News Category
From Date
To Date
Maximum Number of Result

පාද චාරිකාව, ප්‍රයෝජනය සහ ජනප්‍රියවාදයේ ප්‍රශ්නය..

Apr 28, 2026 at 12:29 PM
|

මෙම සටහන ගැන ඔබ උරන විය හැක. එහෙත් මම මාගේ අදහස ඉදිරිපත් කරමි. 

ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් සිට වොෂින්ටනය දක්වා ඉතා අසීරු පරිසර සාධක මැද කිලෝමීර් තුන්දහසක් හෝ ඊට ආසන්න ගණනක් පයින්ම වැඩම කළ පූජ්‍ය පඤ්ඤාකර හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලාගේ ව්‍යායාමය දෙස ඉමහත් සතුටින් බුද්ධාලම්භන ප්‍රීතියෙන් බලා සිටි, ඒ ගැන බොහෝ දෑ ලියා පළ කළ මට, උන්වහන්සේලාගේ ශ්‍රී ලංකාවේ පාද චාරිකාව දැකීමෙන් - නම් කර ඇති පරිද්දෙන් ඒහිපස්සිකෝ - එබඳු සැනසිලිදායක, නිවුනු පහන් සිතක් උපදින්නේ නැත.

මම ඒ ඇයිදැයි කල්පනා කරමි. ඊට හේතුව ඝර්ම කලාපික අපි, බොහෝ විට අත්විඳින්නට ආශා කරන, ඇතැම් රටවල ශීත සෘතුවේ පරිසර සාධක නොවේ. ආලෝකා නම් ලද සුනඛයාද නොවේ.  මා සිතන්නේ බෞද්ධයකු ලෙස අප බොහෝ දෙනෙකුගේ සිත් බැඳගත්තේ උන් වහන්සේලාගේ අපේක්ෂාව හෝ කාර්යභාරය (purpose) ය. ඇතැම් ඇමරිකානුවන් බුද්ධශ්‍රාවකයකු, දුටුවේ පළමුවතාවට විය හැක. එසේම, තමන්ගේ බසින්ම සරළ බුදු වදනක්, ශ්‍රවනය කිරීමෙන්, අන්‍යාගමික හෝ නිරාගමික වූ ඒ මිනිසුන්ගේ වියලි, හිස් හෝ විසිරුනු සිත් වලට යම් ශාන්තියක් දැනෙන්නට ඇත. අස්සජි මහ රහතන් වහන්සේගෙන් ‘යේ ධම්මා හේතුප්පභවා‘ පාඨය ඇසීමෙන් උපතිස්ස කෝලිත පිරිවැජියන්ගේ සිත් පුබුදු වූ තරමින් නොවූවාට ඒ සිදුවීමට සමාන්තර කුඩා සුභවාදී යහපත් සෙලවීමක් හෝ බුදු වදන් නෑසූ ඒ මිනිසුන් තුළ සිදුවන්නට ඇත. එය ඉතාම ප්‍රවේසමෙන්, උපේක්ෂාවෙන් පාගමනින් වඩින ස්වාමීන් වහන්සේලා එකම නිමිත්ත කරගනිමින් නවීන මාධ්‍ය ඔස්සේ විසුරුවා හැරි මාධ්‍ය මෙහෙයුම තවත් ඇමරිකානු හා ඉන් පරිබාහිර ලක්ෂ සංඛ්‍යාත මිනිස් සිත් සතන්, ආමුලිකා ශ්‍රද්ධා සිසිලකින් හෝ ඊටත් ප්‍රාථමික හැගීමකින් තෙමාලන්නට සමත්වූයේය. 

බුදු දහමට, ශාසනික කරුණු වලට මුලුමනින්ම ආගන්තුක වූ ඇමරිකාවේ සිට ශ්‍රී මහා බෝධි අංකුරයක් වැඩමවීම මුඛ්‍ය පරමාර්තය කරගනිමින් පූජ්‍ය පඤ්ඤාකර හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේ වඩින්නේ ශ්‍රී ලංකාවටය. ශ්‍රී ලංකාව යනු සලකන ලද රටේ සමස්ථ ජනගහනයට සාපේක්ෂව වැඩිම බෞද්ධයින් පිරිසක් ජීවත්වන ලොව 5 වන හෝ 6 වන රටය. 

මේ සියලු සංඛ්‍යා ලේඛන අනාවරණය කරන්නේ උපතින් බෞද්ධ පිරිස මිස පිලිවෙතින් බෞද්ධ සංඛ්‍යාව නොවේ. මා මෙහිදී පිළිවෙතින් බෞද්ධ යනුවෙන් හඳුන්වන්නේ ජනප්‍රිය බුද්ධාගමේ අන්තයටම ගමන් කළ, ශාක්‍ය වංශිකයන් පවා අභිබවා තථාගතයන් වහන්සේට අයිතිවාසිකම් කියන පිරිස නොවේ. සියලු අගතීන් කැටිව නිමැවුනු ජනප්‍රියවාදී වතාවත් පුරන බෞද්ධයින්ද නොවේ. ග්‍රාම්‍ය උදාහරණයකින් පවසන්නේ නම්, ලංකාවේ ලොම් ගානට බෞද්ධයින් සිටියාට, පිලිවෙතින් බෞද්ධයින් සිටින්නේ අං ගානට ය. උන් වහන්සේ මෙහි වැඩියේ පාගමනින් වැඩම කිරීමට උවත්, අවසානයේ සිදුවී ඇත්තේ ජනප්‍රිය මාදිලියේ වැඩැම්ම්වීමකට මුහුන දෙන්නට ය..!! 

මා මේ සටහනට භාවිත කරන, අන්තර්ජාලයෙන් සපයාගත් ඡායාරූපයේ පූජ්‍ය පඤ්ඤාකර හිමියන්ගේ මුහුනෙහි සියුම් කළකිරීමක් දකිමි. ඒ කලකිරීම, උන්වහන්සේ අත්විඳි ජනප්‍රියවාදී නිසාම ආක්‍රමනශීලී ව්‍යාජ ශුද්ධාව නිසා ඇතිවූ වෙහෙස හා කැළඹීම යැයි සිතමි. දශක ගණනාවක් තිස්සේ ජනප්‍රිය පුද්ගලයන්ට, විශේෂයෙන්ම තම ගෝත්‍රයේ, පක්ෂයේ නායකයන්ට, ලංව සිටීමට, එසේ ලංව සිටීමෙන් ඕලාරික බලපුලුවන්කාරකමක් සුලු වේලාවකට හෝ මමත්වයෙන් යුක්තව ප්‍රදර්ශනය කිරීමට, මන්ත්‍රියා ඇමතියා මාධ්‍යයට කතා කරද්දී පිටුපසින් හිටගෙන රූපරාමුවේ පෙනීසිටීමට, ලංව සිට ඡායාරූප ගැනීමට හුරුකරන ලද සිල්ලර මිනිසුන් මෙන්, උන්වහන්සේ වෙත සමීප ව සිටින, ඇමරිකානු ආදර්ශය සිහිකරමින් අසාර්ථකව අනුකරණය කිරීමට උත්සහ දරණ, විපරීත හැසිරීම් නිසා ඒහිපස්සිකෝ රූපරාමු පිරිසිදු නැත. එක් අතකින් මංගල දිනය දවසේ නිදහසේ සිටීමට නව යුවතිපතීන්ට ඉඩනොදෙන කලබලකාරී ඡායාරූප ශීල්පීන් නිසා එවැනි සංස්කෘතික අවස්ථා විකාරරූපී වන ආකාරය මට සිහිපත්වේ! 

(උන්වහන්සේ වෙත ශ්‍රද්ධා බුද්ධි සම්පන්නව සමීපව වන්දනා කරන අතලොස්සක් දෙනා මට කමත්වා! - මේ කියන්නේ ඔබ ගැන නොවේ) ඊටම නොදෙවෙනිව, එක්සත් ජනපදයේ චාරිකාවට බාධා නොවන අයුරින් සලසා තිබූ ආරක්ෂක සැලසුම් සමග බලද්දී වෙනුවට අපේ ආරක්ෂක විධිවිධාන අසාමාන්‍ය ලෙසින් බාධාකාරී හා විකාරූපීය. ඉස්ලාම් අන්තවාදය විසින් බුදු සව්වන් ඝාතනය කළ අග්නිදිග ආසියානු රටක, සන්නද්ධ සොල්දාදුවන් සමග පිඬු සිඟා වඩින භික්ෂූන් වහන්සේ සහිත ඡායාරූප කලකට ඉහතදී අපි දුටිමු. 

ඇත්තෙන්ම පූජ්‍ය පඤ්ඤාකර හිමියන් ශ්‍රී ලංකාවේ පාද චාරිකාවක නිරතවිය යුතුද? ඉන් ශ්‍රී ලාංකීය බෞද්ධයාට/රටට හෝ පොදුවේ ශ්‍රී ලාංකිකයාට ලැබෙන ප්‍රතිලාභ මොනවාද?  ශ්‍රී ලංකාවේ ඊලාම් යුද්ධයට පෙර උතුරු පලාතේ උන්වහන්සේලා පාදචාරිකාවෙහි නිරතවූවා නම් පාද චාරිකාව සාරම්මනය. උත්තුංගය!

 උන්වහන්සේලා මෙරටට වැඩමවීමේ අරමුණ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් ඇමරිකා එක්සත් ජනපදයට වැඩමවීම නම්, ඒ ප්‍රමුඛ අරමුනට රාජ්‍ය අනුග්‍රහය උපරිමයෙන් ලැබීම වැදගත්ය. මේ ජාත්‍යන්තර බෞද්ධ දූත පිරිස, උතුරු හා නැගෙනහිර පලාත් වෙත නොවඩින්නේ ඇයි? සුලභ වශයෙන් නාමික බෞද්ධයින් ජීවත්වන ප්‍රදේශ පමනක් මේ පාද චාරිකාව විසින් ආවරණය කරන්නේ ඇයි? පින්වත් අහිංසක ස්වාමීන් වහන්සේලාගේ වටිනාකම් දේශපාලනික වශයෙන් හෝ වානිජ වශයෙන් අවභාවිත වන්නේදැයි සාධාරණ සැකයක් පහල වන්නේ මෙවැනි නොගැලපෙන විගඩම් දැකීමෙනි. ආණ්ඩුව පත්වූ වහාම සිදුකල ශ්‍රීමත් දන්ත ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය, ඉකුත් පෙබරවාරියේ සංවිධානය කළ  කළ භාරතයේ ගුජරාට් දේශයෙන් වැඩමවූ සර්වඥ ධාතූන් වහන්සේ කොළඹදී ප්‍රදර්ශනය, ආදියෙන් අපට ගම්‍ය වූයේ, බෞද්ධයාගේ හෝ ශාසනයේ අභිවෘද්ධිය පිනිස එම මහෝත්සව සංවිධානය කරනු වෙනුවට, ජනප්‍රියවාදයෙන් හා මිත්‍යාවෙන් අන්ධවී ඇති, ඕලාරික බෞද්ධයැයි කියාගන්නා පිරස ‘බැලන්ස්‘ කිරීමේ උපාය ලෙස මේ වන්දනීය වස්තූන් අවභාවිත වන බවය. 

ඇමරිකානු ජනමනසට මෑත කාලයේදී බරපතලම මතවාදී බලපෑම කළ පුද්ගලයා පූජ්‍ය පඤ්ඤාකර හිමියෝය. මා සිතන පරිදි, ථේරවාදයේ මූලස්ථානය ශ්‍රී ලංකාද්වීපය නම්, අප කළ යුත්තේ අපේරටේ උගත් ධර්මධර විනයධර මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ අනුශාසනා හා අනුග්‍රහය මැද, පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ හා තවත් දහස් සංඛ්‍යාත ධර්මධූතයන් වහන්සේලා පුරුදු පුහුනු කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමය. මේ අද්විතීය අසාමාන්‍ය ධර්මයේ අවිච්ඡින්න පැවැත්ම තහවුරු වන්නේ එවිටය. ඇමරිකාව හරහා වැඩම කරද්දී අරහත් ධජය, බුදු පුතුන් දුටු,  සරල දහම් කරුනක් ඇසූ ඇමරිකානුවන් අතලොස්සක් තුළ හෝ දහම් පිපාසයක් ඇතිවුනි නම්, එය සංසිඳවීම කළ හැක්කේ එවිටය. 

යුගමෙහෙවරක නිරත දුර්ලභ ධර්මදූතයාණන් වහන්සේ නමක ලෙසින් පූජ්‍ය පඤ්ඤාකර හිමියන් පිළිබඳ මා සිත්හි ඇති ගෞරවය මදකුදු අඩුවන්නේ නැත. එහෙත්, ථේරවාදයේ මූලස්ථානයයි කියාගන්නා මේ රටේ තමන් වහන්සේ දරණ වෙහෙස නිෂ්ඵල නේදැයි උන් වහන්සේටද සිතී ඇති සැටියක්, මේ පින්තූරයෙන් මට පෙනේ. 

කිසිවකුටත් රිදවීමට නොලීමි. සමාවන්න!

- චමිල ලියනගේ.

සම්බන්ධිත පුවත් | Related News

එදා අපි නුඹලාට ත්‍රස්තවාදීන් එක්ක යුද්ධ කරලා රට නිදහස් කරලා දුන්නා
චීන කොමියුනිස්ට් පක්ෂය විසින් 1953 වසරේ සිට ආරම්භ කරන ලද ‘පස් අවුරුදු සැලසුම්’ යනු චීනයේ සමාජයීය සහ ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගත් මුල් පිරීම් මාලාවකි. මෙම සැලසුම් මගින් ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන්නේ පාරිසරික ආරක්ෂාව, අධ්‍යාපනය සහ කාර්මික ක්ෂේත්‍රවල චීන රජයේ ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සංවිධානය සහ ස්ථාපිත කිරීමේ කේන්ද්‍රීය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීමය. නව පස් අවුරුදු සැලසුමක් සකස් කිරීම, සාමාන්‍යයෙන් පවතින සැලැස්මේ මැද භාගයේදී ආරම්භ වේ. මෙය වසර කිහිපයක් පුරා සිදුකරන ඇගයීම්, මූලික පර්යේෂණ කෙටුම්පත් කිරීම සහ සංශෝධන මෙන්ම, මහජන අදහස් ලබා ගැනීම වැනි වට මාලාවකින් සමන්විත වේ. මෙලෙස සකස් කෙරෙන පස් අවුරුදු සැලසුම්, ඒවායේ කාර්යක්ෂමතාව සහ හැකියාවන් මෙන්ම, වේගවත් ආර්ථික වර්ධනය, සංවර්ධනය සහ ආයතනික මූල්‍ය සහ කාර්මික ප්‍රතිපත්ති සඳහා දායක වී ඇති ආකාරය ප්‍රශංසනීයය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි සිරගත වූහ. උන්වහන්සේගේ සිවුර ගලවා ජම්පරයක් අන්දවා ඇතැයි යන ප්‍රවෘත්තිවලින් සමාජ මාධ්‍ය පිරී ඇත. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට උන්වහන්සේට ජම්පරයක් ඇන්දවීම ප්‍රවෘත්තියක් බවට පත්කර මාධ්‍යයට ප්‍රකාශ කරන්නැයි උපදෙස් දුන්නේ කවුදැයි වෙනමම සොයා බැලිය යුතුය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් දුදස්සනව එළවලා දාපු එක ලොකු ප්‍රශ්නයක් කරගත්ත පිරිසක් ඉන්නවා. කිසියම් සංවිධානයක සාමාජිකත්වයක් දරන කෙනෙක්ට ඒ සංවිධානයේ මූලික පිළිගැනීම්වලට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? කිසියම් ආයතනයක සේවය කරන කෙනෙක්ට ඒ ආයතනයේ විනය එකඟතා නො සළකා කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? තමන්ට ඕන ඕන මගුල් කියවන්න, සංවිධානයක පොදු එකඟතාවලට විරුද්ධව, විනය එකඟතා නො තකා වැඩ කරන්න ඒ සංවිධානවල සාමාජිකයන්ට බෑ.
ඊයේ දිනයේ, මගේ හදවතට ඉතා සමීප, ඒ වගේම Fair Comment හි සමීපතම මිතුරෙකුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සාපරාධී අපරාධකරුවෙක් නෙවෙයි. ඔහු නීතියෙන් පැන ගිය කෙනෙකුත් නෙවෙයි. ඔහුගේ එකම වරද වුණේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය—වෙනත් පහළ උසාවියක් හෝ අවධානය සොයන මහේස්ත්‍රාත්වරයෙක් නොව, රටේ ඉහළම අධිකරණය—මීට වසර හතකට පෙර ජනාධිපතිවරයෙක් ගත් තීරණයක් ශුන්‍ය කර දැමීමට තීන්දු කිරීම පමණයි. ඒ තීන්දුව අවලංගු කිරීමෙන් ඔවුන් කළේ ඒ මිනිසාවත් අමු අමුවේ දිය කර හැරීමයි.
බ්‍රසීලයේ 2026 මැතිවරණය ජනාධිපති ලූලා ද සිල්වා (Lula da Silva) සහ ෆ්ලේවියෝ බෝල්සොනාරෝ (Flávio Bolsonaro) අතර දැඩි තරගකාරී, අධික ලෙස ද්‍රැවීකරණය වූ සටනක් බවට පත්ව ඇත. මත විමසුම්වලට අනුව, දෙවන වටයේ තරගයකදී දෙදෙනාම කරට කර තත්ත්වයක පසුවන අතර, මැද මාවතේ විකල්පයන්ට ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකිවී නොමැත. අපේක්ෂකයින් දෙදෙනාටම 50% ක පමණ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිශතයක් ඇති අතර, එම නිසා මෙම මැතිවරණය බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට වඩා ප්‍රතිවාදියා බලයට පැමිණීම වැළැක්වීම අරමුණු කරගත් එකක් බවට පත්ව තිබේ.
ලෝකයේ දියුණු හෙවත් ධනපති රටවල (developed countries) වෘත්තිකයන්ගෙන් අයකරන පුද්ගල ආදායම් බදු (Personal Income Tax) සහ අනෙකුත් සමාජ ආරක්ෂණ දායකත්ව (Social Security Contributions) ක්‍රමවේද ප්‍රධාන වශයෙන් ප්‍රගතිශීලී බදු ක්‍රමයක් (Progressive Tax System) මත පදනම් වේ. එනම්, ලැබෙන ආදායම වැඩි වීමට අනුරූපව බදු අනුපාතයද ඉහළ යයි.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
2003 අවුරුද්දේ මාර්තු 30 වැනි දා, ඉරාකය ආක්‍රමණය කරපු ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී හවුල් හමුදාවල අවසාන බල ඇණි 2026 සැප්තැම්බර් 30 වැනි දා ඉරාකයෙන් ඉවත්වෙලා ගියා. ජනාධිපති ජෝර්ජ් බුෂ් විසින් “ඉරාක නිදහස් මෙහෙයුම” (Operation Iraqi Freedom) කියන නමින් පටන්ගත්ත මේ අධිරාජ්‍යවාදී ආක්‍රමණය අවුරුදු 23 ක වැඩි කාලයක් ඉරාකය තුළ ක්‍රියාත්මක වුණා. ජනතා ඝාතක ආයුධ හොයනවා කියලා බොරුවක් ගොතලා පටන්ගත්ත ඒ ආක්‍රමණයෙන් වෙච්ච විනාශය ලෝකය ම දන්නවා.

ප්‍රධාන පුවත්

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.