සද්ද කළොත් අපි යනවා!..
අපේ රට තමයි ථෙරවාදයේ මහගෙදර. මියන්මාව, තායිලන්තය, කාම්බෝජය, ලාඕසය, චම්පාව (දැන් දකුණු වියට්නාමය), චීනයේ ශි-ෂුවන්-පන්නා ප්‍රදේශය, බංග්ලාදේශයේ චිතගොං ප්‍රදේශය ඇතුළත් ථෙරවාද කලාපයට බුද්ධ ධර්මය ව්‍යාප්ත වුණේ අපේ රටේ ඉඳලා. ඒ හින්දා, දැන් “සාම පාගමන” රඟ දක්වන්නේ අපේ රටට ථෙරවාද බුදුදහම හඳුන්වාදීම වෙනුවෙන් නොවන බව අමුතුවෙන් කියන්න ඕන නෑ.
“සාම පාගමන” කියලා හඳුන්වන මේ රංගනයට ඇමෙරිකාවේ ඉඳලා වියට්නාම ස්වාමීන්වහන්සේලා හත් නමක් අපේ රටට වැඩම කළා කියලා ප්‍රවෘත්තියක් දැක්කා. ඊට අමතරව, මේ වැඩේට බල්ලෙකුත් ඇරැගෙන ඇවිල්ලා තියෙනවා. මේ කණ්ඩායම ඇමෙරිකාවේ ඉඳලා ලංකාවට ඇවිල්ලා තියෙන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ආරාධනයෙන් කියලත් කියනවා. මේ වැඩේට මහරාජා මාධ්‍ය ජාලායේ ප්‍රචාරක අනුග්‍රහයත් ලැබෙනවා. “ශ්‍රී ලංකා සාම දූපතේ - සාමය සඳහා ගෝලීය පාගමනක්” (A Global Walk for Peace in the Island of Peace – Sri Lanka) කියලා මේ වැඩේ නිල වශයෙන් නම් කරලා තියෙනවා.
මේ වැඩේට ලොකු ප්‍රචාරයකුත් ලබාදුන්නා. “එහි පස්සිකො” (එව බලව) කියලත් මිනිස්සුන්ට කිව්වා. ඉතින් දැන් අපේ මිනිස්සු පාරට ගිහිල්ලා මේ නාට්‍යය බලනවා.
පුංචි දූපතක් වුනත් අපේ රටේ ජන ඝනත්වය හුඟක් ඉහළයි. ඇමෙරිකාවේ ජන ඝනත්වය වර්ග කිලෝ මීටරයකට 37 ක්. අපේ රටේ ජන ඝනත්වය වර්ග කිලෝ මීටරයකට 372 ක්. මේ 371 හැදෙන්නෙත් අනුරාධපුර, මොණරාගල, වවුනියාව වගේ ජනගහනය අඩු ප්‍රදේශත් එකට දැම්මාම.
පාගමන මහ පාරක යන හින්දා මහ පාර අයිනේ ජන ඝනත්වය රටේ ජන ඝනත්වයට වඩා (372 ට වඩා) හුඟක් ලොකු එකක්. දඹුල්ලේ ඉඳලා නුවර හරහා කොළඹට එන මහ පාරේ දෙපැත්තේ ජීවත්වෙන ජනගහනය ගැන හිතන්න. අපි නිකමට අදාළ දිස්ත්‍රික්කවල ජන ඝනත්ව ගැන හිතමු.
මාතලේ - 310
මහනුවර - 715
කෑගල්ල - 514
ගම්පහ - 1,600
කොළඹ - 3,549
මෙතැන මාතලේ කිව්වාම ලග්ගල, පල්ලේගම විතරක් නෙවෙයි වස්ගමුව කැලේ පවා ඇතුළත්. ඉතින් පාර අයිනේ, මහ පාරේ ඉඳලා කිලෝ මීටරයක් ඇතුළත ඉන්න ජවගහනය ඊට හුඟක් වැඩි එකක්.
අපිට ඇමෙරිකාවට වගේ ලොකු පාරවල් නෑ. අපේ පාරවල් හුඟක් පටුයි. ඒ මදිවට පාර දෙපැත්තේ ම කඩ හදලා. පාරවල් යන වාහන ප්‍රමාණයත් වැඩියි.
ඒ මදිවට, මෙහෙම නාට්‍යය බලන්න යන සංස්කෘතික පුරුද්දකුත් අපිට තියෙනවා. ඉතින් “සාම පාගමන” කියලා රඟ දක්වන නාඩගම බලන්න අපේ මිනිස්සු යනවා. අපේ අය ඕන දෙයක් බලන්න කැමැති මනුස්ස කොට්ඨාශයක්. කෝවිඩ් වසංගතය දවස්වල අලුත් ආසාදිතයෙක් හම්බවුණා කියලා දැනගත්තාම ඒක බලන්න ගිය එවුනුත් මේ රටේ හිටියා. ඉතින් සාම නාඩගම බලන්න අපේ මිනිස්සු වැල නොකැඩි යෑම පුදුමයට කාරණයක් නෙවෙයි.
මේ ඔක්කොම කාරණා සහ තවත් කාරණා මහ ගොඩක් පාගමන් රංගනයට බලපෑම් කරනවා.
ඉතින් බැලූ බැල්මට අපිට පේනේ පාගමන අස්සේ ඇවිස්සෙන මහා ජංජාලයක්. මේ ජංජාලය පාලනය කරන්න පොලිසියට පවරලා. ඉහළ මට්ටමේ පොලිස් නිලධාරියෙක් මිනිස්සුන්ට දොස් කියනවා දවස් දෙකකට කලින් මම දැක්කා. ඊයේ වෙද්දි, වැඩේ තවත් බරපතල වුණා. මිනිස්සු නිශ්ශබ්ද වෙන්නේ නැතිනම් තමන් වේදිකාවෙන් බැහැලා යනවා කියලා නාට්‍යයේ රඟපාන අය කියනවා. ඉතින් මේ නාට්‍යය බලන්න නම් මිනිස්සු පාරට යන්නේ නැතුව ඉන්න ඕන.
මේ ජංජාලයට මිනිස්සුන්ට දොස් කියන්න එපා. මේකට වගකියන්න ඕන අපේ අහිංසක මිනිස්සු නෙවෙයි. මේ මගුල සංවිධානය කරපු එවුන්. මෙහෙම එකකින් සාමයක් ඇති කරන්න බැරි බව පොඩි දරුවෙක්ට වුනත් තේරෙනවා. මේ මැද්දේ බල්ලෙක්ට කරන්න පුළුවන් කිසිම වැඩකුත් නෑ. බල්ලා යොදාගෙන තියෙන්නේ මේ වැඩේට අදාළ ප්‍රචාරක උපක්‍රමයක් විදිහට විතරයි.
- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..
පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..
ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..
ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්