණය කරයි.
හිරු රූපවාහිනී නාලිකාවේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, මෙම මූල්‍ය ගනුදෙනුවට අදාළ බැංකු ගිණුම් සකස් කිරීම, ගිවිසුම් අත්සන් කිරීම සහ ලිපි ගනුදෙනු ඇතුළු සියලු කටයුතු මහ බැංකු නිලධාරීන් විසින් සිදු කර ඇති බවයි.
මෙවැනි බරපතල ගනුදෙනුවකදී බැංකුව විසින් අනතුරු ඇඟවීම් සිදු කර තිබියදීත්, එම මුදල් නිදහස් වූයේ කෙසේද යන්න පිළිබඳව සෙවිය යුතු බවත්, මහ බැංකුවට මෙහි වගකීමෙන් බැහැර විය නොහැකි බවත් ඔහු අවධාරණය කළේය.
මෙම මුදල් ඩුබායි රාජ්‍යය පාදක කරගත් ගිණුමකට බැර වී ඇති බවට තොරතුරු ලැබී ඇති බව පැවසූ මන්ත්‍රීවරයා, මෙවැනි සිදුවීම් හරහා පෙනී යන්නේ රටේ මූල්‍ය පද්ධතියේ පවතින ප්‍රොටෝකෝල (Protocols) නිසි ලෙස අනුගමනය නොවන බවයි.
පවතින කළමනාකරණ ව්‍යුහය බිඳවැටීම හේතුවෙන් මෙවැනි බරපතල මූල්‍ය අක්‍රමිකතා සිදු විය හැකි බවත්, මීට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඇතුළු රජය වගකිව යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා