News Category
From Date
To Date
Maximum Number of Result

වමට පාරක්..

Apr 28, 2026 at 09:19 AM
|

2026 අප්‍රේල් 22 වැනි දා බදාදා තමයි වී. අයි. ලෙනින්ගේ 156 වැනි ජන්ම සංවත්සරය යෙදිලා තියෙන්නේ. මේ ලිපිය ඒ වෙනුවෙන්.

=== === === === ===

අපේ වමේ ව්‍යාපාරය ආරම්භ කරලා මේ වෙද්දි අවුරුදු 90 කට වැඩි කාලයක් ගතවෙලා. මේ කාලය තුළ රටේ සමාජ - ආර්ථික ප්‍රගමනය වෙනුවෙන් සැළැකිය යුතු සාධනීය කාර්යයක් කරන්න අපේ වමේ ව්‍යාපාරයට පුළුවන් වෙලා තියෙනවා. ඒ කාර්යය අපේ ඇගැයීමට ලක්වෙන්න ඕන.

රටේ ප්‍රශ්න විග්‍රහ කරලා සාධනීය විසැඳුම් ඉදිරිපත්කිරීමේ හැකියාව අතිනුත් අපේ වමේ ව්‍යාපාරය ඉස්සරහින් ඉන්නවා. දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරපු “ඉදිරිමග” ප්‍රතිපත්ති ප්‍රකාශය මේ සම්බන්ධයෙන් දක්වන්න පුළුවන් ඉතාමත් හොඳ උදාහරණයක්. රෝහණ විජේවීර වුනත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති ඉදිරිපත් කරද්දි “ඉදිරිමග” ප්‍රකාශයේ අදහස් විශාල ප්‍රමාණයක් කොපි කරගෙන තියෙනවා. 2023 අවුරුද්දේ, අපේ කොමියුනිස්ට් පක්‍ෂය “ඉදිරිමගෙන් ඉදිරියට” කියලා තවත් ප්‍රතිපත්ති ප්‍රකාශයක් ජනගත කළා. තවමත් ප්‍රමාණවත් සමාජ සංවාදයකට ලක්වෙලා නැතත් “ඉදිරිමගෙන් ඉදිරියට” කියවපු හැම කෙනෙක් ම ඒ ගැන ඉහළ ඇගැයීමක් කරලා තියෙනවා.

මේ සාධනීය දායකත්වයන්ගේ ප්‍රමාණය හුඟක් ඉහළ එකක් වුනත්, රටේ මහා දේශපාලන බලයක් බවට පත්වෙන්න අපේ වමේ ව්‍යාපාරයට පුළුවන් වෙලා නෑ. (මම මේ කියන්නේ පාර්ලිමේන්තුවේ පුටුවක් දෙකක් අල්ලගන්නවා වගේ කෙහෙල්මල් බලයක් ගැන නෙවෙයි. මම මේ පාර්ලිමේන්තු ක්‍රමය තුට්ටුවකටවත් මායිම් කරන්නේ නෑ). අපේ වමේ ව්‍යාපාරයට රටේ මහා දේශපාලන බලයක් බවට පත්වෙන්න බැරිවීම සතුටුවෙන්න පුළුවන් කාරණයක් නෙවෙයි. අපේ වමේ ව්‍යාපාරයට මෙහෙම වෙලා තියෙන්නේ ඇයි? ලෙනින්ගේ 156 වැනි උපන්දිනය යෙදෙන දවසේ අපි මේ කාරණය ගැන විමසීමක් කරමු.

(ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ වමේ පක්‍ෂයක් නොවන බවත් ඒක තනිකර ම අධිරාජ්‍යවාදීන්ගේ අතකොළුවක් බවත් මුලින් ම අවධාරණය කරන්න ඕන. ඉතින් මේ සාකච්ඡාවේ දී ඒ අධිරාජ්‍යවාදී උපකරණය ගැන කියන්නේ නෑ).

මාක්ස්වාදය බිහිවුණේ බටහිර යුරෝපයේ. ඒ, එංගලන්තය මූලිකව බටහිර යුරෝපයේ කාර්මික විප්ලවය සම්පූර්ණ වෙමින් තිබුණු කාලයක. ඒ කාර්මික විප්ලවය තුළින් බිහිවෙච්ච ධනපති පන්තියත් කම්කරු පන්තියත් අතර ගැටුම මාක්ස් සහ එංගල්ස් විසින් නිරීක්‍ෂණය කළා. ධනපති - කම්කරු ගැටුමේ අලගිය මුලගිය තැන් හොයලා බලලා ඒ නිරීක්‍ෂණත් මිනිසාගේ අනාගත වර්ධනය සිද්දවෙන ආකාරය ගැන පුරෝකථනයකුත් මාක්ස්වාදයෙන් ඉදිරිපත් කළා. ඒ වගේ ම, එහෙම පුරෝකථනය කරපු අනාගතය අත්පත් කරගන්න කළ යුතු විප්ලවය පිළිබඳවත් අදහස් ඉදිරිපත් කළා.

ධනපති ක්‍රමය වර්ධනය වෙලා ඒක අධිරාජ්‍යවාදයක් බවට පත්වෙච්ච ආකාරය ලෙනින් නිරීක්‍ෂණය කළා. ධනපති පන්තිය වර්ධනය වෙද්දි කම්කරු පන්තිය 1848 තිබිච්ච විදිහට ම ගල්ගැහිලා තිබුණේ නෑ. (මම මෙතැන 1848 අවුරුද්ද අවධාරණය කරන්නේ මාක්ස් සහ එංගල්ස් විසින් “කොමියුනිට් ප්‍රකාශය” පළ කරපු අවුරුද්ද ඒක නිසයි. ඒක මාක්ස්වාදී ඉතිහාසයේ කඩයිම් අවුරුද්දක්). ද්විත්ව ආකාරයකින් නිර්මාණය වෙච්ච සමාජ සංවිධානයේ එක පාර්ශ්වයක් පරිණාමය වෙද්දි අනිත් පාර්ශ්වය එක තැනක ගල්වෙලා ඉන්නේ නෑ. ඉතින් ධනපති පන්තිය ඒකාධිකාර අධිරාජ්‍යවාදී බලවේගයක් බවට පත්වෙද්දි කම්කරු පන්තියත් පරිණාමය වුණා.

අධිරාජ්‍යවාදී රටවල්වල පුද්ගලවාදී ලිබරල් සමාජයක් නිර්මාණය වෙමිනුයි තිබුණේ. ඒ විපර්යාසයේ ප්‍රතිඵලයක් විදිහට බටහිර අධිරාජ්‍යවාදී රටවල්වල කම්කරු පන්තිය විසිරිලා ගියා. ධනපති පන්තියේ වරප්‍රසාදවලට සහ අල්ලස්වලට යටත්වෙච්ච ඉංග්‍රීසි නිර්ධන පන්තිය යම් ආකාරයක ධනය හිමි පන්තියක් බවටත් පත්වෙන්න පටන්ගත්තා.

ඇත්තෙන්ම, කම්කරු පන්තිය තුළ ඇතිවෙමින් තිබුණු ඒ වෙනස එංගල්ස් සහ ලෙනින් දැක්කා. 1858 ඔක්තෝබර් 7 වැනි දා මාක්ස්ට ලියපු ලිපියකින් “ඉංග්‍රීසි නිර්ධන පංතිය වඩ වඩාත් ධනේශ්වර වෙමින් පවතින” බවක් එංගල්ස් කියනවා. ඒ ක්‍රමයට හැම රටක ම “ධනපති වංශාධිපතියෝ පිරිසක්” (a bourgeois aristocracy) සහ “කම්කරු ධනපති පැළැන්තියක්” (a bourgeois proletariat) හැදීම අරමුණු කරගත්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා කියලා එංගල්ස් තමන්ගේ නිරීක්‍ෂණය මාක්ස්ට විස්තර කරනවා. මේ ධනේශ්වර ව්‍යාපෘතිය ගැන මාක්ස් පවා කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. අධිරාජ්‍යවාදය යටතේ මේ වැඩේ කෙරෙන හැටි 1916 ඔක්තෝබර් මාසයේ දී ලෙනින් ලියපු “අධිරාජ්‍යවාදය සහ සමාජවාදයේ බෙදීම” (Imperialism and the Split in Socialism) කියන ලේඛනයෙන් විස්තර කරලා තියෙනවා.

අධිරාජ්‍යවාදියෝ විසි කරන අතිරික්ත ප්‍රාග්ධනයේ සොච්චමක් කාලා තෘප්තිමත් වෙන කම්කරු සමාජයක් ඇතිවෙමින් තිබෙන බවක් මාක්ස් සහ එංගල්ස් දැක්කේ නෑ. ඒ විපර්යාසය ඉතාමත් හොඳින් ලෙනින් නිරීක්‍ෂණය කළා. ඒ වගේ ම, කම්කරු පන්තියට විප්ලවීය විඥානයක් අත්පත් කරගන්න අමාරු බවත් ලෙනින් දැක්කා. 1902 දී පළ කරපු “කළ යුත්තේ කුමක්ද? - අපේ ව්‍යාපාරයේ දැවෙන ප්‍රශ්න” (What is to be done? Burning questions of our movement) කෘතියෙන් ලෙනින් ඒ ගැන කියනවා.

අධිරාජ්‍යවාදය විසින් ශක්තිමත් කරපු ලිබරල් සංස්කෘතිය නිසා කම්කරු පන්තිය විසිරිලා යෑම සහ අධිරාජ්‍යවාදීන් විසින් විසි කරන ඉඳුල් කාලා ඒ ආධිපත්‍යය වැළැඳගැනීම හින්දා බටහිර යුරෝපයේ (විශේෂයෙන් ම, එංගලන්තයේ) විප්ලවීය ජවය බිඳවැටුණා. බටහිර යුරෝපයේ කම්කරු පන්තිය මේ ආකාරයෙන් බෙලහීනවීම නම් මාක්ස් සහ එංගල්ස් නිරීක්‍ෂණය කරලා තිබුණා.

මාක්ස් සහ එංගල්ස් දෙන්නා තමන්ගේ න්‍යාය වැඩි හරියක් සූත්‍ර ගත කළේ එංගලන්තයේ (ලන්ඩනයේ) ජීවත්වෙද්දි. ධනපති ක්‍රමය හොඳින් මෝරලා තියෙන හින්දා මුල් ම කම්කරු විප්ලවය එංගලන්තයේ ඇතිවෙයි කියලා ඒ දෙන්නා විශ්වාස කළා. ඒත් ප්‍රංශයේ සහ ජර්මනියේ කම්කරුවන්ට තිබුණු විප්ලවීය ජවය එංගලන්තේ කම්කරුවන්ට නැති බවක් මාක්ස් දැක්කා. ඒ හින්දා, මුලින් අයර්ලන්තයේ විප්ලවයක් වෙලා ඒ ගින්න එංගලන්තයට පැතිරෙයි කියලයි මාක්ස් හිතුවේ. කොහොම වුනත් ඒ දේ සිද්දවුණේ නෑ. ලිබරල් සංස්කෘතිය සහ අතිරික්ත ප්‍රාග්ධනය විසින් බටහිර යුරෝපයේ විප්ලවීය බලාපොරොත්තුව මුළුමනිනන් ම ගබ්සා කරලා දැම්මා.

කාර්මික විප්ලවය සිද්දවෙච්ච නැති, ඒ නිසා ම ධනපති පන්තියක් සහ කම්කරු පන්තියක් හරියාකාරව ඇතිවෙච්ච නැති රටවල්වල මාක්ස්වාදය (ඇත්තෙන්ම, මාක්ස් -ලෙනින්වාදය) පැතිරෙන්න පටන්ගත්තා. ඒ රටවල්වල රජ කළේ සාමූහිකත්වය මුල් කරගත්ත සංස්කෘතියක්. ගොවි සමාජවල මේ සාමූහිකත්වය ඉතාමත් ප්‍රබල විදිහට ක්‍රියාත්මක වුණා. ඒ ගොවි සමාජවල බලපෑම ලැබිච්ච කම්කරුවෝ අතරත් සාමූහිකත්වය රජ කළා. මාක්ස්වාදයෙන් යෝජනා කරන්නේ සාමූහිකත්වය පදනම් කරගත්ත නිෂ්පාදන ක්‍රමයක්. ඉතින් සාමූහිකත්වය මුල් කරගෙන නිෂ්පාදන කාර්යයේ නිරතවෙච්ච මිනිස්සුන්ට මාක්ස්වාදයේ ආගන්තුකකමක් දැනුණේ නෑ. ඒ අය මාක්ස්වාදය වැළැඳගත්තා.

කාර්මිකකරණය වෙචච් නැති (එහෙමත් නැතිනම් අඩුවෙන් කාර්මිකකරණය වෙච්ච), කෘෂිකාර්මික සහ යටත්විජිත බවට පත්වෙච්ච (එහෙමත් නැතිනම්, අර්ධ වශයෙන් යටත්විජිත බවට පත්වෙච්ච) රටවල්වල සමාජවාදී විප්ලව ඇවිළුණා. ඒ විප්ලව සෑහෙන ප්‍රමාණයක් ජයග්‍රහණය කරලා සමාජවාදී රාජ්‍ය පද්ධතියක් බිහිවීමත් සිද්දවුණා. නැගෙනහිර යුරෝපය, රුසියාව, චීනය, වියට්නාමය වගේ රටවල්වල අපිට මේ ජයග්‍රහණ නිරීක්‍ෂණය කරන්න පුළුවන්. සාමූහිකත්වයට අනුබල දෙන කතෝලික සංස්කෘතිය බලවත් දකුණු ඇමෙරිකාවේත් සමාජවාදී ව්‍යාපාර බලවත්වෙච්ච බව අපි දන්නවා. දකුණු ආසියාවේ වමේ ව්‍යාපාර ප්‍රචලිත වුණේ බටහිර බෙංගාලයේ, කේරළයේ සහ ලංකාවේ විතරයි. ලංකාවේ අපි වැඩියෙන් ම නෑදෑකම් කියන්නෙත් බෙංගාලයට සහ කේරළයට කියන කාරණයත් අමතක කරන්න එපා.

අපේ ආරම්භක වමේ නායකයන්ට මාක්ස්වාදී ආභාසය ලැබුණේ 1920 ගණන්වල එංගලන්තයේ දී. ඒ වෙද්දි, එංගලන්තයේ මාක්ස්වාදය අච්චාරුවක් බවට පත්වෙලයි තිබුණේ. දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ මහා බ්‍රිතාන්‍ය කොමියුනිස්ට් පක්‍ෂය එක්ක ගනුදෙනු කළා. 1920 දී ඇති කරපු ඒ පක්‍ෂය විමට බද්ධවෙච්ච එකක්. ඒ වගේ ම, බ්‍රිතාන්‍ය කොමියුනිස්ට් පක්‍ෂය ලෙනින් එක්කත් ගනුදෙනු කරලා තිබුණා. ඇන්. ඇම්. පෙරේරා, ලෙස්ලි ගුණවර්ධන වගේ අය ගනුදෙනු කළේ කම්කරු පක්‍ෂයට සම්බන්ධ හැරල්ඩ් ලැස්කි වගේ අයත් එක්ක. පස්සේ කාලෙක දොස්තර වික්‍රමසිංහ ප්‍රමුඛ කොමියුනිස්ට් පක්‍ෂය සෝවියට් දේශයට ළංවුණා. ඇන්. ඇම්. පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා ප්‍රමුඛ සමසමාජ පක්‍ෂය ට්‍රොට්ස්කිවාදය වැළැඳගත්තා.

1930 දශකය ආරම්භ වෙද්දි අපේ ආරම්භක වමේ නායකයෝ ලංකාවට මාක්ස්වාදය ඇරැගෙන ආවා. හැබැයි ඒ වෙද්දි (ඇත්තෙන්ම අදටත්) ලංකාවේ කාර්මික විප්ලවයක් වෙලා නෑ. අපේ රටේ හිටියේ කොම්ප්‍රදෝරු (තැරැව්කාර) ධනපතියෝ කීප දෙනෙක් විතරයි. අද තත්ත්වයත් ඒක ම තමයි. මේ තැරැව්කාර ධනපතියෝ වැවිලි කර්මාන්තයට, පතල් කර්මාන්තයට, රේන්ද (අරක්කු) කර්මාන්තයට සහ වෙළෙඳාමට යොමුවෙලා හිටියා. මේ වෙද්දි පතල් කර්මාන්තයත් රේන්ද කර්මාන්තයත් නැතිවෙලා. බදු වංචාකිරීම වෙනුවෙන් විතරක් සමහර තැරැව්කාර ධනපතියෝ වැවිලි කර්මාන්තයේ නිරතවෙන බවක් පෙන්නනවා. වෙළෙඳ සහ මූල්‍ය ධනපතියෝ ලොකු බලයක් බවට පත්වෙලා ඉන්නවා. මේ වෙළෙඳ සහ මූල්‍ය ධනපතියෝ කීප දෙනා විසින් ආණ්ඩු මෙහෙයවනවා.

කාර්මික විප්ලවය සිද්දවෙච්ච නැති, කාර්මික ධනපති පන්තියක් නැති සමජයක කම්කරු පන්තියක් උපදින්නේ නෑ. කම්කරු පන්තියක් කියන්නේ අහසින් කඩා පාත්වෙන එකක් නෙවෙයි. ඉතින් අපේ වමේ ව්‍යාපාරයට කම්කරු විප්ලවයක් මෙහෙයවන්න විදිහක් නෑ. මේ කියන්නේ අපේ රටේ සමාජවාදී විප්ලවයක් කරන්න බෑ කියන එක නෙවෙයි. අපේ රටේ අනිවාර්යයෙන් ම සමාජවාදී විප්ලවයක් කරන්න ඕන. ඒ වගේ ම, අපේ රටේ සමාජවාදී විප්ලවයක් කරන්නත් පුළුවන්.

අපේ රටේ සමාජවාදී විප්ලවය කරන්න පුළුවන් කොහොම ද? ඒ සඳහා පාරක් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ ව්‍යවස්ථාවෙන් ම පෙන්නලා දීලා තියෙනවා. “ව්‍යවහාරයේ දී මාක්ස්-ලෙනින්වාදී ඉගැන්වීම් ශ්‍රී ලංකාවේ නිශ්චිත තත්ත්වයන්ට නිර්මාණාත්මක ලෙස ගැලපීමට කටයුතු කරන” බව අපේ කොමියුනිස්ට් පක්‍ෂයේ ව්‍යවස්ථාවේ මුල් පිටුවෙන් ම කියලා තියෙනවා. ඒ වගේ ම, අනිත් රටවල්වල විප්ලවවාදී “අත්දැකීම් සුදුසු අවස්ථාවල දී අපේ තත්ත්වයන්ට නිර්මාණාත්මක ලෙස ගැලපීමට” කටයුතු කරන බවත් කොමියුනිස්ට් පක්‍ෂ ව්‍යවස්ථාවේ සඳහන්. ඊට අමතරව, “ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට මාක්ස්-ලෙනින්වාදයේ විද්‍යාව ගැලැපීම” සාමාජිකයන්ගේ වගකීමක් බවත් කොමියුනිස්ට් පක්‍ෂ ව්‍යවස්ථාවෙන් කියලා තියෙනවා.

මාක්ස් - ලෙනින්වාදය අපේ රටේ තත්ත්වයන් එක්ක නිර්මාණාත්මකව ගැලැපීමේ කාර්යය අනිවාර්යයෙන් ම කළ යුත්තක්. මුල දී, එංගලන්තයෙනුත් පස්සේ සෝවියට් දේශයනුත් ලබාගත්ත ධර්මයක් අපේ තත්ත්වයන්ට ගලප්පන්නේ නැතුව ඒ විදිහට ම ක්‍රියාත්මක කරන්න අපිට බෑ. මේ කාරණයට කොමියුනිස්ට් පක්‍ෂය මූලිකත්වයක් දීලා තියෙන බව පක්‍ෂ ව්‍යවස්ථාවේ විධිවිධානවලින් ම පැහැදිළිවෙනවා.

මෙහෙම ගැලැපීමක් කරන්නන් වාලේ කරන්නත් බෑ. ඒ වෙනුවෙන් දැනුම (විද්‍යාව) සහ භාවිතය (චරණය) මූලික කරගත්ත පර්යේෂණ කාර්යයක් කරන්නත් වෙනවා. ඇත්තෙන්ම, ඒ වෙනුවෙන් වැඩපිළිවෙළකුත් අපේ කොමියුනිස්ට් පක්‍ෂය ආරම්භ කරලා තියෙනවා. ඒ, පක්‍ෂයේ “මාක්ස්වාදී පර්යේෂණ ආයතනය” ආරම්භ කිරීමෙන්. ඇත්තෙන් ම, කොමියුනිස්ට් පක්‍ෂයේ “මාක්ස්වාදී පර්යේෂණ ආයතනය” ආරම්භ කළෙත් ලෙනින්ගේ උපන්දිනය සමරන දවසක. ඒ, 2024 අප්‍රේල් 22 වැනි දා. එ දා ඉඳලා මේ දක්වා ගතවෙච්ච අවුරුදු දෙකක කාලය තුළ අපි මේ පර්යේෂණ කාර්යයට අදාළ මූලික වැඩ ගණනාවක් ම කරලා තියෙනවා. මේ වැඩේ තවත් ඉස්සරහට කළ යුතු බව අපි දන්නවා. මේ පර්යේෂණ කාර්යය තුළින් අපේ වමේ ව්‍යාපාරය රටේ මහා දේශපාලන බලයක් බවට පත් කරන මාර්ගය හොයාගන්න පුළුවන් බවත් අපි දන්නවා.

- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති


සම්බන්ධිත පුවත් | Related News

එදා අපි නුඹලාට ත්‍රස්තවාදීන් එක්ක යුද්ධ කරලා රට නිදහස් කරලා දුන්නා
චීන කොමියුනිස්ට් පක්ෂය විසින් 1953 වසරේ සිට ආරම්භ කරන ලද ‘පස් අවුරුදු සැලසුම්’ යනු චීනයේ සමාජයීය සහ ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගත් මුල් පිරීම් මාලාවකි. මෙම සැලසුම් මගින් ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන්නේ පාරිසරික ආරක්ෂාව, අධ්‍යාපනය සහ කාර්මික ක්ෂේත්‍රවල චීන රජයේ ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සංවිධානය සහ ස්ථාපිත කිරීමේ කේන්ද්‍රීය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීමය. නව පස් අවුරුදු සැලසුමක් සකස් කිරීම, සාමාන්‍යයෙන් පවතින සැලැස්මේ මැද භාගයේදී ආරම්භ වේ. මෙය වසර කිහිපයක් පුරා සිදුකරන ඇගයීම්, මූලික පර්යේෂණ කෙටුම්පත් කිරීම සහ සංශෝධන මෙන්ම, මහජන අදහස් ලබා ගැනීම වැනි වට මාලාවකින් සමන්විත වේ. මෙලෙස සකස් කෙරෙන පස් අවුරුදු සැලසුම්, ඒවායේ කාර්යක්ෂමතාව සහ හැකියාවන් මෙන්ම, වේගවත් ආර්ථික වර්ධනය, සංවර්ධනය සහ ආයතනික මූල්‍ය සහ කාර්මික ප්‍රතිපත්ති සඳහා දායක වී ඇති ආකාරය ප්‍රශංසනීයය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි සිරගත වූහ. උන්වහන්සේගේ සිවුර ගලවා ජම්පරයක් අන්දවා ඇතැයි යන ප්‍රවෘත්තිවලින් සමාජ මාධ්‍ය පිරී ඇත. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට උන්වහන්සේට ජම්පරයක් ඇන්දවීම ප්‍රවෘත්තියක් බවට පත්කර මාධ්‍යයට ප්‍රකාශ කරන්නැයි උපදෙස් දුන්නේ කවුදැයි වෙනමම සොයා බැලිය යුතුය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් දුදස්සනව එළවලා දාපු එක ලොකු ප්‍රශ්නයක් කරගත්ත පිරිසක් ඉන්නවා. කිසියම් සංවිධානයක සාමාජිකත්වයක් දරන කෙනෙක්ට ඒ සංවිධානයේ මූලික පිළිගැනීම්වලට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? කිසියම් ආයතනයක සේවය කරන කෙනෙක්ට ඒ ආයතනයේ විනය එකඟතා නො සළකා කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? තමන්ට ඕන ඕන මගුල් කියවන්න, සංවිධානයක පොදු එකඟතාවලට විරුද්ධව, විනය එකඟතා නො තකා වැඩ කරන්න ඒ සංවිධානවල සාමාජිකයන්ට බෑ.
ඊයේ දිනයේ, මගේ හදවතට ඉතා සමීප, ඒ වගේම Fair Comment හි සමීපතම මිතුරෙකුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සාපරාධී අපරාධකරුවෙක් නෙවෙයි. ඔහු නීතියෙන් පැන ගිය කෙනෙකුත් නෙවෙයි. ඔහුගේ එකම වරද වුණේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය—වෙනත් පහළ උසාවියක් හෝ අවධානය සොයන මහේස්ත්‍රාත්වරයෙක් නොව, රටේ ඉහළම අධිකරණය—මීට වසර හතකට පෙර ජනාධිපතිවරයෙක් ගත් තීරණයක් ශුන්‍ය කර දැමීමට තීන්දු කිරීම පමණයි. ඒ තීන්දුව අවලංගු කිරීමෙන් ඔවුන් කළේ ඒ මිනිසාවත් අමු අමුවේ දිය කර හැරීමයි.
බ්‍රසීලයේ 2026 මැතිවරණය ජනාධිපති ලූලා ද සිල්වා (Lula da Silva) සහ ෆ්ලේවියෝ බෝල්සොනාරෝ (Flávio Bolsonaro) අතර දැඩි තරගකාරී, අධික ලෙස ද්‍රැවීකරණය වූ සටනක් බවට පත්ව ඇත. මත විමසුම්වලට අනුව, දෙවන වටයේ තරගයකදී දෙදෙනාම කරට කර තත්ත්වයක පසුවන අතර, මැද මාවතේ විකල්පයන්ට ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකිවී නොමැත. අපේක්ෂකයින් දෙදෙනාටම 50% ක පමණ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිශතයක් ඇති අතර, එම නිසා මෙම මැතිවරණය බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට වඩා ප්‍රතිවාදියා බලයට පැමිණීම වැළැක්වීම අරමුණු කරගත් එකක් බවට පත්ව තිබේ.
ලෝකයේ දියුණු හෙවත් ධනපති රටවල (developed countries) වෘත්තිකයන්ගෙන් අයකරන පුද්ගල ආදායම් බදු (Personal Income Tax) සහ අනෙකුත් සමාජ ආරක්ෂණ දායකත්ව (Social Security Contributions) ක්‍රමවේද ප්‍රධාන වශයෙන් ප්‍රගතිශීලී බදු ක්‍රමයක් (Progressive Tax System) මත පදනම් වේ. එනම්, ලැබෙන ආදායම වැඩි වීමට අනුරූපව බදු අනුපාතයද ඉහළ යයි.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
2003 අවුරුද්දේ මාර්තු 30 වැනි දා, ඉරාකය ආක්‍රමණය කරපු ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී හවුල් හමුදාවල අවසාන බල ඇණි 2026 සැප්තැම්බර් 30 වැනි දා ඉරාකයෙන් ඉවත්වෙලා ගියා. ජනාධිපති ජෝර්ජ් බුෂ් විසින් “ඉරාක නිදහස් මෙහෙයුම” (Operation Iraqi Freedom) කියන නමින් පටන්ගත්ත මේ අධිරාජ්‍යවාදී ආක්‍රමණය අවුරුදු 23 ක වැඩි කාලයක් ඉරාකය තුළ ක්‍රියාත්මක වුණා. ජනතා ඝාතක ආයුධ හොයනවා කියලා බොරුවක් ගොතලා පටන්ගත්ත ඒ ආක්‍රමණයෙන් වෙච්ච විනාශය ලෝකය ම දන්නවා.

ප්‍රධාන පුවත්

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.