NPP ආණ්ඩුවේ දේශපාලඥයින්ට ක්‍ෂුද්‍රමුල්‍ය කොම්පැනිවල කොටස්..
වත්මන් කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත මහතා 2021 ක්‍ෂුද්‍රමුල්‍ය වින්දිතයින් දවස් 55ක් හිඟුරක්ගොඩ පැවැත්වු සත්‍යග්‍රහයට පැමිණියා. පස්සේ ටෙන්ට් එකක් ගැන වෙච්ච අබැද්ධියක් ලිහාගන්නත් උදව් කළා.
ඒ මහත්මයාගේ ප්‍රකාශිත වත්කම් අතර ඔහු හිමිකම් කියන කොටස් වෙළෙඳපල ආයෝජන පිලිබඳ විස්තරත් තියෙනවා. ඒ අතරින් ඔහු වැඩියෙන්ම මුදල් (රුපියල් 41 420/= කොටස් 5450ක) ආයෝජනය කර ඇත්තේ ලංකා ක්‍රෙඩිට් සහ බිස්නස් ෆිනෑන්ස් (LCB ෆිනෑන්ස් කොම්පැනියේ). ඒක ක්‍ෂුද්‍රමුල්‍ය සපයන ෆිනෑන්ස් කොම්පැනියක්. ඔහු ඒ කොටස් මිලදී ගෙන ඇත්තේ 2022දී.
මීට කලින් වත්කම් පප්‍රකාශ කල අලුත අපි දැනගත්ත දෙයක් තමයි අගමැති හරිනි අමරසුරිය මහත්මියත් LOLC, ඇසට්ලයින් වැනි මුල්‍ය සමාඟම් වල තම අතිරික්ත ධනය, fixed deposits හැටියට, ආයෝජනය කර ඇති බවක්. අමාත්‍ය වසන්ත සමරසිංහත් එවැනි කොටස් හිමියෙක් බව දැනගන්නට ලැබුනා.
දේශපාලඥයින් කොටස් වෙළෙඳපල වගේ තැනක ආයෝජනය කිරීම දේශපාලන සදාචාරය පිලිබඳ ගැටළුවක්. ඒක විශේෂයෙන්ම අපිට තේරෙනවා ඩොනල්ඩ් ට්‍රම්ප් වගේ දේශපාලඥයෙක් තමන්ගේ, තම හිතවතුන්ගේ ආයෝජන තර කරන්න ලෝක භූ-ආර්ථික දේශපාලනය චෙස් බෝර්ඩ් සෙල්ලමක් විදිහට පාවිච්චි කරන හැටි දැක්කම. හෝමුස් සන්ධිය වහනවා, ඉරාන ශිෂ්ටාචාරය ඉවර කරනවා වගේ ප්‍රකාශ කරන පමණින් තෙල් මිල ඉහල යනවා. තෙල් කොම්පැනි කොටස් මිල ඉහල යනවා. ඒවගේ ප්‍රකාශ ආයෝජනය කරන අයට විශාල ලාභ අත්කරදෙනව. මේ වගේ ක්‍රියා අර්බුද හරහා ධනය රැස් කිරීම කියලා හඳුන්වනවා.
ලාල් කාන්ත, හරිනි අමරසුරිය, වසන්ත සමරසිංහ ... වැනි NPP දේශපාලඥයින්ට ට්‍රම්ප්ට තරම් කේවල් කිරීමේ බලයක් - ලේවරේජ් එකක් නැතත්, ඔවුන් ලංකාවේ ආණ්ඩුවේ වැදගත් අමාත්‍යංශ ප්‍රධානීන්. ලංකාවේ ආර්ථිකේ මරමස්ඨාන හැසිරීම පිලිබඳ තීන්දු තීරණ ගන්න බලය ඇත්තන්. ඒ වගේ අය කොටස් වෙළෙඳපල වගේ සමපෙක්ෂණය (speculation) - ඒ කියන්නේ අනාගතයේ මොනවා වේදැයි, සැක, බිය, අවිනිශ්චිතා, බලාපොරොත්තු මත කේවල් කිරීම හරහා මුල්‍ය වාසි ගන්න වෙළෙඳපලක, ආයෝජකයින් වීම සුදුසු නැහැ. කැබිනට් අමාත්‍යවරු හැටියට ලංකාවේ සියලු රාජ්‍යය තීන්දු තීරණ ගැන දන්නා පුද්ගලයින් හැටියට මේ ආයෝජන විශාල conflict of interest, එහෙම නැත්නම් ලැඹදියාව පිලිබඳ ගැටුම් පෙන්වනවා.
- Amali Wedagedara
(මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..