News Category
From Date
To Date
Maximum Number of Result

ආණ්ඩුවේ කෙසෙල් කැන හොරාට කලින් වැට පැනීම.. HSBC හි CEO ගේ ප්‍රකාශයට CPC දුන් උත්තරයෙන් අතේ මාට්ටු වූ දේ..

Apr 18, 2026 at 07:36 AM
|

HSBC ප්‍රධාන විධායක ජෝර්ජ් එල්හෙඩරි ජාත්‍යන්තරය ඉදිරියේ ලංකාව ගැන පහත කතාව කීවේය (පිංතූර බලන්න).

"The highest I've seen is $286 for a barrel of oil that reached Sri Lanka." 

එනම් බොරතෙල් මිල ලෝක වෙළඳපොලේ බැරලයක් ඩොලර් 110-115 ක් වන අවස්ථාවේ, එයට රක්ෂණ මුදල් සහ අනෙකුත්  සාධක ඇතුලත්ව ඩොලර් 130-140 වාගේ අගයකට අනෙකුත් ආසියානු රටවල් තෙල් මිලදී ගනිද්දී ලංකාවේ කවුරුන් හෝ (එනම් එක්කෝ ලංකා ඛනිජ තෙල් සංස්ථාව එනම් CEYPETCO හෝ සිනොපෙක් හෝ IOC හෝ RM Parks) බැරලයකට ඩොලර් 286 ක් ගෙවා ඇති බවයි. 

මෙය ජාත්‍යන්තර මාධ්‍ය (Bloomberg, Reuters වැනි) සහ ලංකාවේ මාධ්‍ය වාර්තා කල විගසම මේක බොරුවක් යැයි පෙන්වන්නට කලබල වූ ඛනිජ තෙල් සංස්ථාව (CPC) මාධ්‍ය නිවේදනයක් දමා කියා සිටියේ ඔවුන් යුද්ධයෙන් පසු තෙල් නැව් වලට ගෙවීමට පොරොන්දු වී ඇත්තේ ඩොලර් 71 - 113.29 ත් අතර මිලක් බවයි (පිංතූර බලන්න).

මෙය කලබලේ වැඩිකමට කරගත් නැවත හැරවිය නොහැකි “ලොකු” නස්පැත්තියකි. මේ නිවේදනයත් සමග ඔවුන් නොදැනුවත්වම තමන්ගේම මර උගුලක පැටලී අවසන්ය. ඒ ඇයි කියා කියවා බලන්න 👇.

දැන් මේ  පහත දක්වා ඇති අවස්ථාවන් දෙකෙන් එකක් අනිවාර්යයෙන්ම ඇත්ත විය යුතුය. මේ CPC ලිපිය විසින් එය ස්ථීර කර ඇත.

(01)

මාර්තු 21 රටේ තෙල් මිල ඉහළ දැමූ අවස්ථාවේ, ලෝක වෙළඳපොලේ බොර තෙල් මිලෙහි සාමාන්‍ය අගය ඩොලර් 95 මට්ටමේ තිබුනි. 

එහිදී ඩීසල් ලීටරයකට රු. 100 ක් සහ ප්‍රෙට්‍රල් ලීටරයකට රුපියල් 20 ක් පාඩු පිට විකුණන බවට ආණ්ඩුව කියා සිටියේය. අප මිල සූත්‍රය අනුව ගණනය කර පෙන්වූයේ එසේ නම් ආණ්ඩුව බොරතෙල් බැරලයක් $95 ට නොව ආසන්න වශයෙන් $250 කට මිලට ගත යුතු බවයි. (අපගේ ඒ ගණනය කල කොටසේ පින්තූරයක් මෙහි ඇත. සම්පූර්ණ ලිපියට ලින්ක් එක කමෙන්ට් එකක ඇත.)

එනම් එක්කෝ බැරලයක් $250 කට වඩා ගෙවා මිලට ගෙන ඇත. නැත්නම් අඩු මිලට මිලදී ගෙන, යුද්ධය මුවාවෙන් මිල වැඩි කර අති දැවැන්ත ලාභයක් ආණ්ඩුව ලබමින් සිටින බවයි.

දැන් එහි කුමන අවස්ථාව හරියාවි දැයි බලමු 👇.

(ආණ්ඩුවට වාසිදායක වන ලෙස, අපි ඩොලරයේ අගය රු. 315 ලෙස උපකල්පනය කරමු).

ඔවුන් කියන උපරිම මිල වන ඩොලර් 113.29 කට බැරලයක් ගෙනාවා නම් මිල සූත්‍රයට ආදේශ කල විට ආණ්ඩුව ලබන ලාභය විය යුත්තේ:

• Auto Diesel: ලීටරයකින් රු. 113 ක ලාභයක්!

• Super Diesel: ලීටරයකින් රු. 169 ක ලාභයක්!

• Octane 92: ලීටරයකින් රු. 134 ක ලාභයක්!

• Octane 95: ලීටරයකින් රු. 186 ක ලාභයක්!

උපරිම ගාණ වන ඩොලර් 113 ට ගෙනාවත් තත්ත්වය මේක නම්, ඔවුන් කියන විදිහට ඩොලර් 71 ක් නම් ගෙවන්නේ මේ ලාභය තවත් වැඩි වෙන එක අහන්න දෙයක් නෑනේ!

😂එවිට දැන් තියෙන ප්‍රශ්නය මේකයි:

අවස්ථාව 01 

ඔවුන් ඇත්තටම තෙල් ගෙනාවේ ඩොලර් 113 ට (හෝ 71 ට) නම්, මාර්තු 21 ඉන්ධන මිල ඉහළ දමමින් "අපි ඩීසල් ලීටරයකින් රු. 100 ක් පාඩු ලබනවා" යැයි ජනතාවට කීවේ අමුම අමු බොරුවකි. පාඩු ලබනවා වෙනුවට ඔවුන් සුපර් ඩීසල් ලීටරයකින් රු. 169 ක දැවැන්ත ලාභයක් ලබමින් සිටී! එසේනම් පාඩුවක් පියවීමට යැයි කියමින් මිල වැඩිකර, මේ සාමාන්‍ය ජනතාව මහ දවල් කොල්ලකන්නේ ඇයි? මිල වැඩි කිරීම රටේ සමස්ථ ආර්ථිකයට කොපමණ හානිදායකද යන්න අමුතුවෙන් කියන්න උවමනා නැත.

අවස්ථාව 02

 "රු. 100 ක පාඩුවක් පියවා ගැනීමට ජනතාවට මිල වැඩිකළා" යන්න සත්‍යයක් නම්, ඒ සඳහා, අප පෙන්වා දුන් පරිදි තෙල් බැරලයක් අනිවාර්යයෙන්ම ඩොලර් 250 කට වඩා වැඩි මුදලකට ගෙන තිබිය යුතුය!

එය හරියටම HSBC බැංකුවේ CEO කියූ ඩොලර් 286 ක ගනුදෙනුව සමග සියයට සියයක් පෑහේ. ලෝකයේ වැඩිම මිල වන ඩොලර් 286 කට බොරතෙල් බැරලයක් ගෙන අනුරගේ ආණ්ඩුව ලෝක වාර්තාවක් තිබ්බාද?

එය එසේනම් උපරිමයෙන් 150 කට ගත හැකිව තිබූ බැරලයකට ඩොලර් 286 ක් ගෙව්වෙ ඇයි? එය සත්‍යයක් නම් මෙම backdoor deals හරහා තෙල් ගෙන, ඔවුන් ඩොලර් මිලියන ගණනින් මහජන මුදල් කොල්ලකා හෝ නාස්ති කර ඇත්ද?

මේ කුමන අවස්ථාව ගත්තද, ආණ්ඩුව සහ ජනාධිපතිවරයා ජනතාව ඉදිරියේ සම්පූර්ණයෙන්ම නිරුවත් වී හමාරය. එක්කෝ මොවුන් ලාභ තබාගෙන ජනතාවට බොරු පාඩුවක් පෙන්වා පොම්පයේදී සාක්කුවට විද ඇත. 

නැත්නම් ඩොලර් 286 කට තෙල් මිලට ගෙන අප රටේ තියා ලෝකේ වෙනත් කිසිම රටක නොවූ ලෝක වාර්තාවක් තබා ඇත. දිසානායක ජනාධිපති ලෝක මට්ටමේ නායකයෙක් කියා කොහෙදෝ, කවුදෝ කියා තිබෙනු දුටිමු. ඒ සමහරවිට මේ ලෝක වාර්තාව නිසා විය හැක?

මෙහි විශාල අවුලක් ඇති බව දැන් ගණිතමය වශයෙන් ඔප්පු වී අවසන්ය. The math doesn't lie, even if the government does! යනුවෙන් ප්‍රසිද්ධ ඉංග්‍රීසි කතාවක්ද ඇති බව මතක් කල යුතුය.

- Sarathi Ratnayake

(සමාජ මාධ්‍යයෙන් උපුටා ගන්නා ලදී)



සම්බන්ධිත පුවත් | Related News

දැනට වසර 51කට පමණ පෙර පටිගත කරන ලද දුර්ලභ වීඩියෝ දර්ශනයක් ඇසුරින්, ආචාර්ය ගුණදාස අමරසේකර ශූරීන් විසින් හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් පිළිබඳව කරන ලද විශේෂ ප්‍රකාශයක් ඇතුළත් වීඩියෝ පටයක් Next page සමාජ මාධ්‍ය පිටුවේ පළකර තිබේ.
බටහිර රාජ්‍ය තම ආර්ථික, වෙළඳ, දේශපාලන අරමුණු උදෙසා , ආසියාවේ, අප්‍රිකාවේ අධ්‍යාපනය ස්වදේශිකයන් චින්තනයෙන් සහ ආර්ථික ජාතික විමුක්තියෙන් පාරාජිකාවන ලෙසත් , බටහිරයන් ආර්ථිකයෙන් වැඩෙන ලෙසත් අධ්‍යාපනය හසුරුවා ඇත.
2026 අගෝස්තු 07 වන දින, සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය මක්කමදී "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම" (Makkah Joint Defence Agreement) අත්සන් කරන ලදී. NATO හමුදා සන්ධානයේ ආකෘතියට සමානව සකස් කරන ලද මෙම ගිවිසුම මගින් අන්‍යෝන්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණ ඇත. එහි ප්‍රධාන කොන්දේසිය වන්නේ මෙම අත්සන් තැබූ පාර්ශව තුනෙන් ඕනෑම එකකට එල්ල වන සන්නද්ධ ප්‍රහාරයක්, පාර්ශවයන් තිදෙනාටම එල්ල වූ ප්‍රහාරයක් ලෙස සලකනු ලබන බවයි.
පසුගියදා කොළඹ 7 පිහිටි බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ පාරාදීසය එළිමහන් රඟහලේදී විශ්ව සම්භාවනාවට පාත්‍ර වූ ඊඩිපස්, ජුලියස් සීසර්, ගොඩෝ එනකං, සාකුන්තලය සහ ජපන් සම්ප්‍රදායික නාට්‍යය අඩංගු උළෙලක් පවත්වනු ලැබුවා. අසමා රූපණ සරසවියේ නිර්මාතෘ අඛිල සපුමල් නාට්‍යවේදියා විසින් සංවිධානය කළ මෙම උළෙල හරවත් අදහස් ඇති ප්‍රේක්ෂකයන්ගේ විශේෂ අවධානය දිනා ගැනීමට සමත් වූවා.
පහුගිය දවස්වල මම “අස්ස - පස්ස” කියලා ලිපියක් ලිව්වා. ජම්බුවාදියෝ විසින් “කුසලස්ස” සහ “පාපස්ස” කියන පාලි වචන දෙක විකෘති කරන හැටි දැකලයි මම ඒ ලිපිය ලිව්වේ. ඒ ලිපියට විශාල පිරිසක් ප්‍රතිචාර දක්වලා තිබුණා. කමෙන්ට් තුන්සිය ගානක් දාලා තියෙනවත් දැක්කා. ඒ හැම එකක් ම කියවන්න වෙලාවක් මට නෑ. මගේ ලිපියට ප්‍රතිචාර දකවපු අය අතර ජම්බුවාදියොත් හිටියා. ඇත්තෙන්ම, ජම්බුවාදියෝ දක්වලා තිබිච්ච අදහස් බොහොම රසවත්. මට කියවන්න ලැබිච්ච එහෙම කමෙන්ට් දෙකක් තුනක් ගැන යමක් කියන්න පුළුවන්.
සෙවුතා (Ceuta) කියන්නේ ස්පාඤ්ඤයට අයිති ස්වායත්ත නගරයක්. භූමියක් විදිහට ගත්තාම මේ නගරය අයිතිවෙන්නේ අප්‍රිකානු මහද්වීපයට. ඒත් අප්‍රිකානු මහද්වීපයේ උතුරු ම කෙළවරේ තියෙන ස්පාඤ්ඤයට අයිති නගරයක් හින්දා දේශපාලනිකව යුරෝපයට අයිති ප්‍රදේශයක් විදිහට ඒක සළකනවා. මේ ස්වායත්ත නගරය යුරෝපා සංගමයේ විශේෂ බල ප්‍රදේශයක් (A special territory of members of the European Economic Area) විදිහටත් සම්බන්ධ කරගෙන තියෙනවා.
2019 පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලාංකීය ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදු වූ වඩාත්ම ඛේදනීය, සංවේදී සහ විවාදාත්මක ත්‍රස්තවාදී ප්‍රහාරයන්ගෙන් එකකි. මෙම සිදුවීමේ ඇති බරපතලම සහ ඛේදනීයම කරුණ වන්නේ, ප්‍රහාරය එල්ල වන දින, වේලාව, ස්ථාන සහ ඊට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳ නිශ්චිත පූර්ව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්, එය වළක්වා ගැනීමට බලධාරීන් අසමත් වීමයි.
රාජ්‍ය ආදායම 27% කින් ඉහළ ගොස් ඇති බව පවසමින් ආණ්ඩුව අත්පොළසන් දෙද්දි මහ පොළොවේ ජීවත්වන ජනතාවට දැනෙන්නේ තව තවත් බදු තොණ්ඩුව හිර වෙනවා පමණි.

ප්‍රධාන පුවත්

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..

දිගු කලක් පුරා කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණ "හැකි ඉක්මනින්" පවත්වන ලෙසත්, දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සංවාදයකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ ඇමරිකාව සහ ඉරානය අතර දැනට පවතින ගැටුම්කාරී තත්ත්වය හුදෙක් කෙටිකාලීන යුද්ධයකට වඩා ගැඹුරු භූ-දේශපාලනික බලපෑම් මත පදනම් වූ සංකීර්ණ සෙවනැලි යුද්ධයක් බවයි.

'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දක්වීම සඳහා ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (අගෝ: 04) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් ‍දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ, සහ අසංක නවරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, මහින්ද පතිරණ යන පිරිස විසින් අධිකරණයට අපහාස වන අයුරින් මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණය කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා දැනුම් දෙන ලදී.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.