ඇමති සමන්ත කියන්නේ බොරු.. ගම්මිරිස්වලින් ඒ කියන තරම් ආදායමක් ගන්න බැහැ.. - ගම්මිරිස් වගාකරන මන්ත්‍රී කියයි..
සමන්ත විද්‍යාරත්න අමාත්‍යවරයා සිය ගම්මිරිස් වගාවෙන් වසරකට රුපියල් ලක්ෂ 21ක ආදායමක් ලබන බවට කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම සාවද්‍ය එකක් බව සජබ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරියවංශ බාලසූරිය මහතා පවසයි.
තමන්ද ගම්මිරිස් ගොවියෙකු මෙන්ම ව්‍යාපාරිකයෙකු ලෙස එම ප්‍රකාශය ප්‍රායෝගිකව කළ නොහැක්කක් බව ඔහු අවධාරණය කරයි.
මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, අමාත්‍යවරයා පවසන පරිදි ගම්මිරිස් අක්කරයකින් රුපියල් ලක්ෂ 21ක ආදායමක් ලැබිය නොහැකි බව ඕනෑම අයෙකු දන්නා බවයි.
දැනට වෙළඳපොලේ ගම්මිරිස් කිලෝවක මිල රුපියල් 2000ක් පමණ වන අතර, අක්කරයකින් ලබාගත හැකි උපරිම අස්වැන්න කිලෝ 600-650ක් පමණ වන බව ඔහු පෙන්වා දෙයි.
ඒ අනුව උපරිම ඵලදාවක් ලැබුණද අක්කරයකින් ලබාගත හැක්කේ රුපියල් ලක්ෂ 12ක පමණ ආදායමක් බවත්, පසුගිය වසරේ මෙන් අස්වැන්න අඩු කාලවලදී එය ලක්ෂ එකහමාරක් දක්වා පහත වැටෙන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා මුලින් මෙම ඉඩම තමන්ගේ යැයි පවසා පසුව එහි හවුල්කරුවන් සිව්දෙනෙකු සිටින බව පැවසීම හරහා පෙනී යන්නේ, ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පසුගිය කාලය තුළ උපයාගත් දූෂිත මුදල් වත්කම් බැරකම් ප්‍රකාශ හරහා නීත්‍යානුකූල කර ගැනීමට උත්සාහ කරන ආකාරය බව බාලසූරිය මහතා චෝදනා කළේය.
රටේ ගොවි ජනතාව පොහොර මිල ඉහළ යෑම සහ අස්වැන්න විකුණා ගැනීමට නොහැකි වීම නිසා දැඩි පීඩනයකට පත්ව සිටින මොහොතක, ඇමතිවරුන් මෙවැනි ප්‍රකාශ සිදු කිරීම ජනතාව මුලා කිරීමක් බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.
එමෙන්ම මුදල් අමාත්‍යාංශයේ සිදුවූ වංචාවන් වසා ගැනීමට ආණ්ඩුව හැකර්වරුන් හෝ විපක්ෂය දෙසට ඇඟිල්ල දිගු කරමින් සිටින බවත්, සැබෑ වංචාකරුවන් සිටින්නේ ආණ්ඩුව තුළම බවත් ඔහු මෙහිදී අනාවරණය කළේය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි