News Category
From Date
To Date
Maximum Number of Result

මුදල් කාරක සභාවේ අනුමැතිය නොමැතිව නුවරඑළිය නගර සභාවේ මිලියන 9.7 ක ගනුදෙනුවක්..

Apr 27, 2026 at 05:56 AM
|

නුවරඑළිය මහ නගර සභාවේ වාර්ෂික සංවර්ධන ව්‍යාපෘති සඳහා වීදි ලාම්පු සවිකිරීම වෙනුවෙන් ලබාගත් රුපියල් මිලියන 9.7 (රුපියල් 97,31000.00) ක උපකරණ හා අමුද්‍රව්‍ය නුවරඑළිය මහ නගර සභාවේ මුදල් කාරක සභාවේ සභා අනුමතය ලැබීමට පෙර ගබඩාවට පැමිණ ඇති බවත් ඒ මහ නගර සභාවේ අනුමැතියකින් තොර සභා වාහනයකින්ම ගෙන්වා ඇති බවත් තාක්ෂණික නිලධාරියකු වෙනුවට ගිනිබටයෙකු විසින් තත්ත්වය පරීක්ෂා කර අත්සන් තබා බාර ගෙබ ඇති බැවත් ඒ ඔස්සේ මහා පරිමාණෙ මූල්‍ය වංචාවක් සිදුවී ඇති බවට සැක සහිත බව නුවරඑළිය මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී ජූඞ් චාන්දන මැදගම පසුගිය මහ සභාවේදී අනාවරණය කළේය.

ඔහු මෙම අනාවරණය සිදු කරනු ලැබුවේ පසුගියදා පැවති නුවරඑළිය මහ මහනගර සභාවේ අප්‍රේල් මාසය සඳහා වන වාර්ෂික මහ සභාව පැවති අවස්ථාවේදීය .

මහ සභාවේදී කාරක සභා අවස්ථාවට එළැඹී කමිටු වාර්තා සභා සම්මත කිරීමේ අවස්ථාවේදී මුදල් කාරක සභාවේ වාර්තාව සම්මත කිරීමට විරෝධය පාමින් මෙම අනාවරණය සිදුකළ අතර එහිදී මුදල් කාරක සභාවේ අදාළ කරුණු හැරෙන්නට අනෙක් කරුණු පමණක් සභා සම්මත කිරීමට කටයුතු කරනු ලැබීය.

මහ සභාවෙන් අනතුරුව සිදුව ඇති බවට පවසන අදාළ මිලදී ගැනීමේදී සිදු වූ අක්‍රමිකතාවයන් හා මූල්‍ය වංචාවට පදනම් වූ හේතු සම්බන්ධව නුවරඑළිය මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී යාන්ත්‍රික වීදි ලාම්පු හා ප්‍රවාහන කාරක සභාවේ සභාපති ජූඞ් චාන්දන මැදගම මහතාගෙන් අප සිදුකළ විමසීමකට ඔහු කියා සිටියේ මුදල් කමිටුවේ අනුමැතියකින් තොරව වගකීම් විරහිත පුද්ගලයන් විසින් ටෙන්ඩර් රෙගුලාසි උල්ලංඝනය කරමින් මහ නගර සභාවේ වාහනයක් නීතියට පටහැනිව අත්තනෝමතිකව ආයතනය වෙත ඒවා භාණ්ඩ රැගෙන ඒම හා එම භාණ්ඩ වගකීමකින් තොර පුද්ගලයකු විසින් පරීක්ෂා කර ගබඩාවට ගෙන ඒම තුළින් හා එම භාණ්ඩවල වගකීම් සහතිකයය මෙන්ම බිල්පත්වල ඇති විනිවිද භාවයක් නොමැතිකම ඔස්සේ අදාල ගණුදෙනුව තුල මහා පරිමාණයේ අක්‍රමිකතාවයක් දක්නට ලැබෙන අතර ඒ ඔස්සේ මූල්‍යමය වංචාවක් සිදු වී ඇති බව අනාවරණය වන බවයි.

වැඩිදුර අදහස් දැක්වූ නාගරික මන්ත්‍රී ජූඩ් චාන්දන මැදගම ,

"මෙම කටයුත්තට මුළුමනින්ම වගකිව යුත්තේ මහනගර සභාවට භාණ්ඩ ගෙන්වීම හා සම්බන්ධව කටයුතු කරන නාගරික කොමසාරිස්වරයා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන්, මුදල් කාරක සභාවේ අනුමැතියේ එන්න කලින් මහ නගර සභා වාහනයක නුවර ගිහින් බඩු තෝරන් ඇවිල්ලත් ඉවරයි.

මේ ඩඩු ටික ගෙනත් දෙන්න ඕන ටෙන්ඩර් ගත්ත ආයතනය මිස මහ නගර සභාවේ වාහනයකින් ගිහිල්ලා අරන් එන්න කිසිම නීතිමය ප්‍රතිපාදනයක් නැහැ. එසේ ගෙන්නන විටදීත් මුදල් කාරක සභාවේ අනුමතය ලැබිලත් නැහැ නගරාධිපතිවරයා අත්සන් කරලත් නැහැ.මේ භාණ්ඩ පරීක්ෂා කරලා ගබඩාවට අරන් තියෙන්නේ වැඩ අධිකාරීවරයා සහ ගිණි බටයෙක් පමණයි. පරීක්ෂා කරපු ගිණි බටයාට ඇති සුදුසුකම් මොනවාද ? එය නිවැරදි අන්දමින් පරික්ෂා කළ යුත්තේ ඉංජිනේරුවරයෙකු නමුත් එය කඩිමුඩියේ ගිනිබටයෙකු ලවා පරීක්ෂා කිරීමේ උවමනාව කුමක්ද ? මේකේ විශේෂම කාරණාව තමයි තාක්ෂණික නිලධාරියා ප්‍රතික්ෂේප කරනවා මේ භාණ්ඩ පරීක්ෂා කරන්න බෑ කියලා.

මේ ගෙනාපු විදි ලාම්පු හා සම්බන්ධ ද්‍රව්‍යවල යම්කිසි දෝෂයක් ආවනම් වග කියන්න කෙනෙක් නැති වෙනවා.දැන් ඔය බඩු ගෙනල්ල තියෙන ආයතනයෙන් වීදි ලාම්පු පන්සියයක් අපි මීට පෙරත් මිලදී අරන් තියෙනවා ඒ භාණ්ඩ තත්වය අතින් ඉතාම දුර්වලයි ගෙනාපු සාම්පල් පවා ඉක්මනින්ම පිච්චිලා තියෙනවා. එසේ තිබියදී එම ආයතනයම නැවත තෝරාගැනීමට හේතුව පිළිබඳව අපට බරපතළ ගැටලුවක් තිබෙනවා.මේ හැම සැක කරුණක්ම හේතු කරගෙන තමයි අපි මහා සභාවේදී ඉල්ලීමක් කරේ අභ්‍යන්තරව මේ පිළිබඳව පරීක්ෂණයක් සිදු කරන්න කියලා. මේ පරීක්ෂණයෙන් එන පිළිතුරක් සමඟ අල්ලස් හෝ දූෂණ යටතේ හෝ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සඳහා අප යොමු වන්නට සූදානම් වෙනවා.වසන්ත සැණකෙළි කියල බොරු මවාපෑම් පාමින් හිතුමතේ භාන්ඩ ගෙන්නලා නුවරඑළිය මහ නගර සභාවට වගේම මහජනතාවගේ මුදල් අවභාවිතා කිරීමට අපට ඉඩ තියන්න බැහැ. සමහර භාණ්ඩ තියෙනවා ඉල්ලුම් කරලා මාස පහක් යනවා අපිට ගෙනත් දෙන්න මේකෙ පුදුම වැඩේ කියන්නෙ මුදල් අනුමත වෙන්න කලින්ම බඩු ඇවිල්ල ඉවරයි. මෙම පරීක්‍ෂණය අවසන් වන තුළ අපි ගෙන්නපු භාණ්ඩ භාවිතා කරන්න දෙන්නේ නැහැ. මේ එසේ මෙසේ බඩු ප්‍රමාණයක් නෙමේ රුපියල් අනූ හත් ලක්ෂ තිස් එක්දාහක (97,31000.00) ක මහා පරිමාණ බඩු තොගයක්. මේ ගෙනාපු බඩු වල කිසිම එකක බිල් වල දින සඳහන් වෙලා නැහැ." ඒ ඔස්සේ වගකීම් සහතිකයක් ලබා දෙන්න කිසිම ක්‍රමවේදයක් නැති බවද ඔහු වැඩිදුරටත් පැවසීය .

මෙම ගැටලුව පිළිබඳව නුවරඑළිය මහ නගර සභාවේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයේ නාගරික මන්ත්‍රී නුවන් පොරුතොට නාගරික මන්ත්‍රීවරයාගෙන් අප සිදුකළ විමසුමකට ඔහු කියා සිටියේ බිල්පත්වල අවුල් සහගත තත්වයක් නොමැති නම් මේ වන විට මුදල් කාරක සභාවේ අනුමැතිය ලැබී ඇති බැවින් එම මුදල් ගෙවා දැමීමට කඩිනමින් කටයුතු කළ යුතු නමුත් එහි බිල්පත්වල අහුල්සහගත තත්ත්වයක් ඇතිනම් පරීක්ෂණයක් සිදු කළ යුතු බවයි .

මෙලෙස එල්ල වන චෝදනාව පිළිබඳව නුවරඑළිය මහ නගර සභාවේ නාගරික කොමසාරිස් විජේකොන් බණ්ඩාර මහතාගෙන් සහ නාගරික ඝණකාධිකාරී නන්දන ගුණවර්ධන මහතාගෙන් අප ප්‍රකාශයක් ලබා ගැනීමට කිහිප වතාවක් උත්සහ කලද ඔවුන් මාධ්‍ය වෙත ප්‍රකාශ ලබාදීමට මුලුමනින්ම ප්‍රතික්ෂේප කළේය .

ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය

- lankacnews

සම්බන්ධිත පුවත් | Related News

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.
ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල වැඩසටහන යටතේ ස්වයං රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සබන් නිෂ්පාදනය සහ පාපිසි නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන් දෙකක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදම් පිල්ලේ 2026 වසරේ නොබෙල් සාම ත්‍යාගයෙන් අද (9) පිදුම් ලැබීය.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (09) පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත භාර දී තිබේ.
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට, අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
මෑතකදී ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු හේතුවෙන් රටට රුපියල් බිලියන 15.765 ක මුළු මූල්‍ය අලාභයක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
මොරටුව හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.
අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පුද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ප්‍රධාන පුවත්

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.