News Category
From Date
To Date
Maximum Number of Result

කඩාවැටෙන ගෝලීය ආර්ථිකය තුළ පළමු වින්දිතයෝ කවුරුන්ද?

Apr 24, 2026 at 10:21 PM
|

ලෝක ආර්ථිකය දැන් භයානක නව අදියරකට පිවිසෙමින් පවතී. අඩු මිලේ ශක්තිය (energy) අහිමි වෙමින් පවතින අතර, වෙළඳ මාර්ග බිඳ වැටෙමින් තිබේ. එසේම ඩොලර් ට්‍රිලියන 102ක් වූ ලෝක ණය බර පවත්වාගෙන යාම දිනෙන් දිනම අසීරු වෙමින් පවතී. මෙම පීඩනය සියලු රටවලට එකසේ බලපාන්නේ නැත—සමහර රටවල් අනෙක්වාට වඩා වැඩි අවදානමකට මුහුණ දෙමින් තිබේ.


මෙම ලිපිය මහාචාර්ය Jiang Xueqin විසින් ඉදිරිපත් කළ “The Nations That Will Collapse First: A Country-by-Country Economic Countdown” නම් YouTube සාකච්ඡාවක් පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක් මත පදනම් වේ. ඉතිහාස චක්‍ර හා ලෝක බල පරිවර්තන පිළිබඳ විශ්ලේෂණය සඳහා ප්‍රසිද්ධ චීන අධ්‍යාපනවේදියෙකු සහ බුද්ධිmatheකු වන ඔහු, සංවර්ධනය වෙමින් පවතින සහ දියුණු ආර්ථික ද්විත්වයම තුළ ව්‍යුහමය දුර්වලතා කෙසේ මතු වෙමින් ඇතිද යන්න විස්තර කරයි.


ඔහුගේ අදහස් මත පදනම්ව, මෙම විශ්ලේෂණය ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, පාකිස්ථානය, ඊජිප්තුව, අප්‍රිකාවේ කොටස් මෙන්ම ජර්මනිය, ජපානය සහ දකුණු කොරියාව වැනි විශාල කාර්මික ආර්ථිකයන් ද ඇතුළත් කරමින් රටින් රට ආර්ථික අවදානම විමර්ශනය කරයි.

අනුවර්තනය ජීවන්ත ජයතිස්ස

පවතින යුද්ධය සහ එයට මැදිහත්ව සිටින දේශපාලනඥයන් මදකට අමතක කරමු. එහෙත් අප මේ ගෙවමින් සිටින දශකයේ වඩාත්ම හදිසි ප්‍රශ්නය වන්නේ ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල කිසිවෙකු අසන්නේ නැති ප්‍රශ්නයකි. එනම් "පළමුව කුමන රටවල් බිඳ වැටේවිද?" යන ප්‍රශ්නයයි.

පසුගිය වසර 40 සිට 50 දක්වා කාලය තුළ, සමස්ත ගෝලීය ආර්ථිකයම රඳා පැවතුනේ  බිඳෙනසුලු කුළුණු තුනක් මතය. එනම්, ලාභ බලශක්තිය, විවෘත වෙළඳ මාර්ග සහ දැරිය හැකි ණය යන කුළුණු තුනය. සෑම කර්මාන්ත ශාලාවක්ම, සෑම සැපයුම් දාමයක්ම, සෑම උකස් ගෙවීමක්ම, සෑම විශ්‍රාම වැටුප් අරමුදලක්ම ඇතුළුව සියල්ල ගොඩනඟා ඇත්තේ බලශක්තිය ලාභදායී වනු ඇති බවටත්, භාණ්ඩ දේශසීමා හරහා නිදහසේ ගලා යන බවටත්, ඕනෑම ගැටලුවක් විසඳීම සඳහා රජයන්ට සෑම විටම අඩු පොලී අනුපාතවලට වැඩි ණය ලබා ගත හැකි බවටත් උපකල්පනය කරමිනි. එහෙත් මේ වන විට උපකල්පන තුනම එකවර බිඳ වැටෙමින් තිබේ.

බලශක්ති මිල ඉහළ යමින් පවතී. තීරුබදු, සම්බාධක සහ වෙනත් විවිධ බාධා යටතේ ගෝලීය වෙළඳාම ඛණ්ඩනය වෙමින් පවතී. ගෝලීය රාජ්‍ය ණය ප්‍රමාණය වාර්තාගත ඩොලර් ට්‍රිලියන 102 කට ළඟා වී ඇති අතර, 2025 සහ 2027 අතර කාලය තුළ OECD ( Organisation for Economic Co-operation and Development. ) හෙවත් ආර්ථික සහයෝගීතාවය සහ සංවර්ධනය සඳහා වන සංවිධානය විසින් නිකුත් කළ ස්වෛරී ණය වලින් හරි අඩකට ආසන්න ප්‍රමානයක් කල් පිරෙන්නේ එම ණය නිකුත් කළ කාලයේ තිබූ පොලී අනුපාතයට වඩා බෙහෙවින් වැඩි පොලී අනුපාත යටතේය.

එක් අර්ථයකින් ගත් කළ මෙය අර්බුදයක්ම නොවේ. එය ව්‍යුහාත්මක නැවත දිශානතියකි. ඒ අනුව එම උපකල්පන තුන මත වැඩිපුරම යැපෙන ජාතීන් පළමුව බිඳ වැටෙනු ඇත.

බංග්ලාදේශය: 95% ගැටලුව

මෙම ප්‍රතිශතාත්මක සංඛ්‍යාව දෙසට හොඳින් අවධානය යොමු කරමු. ඒ අනුව, බංග්ලාදේශය එහි තෙල්වලින් 95% ක් ආනයනය කරන බව පෙනී යයි. එහි කර්මාන්තශාලා, ප්‍රවාහනය සහ කෘෂිකර්මාන්තය බලගන්වන සෑම ඉන්ධන බිංදුවක්ම පාහේ ලෝකයේ වෙනත් තැනකින් පැමිණේ. මේ වන විට, බංගලාදේශයේ සමහර දිස්ත්‍රික්කවල පෙට්‍රල් පොම්ප දැනටමත් වියළී ගොස් ඇත. රට තුළ ඉන්ධන සලාකනය ක්‍රියාත්මක වේ. බංගලාදේශය සතු ඛනිජ තෙල් සංචිත දින කිහිපයක් පමණක් පවතිනු ඇතැයි පුරෝකථනය කර ඇත.

බංග්ලාදේශය සරල සූත්‍රයක් මත ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ඇඟලුම් නිෂ්පාදන ආර්ථිකයක් බවට පත් විය. එනම්, ලාභ ශ්‍රමය, ලාභ බලශක්තිය, ලාභ නැව්ගත කිරීම යන සරල සූත්‍රය මත බංගලාදේශයේ ඇඟලුම් නිෂ්පාදන ආර්ථිකය රඳා පවතී. නමුත් බලශක්තිය තවදුරටත් ලාභදායී නොවන විට බංග්ලාදේශ ආර්ථිකයට කුමක් සිදුවේද? කර්මාන්තශාලා මන්දගාමී වේ. අපනයන නතර වේ. ඒ නිසාම ඊළඟ ඉන්ධන නැව්ගත කිරීම සඳහා ගෙවීමට විදේශ මුදල් පැමිණෙන්නේ නැත. අඩු ඉන්ධන සැපයීම යනු අඩු නිෂ්පාදනයයි. අඩු නිෂ්පාදනය යනු අඩු අපනයන ආදායමයි.නැවත අඩු අපනයන ආදායම යනු අඩු ඉන්ධන ය. එය න්‍යායක් නොවේ. එය මරණ සර්පිලයකි. බංග්ලාදේශයේ දැන් එම මරණ සර්පිලය ක්‍රියාත්මක වෙමින් පවතී.

පකිස්ථානය: කෙළවරේ ජීවත් වීම

පාකිස්තානය තම බල ශක්ති අවශ්‍යතාවයෙන් 80% ක් පමණ ගල්ෆ් කලාපයෙන් ආනයනය කරයි. වත්මන් යුද්ධයට පෙර සිටම එය දැඩි ආතතියකට ලක්ව තිබුණි. අස්ථායී මුදල් තත්වය, ඉහල යන උද්ධමනය, නැවත නැවතත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලැබෙන ණය පකිස්ථාන ආර්ථිකයේ මෙම ආතතියට හේතු වී තිබේ.

ඩීසල් යනු පකිස්ථානයේ භාණ්ඩ ප්‍රවාහන හා කෘෂිකර්මාන්තයේ කොඳු නාරටියයි. ට්‍රක් රථවලින් කෙරෙන ප්‍රවාහන පිරිවැය ඉහළ යන විට, අනෙක් සියල්ල ද එසේම වේ. එනම්, තිරිඟු පිටි, පොහොර, ඖෂධ, ඉදිකිරීම් ද්‍රව්‍ය ඩීසල් වල මිලට සමාන්තරව ඉහළ යයි. සාමාන්‍ය පවුල් සඳහා, මෙය වියුක්ත ආර්ථික විද්‍යාව නොව ඊළඟ මාසයේ දරුවන් පෝෂණය කිරීමට දෙමව්පියන්ට හැකිද යන්න පමණයි.

ඊජිප්තුව: විදුලි පහන් නිවී යන තත්වයක් තුළ

ඊජිප්තුව මැද පෙරදිග සිටින විශාලතම බලශක්ති ආනයනකරුවන්ගෙන් කෙනෙක් වන අතරම කලාපයේ වඩාත්ම ණයගැති ආර්ථිකයන්ගෙන් එකකි. බලශක්ති සංරක්ෂණය කිරීම සඳහා සාප්පු සංකීර්ණ, වෙනත් සාප්පු සහ අවන්හල් ඉක්මනින් වසා දැමීමට රජය දැනටමත් නියෝග කර ඇත. පොදු ස්ථානවල ඇති විදුලි ආලෝකය කපා හැර ඇත. රජයක් විදුලි පහන් නිවා දැමීමට පටන් ගන්නා මොහොත යනු රජය තාවකාලික බාධාවක් කළමනාකරණය නොකරන බවට වන සාක්ෂියක් වන අතර එම රජය ව්‍යුහාත්මක සම්පත් හිඟයක් කළමනාකරණය කිරීමට ආරම්භ කරනු ලබයි.

ඊජිප්තුව ද තම පරිභෝජනයට අවශ්‍ය තිරිඟු වලින් සැලකිය යුතු කොටසක් ආනයනය කරයි. බල ශක්තිය සඳහා ගෙවිය යුතු මිළ ගණන් ඉහළ යන විට, පොහොර මිළ ඉහළ යයි. පොහොර මිළ ඉහළ යන විට, ආහාර මිළ ඉහළ යයි. මිලියන 100 කට අධික ජනතාවක් සිටින රටක, බොහෝ දෙනෙක් දැනටමත් තම ආදායමෙන් වැඩි කොටසක් ආහාර සඳහා වියදම් කරන තත්වයක් තුළ ආර්ථික ගලපා ගැනීමක් සාකච්ඡා කිරීම පවා කළ නොහැකිය. ඒ අනුව ඊජිප්ත්තු සමාජය "සමාජ අස්ථාවරත්වය" අත්විඳිනු ලැබේ. අරාබි වසන්තය ඇති වූයේ සමාජ මාධ්‍ය නිසා නොවේ. එය ආහාර මිල ගණන් ඉහළ යාම නිසා ඇති විය. එම තත්වයන් නැවත මතුවෙමින් පවතින අතර තත්වය පෙරට වඩා නරක අතට හැරී ඇත.

අප්‍රිකාව: ලෝකය නොසලකා හරින මහාද්වීපය

ජාත්‍යන්තර ගලවා ගැනීමේ කමිටුව 2026 වර්ෂයේදීත් ව්‍යසනකාරී තත්වයන්ට මුහුණ දෙන අප්‍රිකානු රටවල් කිහිපයක්ම හඳුනාගෙන තිබේ. එම රටවල් වන්නේ,

දකුණු සුඩානය: රජයේ ආදායමෙන් 90% ක් ලැබෙන්නේ තෙල් අපනයන වලින් වන අතර සුඩානයේ අසල්වැසියන්  යුද්ධයකට මැදිහත්ව සිටින බැවින් තෙල් අපනයනයට බාධා එල්ල වී තිබේ.

ඉතියෝපියාව: එක්සත් ජනපදය ඩොලර් මිලියන 387 ක අරමුදල් කපා හැරීම හේතුවෙන් මිලියන ගණනකට ආහාර බෙදා හැරීම නැවතී ඇති අතර කාන්තාවන් සහ ළමුන් 650,000 ක් සඳහා ලබා දෙන මන්දපෝෂණ ප්‍රතිකාරවලට දැඩි බාධා එල්ල වී තිබේ.

බුර්කිනා ෆාසෝ: සන්නද්ධ කණ්ඩායම් මේ වන විට නගර අවහිර කර, මිලියනයකට අධික ජනතාවකට මානුෂීය ලැබීම ආධාර කපා හැර තිබේ.

උප සහරා කළාපය පුරා, අප්‍රිකාවේ සමස්ථ පැතිරී තිබෙන ජනගහනයෙන් අඩකට වඩා ජීවත් වන්නේ සෞඛ්‍ය හෝ අධ්‍යාපනයට වැය කරනවාට වඩා ණය පොලී ගෙවීම් සඳහා වැඩි මුදලක් වැය කරන රටවල ය. තමන්ගේම ජනතාව ජීවතුන් අතර තබා ගැනීමට සහ අධ්‍යාපනය ලබා දීමට වඩා ණය හිමියන්ට ණය ගෙවීමට එම රටවලට සිදුව තිබේ. ඒ  රටවල ඇත්තේ ආර්ථිකයක් නොවන ණය උගුලකි. බලශක්තියට ගෙවිය යුතු මුදල ඉහළ ගොස් ආහාර එය අනුගමනය කරන විට, මෙම ජාතීන්ට දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දීම උරුම කර දී ඇත. බෝම්බ වැටෙන්නේ ඉරානයට නමුදු කුසගින්න අප්‍රිකාවට පැමිණ තිබේ. 

ජර්මනිය: මන්දගාමී බිඳවැටීම

ජර්මනියට එක රැයකින් ඉන්ධන අවසන් නොවනු ඇත. නමුත් එය තර්කානුකූලවම වඩාත් භයානක ත්ත්වයක් අත්විඳිමින් සිටී. එනම් ව්‍යුහාත්මක නිර්කාර්මිකකරණය.

ජර්මනිය යුරෝපයේ බලවත්ම නිෂ්පාදන ආර්ථිකය වන අතර එය ලාභ රුසියානු ස්වාභාවික වායුව මත ගොඩනඟා ඇත. රසායනික කම්හල්, වානේ කම්හල්, මෝටර් රථ කර්මාන්තශාලා සහ සමස්ත සුළු හා මධ්‍යම ප්‍රමානයේ කර්මාන්ත ක්ෂේත්‍රයම බලගන්වයි. මේ වන විට ඒවායෙහි පදනම අහිමි වී ඇත.

2019 සිට ජර්මනිය කාර්මික අංශයේ රැකියා 400,000 ක් පමණ අහිමි කර ඇත. 2024 සහ 2025 දී පමණක්, එරට නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රය වන මෝටර් රථ, යන්ත්‍රෝපකරණ, රසායනික ද්‍රව්‍ය සහ ඉලෙක්ට්‍රොනික උපකරණ නිෂ්පාදන අංශයන්හි තවත් තනතුරු 248,000 ක් අහිමි කර ඇත. මෝටර් රථ නිෂ්පාදනය 2017 දී වාහන මිලියන 5.6 සිට 2026 දී ප්‍රක්ෂේපිත මිලියන 3.4 දක්වා පහත වැටී ඇත. BSF, Volkswagen සහ Siemens යන සමාගම් වල ආයෝජන විදේශගත කරමින් සිටී. ජර්මනියේ ආයෝජනය කිරීමට පක්ෂව කතා කිරීමට තරම් සාධක කිසිවක් තවදුරටත් නොමැති බව Siemens හි බදු සේවා ප්‍රධානියා ප්‍රසිද්ධියේ පැවසීය. 2023 සහ 2024 යන වර්ෂ දෙකෙහිම දළ දේශීය නිෂ්පාදිතය හැකිලී ගොස් තිබේ. මෙය දශක දෙකකට වැඩි කාලයක් තුළ පළමු වරට අඛණ්ඩව වාර්ෂික පහත වැටීම සනිටුහන් කර තිබේ. 2022 සහ 2025 කාලය අතර ගෑස් සහ විදුලි මිල පිළිවෙලින් 74% සහ 14% කින් ඉහළ ගියේය. ඉන්පසු ඉරාන යුද්ධය තෙල් මිල තවදුරටත් ඉහළ නැංවීය.

ජර්මනිය හදිසියේ කඩා වැටෙන්නේ නැත. නමුත් ජර්මනිය සෙමින් කඩා වැටෙමින් පවතී. මන්දගාමී කඩා වැටීම් වඩාත් භයානක වේ. මන්ද මිනිසුන් කඩා වැටීම අත් දකින විට එය ආපසු හැරවීමට ප්‍රමාද වැඩි වීම නිසාය.

ඩොලර් ට්‍රිලියන 102 ක උගුල

ගෝලීය රාජ්‍ය ණය 2024 දී ඩොලර් ට්‍රිලියන 102 දක්වා අගයකට ළඟා විය. මෙම දශකය අවසන් වන විට එය ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් 100% ඉක්මවනු ඇතැයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පුරෝකථනය කරයි. සංවර්ධනය වෙමින් පවතින රටවල් පමණක් වාර්ෂික ණය සේවා පිරිවැයෙන් ඩොලර් ට්‍රිලියන 1.4 ක ප්‍රමානයක් ගෙවීමට කටයුතු කරයි. ලෝක ජනගහනයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් එනම් බිලියන 3.4 ක ජනතාවක්  සෞඛ්‍ය හෝ අධ්‍යාපනයට වැයකරනවාට වඩා ණය වාරික වල පොලිය ගෙවීමට වැඩි මුදලක් වියදම් කරන රටවල ජීවත් වෙති.

පොලී අනුපාත බිංදුවට ආසන්න වූ පසුගිය කාල සීමාවේදී ,සෑම් රජයක්ම පාහේ කිසිදු අතිරේක ගෙවීමකින් තොරවම මුදල් ණයට ගත්හ. ඔවුන් 2008 අර්බුදය හරහා, COVID හරහා, ආර්ථිකයට උත්තේජනය සැපැයීම, යටිතල පහසුකම්, හමුදා වියදම් සඳහා මුදල් ණයට ගත්හ. පොලී අනුපාත අඩු මට්ටමක පවතින තාක් කල්  මෙම ක්‍රමය ක්‍රියාත්මක විය. දැන් අනුපාත ඉහළ ගොස් ඇති අතර, ආර්ථික සහයෝගීතාවය සහ සංවර්ධනය සඳහා වන සංවිධානය විසින් නිකුත් කළ ස්වෛරී ණය වලින් 45% ක් පමණ 2025 සහ 2027 අතර කාලය තුල පරිණත වේ.ඒ අනුව ලෝක මූල්‍ය පද්ධතියට ණය ආපසු ගෙවීම්වල විශාල රැල්ලක් එල්ලවෙමින් පවතින අතර ඒ සමඟම බලශක්ති මිල ඉහළ යාම, වෙළඳාම කඩාවැටීම සහ ආර්ථික වර්ධනය මන්දගාමී වීම ද සිදුවෙමින් පවතී.

ධනවත් ජාතීන්ට මෙය වේදනාකාරී නමුත් කළමනාකරණය කළ හැකිය. සංවර්ධනය වෙමින් පවතින ජාතීන් සඳහා, එය අනිවාර්යෙන්ම විනාශකාරීය. ඔවුන් ඩොලර් වලින් ණයට ගත්හ. භූ දේශපාලනික අවිනිශ්චිතතාවය විසින් ආයෝජකයින් ඩොලරය දෙසට තල්ලු කරන විට, ඩොලරය ශක්තිමත් වේ. එලෙසම සෑම ණයට ගත් ඩොලරයක්ම දේශීය මුදල් අනුව වඩා මිල අධික වේ. ඒ අනුව ණය ගැතියාගේ ජාතික මුදල් ඒකක දුර්වල වේ. ණය ගැතියාගේ ණය තව තවත් වර්ධනය වේ. ණය ගැතියාගේ සෞඛ්‍ය, අධ්‍යාපනය, යටිතල පහසුකම් සඳහා වෙන් කළ වියදම් කපා හැරීමට සිදුවේ. ණය ගැතියාගේ ආර්ථිකය තවදුරටත් මන්දගාමී වේ. ණයගැති රටවල මුදල් ඒකක තවත් දුර්වල වේ. යමක් කැඩී යන තුරු සර්පිලාකාරය දිගටම පවතී.

ඉතිහාසයේ රටාව

අපි මෙය මීට පෙර දැක ඇත්තෙමු. 1930 ගණන්වල මහා අවපාතය ගෝලීය වෙළඳාමේ බිඳවැටීමක් ඇති කළේය. අපනයන මත යැපෙන ජාතීන් ඔවුන්ගේ ආර්ථිකයන් විනාශ වූ බව දුටුවේය. ආනයනය මත යැපෙන ජාතීන්ට තවදුරටත් මූලික භාණ්ඩ ලබා ගත නොහැකි විය. ඉන්පසු සිදු වූයේ වෙළඳවාදය වැනි ආරක්ෂණවාදයන් ඉස්මුතු වීමය. ඒ අනුව සෑම ජාතියක්ම තම ජාතිය පිළිබඳව පමණක් සිතා කටයුතු කරන්නට විය. අවසානයේ යුද්ධය ආරම්භ විය.

යහපත් කාලවලදී ආර්ථික අන්තර් රඳා පැවැත්ම හොඳින් ක්‍රියාත්මක වේ. නමුත් පද්ධතිය බිඳ වැටෙන විට, වඩාත්ම යැපෙන ජාතීන් පළමුව සහ නරකම ලෙස පීඩා විඳිති. දැන්, පද්ධතිය බිඳ වැටෙමින් පවතී.

බංග්ලාදේශය, පකිස්ථානය, ඊජිප්තුව, ලෙබනනය, ශ්‍රී ලංකාව, උප සහරා අප්‍රිකාවේ ජාතීන් මේ කණ්ඩායමට අයත් වේ. මේ රටවල් පර්යන්ත ආර්ථිකයන් තිබෙන රටවල් නොවේ. මේවා සක්‍රීයව විනාශ වෙමින් පවතින පද්ධති මත යැපෙන මිලියන සිය ගණනක් ජනතාවගේ නිවහන වේ.

නමුත් සැබවින්ම තේරුම් ගත යුතු දේ වන්නේ ඉහත සඳහන් කළ සාධක සරලව මුලින්ම පහත වැටෙන බවයි. බලශක්තිය මිල අධික ලෙස පවතී නම්, වෙළඳාම දිගටම ඛණ්ඩනය වේ නම් සහ ණය සංයුක්ත වෙමින් පවතී නම්, අර්බුදය සංවර්ධනය වෙමින් පවතින ලෝකයේ පමණක්ප වතින්නේ නැත. එය දාමයේ ඉහළට ගමන් කරයි. ජර්මනියට, දකුණු කොරියාවට, ජපානයට, අද ස්ථාවර ලෙස පෙනෙන නමුත් එකම බිඳෙනසුලු උපකල්පන මත ගොඩනගා ඇති ජාතීන්ට එහි ආනිසංශ ලැබෙනු ඇත.

ඔබ හැදී වැඩුණු ලෝකය  හෙවත් ලාභ බලශක්තිය, ලාභ ආහාර, ගෝලීය වශයෙන් සියල්ල ලාභ ලෙස ලබා දෙන ලෝකය අවසන් වෙමින් පවතී. එම අවසාන වීම එක රැයකින් සිදු නොවේ. නමුත් එය අවසන් වෙමින් පවතී. දැන් මෙම සංක්‍රාන්තිය තේරුම් ගන්නා ජාතීන් පෙර පැවැති සාමාන්‍යය තත්වය නැවත පැමිණෙන තෙක් බලා සිටින අයට වඩා මූලික වශයෙන් ශක්තිමත් ස්ථානයක සිටිනු ඇත. මක්නිසාද යත් පෙර පැවැති සාමාන්‍යය තත්වය නැවත පැමිණෙන්නේ නැත.



සම්බන්ධිත පුවත් | Related News

එදා අපි නුඹලාට ත්‍රස්තවාදීන් එක්ක යුද්ධ කරලා රට නිදහස් කරලා දුන්නා
චීන කොමියුනිස්ට් පක්ෂය විසින් 1953 වසරේ සිට ආරම්භ කරන ලද ‘පස් අවුරුදු සැලසුම්’ යනු චීනයේ සමාජයීය සහ ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගත් මුල් පිරීම් මාලාවකි. මෙම සැලසුම් මගින් ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන්නේ පාරිසරික ආරක්ෂාව, අධ්‍යාපනය සහ කාර්මික ක්ෂේත්‍රවල චීන රජයේ ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සංවිධානය සහ ස්ථාපිත කිරීමේ කේන්ද්‍රීය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීමය. නව පස් අවුරුදු සැලසුමක් සකස් කිරීම, සාමාන්‍යයෙන් පවතින සැලැස්මේ මැද භාගයේදී ආරම්භ වේ. මෙය වසර කිහිපයක් පුරා සිදුකරන ඇගයීම්, මූලික පර්යේෂණ කෙටුම්පත් කිරීම සහ සංශෝධන මෙන්ම, මහජන අදහස් ලබා ගැනීම වැනි වට මාලාවකින් සමන්විත වේ. මෙලෙස සකස් කෙරෙන පස් අවුරුදු සැලසුම්, ඒවායේ කාර්යක්ෂමතාව සහ හැකියාවන් මෙන්ම, වේගවත් ආර්ථික වර්ධනය, සංවර්ධනය සහ ආයතනික මූල්‍ය සහ කාර්මික ප්‍රතිපත්ති සඳහා දායක වී ඇති ආකාරය ප්‍රශංසනීයය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි සිරගත වූහ. උන්වහන්සේගේ සිවුර ගලවා ජම්පරයක් අන්දවා ඇතැයි යන ප්‍රවෘත්තිවලින් සමාජ මාධ්‍ය පිරී ඇත. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට උන්වහන්සේට ජම්පරයක් ඇන්දවීම ප්‍රවෘත්තියක් බවට පත්කර මාධ්‍යයට ප්‍රකාශ කරන්නැයි උපදෙස් දුන්නේ කවුදැයි වෙනමම සොයා බැලිය යුතුය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් දුදස්සනව එළවලා දාපු එක ලොකු ප්‍රශ්නයක් කරගත්ත පිරිසක් ඉන්නවා. කිසියම් සංවිධානයක සාමාජිකත්වයක් දරන කෙනෙක්ට ඒ සංවිධානයේ මූලික පිළිගැනීම්වලට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? කිසියම් ආයතනයක සේවය කරන කෙනෙක්ට ඒ ආයතනයේ විනය එකඟතා නො සළකා කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? තමන්ට ඕන ඕන මගුල් කියවන්න, සංවිධානයක පොදු එකඟතාවලට විරුද්ධව, විනය එකඟතා නො තකා වැඩ කරන්න ඒ සංවිධානවල සාමාජිකයන්ට බෑ.
ඊයේ දිනයේ, මගේ හදවතට ඉතා සමීප, ඒ වගේම Fair Comment හි සමීපතම මිතුරෙකුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සාපරාධී අපරාධකරුවෙක් නෙවෙයි. ඔහු නීතියෙන් පැන ගිය කෙනෙකුත් නෙවෙයි. ඔහුගේ එකම වරද වුණේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය—වෙනත් පහළ උසාවියක් හෝ අවධානය සොයන මහේස්ත්‍රාත්වරයෙක් නොව, රටේ ඉහළම අධිකරණය—මීට වසර හතකට පෙර ජනාධිපතිවරයෙක් ගත් තීරණයක් ශුන්‍ය කර දැමීමට තීන්දු කිරීම පමණයි. ඒ තීන්දුව අවලංගු කිරීමෙන් ඔවුන් කළේ ඒ මිනිසාවත් අමු අමුවේ දිය කර හැරීමයි.
බ්‍රසීලයේ 2026 මැතිවරණය ජනාධිපති ලූලා ද සිල්වා (Lula da Silva) සහ ෆ්ලේවියෝ බෝල්සොනාරෝ (Flávio Bolsonaro) අතර දැඩි තරගකාරී, අධික ලෙස ද්‍රැවීකරණය වූ සටනක් බවට පත්ව ඇත. මත විමසුම්වලට අනුව, දෙවන වටයේ තරගයකදී දෙදෙනාම කරට කර තත්ත්වයක පසුවන අතර, මැද මාවතේ විකල්පයන්ට ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකිවී නොමැත. අපේක්ෂකයින් දෙදෙනාටම 50% ක පමණ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිශතයක් ඇති අතර, එම නිසා මෙම මැතිවරණය බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට වඩා ප්‍රතිවාදියා බලයට පැමිණීම වැළැක්වීම අරමුණු කරගත් එකක් බවට පත්ව තිබේ.
ලෝකයේ දියුණු හෙවත් ධනපති රටවල (developed countries) වෘත්තිකයන්ගෙන් අයකරන පුද්ගල ආදායම් බදු (Personal Income Tax) සහ අනෙකුත් සමාජ ආරක්ෂණ දායකත්ව (Social Security Contributions) ක්‍රමවේද ප්‍රධාන වශයෙන් ප්‍රගතිශීලී බදු ක්‍රමයක් (Progressive Tax System) මත පදනම් වේ. එනම්, ලැබෙන ආදායම වැඩි වීමට අනුරූපව බදු අනුපාතයද ඉහළ යයි.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
2003 අවුරුද්දේ මාර්තු 30 වැනි දා, ඉරාකය ආක්‍රමණය කරපු ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී හවුල් හමුදාවල අවසාන බල ඇණි 2026 සැප්තැම්බර් 30 වැනි දා ඉරාකයෙන් ඉවත්වෙලා ගියා. ජනාධිපති ජෝර්ජ් බුෂ් විසින් “ඉරාක නිදහස් මෙහෙයුම” (Operation Iraqi Freedom) කියන නමින් පටන්ගත්ත මේ අධිරාජ්‍යවාදී ආක්‍රමණය අවුරුදු 23 ක වැඩි කාලයක් ඉරාකය තුළ ක්‍රියාත්මක වුණා. ජනතා ඝාතක ආයුධ හොයනවා කියලා බොරුවක් ගොතලා පටන්ගත්ත ඒ ආක්‍රමණයෙන් වෙච්ච විනාශය ලෝකය ම දන්නවා.

ප්‍රධාන පුවත්

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.