හැකර්වරුන් සිදුකළ සොරකමට එරෙහිව පොලිස්පතිට පැමිණිල්ලක්.. භාණ්ඩාගාර ලේකම් ඉවත් කළ යුතු බව සජබය කියයි..
විදෙස් රටක ණය ගෙවීමකට අදාළ මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මුදලක් පරිගණක හැකර්වරුන් අතට පත් වී ඇතැයි කියන සිද්ධිය පිළිබදව විමර්ශනයක් ඉල්ලා පොලිස්පතිවරයා වෙත අද පැමිණිල්ලක් ඉදිරිපත් කෙරුණි.
විද්‍යුත් තැපෑලෙන් මෙම පැමිණිල්ල ගොනු කර තිබුණේ, සත්‍ය ගවේෂකයෝ සංවිධානය විසින්.
එහිදී ඔවුන් පොලිස්පතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ මෙම සිද්ධිය පිළිබදව සොයා බැලීමට දැනටමත් අදාළ ප්‍රශ්නගත දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් සමන්විත තාක්ෂණික විමර්ශන කමිටුවක් පමණක් ප්‍රමාණවත් නොවන බවයි.
ඇමරිකානු ඩොලර් මිලියන 22.9ක ණය මුදලක් ගෙවීමට තිබූ රටකට ණය පියවීමක් ලෙස මහා භාණ්ඩාගාරය මගින් ගෙවූ ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් පරිගණක හැකර්වරුන් අතට පත් වී ඇති බවට මේ වන විට කරුණු රැසක් වාර්තා වී තිබේ.
ෆ්‍රී ලෝයර්ස් සංවිධානයද ලිපියක් මගින් අදාළ සිද්ධිය පිළිඳව කරුණු රැසක් අනාවරණය කර තිබිණි.
එහි සභාපති ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්නගේ අත්සනින් නිකුත් කළ ලිපියක් මගින් පෙන්වා දී තිබුණේ ශ්‍රී ලංකා රජය 2025 වසරේ සැප්තෑම්බර් මස අග වන විට ඩොලර් මිලියන 22.9 ක ණය මුදලක් ගෙවීමට තිබු රටකට, ණය පියවීමක් ලෙස ඉන් කොටසක් එනම්, ඩොලර් මිලියන 2.5 ක මුදලක්, මහා භාණ්ඩාගාරය විසින් 2025 වසරේ දෙසැම්බර් සිට 2026 ජනවාරි 31 වැනිදා දක්වා කාලය තුල පියවා ඇති බවයි.
නමුත් එම මුදල් අදාළ ණයහිමියා වෙත නොව, තුන්වැනි පාර්ශවයකට එනම් පරිගණක හැකර්වරුයෙකු වෙත යොමු කර ඇති බවද අදාළ ලිපියේ දැක්වේ.
මේ අතර, සමගි ජනබලවේගයේ අද කැදවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් කියා සිටියේ මෙම සිද්ධියට අදාළව මහා භාණ්ඩාගාර ලේකම්වරයා ඉවත් කළ යුතු බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි