පිස්සන්ගේ රටක්!
බටහිර ප්‍රොපගැන්ඩා යාන්ත්‍රණය විසින් උතුරු කොරියාව ගැන අපේ අයගේ ඔළු ගෙඩිවල පැළ කරපු කතාවක් තියෙනවා. ඒ කතාවේ හැටියට උතුරු කොරියාව කියන්නේ සමාජ - ආර්ථික අතින් ඉතාමත් පහළින් තියෙන මහ කාලකන්නි රටක්.
මෙච්චර පහළින් තියෙනවා කියලා කියන උතුරු කොරියාව ගැන මම ලියනවා. ඒ රටේ ඇත්ත තත්ත්වය පෙන්නන වීඩියෝ ෂෙයාර් කරනවා. බටහිරට වැඳගෙන ඉන්න අයට මේ වැඩේ දරාගන්න බෑ. ඒ යක්කු හිතන්නේ මට ඩෝප් කියලා. ඇත්තටම කාට ද අන්දකයිප්පු කියලා මම තේරුම් කරලා දෙන්නම්.
අපිට පුළුවන් අපේ තත්ත්වය උතුරු කොරියාවත් එක්ක සන්සන්දනය කරන්න. එච්චර පහළින් තියෙන රටක් අපිට උඩින් ඉන්න විදිහක් නෑනේ. ඉතින් අපිට මේ වැඩේ බය නැතුව කරන්න පුළුවන්.
දකුණු කොරියාව විදුලි ආලෝකයෙන් දිදුලද්දි උතුරු කොරියාව අඳුරේ තියෙන “සැටලයිට් පින්තූරයක්” අපේ අය උස්සගෙන ඉන්නවා. මේ පින්තූරය තමන්ට දුන්නේ කවුද කියන එකවත් බටහිර වන්දනා නඩය හිතන්නේ නෑ.
කොහොම වුනත් මම මේ කරන්නේ උතුරු කොරියාව දකුණු කොරියාවත් එක්ක සැසඳීමක් නෙවෙයිනේ. මම උතුරු කොරියාව සන්සන්දනය කරන්නේ අපේ මේ සිරිලංකාවත් එක්ක.
2023 දත්තවලට අනුව, උතුරු කොරියාවේ පුද්ගලයෙක් අවුරුද්දකට මෙගා වොට් පැය (MWh) 1.01 ක විදුලිය ප්‍රමාණයක් පරිභෝජනය කරනවා. ඒ කියන්නේ අවුරුද්දකට කිලෝ වොට් පැය (kWh) 1010 ක්. 2023 අවුරුද්දේ අපේ ඒ ප්‍රමාණය කිලෝ වොට් පැය (kWh) 642 ක්. ශ්‍රී ලංකාවේ කෙනෙක් අවුරුද්දකට පාවිච්චි කරන විදුලිය ප්‍රමාණය වගේ සීයට 157 කට වැඩි ප්‍රමාණයක් උතුරු කොරියාවේ කෙනෙක් පාවිච්චි කරනවා කියන එක තමයි මේ කාරණයෙන් පැහැදිළිවෙන්නේ. ඒ කියන්නේ, විදුලි පරිභෝජනය අතින් අපි ඉන්නේ උතුරු කොරියාවට ගොඩක් පස්සෙන්.
අපේ රටේ ආණ්ඩුව විසින් පවත්වාගෙන යන විශ්වවිද්‍යාල 17 ක් තියෙනවා. උතුරු කොරියාවේ මේ ප්‍රමාණය 300 කට වැඩියි. (අපේ රටේ ජනගහනය දෙකෝටි විසි ලක්‍ෂයක් බවත් උතුරු කොරියාවේ ජනගහනය දෙකෝටි හැට ලක්‍ෂයක් බවත් අමතක කරන්න එපා. ඒ කියන්නේ මේ රටවල් දෙකේ ජනගහනය අතර ලොකු වෙනසක් නෑ)
උතුරු කොරියාවේ අගනුවර උමං දුම්රිය මාර්ග දෙකක් තියෙනවා. ඒ මාර්ගවල දුවන දුම්රියවල දවසකට ලක්‍ෂ 5 ක විතර ජනගහනයක් ප්‍රවාහනය කරනවා. අපේ අගනුවර (කොළඹ) උමං දුම්රිය නෑ. ඉතින් මේ කාරණයේ සන්සන්දනය කරන්න තරම් දෙයක් නෑ.
උතුරු කොරියාවේ සාමාන්‍ය දුම්රිය මාර්ග පද්ධතිය කිලෝ මීටර් 6000 කට වඩා දිගයි. අපේ දුම්රිය මාර්ග පද්ධතිය කිලෝ මීටර් 1600 ක් විතර ඇති. අපි දැන් දඟලමින් ඉන්නේ මහනුවරට යන කෝච්චි පාලම හදාගන්න. අපිට තාමත් ඒ වගේ වැඩක්වත් කරගන්න බෑ.
උතුරු කොරියාවේ වාහන නිෂ්පාදන කර්මාන්ත ශාලා අටක් තියෙනවා. මේවා අතර කාර්, බස් විතරක් නෙවෙයි විදුලි දුම්රිය හදන කර්මාන්ත ශාලාත් තියෙනවා. උතුරු කොරියාවේ අගනුවර තියෙන එක කර්මාන්ත ශාලාවක අවුරුද්දකට බයිසිකල් ලක්‍ෂ 3 ක් විතර නිෂ්පාදනය කරනවා.
ඊට අමතරව විදුලි බයිසිකල් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාත් තියෙනවා.
උතුරු කොරියාවේ ට්‍රැක්ටර් හදන විශාලතම කර්මාන්ත ශාලාවේ අවුරුද්දකට ට්‍රැක්ටර් 10,000 ක් විතර හදනවා.
අපේ රටේ වාහන නිෂ්පාදනය ගැන කියන්න තියෙන්නේ මොනවා ද?
උතුරු කොරියාවේ අවුරුද්දකට මෙට්‍රික් ටොන් 888,830 ක මත්ස්‍ය නිෂ්පාදනයක් කෙරෙනවා. අපේ රටේ ඒ ප්‍රමාණය අවුරුද්දකට මෙට්‍රික් ටොන් 292,765 ක්. ඒ කියන්නේ අපේ මත්ස්‍ය නිෂ්පාදනය වගේ තුන් ගුණයකට වඩා මත්ස්‍ය නිෂ්පාදනයක් උතුරු කොරියාවේ සිද්දවෙනවා.
උතුරු කොරියාවේ නැව් නිෂ්පාදන කර්මාන්තයත් ලොකු එකක්. විශාල නැව් නිෂ්පාදනය කරන මහ තටාකාංගන දෙකක් උතුරු කොරියාවට තියෙනවා. නැව් නිෂ්පාදන කර්මාන්තයේ අපි කොතැන ද ඉන්නේ?
අපේ මේ සිරිලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 96 කට වැඩියි. උතුරු කොරියාවේ රාජ්‍ය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 10 ක් විතර ඇති.
මම මේ කිව්වේ කාරණා කීපයක් විතරයි. පස්සේ තව කියන්නම්.
- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..