මහා භාණ්ඩාගාරයේ මංකොල්ලය ගැන ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් ජනපති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ප්‍රශ්න 22ක්..
මහා භාණ්ඩාගාරයේ මංකොල්ලය හෙළිදරව් කර අද (27) වන විට දින පහක් ගතවී ඇතත් මේ සම්බන්ධයෙන් අවම වශයෙන් මහෙස්ත්‍රාත් අධිකරණයකට කරුණු වාර්තා කිරීමවත් සිදු කර නොමැති බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානය පවසයි.
එමෙන්ම ඔවුන් සඳහන් කර සිටින්නේ වැඩ තහනමට ලක්වී ඇති නිලධාරීන්ගේ සාක්ෂි සටහන් කිරීමක් හෝ විමර්ශකයින් විසින් මේ වන තෙක් සිදු කර නොමැති බවය.
ඒ හේතුවෙන් ෆ්‍රී ලෝයර්ස් සංවිධානය විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු කැබිනට් මණ්ඩලයට විවෘත ප්‍රශ්න 22ක් යොමු කර තිබේ.
එම සංවිධානය වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ ජනාධිපතිතුමන් සහ කැබිනට් මණ්ඩලය විසින් මෙම ප්‍රශ්න 22ට විවෘත පිළිතුරු ලබාදිය යුතු බවය.
- උපුටා ගැනීම -
1. ජනරජයේ ජනාධිපතිතුමා, භාණ්ඩාගාරයේ ඩොලර් මි. 2.5 ක් අස්ථානගතවී හෝ මංකොල්ලකෑමකට ලක්වී ඇති බව පිළිගන්නේ ද?
2. මේ සිද්ධිය සිදූවූ දිනය පිළිබඳ ජනාධිපතිවරයා ලෙස ඔබ වෙත කරුණු වාර්තා කර තිබුනේ ද?
3. 2025 සැප්. 6 හෝ ඒ ආසන්න දිනක ඔබතුමන් අමාත්‍ය ධූරය දරන මුදල් අමාත්‍යාංශයේ දත්ත පද්ධතියට සයිබර් ප්‍රහාරයක් එල්ලවී තිබූ බව ජනාධිතිවරයා/මුදල් අමාත්‍යවරයා ලෙස දැන සිටියේ ද?
4. එම ප්‍රහාරය එල්ල වූ බව භාණ්ඩාගාර ලේකම් විසින් ඔබතුමන් සහ මුදල් නියෝජ්‍ය අමාත්‍යතුමන් දැනුවත් කර තිබුණා ද?
5. එම දැනුමත් කිරිම සිදුව තිබුනේ නම්, ඔබතුමන් මුදල් නියෝජ්‍ය අමාත්‍යතුමන් ඒ සම්බන්ධයෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ග කවරේ ද?
6. ඔබතුමන් ඩිජිටල් කටයුතු, මුදල්, ක්‍රම සම්පාදනය, ජාතික ආරක්ෂක විෂය සම්බන්ධයෙන් වන අමාත්‍යවරයා ලෙස මහා භාණ්ඩාගාරයේ සිදු වූ මංකොල්ලය පිළිබඳ වගකීම දැරිය යුතු බව පිළිගන්නේ ද?
7. එසේ නම්, ඔබ ජාතික ආරක්ෂාවේ මුලික විෂය පථයට අයත් අංශ හතරක් මේ වන විට බිඳවැටී ජාතික ආරක්ෂාව අනතුරට පත්ව ඇති බව පිළිගන්නේ ද?
8. ඔබතුමන් භාණ්ඩාගාර ලේකම් ඔබතුමන් විසින් පත් කළ බව පිළිගන්නේ ද?
9. මුදල් ලේකම්වරයා ජනතා විමුක්ති පෙරමුණේ/මාලිමාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බව පිළිගන්නේ ද?
10. ඔහුට භාණ්ඩාගාරය හා මුදල් හා ක්‍රම සම්පාදනය සම්බන්ධයෙන් කිසිදු පුර්ව අත්දැකීමක් නොමැති බව පිළිගන්නේ ද?
11. ඔහු විසින් මේ වන විට මුලික විමර්ශනයට අදාල පත්වීම් හා වාර්තා වෙනස් කරමින් මෙම මංකොල්ලයේ සාක්ෂි විනාශ කරමින් සිටින බව ඔබතුමන් දැන්වත්ව තිබේ ද?
12. මුදල් අමාත්‍යාංශ ලේකම් පත් කිරීමෙන් පසුව මෙම මංකොල්ලය සිදුවු බවත්, ඉන් පසුව මුල්‍ය අපරාධයක දී අනුගමනය කළ යුතු මුලික පරිපාලන ව්‍යවහාරයන් පවා ලේකම්වරයා විසින් පැහැර හැර ඇති බව ඔබතුමන් පිළිගන්නේ ද?
13. මෙම මංකොල්ලකෑම සිදුවූ දිනය හා එයට මහා භාණ්ඩාගාරයෙන් සම්බන්ධ වූ පුද්ගලයින් කවුරුන්ද යන්න ඔබතුමන් දන්නේ ද?
14. මේ සම්බන්ධයෙන් ඔබ විසින් පත් කරනු ලැබූ භාණ්ඩාගාරයේ ලේකම්, ඔබතුමන් දැනුවත් කරනු ලැබූයේ කවදාද?
15. ෆී ලෝයර්ස් සංවිධානය විසින් කථානායකතුමන් දැනුවත් කිරීමට පෙර මේ පිළිබඳ ඔබතුමන් දැනුවත්වූයේ නම්, මේ පිළිබඳ ඔබ ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 148 ව්‍යවස්ථා ප්‍රකාරව පාර්ලිමේන්තුවට හෝ ජනතාව දැනුවත් නොකළේ මන්ද?
16. සෑම මසකටම දෙවරක් හෝ එයට වැඩි අවස්ථාව දී පාර්ලිමේන්තුව ඇමතීම සඳහා පැමිණෙන ඔබතුමන් මේ පිළිබඳ පාර්ලිමේන්තුවෙන් කරුණු වසන් කිරීම වරදක් බව පිළිගන්නේ ද?
17. මේ මංකෝල්ලය සම්බන්ධයෙන් ඔබ විසින් පත් කරනු ලැබූ භාණ්ඩාගාර ලේකම්තුමා, අපරාධ පරීක්ෂණ දොපාර්තමේන්තුවට හෝ පොලීසියට හෝ 2026 අප්‍රේල් 21 දිනට පෙර ( අපගේ හෙළිදරව්වට පෙර) පැමිණිලි කර තිබේ ද?
18. මේ පරිගණක අපරාධය පිළිබඳ පරිගණ අපරාධ හදිසි විමර්ශනය සඳහා ස්ථාපති ආයතන වෙත පැමිණිලි කරනු ලැබූයේ කවදාද? කවුරුන් විසින්ද?
19. එසේ නොකර තිබුණා නම්, එය බලවත් වරදක් බව ඔබ පිළිගන්නවාද?
20. මේ තරම් අක්‍රමිකතා, අතපසුවීම්, වගකීම් විරහිත බව, වංක ලෙස කටයුතු කර තිබෙන මුදල් ලේකම්වරයා කෙරෙහි ඔබට තවදුරටත් විශ්වාසයක් පවතින්නේ ද?
21. මෙහු එම ධූරය දරණ තාක් කල් සාධාරණ විමර්ශනයක් සිදු කළ හැකි බව ජනාධිපතිතුමන්/මුදල් අමාත්‍යතුමන් ලෙස ඔබට විශ්වාසයක් පවතින්නේ ද?
22. හර්ෂණ සුරියප්පෙරුම මහතා පුද්ගලයා වහා ක්‍රියාත්මක වන පරිදි මුදල් අමාත්‍යාංශ ලේකම් ධූරයෙන් ඉවත් කර නිසි විමර්ශයක් සිදු කිරීමට අවකාශය ඔබතුමන්ලා විසින් සලසා දෙන්නේ ද?
- උපුටා ගැනීම අවසන් -
මුලාශ්‍ර - අද දෙරණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි