මාලිමා ආණ්ඩුව පිට පිටම දැවැන්ත දේශපාලන පරාජයන් දෙකක් ලැබුවා.. - නිර්මාල්..
දෙමළ ලේඛක දීපචෙල්වම්ගේ කෘති කිහිපයක් රේගුව භාරයේ රඳවා තබා ගැනීම, වත්මන් මාලිමා ආණ්ඩුව ලැබූ දැවැන්ත දේශපාලන පරාජයක් බව ඉතිහාසඥ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.
මෙය මීට පෙර ආන්දෝලනයට තුඩු දුන් ගල් අඟුරු ගනුදෙනුව සම්බන්ධ සිදුවීම හා සමාන දේශපාලන පරාජයක් බවත්, ආණ්ඩුව බලයට පත්වීමට පදනම් වූ ප්‍රධාන බලකනු දෙකකට මෙම සිදුවීම් හරහා දැඩි හානි සිදුව ඇති බවත් ඔහු අවධාරණය කරයි.
ආචාර්ය දේවසිරි මහතා පෙන්වා දෙන්නේ මාලිමා ආණ්ඩුව බලයට පත්වීම සඳහා මහජන මුදල් අවභාවිතය වැළැක්වීම සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තහවුරු කිරීම යන ප්‍රධාන කතිකාවන් දෙක බලපෑ බවයි.
ගල් අඟුරු සිද්ධිය හරහා දූෂණ විරෝධී ප්‍රතිරූපයට හානි වූවා සේම, දීපචෙල්වම්ගේ කෘති රඳවා තබා ගැනීම හරහා ආණ්ඩුව හුස්ම ගන්නා "අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සහ ප්රජාතන්ත්රවාදී අයිතිය" නමැති කුළුණ බිඳ වැටෙමින් පවතින බව ඔහු පෙන්වා දෙයි.
මෙම ප්රශ්නය සම්බන්ධයෙන් සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඇතුළු පිරිස ඉදිරිපත් කරන තාක්ෂණික හා නෛතික කරුණු පිටුපස සැඟවීම සුදුසු නොවන බව දේවසිරි මහතා පවසයි.
මෙහි ඇති මූලික ගැටලුව අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක් මිස තාක්ෂණික කරුණක් නොවන බව ඔහුගේ මතයයි.
අදාළ කෘතිවල "දෙමළ අන්තවාදී අදහස්" අඩංගු බවටත්, ඒවා මගින් සංහිඳියාවට බාධා වන බවටත් නැගෙන චෝදනා ආචාර්යවරයා බැහැර කරයි.
ඔහු පවසන්නේ නලින් ද සිල්වා වැනි අයගේ අදහස් ද ඇතැම් පාර්ශ්වයන්ට අන්තවාදී ලෙස පෙනිය හැකි වුවත්, එවැනි පදනම් මත අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සීමා නොකළ යුතු බවයි. එමෙන්ම, රාජ්‍ය බලාධිකාරය මැදිහත් වී හුදු "සැකය" මත පදනම්ව කෙනෙකුගේ අදහස් පාලනය කිරීම බරපතල තත්ත්වයක් බව ඔහු පෙන්වා දෙයි.
වර්තමාන ඩිජිටල් යුගයේ මුද්‍රිත කෘති රඳවා තබා ගැනීමෙන් කිසිදු ප්‍රායෝගික ප්‍රයෝජනයක් අත්නොවන බව ආචාර්යවරයා පවසයි.
සමාජ මාධ්‍ය හරහා ඕනෑම අදහසක් වේගයෙන් සංසරණය වන පසුබිමක, පොත් තහනම් කිරීම හරහා සිදුවන්නේ එම අදහස් පිළිබඳව මහජනතාව තුළ වැඩි උනන්දුවක් ඇතිවීම පමණක් බව ඔහු පෙන්වා දෙයි.
දැනටමත් මෙම කෘතිවල PDF පිටපත් සොයා ගැනීමට ජනතාව උත්සාහ කරමින් සිටින බව ඔහු සඳහන් කරයි.
මෙම ප්රශ්නය "ජාතික ආරක්ෂාව" පිළිබඳ ගැටලුවක් ලෙස හුවා දැක්වීම පසුගිය මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ පාලන සමයන්හි දක්නට ලැබුණු ලක්ෂණයක් බවත්, වත්මන් ආණ්ඩුව ද එම උගුලේම වැටී ඇති බවත් දේවසිරි මහතා පවසයි.
සංස්කෘතික ක්ෂේත්රයට අදාළ කරුණු ජාතික ආරක්ෂාව පිළිබඳ කතිකාවට මාරු කිරීම ආණ්ඩුවේ දුර්වල අර්බුද කළමනාකරණය පෙන්නුම් කරන්නක් බව ඔහු විවේචනය කරයි.
ආණ්ඩුව වහාම මැදිහත් වී මෙම කෘති නිදහස් කිරීමට පියවර නොගතහොත්, එය ආණ්ඩුවේ පැවැත්මට පවා බලපාන බරපතල දේශපාලන පරාජයක් වනු ඇති බවට ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා අනතුරු අඟවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාව පිළිබඳව නව වාර්තාව සම්බන්ධයෙන් ආචාර්ය සරත් වීරසේකරගෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා වෙත විවෘත ලිපියක්..
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන