දෙවරක් මුදල් ගෙවා තියෙනවා නම් BOC වැරදීමකින්.. ඒක RDA වගකීමක් නෙවෙයි..- නි. ඇමති
මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධාන ගිණුමෙන් හෝ වෙනත් කිසිදු ගිණුමකින් කොන්ත්‍රාත්කරුවන් වෙත සතයක හෝ මුදලක් දෙවරක් ගෙවා නොමැති බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විසින් එල්ල කරන ලද රුපියල් මිලියන 380ක ද්විත්ව ගෙවීම් චෝදනාව සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවත් නියෝජ්‍ය ඇමති ප‍්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කළේය.
රජය විසින් වසරකට රුපියල් බිලියන 340-350ක් වැනි අතිවිශාල ප්‍රාග්ධන මුදලක් වෙන් කරන මෙවැනි ආයතනයක කීර්තිනාමයට හානි කිරීමේ අරමුණින් මෙම ප්‍රකාශ සිදු කර ඇති බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
යම් හෙයකින් ලංකා බැංකුව හරහා එවැනි අතිරික්ත ගෙවීමක් සිදුව ඇත්නම්, එය එම බැංකුවේ වරදක් මිස මාර්ග සංවර්ධන අධිකාරියේ වගකීමක් නොවන බව නියෝජ්‍ය ඇමතිවරයා පෙන්වා දුන්නේය.
"අපි ප්‍රධාන ගිණුමෙන් යම් මුදලක් ගෙවීමට නිර්දේශ කළ විට බැංකුව එය ගෙවනවා. අපේ ගිණුමෙන් මුදල් ලබා නොදී බැංකුව විසින් දෙවරක් ගෙවා ඇත්නම්, එය බැංකුව සහ කොන්ත්‍රාත්කරු අතර සිදුවූ ගනුදෙනුවක් පමණයි" යන්න ඔහුගේ අදහස විය.
මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සිදු කර ඇත්තේ අදාළ ගෙවීමට අදාළ මුල් ගනුදෙනුව (Original transfer) පමණක් බවත්, දෙවරක් මුදල් යවා නොමැති බවත් ඔහු සහතික කළේය.
ප්‍රාදේශීය මට්ටමින් සිදුවූ ගෙවීම් කොළඹ මූලස්ථානය මගින් මාර්ගගතව (Online) සිදු කිරීම නිසා මෙම අවුල ඇති වූ බවට එල්ල වන චෝදනා ද නියෝජ්‍ය ඇමතිවරයා ප්‍රතික්ෂේප කළේය. මීට පෙර පැවති පාරිදෘශ්‍ය ගෙවීම් ක්‍රමවේදයේ කිසිදු වෙනසක් සිදු කර නොමැති බවත්, පැරණි ක්‍රමයම තවදුරටත් ක්‍රියාත්මක වන බවත් ඔහු පැහැදිලි කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා