භාණ්ඩාගාර ඩොලර් ගේම දුන්නේ හැකර්ලා නෙවෙයි.. ගනුදෙනුවේ emails, love leters වගේ.. - මෛත්‍රී ගුණරත්න සහ කීර්ති තෙන්නකෝන් හෙළිකරන කතාව..
ඕස්ට්‍රේලියානු රජයේ ආයතනයකට ගෙවිය යුතු ඩොලර් මිලියන 2.5ක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් අස්ථානගත වීම සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න සහ රජිත කීර්ති තෙන්නකෝන් යන මහත්වරුන් "Truth with Chamuditha" නාලිකාව සමඟ පැවැත්වූ සංවාදයකදී කරුණු රැසක් අනාවරණය කර තිබේ.
මෙම මූල්‍ය අලාභය හැකර් ප්‍රහාරයක් නිසා සිදුවූවක් බවට රජය පාර්ශවයෙන් අදහස් පළ වුවද, මෛත්‍රී ගුණරත්න මහතා එය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරයි. ඔහු පවසන්නේ මෙය "හැකර්ලාගේ වැඩක් නොව භාණ්ඩාගාරය ඇතුළතින්ම සිදුවූ ඩීල් එකක්" බවයි.
මෙම ගනුදෙනුව සඳහා අදාළ පාර්ශව අතර හුවමාරු වූ ඊමේල් පණිවිඩ ඉතාම ලිහිල්, "ලව් ලෙටර්ස්" (Love Letters) වැනි ස්වභාවයක් ගත් බවත්, "සල්ලි නැත්නම් ලබන සතියේ දෙන්න" වැනි පණිවිඩ පවා එහි තිබූ බවත් හිටපු ආණ්ඩුකාරවරු අනාවරණය කළහ.
සාමාන්‍යයෙන් භාණ්ඩාගාරයෙන් මුදලක් පිටතට ගෙවීමේදී අනුගමනය කළ යුතු නිලධාරීන් 16 දෙනෙකුගෙන් සමන්විත දැඩි අනුමත කිරීමේ ක්‍රියාවලියක් පවතින බව මෙහිදී පෙන්වා දෙන ලදී. විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අට දෙනෙකු සහ රාජ්‍ය ණය කළමනාකරණ දෙපාර්තමේන්තුවේ තවත් හත් දෙනෙකු හරහා ගොස් අවසානයේ භාණ්ඩාගාර ලේකම්වරයාගේ අනුමැතිය ලැබිය යුතු වුවද, මෙම ආරක්ෂිත පියවරයන් සියල්ල සපුරා මුදල් පිටවී තිබේ.
මෙහිදී වත්මන් භාණ්ඩාගාර ලේකම්වරයාගේ ක්‍රියාකලාපය දැඩි විවේචනයට ලක් විය. ඔහුට ප්‍රාදේශීය ලේකම්වරයෙකු හෝ අතිරේක ලේකම්වරයෙකු ලෙස රාජ්‍ය සේවයේ පූර්ව අත්දැකීම් නොමැති බවත්, එවැනි අත්දැකීම් රහිත පුද්ගලයෙකු මෙවැනි තීරණාත්මක තනතුරකට පත් කිරීම මෙම අර්බුදයට ප්‍රධාන හේතුවක් බවත් කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා