කොපමණ කලක සිට භාණ්ඩාර මුදල් හැකරුන් සොරාගෙන ඇත්දැයි හොයනවා..- ඩිජිටල් නි. ඇමති
ඩිජිටල්කරණ ක්‍රියාවලියේදී සයිබර් ප්‍රහාර එල්ල වීම සාමාන්‍ය ලක්ෂණයක් වුවද, මෑතකදී වාර්තා වූ මූල්‍ය වංචාව කොපමණ කාලයක සිට සිදුවූවක්ද යන්න පිළිබඳව දැනට සිදු කෙරෙන පරීක්ෂණවලින් සම්පූර්ණ විස්තරයක් අනාවරණය කරගත හැකි වනු ඇති බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) සහ මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය (FIU) එක්ව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස සිද්ධියට කිසිවකු සම්බන්ධ දැයි සහ එය ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳව ඉදිරියේදී නිවැරදිව දැනගත හැකි වනු ඇත.
අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ මෙය සෘජුවම ඩිජිටල් පද්ධතියක් හැක් කිරීමට වඩා, ජාත්‍යන්තර සමාගමකට අනුරූපී වන පරිදි සමාන ඩොමේන් නාමයක් සහ ඊමේල් ලිපින භාවිතා කරමින් සිදුකළ නොමඟ යැවීමක් බවයි.
අදාළ ආයතනයේ නිලධාරීන් එම වෙනස හඳුනා නොගැනීම හේතුවෙන් මෙම ගැටලුව හටගෙන ඇති බවට විශ්වාස කරන බවත්, මෙයට ආයතනය තුළ පුද්ගලයන්ගේ සම්බන්ධයක් තිබේද යන්න පරීක්ෂණවලින් තහවුරු විය යුතු බවත් ඔහු පැවසීය.
මෙම මුදල් බැංකු පද්ධතිය හරහා හුවමාරු වී ඇති බැවින් මුදල් බැර වූ ස්ථානය පිළිබඳව නිවැරදි ඩිජිටල් සලකුණු පවතින බවත්, ජාත්‍යන්තර නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමඟ එක්ව එම මුදල් නැවත ලබා ගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
මෙවැනි තත්ත්වයන් වැළැක්වීම සඳහා රජයේ ඩිජිටල් පද්ධති පැය 24 පුරාම නිරීක්ෂණය කෙරෙන ජාතික ආරක්ෂක මෙහෙයුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇති බවත්, දැනට ආයතන 12ක් ඒ හා සම්බන්ධ කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි