ආණ්ඩුවේ බලශක්ති අර්බුදය ගැන ලියූ ජනමාධ්‍යවේදිනී සුලෝචනා CIDයේ උදහසට ලක්වෙයි..
සිලෝන් ටුඩේ පුවත්පතෙහි පළ වු තමන්ගේ ලිපියක් සිය X සමාජ මාධ්‍ය ගිණුමෙහි බෙදාගත් ජනමාධ්‍යවේදී සුලෝචනා රාමයියා මොහාන්ගේ ගිණුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ සමාගමෙන් කරුණු විමසා ඇති බව වාර්තා වෙතැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි.
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මෙම සිදුවීම සම්බන්ධයෙන් මෙසේද සඳහන් කරයි.
‘එක්ස් සමාජ මාධ්‍ය සමාගම මේ සම්බන්ධයෙන් විද්‍යුත් ලිපියක් යොමු කොට සිය පරිශීලිකාවක වන සුලෝචනා රාමයියා මොහාන් දැනුවත් කර තිබේ.
එම දැනුම් දීමට අනුව ආණ්ඩුවේ බලශක්ති අර්බුදයට අදාළව ඇය ලියූ Govt seeks time to address power ministry issue යන හිසින් යුතු ලිපියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම කරුණු විමසීම සිදුකර ඇත.
එක්ස් සමාගම පවසන්නේ ඇගේ ලිපිය ලංකාවේ නීතිය උල්ලංඝනය කරන කරුණුවලින් යුක්ත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර ඇති බවයි.
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය එම ලිපිය විමසුමට ලක්කරන ලද අතර පුවත්පතෙහි පළ වූ ලිපියෙහි හෝ පසුව එක්ස් ගිණුමෙහි එය ඈඳමින් බෙදාගත් සටහනෙහි අනීතික කරුණු කිසිවක් දාශ්‍යමාන නොවේ.
එබැවින් මාධ්‍යවේදී සුලෝචනාගේ එම පළකිරීම ඉවත් කිරීමට හෝ ඇගේ ගිණුම අවහිර කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ සමාගමෙන් ඉල්ලා සිටීමේ සැබෑ හේතුව පැහැදිලි නැත.
එහෙත් මෙම සිදුවීම ප්‍රකාශනයේ නිදහස කෙරෙහි අනිසි ලෙස අතපෙවීමේ බරපතල සිදුවීමක් ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විශ්වාස කරයි. මේ සම්බන්ධයෙන් දේශීය සහ ගෝලීය වශයෙන්, අදාළ සියලු පාර්ශව දැනුවත් කිරීමට පියවර ගන්නා අතර තවදුරටත් විමර්ශන සිදු කරමින් සිටින බවද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි.
එසේම බරපතල දූෂණයක් ලෙස චෝදනා නැගී ඇති බලශක්ති අර්බුදයට අදාළ පළකිරීම් සිදු කිරීම නිසා මාධ්‍යවේදිනී සුලෝචනා රාමයියාමොහාන් කිසියම් අවදානමකට ගොදුරු වීමට ඉඩ ඇතිද යන්නද නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ විමසුමට ලක්ව තිබේ.’
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි